ලංකාවේ අවිනිශ්චිතම අවුරුදු 5 ඉදිරියට?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවේ අවිනිශ්චිතම අවුරුදු 5 ඉදිරියට?

    ඉදිරියට එන අවුරුදු 5 කැ කාලය, මේ රටේ දේශපාලන සහ ආරක්ෂක අංශයේ අවිනිශ්චිතම සහ අදුරුතම කාල පරිච්චේදය වෙන සලකුණු අපට දැන් ඉදලම දකින්න පුළුවන් වෙලා තියෙනවා. මේ දේ සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව උනේ 2015 ජනවාරි 8 වැනිදා, තමන්ගේ පක්ෂය සහ මුළු රටම පාවා දෙමින් බල තන්හාවේ උපරිමයට ගොස් මේ රටට ද්‍රෝහී උන පුලතිසි පබයා, එහෙම නැත්නම් දේදුනු විප්ලවයක් කරන්න ආපු මයිත්රීපාල සිරිසේන නම් වූ අධම පුද්ගලයා නිසා.

    නමුත් මෛත්‍රීපාල විතරක් නෙමෙයි, මේ වෙනස කරන්න දායක උන හැම මිනිහෙක්මත්, අද මේ සිද්ධ වෙන හැම පාපතර ක්‍රියාවකටම වග කියන්න ඕනේ.. දින 100 න් පටන් ගත්තු මේ රට විනාස කිරීමේ වැඩ පිළිවෙල, අදට අවුරුද්දයි මාස 5 කට ආසන්න කාලයක් ගිහින්.. ආපස්ස හැරිලා බැලුවම මොනවද දකින්න පුළුවන්?

    1. රු. බිලියන ගණනින් අපේ රටට සල්ලි ගලාගෙන ආපු පාවෙන අවි ගබඩා සංකීර්ණය, මුළු ලෝකෙම ඉස්සරහ හෑල්ලුවට ලක් කරලා, ඒ මුළු ආදායම ම ඉන්දියාවට ලබා දීම.

    2. සාම්පූර් කදවුර ගලවලා කොටි පදිංචි කරවීම. අමෑතකදී ඒ සාම්පූර් කදවුරේ ප්‍රධාන නිලධාරියාට ප්‍රසිද්ධියේ අවමන් කිරීම.

    3. පෝට් සිටිය නවත්වා රු. බිලියන ගණනක් චීනයට වන්දි ලෙස ගෙවීමට සැලැස්වීම.

    4. ආරක්ෂක හමුදා මූලස්ථානයට වෙන් කල රු. කෝටි 600, රවී කරුපයියා තමාගේ සාක්කුවට දමා ගැනීම.

    5. බැදුම්කර හොරකම තුලින් මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන්ට පවා ගෙවීමට ඇති විශාල ණය ප්‍රමාණයක් ඇති කිරීම.

    6. රවී කරුපයියාගේ හිතවතෙක්ට ප්‍රාඩෝ රථ රේගුවෙන් නිදහස් කිරීමට කෝටි 2500 ක් රජයට අය කර නොගැනීම.

    මේ වගේ කියන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ... නමුත් තාමත් වෙනස සැපයි කියන මන්ද බුද්ධිකයන් කීප දෙනෙක් අපි අතරේ ඉන්නවා.. ඒ උන් අමතක කලාම අනෙක් මිනිස්සුන්ට වෙනස බොක්කටම වැදිලා තියෙන්නේ. ඉතින් අවුරුදු 1ක් ට මෙහෙම නම් තව අවුරුදු 5 කට රට කොතැනට යයි ද?

    මොනවා උනත් මේ රටේ දෙවියෝ ඉස්සරහා මිනිස්සු සාප කරන විදිහට, පුලතිසි පබයා මේ අවුරුද්ද ඇතුලතම මැරෙන බව දැනට ප්‍රසිද්ධ ජෝතිශ්‍යඥයෝ දෙන්නෙක්ම කියල ඉවරයි. බලපු නැති අය පහල video එක බලන්න...

    විජිත රෝහණ මහතාගේ අනාවැකිය



    මංජුල පීරිස් මහතාගේ අනාවැකිය
    (විනාඩි 13.15 ඉදලා )



    පබයා මළාම රනිල් තව අවුරුදු 5 කට මේ රට පාලනය කරයි.. රටක් ඉතුරු වෙයි ද 2020 වෙද්දී? රට පනින්න පුළුවන් උන් දැන්ම පැනපල්ලා.

    "අනේ කූබින්නේ - තොපිටත් රජෙක් ඉන්නේ
    අපට නෑත ඉන්නේ - ඒ නිසාවෙනි අප තෑවෙන්නේ"

    උපුටාගනීමකි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිවුර සහ නඟුල

    පසුගිය සතිය වූ කලී ඉතාම නපුරු කාලයකි. සතිය පටන් ගත්තේa ගංවතුරේ සුන්බුන් අතරිනි. සතිය මුලදී නැගෙනහිර පළාතේ මහ ඇමැති වූ නසීර් අහමඩ් නමැති පුද්ගලයා සාම්පූර් මහා විද්‍යාලයේදී නාවික හමුදා අණ දෙන නිලධාරී කපිතාන් රංජිත් ප්‍රේමරත්නට බැණ වැදුණ බව අපි රූපවාහිනියෙන් දුටුවෙමු. ඊළඟට අරලියගහ මන්දිරයේ පැවැති සර්වඥධාතු ප්‍රදර්ශනයක්‌ සඳහා කොළඹ කෞතුකාගාරයෙන් රැගෙන ගිය මහනුවර යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවක සිරස්‌පත කැඩී බිඳී ගිය බව දැන ගතිමු. මේ පිළිම වහන්සේ කෞතුකාගාරයෙන් ඉවතට ගෙන අරලියගහ මන්දිරයට යවා ඇත්තේ අගමැතිතුමාගේ කිසිදු අනුදැනුමකින් තොරව සහ කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂවරියගේ විරෝධතාව මැද එක්‌තරා චීවරධාරියකු විසිනි. මේ චීවරධාරියා යූ. එන්. පී. යේ නම විකුණාගෙන කන අතර ඇමැතිවරුන් සමඟ ඩීල් දමන බව පෙන්වා මුදල් ගසාකන පැත්ත පළාතකට වැද්ද නොගත යුතු නීච ගිහියෙකි. පිළිම වහන්සේගේ සිරස්‌පත කැඩී යැමට විරෝධය පළ කිරීම සඳහා කෞතුකාගාර අධ්‍යක්‍ෂවරිය ඉල්ලා අස්‌වීමට යන බවට පුවතක්‌ ප්‍රචාරය විය. ඇය ඉල්ලා අස්‌වුවහොත් මේ චීවරධාරී ගිහියා සිවුරු හැරිය යුතුමය. එසේ නැතත් මේ රටේ සංඝ ප්‍රධානීන් එක්‌ව මේ චීවරධාරියා සම්බන්ධයෙන් පියවරක්‌ ගත යුතුම ය. එවැනි පියවරක්‌ නොගතහොත් බුදුදහම නැවත වරක්‌ එක්‌දහස්‌ පන්සිය ගණන්වල පැවැති පරිහානිගත තත්ත්වයකට පත්ව කසාද බඳින භික්‍ෂූන් රට පුරා තැන තැන දැක ගත හැකිවනවා ඇත.

    නැගෙනහිර පළාතේ මහ ඇමැති වූද මුස්‌ලිම් කොංග්‍රසයේ පළාත් සභා මන්ත්‍රීවූ ද නසීර් අහමඩ් නමැත්තා සාම්පූර් මහ විදුහලේ පැවැති නාවික හමුදාව මගින් සංවිධානය කෙරුණු උත්සවයකදී සාම්පූර් විදුර නාවික කඳවුරේ අණදෙන නිලධාරී රංජිත් ප්‍රේමරත්නට ප්‍රසිද්ධියේ බැණ වැදීම සමාන වන්නේ ජරා ජීර්ණ වූ ගොන් හරකෙකු හදිසියේ කුලප්පු වීමකටය. ගොනා "මහලුව ජරාජීර්ණ වී සිටින්නකු නිසා ඌට පහරදී කුලප්පුව මර්දනය කිරීම සුදුසු නැත. එවැනි අවස්‌ථාවලදී ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයන් කරන්නේ ගොනාට නටන්නට ඉඩ දී මග හැර යැමය. එහෙත් නසීර්¨ අහමඩ් නාවික නිලධාරියාට බැන්නේ කිසිසේත්ම මගහැර යා නොහැකි තැනකය. එතැන උතුරු පළාතේ ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු සිටියේය. ඇමරිකන් තානාපති අතුල් කේෂාප් සිටියේය. පාසල් දරු දැරියන් සහ ගුරුවර ගුරුවරියන් සිය ගණනක්‌ ඒ දෙස බලාගෙන සිටියහ. කුලප්පු වූ මෝඩ ගොනකු සේ දඟලන නසීර් අහමඩ් අස්‌වැසීමට ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු තැත් කළේය. එහෙත් එය අසාර්ථක විය. නසීර් අහමඩ් අතපය විසි කරන්නට ගිය අතර ඔහුගේ අතක්‌ එතැන සිටි කුඩා සිසුවියකගේ මුහුණේ වැදින. නිවැරදි ක්‍රමයට අනුව ඒ පොඩි එකාගේ පියා ඉදිරිපත්ව නසීර් අහමඩ්ගේ බෙල්ල ගලවා ඔස්‌ටින් ප්‍රනාන්දු අතට දිය යුතුය. එහෙත් ඒ අහිංසක දෙමළ ප්‍රජාව එසේ කළේ නැත. නාවික හමුදා කපිතාන් ඒ වෙලාවේදී හැසිරුණු සාමකාමී ආකාරය ද ඉතාම ප්‍රශංසනීයය. ඔහු එක පාපහරක්‌ මුදාහලේ නම් නසීර් අහමඩ් විදුහල් ගොඩනැඟිල්ලේ වහලත් කඩාගෙන උඩින් ගොස්‌ පහත් වනු ඇත්තේ සාම්පූර් කලපුවටය. කලක්‌ බොරැල්ල හන්දියේ ෙµdටෝ සාප්පුවක්‌ දමාගෙන සිටි නසීර් අහමඩ් තවදුරටත් බොරැල්ලේම හිටියා නම් කොතරම් අගනේදැයි එවිට කල්පනා කරනවා ඇත.

    කොතරම් වයසට ගියත් කොටළුවා අශ්වයකු බවට පත්වන්නේ නැත. පැටියා කාලයේදී කොටළුවාටත් අශ්වයාටත් ඇත්තේ සමාන දේහ ලක්‍ෂණයන්ය. එහෙත් අවුරුද්දෙන් අවුරුද්ද ගතවන විට කොටළුවා ඌට ආවේණික ස්‌වරූපයෙනුත් අශ්වයා ඌට ආවේණික ස්‌වරූපයෙනුත් වැඩෙන්නට පටන් ගනී. ලංකාවේ දේශපාලන කොටළුවන්ට සිදුවී ඇත්තේ ද මේ ඇබැද්දියමය. තමන් අශ්වයන් බවට පත්ව සිටිතැයි හදිසියේම ඔවුහු කල්පනා කරති. එසේ සිතා අශ්ව වැඩ කරන්නට පටන් ගත් විට ඔවුහු වැඩේ අනාගනිති. බොරැල්ලේ ෙµdටෝ සාප්පුවේ සිටි නසීර් අහමඩ් ට දැන් සිදුවෙමින් පවතින්නේ එයය.

    මෙබඳු කොටළුවන්a නඟුලෙහි බැඳ සීසාමු. පෙර සඳහන් චීවරධාරියා වැනි අයගෙන් බුදුසසුන බේරා ගනිමු.

    ෆ සිවුර සහ නඟුල යනු මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධන විසින් ශ්‍රී ලංකාවේ මධ්‍යතන යුගයේ විහාරස්‌ථාන ජීවන සම්ප්‍රදාය පිළිබඳව ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද සිය ආචාර්ය උපාධිය නිබන්ධනය, ග්‍රන්ථයක්‌ ලෙස ප්‍රසිද්ධ කරන ලද නාමයයි.

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නාවික හමුදාවේ හදිසි වෙනසක්.. නැගෙනහිර ආඥාපති කොළඹට මාරු කරයි..


    නාවුක හමුදා නැගෙනහිර පළාෙත් ආඥාපති ලෙස කටයුතු කල රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ආපසු කොළඹට කැඳවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලවි මහතා පවසයි.
    ඒ වෙනුවට නාවුක හමුදා බස්නාහිර පළාත් ආඥාපතිව කටයුතු කල රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා නැගෙනහිරට පත් කර යවා තිබේ.
    කෙසේ වෙතත් නැගෙනහිර මහ ඇමතිවරයා විසින් සාම්පූර් කඳවුරේ අණදෙන නිලධාරියාට බැණවැදීමේ සිද්ධිය මෙම මාරු කිරීම හා සම්බන්ධ නැති බවත් සති තුනකට පෙර මෙය සැලසුම් කර තිබූ එකක් බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය. :lol:
     
    • Dislike
    Reactions: hirashgeff

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හමුදා නිලධාරියාට බැණ වැදුනේ ‘13’ සම්පූර්ණ බලය අපට නොදුන් නිසා..- නැගෙනහිර මහ ඇමති


    පසුගියදා සාම්පූර්හිදී නාවුක හමුදා නිලධාරියෙක් සමග ඇතිවූ උණුසුම් තත්වයට හේතු වූයේ 13 වන සංශෝධනයේ සියළු බලතල පළාත් සභාවලට ලබා නොදීම බව නැගෙනහිර පළාත් මහ ඇමති නෂීර් අහමඞ් මහතා මඩකලපුවේදී පැවති උත්සව සභාවත් අමතමින් කියා සිටියේය.


     
    • Dislike
    Reactions: hirashgeff

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113

    1. රු. බිලියන ගණනින් අපේ රටට සල්ලි ගලාගෙන ආපු පාවෙන අවි ගබඩා සංකීර්ණය, මුළු ලෝකෙම ඉස්සරහ හෑල්ලුවට ලක් කරලා, ඒ මුළු ආදායම ම ඉන්දියාවට ලබා දීම.


    Navy earns Rs.1bn from Avant Garde operations

    The Navy said today that it had earned an income of Rs. 1 billion from the operations of Avant Garde Maritime Services Ltd (AGMSL) during the period from November 13, 2015 to April 06, this year. Navy Spokesman Akram Alavi said the Navy had carried out a total of 2,689 moves at Galle harbour and earned an income of Rs. 980 million while Rs. 30 million of income had been earned from 105 moves in Colombo harbour. The Government in early November decided to handover the operations of the controversial AGMSL to the Navy. Captain Alavi said the revenue earned from these operations is directly deposited in the Consolidated Fund of the Government.(DS) - See more at: http://www.dailymirror.lk/107996/Navy-earns-Rs-bn-from-Avant-Garde-operations#sthash.t3sr5U81.dpuf
     
    • Haha
    Reactions: Asmodeus

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Nodakim wesa ponna balu aanduwa :( shek. Paw oi me ratai meke minissui. Eelangata chandayak wath enne nedda langa langa..
    මොන චන්දයක්ද බං, පළාත්සභා මතිවරනෙත් කල් දාන එකේ.. අනික කොහොමත් ලක්ෂ 62 ක් උන් පුලතිසි පබයට චන්දෙ දුන්නේ, ඌව දින 100 කින් ගෙදර යවන්න නෙමෙයි නේ.. අවුරුදු 6 කට බලයේ තියන්න්න නේ..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    විජිත රෝහණ මහතාගේ අනාවැකිය



    මංජුල පීරිස් මහතාගේ අනාවැකිය
    (විනාඩි 13.15 ඉදලා )


    bp
    පබයා මළාම රනිල් තව අවුරුදු 5 කට මේ රට පාලනය කරයි.. රටක් ඉතුරු වෙයි ද 2020 වෙද්දී? රට පනින්න පුළුවන් උන් දැන්ම පැනපල්ලා.

    "අනේ කූබින්නේ - තොපිටත් රජෙක් ඉන්නේ
    අපට නෑත ඉන්නේ - ඒ නිසාවෙනි අප තෑවෙන්නේ"

    උපුටාගනීමකි
    [/QUOTE]
     
    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
    තව මොන හෙනද ...දැන් රටටම හෙන ගැහිලා තියෙන්නේ ..නියගය ...ගංවතුර ...නායයාම්...බඩුමිල අහසට...
     
    • Haha
    Reactions: areyoucrazy

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සංසුන් පොඩ්ඩා;20207924 said:
    තව මොන හෙනද ...දැන් රටටම හෙන ගැහිලා තියෙන්නේ ..නියගය ...ගංවතුර ...නායයාම්...බඩුමිල අහසට...
    :yes::sorry::sorry::sorry:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම™ ගැහිලා අකුලෝලම™ පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවාව්.. වාව්.. වාව්...!!"

    :eek:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"

    :yes::yes::yes::yes:
    රට කන්න උපන් වසලයො දෙදෙනෙක්....