ආණ්ඩුවට-Another white elephant...okun strike wadawarjana karannai pension gewannai salli nehyanneඒ ඩොකුමෙන්ට්‍රි නොකළත් මට තියෙන ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවට වෙනම චැනල් එකක් හදලා ඉස්කෝලෙ සිලබස් එක උගන්වන්න බැරි කියලා. දැන් ලංකාවේ හැම ගෙදරකම ටී වී එකක් තියෙනවනෙ මොනවා නැතත්. එතකොට ළමයිට ඉගෙන ගන්න ගුරුවරු හිඟයි ප්‍රශ්න අඩුවෙනවා. කොළඹ පිට අධ්‍යාපන වෙනස්කම් අඩු වෙනවා. ලැබ් නැති ප්‍රශ්න එහෙම අඩු කරන්න පුලුවන්. මම කියන්නේ නෑ 100% විසඳුමක් කියලා. ඒත් ඉස්කෝලෙ ප්‍රැක්ටිකල් කරන්න බැරි ළමයි අඩුම ගානෙ ටී වී එකෙන් හරි දකිනවා.
හොඳම ගුරුවරු දාලා වැඩසටහන් කරන්න පුලුවන්.
අනික් කසිකබල් බලන කාලය අඩු වෙලා මිනිස්සු පිස්සො වෙන එකත් අඩු වෙනවා.
ලංකාවේ අනාගත පරපුර විද්‍යාව හා තාක්ෂණය ගැන උනන්දු කරවන්න රූපවාහිනි නාලිකා සත පහක දෙයක් කරන්නෙ නෑ. කොහෙ හරි ඉන්න තක්කඩි ජ්‍යොතිෂය කාරයෝ ගෙනල්ලා උදේ පාන්දර ඉදන්ම තරු වල පිහිටීම එක්ක දවස සුභ අසුභ කියනවා. කසිකබල් ඉන්දියන් කාටූන් ටිකක් රස්තියාදු විදිහට හඩ කවලා පොඩි උන්ගේ ඔලු කුරුවල් කරවනවා. Peo TV හරි Dialog TV වල හරි Discovery වගේ නාලිකාවක් දැම්මත් උදේ ඉදන් හවස් වෙනකල් මොකෙක් හරි කැලයක් අස්සේ රිංගගෙන ඉන්න program මිසක් විද්‍යාව තාක්ශණය ගැන තියෙන කිසිම වැඩසටහනක් යන්නෙ නෑ.
මේ දවස් වල ලංකාවේ නියම වැඩ ටිකක් යනවා.
කැළනි පාලම ගහන්නේ extradose ක්‍රමයට. ලංකාවේ පලවෙනි වතාවට තමයි මේ ජාතියේ පාලමක් හදන්නෙ. Balanced cantilever method කියන ක්‍රමයට පාලම දෙපැත්තෙන් මැදට හදාගෙන එන විදිහ engineering ගැන ඉගෙන ගන්න පොඩි උන්ට ආස හිතෙන වැඩක්.
උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමය කියන්නෙ පොලොව යටින් කි.මී. ගාණක් මැශින් එකකින් පොලොව විදලා වතුර ගෙනියන, විශාල ජලාශ දෙකක් ඉදිකරලා ඒවායින් ජල විදුලිය නිපදවන මහ විශාල ව්‍යාපෘතියක්. ඒකෙදි මුහුන දීපු ගැටලු, ඒවාට විසදුම් හොයපු විදිහ ගැන වෙනම documentary එකක් ගහන්න පුලුවන්.
කටුනායක airport එකේ අලුත් පර්යන්ත ගොඩනැගිල්ල වෙනම වැඩක්. ඒකෙ ප්ලෑනින් වල ඉදන් ඉදිකිරීම් ඉවර වෙනකම් ඕනිනම් එක දිගට documentary එකක් හදන්න පුලුවන් දැන් වැඩේට බැස්සත්.
Vega supercar එක තව සුපිරි වැඩක්. ලංකාවෙ කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා බැටරි පාලක පරිපථයේ ඉදන් මෙහෙ design කරලා හදලා අවුරුදු ගානක් කට්ට කාලා supercar එකක් හදන එක ගැන කාර් වලට ආසා කරන පොඩි උන්ට පෙන්නන්න තිබ්බනම් කොච්චර හොදද?
Arimac ලා දියසෙන් කියන humanoid robot ව හදන එක, kanchayuda game එක හදන එක ලස්සනට documentary එකක් හදලා it field එකට අපේ පොඩි උන්ව උනන්දු කරවන්න තිබුණා ලස්සනට.
Port city එක හදන එක, ඈත මුහුදු වැල්ල හාරලා ඒවා පොම්ප කරලා අක්කර ගාණක දූපතක් ගොඩ කරලා ඒකෙ ගස් හිටවලා මහ විසාල නගරයක් අපේ ඇස් ඉස්සරහ හැදෙනවා පෙන්නන්න පුලුවන්නම් ඈත ගම්වල ඉන්න කොලඹ දැකලවත් නැති පොඩි උන්ට, උන්ට කොහොම හරි Engineer කෙනෙක් වෙනවා කියන අරමුන ආසාව ඇති වේවි
උතුරු පලාත් මහ ඇල, වයඹ මහ ඇල වගේ ඒවාත් පොඩි උනාට හරි ලස්සන ප්‍රොජෙක්ට්.
Dockyard එකේ නැව් හදන හැටි, මහ විසාල නැව් repair කරන හැටි පෙන්නන්න විදිහක් තිබ්බනම් කොච්චර ශෝක් ද?
SLINTEC එකේ නැනෝ තාක්ෂණය යොදාගෙන කරන පර්යේෂණ සහ නව නිපැයුම්, මිනිරන් අරගෙන ලෝකෙ පිරිසිදුම ග්‍රැපීන් ඔකසයිඩ් හදන හැටි, ජයවර්ධනපුර කැම්පස් එකේ වයිරස් ගැන පර්යේෂණ කරන හැටි වගේ දේවල් ඇයි පෙන්නන්න බැරි?
මෙන්න මේ වගේ දේවල් කාලය ශ්‍රමය වැය කරලා TV program එකක් විදිහට documentray එකක් කරන්න පුලුවන්නම් මාරම වටිනවා. හැමදාම ටින්ටස් ඇණයක්වත් මේකෙ හදන්නෙ නෑ කිය කියා අපි අපිවම හෑල්ලු කරගන්නවා වෙනුවට මේ රටේ පොඩි උන්ට මේ රටේ සිද්ද වෙන මාර දේවල් ගැනත් කියන්න ඕනෙ නේද?
හොඳ නිසා උස්සලා දැම්මෙ
මම නම් මචන් හොදටම documentary බලනවා. මම mvgroup එකෙන් තමයි download කරන්නේ. එක සුපිරි.. එත් ලංකවේ ඉන්න උන් කීයෙන් කි දෙනාද documentary බලන්න කැමති.අඩෝ සිරාවට, ඒවා තමා බලන්නෙ. iPlayer එකේ ඒවා ඔක්කොම බලනවා. ඒ විතරක් නෙමේ ටොරන්ට්ස් වලිනුත් හොයාගන බලනවා. උඹ අර Truth about . . . සෙට් එක බැලුවෙ නැද්ද?
ප්‍රශේන්ට උත්තරේ මෙතනම තියනවා.. ආණ්ඩුවට (මෙතෙක් කල් ආපු ඔක්කොටම) ඕනා ගොන් රැලක් උන් පස්සේ වැටිලා ඉන්න...ඒ ඩොකුමෙන්ට්‍රි නොකළත් මට තියෙන ප්‍රශ්නෙ ඇයි ආණ්ඩුවට වෙනම චැනල් එකක් හදලා ඉස්කෝලෙ සිලබස් එක උගන්වන්න බැරි කියලා. දැන් ලංකාවේ හැම ගෙදරකම ටී වී එකක් තියෙනවනෙ මොනවා නැතත්. එතකොට ළමයිට ඉගෙන ගන්න ගුරුවරු හිඟයි ප්‍රශ්න අඩුවෙනවා. කොළඹ පිට අධ්‍යාපන වෙනස්කම් අඩු වෙනවා. ලැබ් නැති ප්‍රශ්න එහෙම අඩු කරන්න පුලුවන්. මම කියන්නේ නෑ 100% විසඳුමක් කියලා. ඒත් ඉස්කෝලෙ ප්‍රැක්ටිකල් කරන්න බැරි ළමයි අඩුම ගානෙ ටී වී එකෙන් හරි දකිනවා.
හොඳම ගුරුවරු දාලා වැඩසටහන් කරන්න පුලුවන්.
අනික් කසිකබල් බලන කාලය අඩු වෙලා මිනිස්සු පිස්සො වෙන එකත් අඩු වෙනවා.