ලංකාවේ ඉටි රූප...

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ලංකාවේ ඉටි රූප...

    ලංකාවේ ඉටි රූප කිව්වම හිතුව නේද මේකත් පැණි හැලියක් කියල... :lol: :lol:

    නෑ මචන්ලා, මේ කතාව ලංකාවේ සැබෑම දක්ෂයෙක් ගැන.


    ඉටිවලින් වටින රූප හදන අතුල

    athula2.gif



    ඔබ ඔබවම දකින්නේ කැඩපතින් පමණයි. ඔබ ඔබවම දකින්නේ සිතින් පමණයි. ඒත් සමහරු ඔවුන් මැඩම් ටුසාඩ් වැනි කෞතුකාගාරවලත් දකියි. අපි හැමෝටම කෞතුකාගාරවල ඉටි රුවක් විය නොහැක. මස් ලේ ඇට නහර, මස්තිෂ්ක, අනුමස්තිෂ්ක ශරීර අභ්‍යන්තරයේ නැතත් ඔබේ ආත්මීය සංෂිප්තය මුහුණෙන් පෙන්නුම්කර, ඔබේම හැඩය ගත් ඔබේම ප‍‍්‍රමාණයගත් ඉටිරූපයක් බවට ඔබව පත් කිරීමට ඔහුට පුළුවන. ඒ මහනුවර අතුල හේරත් නම් නිර්මාණකරුවන් අතර දුර්ලභ වූ නිර්මාණකරුවායි.

    මේ ඔහු ‘ශ‍‍්‍රී ලංකා මිරර්’ සමඟ සම්බන්ධව ඇති වූ සාකච්ජාවක්.

    ඉටියෙන් රූප මවන කලාකරුවෙකු වීමේ භාග්‍ය ලැබුණු අයුරු මතක් කළොත්?
    මම එවැනි කලාකරුවෙකු බව මටත් කලින් හඳුනා ගත්තේ මගෙ අම්මා. ඇය ගුරුවරියක්. සෞන්දර්යයට ලැදි කෙනෙක්. ඇය නාට්‍ය කළා. පෙරහැර සංවිධානය කළා. මම ඒ හැම අවස්ථාවෙම විවිධ අයුරින් ඒ නිර්මාණවලට දායක වුණා. චිත‍‍්‍ර ඇන්දා. පෙරහැරේ අලියා අඹන්නත් වුණා.

    ඒත් අම්මට ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදිවුණා. ඊට පස්සේ 1983දී ගුවන් හමුදාවට බැදුණා. පස්සේ ශ‍‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉවත් වෙලා ඕමාන් ගුවන් හමුදාවට බැදුනා. මේ හැම කාලයකම යුද්ධයත් එක්ක මා තුළ සිටි නිර්මාණකරුවා තෙරපි තෙරපි සිටියා.




    ඒ නිර්මාණකරුවා නැවත පණ ලැබූ අයුරු සඳහන් කළොත් ?
    ඕමානේ ඉන්න කාලේ එංගලන්ත ජාතිකයෙක් මට මුණ ගැසුණා. ඔහුගෙන් ගෘහ අලංකරණය පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පස්සෙ ලංකාවට ඇවිල්ලා ඒ පිළිබඳව ඩිප්ලෝමාවකුත් කළා. මම හිතුවා මට තියෙන හැකියාවෙන් ප‍‍්‍රයෝජන ගන්න. දැනට අවුරුදු හතකට කලින් කොටුගොඩැල්ල වීදියෙන් මම පොතක් ගත්තා. ඒ පොත නිසා ලොකු ආසාවක් ඇතිවුණා මේ රටේ ප‍‍්‍රසිද්ධ පුද්ගලයන්ගේ අනුරුව ඇතුළත් කෞතුකාගාරයක් කරන්න. ඒක ලෙසි පහසු හීනයක් නෙමෙයි.

    අවුරුදු හතක් විතර විවිධ අත්හදාබැලීම් කළා. අනුරූ සිය ගණනක් හැදුවා. නමුත් සාර්ථක වුණේ නෑ. හැබැයි කාලයක් යනකොට මට තේරුණා දැන් හරි කියලා.




    ඔබේ පළමු ප‍‍්‍රසිද්ධ පුද්ගල නිර්මාණය, ප‍‍්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාගේ?
    ඔව්. මහේන්ද්‍රව තෝරගන්න හේතු කිපයක් තිබුණා. එකක් ඒ මම කැමතිම රංගන ශිල්පියා, රංගන ශිල්පියෙක් වගේම සරල මනුස්සයෙක්, හොඳ නළුවෙක්, අනෙක් කරුණ තමයි මහේන්ද්‍රගේ ශරීර අංග, මුහුණේ ඉරියව් නිර්මාණය කිරීම ටිකක් අමාරුයි. එවැනි කෙනෙක් නිර්මාණය කිරීම අභියෝගයක් ලෙසත් බාර ගත්තා.


    53756768.gif




    මොනවද මහේන්ද්‍රගෙන් ලැබුණු ප‍‍්‍රතිචාර?
    මහේන්ද්‍ර විතරක් නෙමේ ඒ පවුලේ හැමෝගෙන්ම හොඳ ප‍‍්‍රතිචාර ලැබුණා. කමල් අද්දරආරච්චිත් මේ නිර්මාණය බලන්න ආවා. එයා නම් එක අඩුවක් දැක්කා. ඒ තමයි කිසිම අඩුවක් නොතිබීම.



    වික්ටර් රත්නායක, මාලනී ෆොන්සේකාගේ අනුරූත් ඔබ නිර්මාණය කළා.

    ඔව්. මාලනී ෆොන්සේකා මහත්මියගේ අනුරුව නිර්මාණය කරන්න මාස හයක් විතර ගත වූණා. ඇය මේ නිර්මාණයට ඇය භාවිතා කළ වටිනා සාරියක් සහ ආභරණ ලබා දුන්නා. ඇය ගොඩක් සතුටු වුණා මේක දැකලා.

    වික්ටර් රත්නායක මහතාගේ ඉටිරුව නිර්මාණය කළේ ඔහුට අවුරුදු 70වක් සපිරීම නිමිත්තෙන්. ඒකට වෝග් ජුවලරි වෙතින් ආධාරයක් කළා.




    මේ සඳහා යන වියදම් පියවා ගන්නේ කොහොමද?
    මම ආර්ථික ලාභ බලාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. මගේ පෞද්ගලික ධනය මේ වෙනුවෙන් වැය වුණා. මින් එහාට මේක කරන්න ටිකක් අමාරුයි. මේවා නිර්මාණය කරන්න වැක්ස් ගෙන්වන්නේ පිටරටින්. ඒවා ගොඩක් ගණන්.



    ඔබ වැනි දුර්ලභ නිර්මාණකරුවෙකුට රජ්‍ය මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් අනුග‍‍්‍රහයක් ලැබිලා තියෙනවද?
    නෑ. කිසිම අනුග‍‍්‍රහයක් නෑ. මේ වනකොට මම මධ්‍යම පළාත් සභාවට යෝජනාවක් කරලා තියෙනවා මේ වගේ ඉටිරූප මහජන ප‍‍්‍රදර්ශනය සඳහා වැක්ස් ගැලරියක් සාදා ගැනීමට ස්ථානයක් ලබා දෙන ලෙස. මූලික වැඩකටයුතු ආරම්භ වෙලා තියෙනවා. පෞද්ගලිකවත් කිහිපදෙනෙක් කතා කළා. ඔවුන් කිව්වා කීයක් ගියත් කරමු කියලා. නමුත් මම තාම තීරණයකට ඇවිල්ලා නෑ කාගෙත් එක්කද මේ කටයුත්තට අත ගහන්නේ කියලා.



    ඔබේ නිර්මාණ ප‍‍්‍රසිද්ධ පුද්ගලයන්ට සීමා වෙනවද?
    මෙහෙමයි. පෞද්ගලික මට්ටමින් මේ වගේ ඉටිරූප හදලා දෙන්න අමාරුයි. මම දන්නවා තමන්ගේ ඉටි රූපයක් හදා ගන්න කවුරුත් කැමතියි කියලා. ඒත් මේක වෙලාව, වියදම, ශ‍‍්‍රමය වැයවෙන වැඩක්. මේ හැමදේම මම තනියම කරන්නේ. මානුෂීය කරුණු සලකළා මම එක අවස්ථාවකදී එවැනි නිර්මාණයක් කරා. ඒත් ඒක දිගටම කරන්න අපහසුයි.





    ඔබේ නිර්මාණ කලාකරුවන්ට සීමා වෙනවද?
    නෑ. කලාකරුවා වුණත් ප‍‍්‍රවීණද නැද්ද, සල්ලි තියෙනවද නැද්ද කියන එක මම හිතන්නේ නෑ. ක්‍‍්‍රීඩකයෝ, දේශපාලනඥයෝ ඉතිහාස ගත වීරවරයෝ ඇතුළු රටට වැඩක් කළ ඕනෑම පුද්ගලයකුගේ ඉටිරුව නිර්මාණය කරන්න මම කැමතියි.





    කෙනෙක් ඔබේ මේ නිර්මාණකරණයට අත දෙන්න සුදානම් නම් ඔබ ඒ අයට කියන්න තියෙන්නේ කුමක්ද?
    එහෙම උදව් කරනවා නම් අනුග‍‍්‍රහය දක්වන පිළිරුවේ යටින් ඔහුගේ නම හෝ ආයතනයේ නම සඳහන් කරනවා. කලාවක් විදිහට මේක මේ රටේ ගොඩනගන්න කවුරු හරි උදව් කරනවා නම්, ඒක මට ලොකු හයියක්.



    සංවාදය- ශිරන්තනි මානවඩු

    අතුල හේරත් මහතා සම්බන්ධ කරගැනීමට - [email protected]


    ඔන්න ඔහොමයි ව්ස්තරේ... ගෙඩිපිටින්ම ගත්තේ මෙතනින් - ලින්ක් එක දන්නා බෑ... ස්පෑම් වෙනවා. ගත්තේ ශ්‍රී ලංකා මිරර් 2012/06/09
    කලාවට ලැදිනම් මේක හොඳ අවස්ථාවක්... අතහිත දෙන්න පුළුවන් කවුරුහරි ඉන්නවනම් වටිනා වැඩක්.


    40226681.gif



    ඔන්න එහෙනම් මං ගියා.. බම්ප් එකක් හරි දාල යන්න. රෙපක් එහෙම දුන්නත් සතුටින් බාරගන්නවා.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් දැක්ක මේ ගැන විස්තරයක් මූණු පොතේ
    හරිම අපූරු කලාත්මක හැකියාවක්
    ඉවසීම ප්‍රගුණ කරන කලාවක්
    මේ වගේ අය ගැන සමාජයට මීට වඩා පිළිගැනීමක් දෙන්න ඕනේ
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මාත් දැක්ක මේ ගැන විස්තරයක් මූණු පොතේ
    හරිම අපූරු කලාත්මක හැකියාවක්
    ඉවසීම ප්‍රගුණ කරන කලාවක්
    මේ වගේ අය ගැන සමාජයට මීට වඩා පිළිගැනීමක් දෙන්න ඕනේ



    බොහොම ස්තුතියි...!

    :yes::yes::yes: