අපෙන් ඕනෙ තරම් ගන්නව ඉස්පිරිතාලෙන් බෙහෙත් ගෙනත් ඒවට අඩු වෙන්නෙ නෑ කියල. සමහරු ගන්නෙත් ඒ ඉස්පිරිතාලෙන් දෙන spc එකමයි. කිව්වට තේරුමක් නෑ එයාලට. තව සමහරු බෙහෙත් නැති වෙයි කියල ආයිත් ආයිත් පෝලිමේ ඉදල ගන්නව. පස්සෙ අහක දානව පාට වෙනස් වෙලා කියල. තව අය මාසෙටම ගෙනත් බොන්නෙ නෑ අහක දානව. සමහරු දෙතුන්පාර අරන් ඊලග සතියෙ ක්ලීනික් එකේදි බෙහෙත් මාරු කරල වැඩක් නැතුව යනව
ඔය වගේම තමා ඩොලර් ටිකත් නාස්ති කරන්නෙ. කම්පැනි එකස්පයර් වෙන්න ලගම බෙහෙත් ඉන්දියාවෙන් පට්ට අඩුවට ගේනව. ඊට පස්සෙ ඒව මාර්කට් එකට දාල විකුනනව. රිටන් ආපහු ගන්නෙත් නෑ. දැන් අවුරුදු කීපයක් තිස්සෙ පොඩි ළමයින්ට දෙන සිරප් 3ක ඔය වැඩේ කරනව. හැමැදාම එන්නෙ අවුරුදු 3ක් ටයිම් පීරියඩ් තියෙන සිරප් එකට මාස 2-7යි එක්ස්පයර් වෙන්න තියෙන්නෙ.
trifix, astifen, dometic මේ 3ම එහෙමයි. හැමදාම මාකට් එකේ තියෙන්නෙ එකස්පයර් වෙන්න ඔන්න මෙන්න සිරප්. ඩොකාල පොරකකා ඕව ලියන්නෙ ළමයින්ට