ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්වවිද්‍යාල නොවේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113

    ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්වවිද්‍යාල නොවේ, මෙන්න මේක ය! දැවෙන ප්‍රශ්ණයකට මගෙන් පිදුරු ගොඩක්! - Private money for higher education industry

    පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව සහ පක්ෂව (එදා වගේ ම අදත්) කෙරෙන විවාදයට සම්බන්ධ වෙලා "මගේ අත්දැකීම්" අනුව අද තියෙන ප්‍රශ්ණය ගැන මගේ විශ්ලේෂණය සහ විසඳුමක් ඉදිරිපත් කිරීමයි මගේ අදහස.

    මෙතන "මගේ අත්දැකීම්" කියන්නේ රටවල් තුනක විශ්වවිද්‍යාල හයකින් ශිෂ්‍යයෙක් විදියට ලබපු අත්දැකීම් විතරක් නෙමේ, රටවල් දෙකක විශ්වවිද්‍යාල අටක දේශකයෙක් විදියට ලබපු අත්දැකීම් ගොන්නත් ඒකට ඇතුලත්. දේශණාගාරයේත්, කම්පියුටර් ලැබ් එකේත් ශිෂ්‍ය, දේශක දෙපැත්තේ දී ම ලැබුණු මගේ අත්දැකීම් අවුරුදු විසි දෙකකට වඩා වැඩි බවත් කියන්න ඕනෑ.

    මෙන්න දැන් මගේ ශත දෙකේ මතය.

    මොකක්ද මෙතන කේස් එක?
    ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි උසස් පෙල සමත් වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඕනෑකම තියෙන හැමෝටම විශ්වවිද්‍යාලවල ඉඩ නැති වීම.

    ඒකට හේතුව මොකක්ද?
    හේතුව තමයි විශ්වවිද්‍යාල සඳහා රජයෙන් දෙන ප්‍රතිපාදන උසස් පෙල පාස් හැමෝටම විශ්වවිද්‍යාලවල නොමිලේ උගන්වන පහසුකම් සපයන්න ප්‍රමාණවත් නැති වීම.

    ඇයි ඉතිං ආණ්ඩුව එහෙම නොකරන්නේ? වෙන අපේම ආණ්ඩුවක් ගෙනාවොත් වැඩේ ෂේප් නේද?
    ආණ්ඩුවලට සල්ලිවලින් කරන්න වෙනත් වැඩ ඇති පදං තියෙනවා හලෝ. අනික මුං ගිහින් අරුං ආවත් ඕවායේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.

    ලෝකේ අනිත් රටවල වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම වැඩේ ෂේප් වෙයි නේද?
    ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං.

    එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.

    ශතවර්ෂ හතක් අටක් පරණ විශ්වවිද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි ම හිතන්නේ. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේ‍ර්ලියාවේ ම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!

    ඕස්ටේ‍ර්ලියාවට, එංගලන්තයට යන ලංකාවේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්වවිද්‍යාලවලයි! එහෙම නැතුව පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙකු ගැන දන්නවා නම්, මට ඒ විශ්වවිදයාලයේ නම කියන්න කෝ.

    මං වැරදි වෙන්න පුළුවනි, නමුත් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල්වලත් තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල මහා දානපතින්ගේ අරමුදල්වලින් ඇරඹුණු ඒවා මිසක මේ ටියුෂන් මුදලාලි ලා සල්ලි දාලා පටන් ගත්ත ඒවා නොවෙයි!

    සල්ලි කෝටි ගණං ආයෝජනය කරලා, ඒකෙන් වාර්ෂික ප්‍රතිලාභ ගන්න අරමුණෙන් විශ්වවිද්‍යාල අරඹනවාට වඩා වෙන කොච්චර හොඳ බිස්නස් තියෙනවා ද?

    පුද්ගලික සමාගම් ලෙස අරඹන විශ්වවිද්‍යාල ලංකාවේ සැබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම නොවෙන්නේ අන්න ඒ නිසයි.

    එහෙනං සෑබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම මොකක්ද?
    ඒකට එන්න කලින් මේක කියන්නම්. ලංකාවේ අපි හුඟක් වෙලාවට කරන වැඩක් තමයි ප්‍රශ්ණය වැරදි විදියට තේරුම් අරගෙන වැරදි විසඳුමක් ක්‍රියාත්මක කිරීම.

    උදාහරණයක් විදියට ඉංගිරිසි දැනුම අඩු එකට කාලෙකට ඉස්සර දුන්නු විසඳුම ඉංගිරිසි විෂයය ඉගැන්වීම ක්‍රමවත් කරන එක නෙමේ මුළු සබ්බ සකලමනා විෂයයන් ම ඉංගිරිසියෙන් උගන්වන්න පටන් ගත්තු එකයි. ඉංගිරිසි විෂයය උග්නවන්න අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් නැති රටේ, සියළුවම විෂයයන් ඉංගිරිසියෙන් උගන්වන්න අය ඉන්නවද කියල බලන්නෙත් නැතුව තමයි වැඩේ ඇරඹුවේ!

    අදත් ඒ කතාබහ එලෙසම තියෙනවා.

    ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය දැනට වඩා විශාල වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන. ඒකට ආණ්ඩුවේ මීට වඩා සල්ලි නැති නිසා, සැබෑ විසඳුම පෞද්ගලික ව්‍යවසායකත්වය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නොවෙයි. අවශ්‍ය පෞද්ගලික ධනය උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යොදා ගැනීමයි.

    කා ගාවද ඒ පෞද්ගලික ධනය තියෙන්නේ? කොහොමද ඒවා රජයේ විශ්වවිද්‍යාලවලට යොදාගන්නේ?
    ඒ පෞද්ගලික ධනය තියෙන්නේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ උපාධි අරගෙන දැන් රැකියා කරන අය ළඟයි.

    ඒ මුදල් ලබාගන්න නම් විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගන්න ඕනෑ, පාඨමාලාව සඳහා යන වියදමෙන් කොටසක් ඔවුනුත් පසුකාලෙක (ඒ කියන්නේ තමන්ගේ ආදායම යම් මට්ටමකට පත්වුණාට පස්සේ) රජයට ගෙවන පදනම මතයි.

    උදාහරණයකින් පැහැදිලි කළොත්?
    හිතන්න දැන් ක්‍රමය යටතේ ආණ්ඩුවට පුළුවන් වසරකට වෛද්‍ය සිසුන් 1,000 ක් සඳහා ප්‍රතිපාදන සපයන්න විතරයි කියලා. රජයේ මහජන සෞඛ්‍යය ප්‍රතිපත්තිය මත ජනගනණයෙන් සෑම දහ දාහකට ම එක දොස්තර කෙනෙක් ඕනෑය කියලා හිතන්න. ඒ ටාර්ගට් එක තව අවුරුදු පහකින් සම්පුර්ණ කරගන්න නම් වසරකට ගන්න වෛද්‍ය සිසුන් ගාන 1,500 ක් කරන්න ඕනෑ. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දැනට වඩා 50%ක අමතර මුදලක්. මේ මුදල වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්න 1,500 දෙනා උපාධිය අරගෙන ජොබ්කරන කාලේ ආපහු ගෙව්වා නම් වැඩේ ෂේප්.

    "උසස් අධ්‍යාපන සම්මාදම් ක්‍රමය" කියලා හැඳින්වෙන මේ ආකාරයේ ක්‍රමයක් සාර්ථකව භාවිතාවෙන රජයේ විශ්වවිද්‍යාල පද්ධතියක් ගැන විස්තර මෙතනින් කියවන්න.

    http://en.wikipedia.org/wiki/HECS#HECS

    මේ ක්‍රමයේ තියෙන හොඳම වාසිය මොකක්ද?
    හොඳම වාසිය තමයි කපා කපා කෑලි කපා දැම්මත්, රට ජාතිය වෙනුවෙන් පණ වුණත් දෙන්න බලාගෙන නිෂ්මිලා, බාලේලා, වෙනුරලා ගිය පාරේ යන්න බලන්න ඉන්න අයට වුණත් මේකට එකඟ වෙන්න පුළුවන්වීම.

    ජීවිතේ කැපකරන්න ඉන්න අයට ජොබ් එකක් කරන ගමන් තමන්ට උගන්වන්න වැයවුණු මුදලින් තුනෙන් එකක් විතර ආපහු ගෙවන එක මහ කජ්ජක් ද?

    සල්ලි ගෙවල ඉගෙන හරි ගන්න බලන් ඉන්න අයට නං මේකේ කිසි අවුලක් තියෙන්න විදියක් නෑ.

    පුද්ගලික විශ්වවිද්‍යාල නිසා මුදළාලි ගේ මෝඩ පුතාට සල්ලිවලට උපාධියක් ගන්න පුළුවන් කියලා කෑ ගහන අයගේ සාධාරණ ප්‍රශ්ණයටත් මේකෙන් විසඳුම ලැබෙනවා.

    මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!
    https://rasikalogy.blogspot.com/2023/08/case-for-private-universities.html

    -රසික සූරියආරච්චි

    ප/ලි:
    හැබැයි තව එකක් කියන්න ඕනෑ. එක එක ක්‍ෂේත්‍රවල උපාධිධාරියෝ රටට අවශ්‍ය ඒ ඒ ප්‍රමාණයක් විතරයි.

    හැමෝම දොස්තරලා වුනොත් ඉතිං හැමදාම තමන් ලෙඩ වෙලා තමන්ටම බේත් කරගන්න වෙනවා. හැමෝම විද්‍යා උපාධිධාරියෝ වෙලත් බෑ. අනිත් ක්‍ෂේත්‍රවලත් එහෙමයි.

    රටේ මධ්‍යම සැලසුම්වලින් මේ දේවල් තීරණය කරන්න ඕනෑ.

    ඒ නැතිවුනත් රැකියා ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අනුව එක් එක් පාඨමාලාවලට තියෙන ඉල්ලුම තීරණය වේවි දීර්ඝකාලීනව.

    https://rasikalogy.blogspot.com/2023/08/private-money-for-higher-education.html
    --------------------------
    මේක හොද සොලුෂන් එකක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,333
    35,040
    113
    පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය නෑ. රජයේ විශ්ව විද්‍යාල වලට නොතේරෙන සිසුන්ට පාඨමාලා ගාස්තු ගෙවා අදාළ උපාධි පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව දියයුතුයි එච්චරයි විසඳුම. සිසුන් ගෙවන මුදල් වලින් බැරියෑ යටිතල පහසුකම් ගොඩනගන්න
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    ලංකාවේ උසස් අද්‍යාපනය ටිකක් spoon feeding වලට පුරුදු කරල තියෙන්නෙ. ඒ හින්ද තමයි උපාධිය ගත්තට පස්සෙත් ජොබ් එකක් නැත්නම් රජයේ රැකියාවක් දියව් කියල උද්ඝෝෂණය කරන්න පුරුදු වෙලා ඉන්නෙ. තමන්ම මහන්සි වෙලා ගේමක් ගහගෙන ඉදිරියට යන්න මනස හදනව අඩුයි. හැමදේම වගේ නොමිලේ දෙන නිසා ඒ අයට ඒ ගැන එතරම් වටිනාකමක් නෑ. තමන්ට අර්ධ වශයෙන් හරි නැත්නම් full, half scholarship based ක්‍රමයකට නය එක හොඳයි දැන් තියෙන තත්ත්වය අනුව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇත්ත කථාව සල්ලි තියෙන පවුල් වල ළමයිව මුන්ට රැග් කරන්න ලැබෙන්නේ නැති දුක තියෙන්නේ 😄
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    තෝ වගේ මන්ද බුද්ධික ලැට් පොන්නයෙක් . ඒ ගමන රාජය විශ්වවිද්‍යාලත් විකුනන් කන්න කියලද කියන්නේ.තොගේ අම්මව විකුනපන් ඊට වඩා හොදයි.
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    ලංකාවේ උසස් අද්‍යාපනය ටිකක් spoon feeding වලට පුරුදු කරල තියෙන්නෙ. ඒ හින්ද තමයි උපාධිය ගත්තට පස්සෙත් ජොබ් එකක් නැත්නම් රජයේ රැකියාවක් දියව් කියල උද්ඝෝෂණය කරන්න පුරුදු වෙලා ඉන්නෙ. තමන්ම මහන්සි වෙලා ගේමක් ගහගෙන ඉදිරියට යන්න මනස හදනව අඩුයි. හැමදේම වගේ නොමිලේ දෙන නිසා ඒ අයට ඒ ගැන එතරම් වටිනාකමක් නෑ. තමන්ට අර්ධ වශයෙන් හරි නැත්නම් full, half scholarship based ක්‍රමයකට නය එක හොඳයි දැන් තියෙන තත්ත්වය අනුව.
    💯

    ඇත්ත කථාව සල්ලි තියෙන පවුල් වල ළමයිව මුන්ට රැග් කරන්න ලැබෙන්නේ නැති දුක තියෙන්නේ 😄
    මන් හිතන්නෙ එයාල ගොඩක් මහන්සිවෙලා පාඩන් කරල යන එක අනික් සෙට් එක එච්චර ගේමක් නැතුව සල්ලි දීල යන එකට ඉරිසියාව වගේ එකක් තියෙන්නෙ කියල. හැමෝම ඔහොම නෑ. ඒත් කොහොමහරි මේ යන එකෙන් වෙන්නෙ හොදට ඉන්න රජයේ කැම්පස් වල එවුනුයි ප්‍රයිවට් වල එඋනුයි තරහ වෙන එක. Fb කමෙන්ට් වල මුන් මරාගන්න හැටි දැක්කම දුක හිතෙනව ඉතින්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය නෑ. රජයේ විශ්ව විද්‍යාල වලට නොතේරෙන සිසුන්ට පාඨමාලා ගාස්තු ගෙවා අදාළ උපාධි පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව දියයුතුයි එච්චරයි විසඳුම. සිසුන් ගෙවන මුදල් වලින් බැරියෑ යටිතල පහසුකම් ගොඩනගන්න
    ඔය කියන්නේ NSBM KDU SLITT වගේ ඒව නේ. ඔය ඔක්කොම රාජ්‍ය අමාත්‍යාංශ වලින් පාලනය වෙන ඒව නේද?
     
    • Like
    Reactions: War Fighter

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Logical thinking or rather the approach to logical thinking left our education system a long time ago. Thank that donkey Baddudin Mohammed for that. These days they are taught to face exams, they have superficial knowledge om many useless subjects but sadly the end product is quite mediocre when compared with three decades ago. End result - 69 lakhs of certified imbeciles :(

    I have mentioned the Golden Rule of Afghan Education in here - "No amount of poor schooling can spoil a good child"
    This holds true anywhere. Education does not necessarily make anyone more intelligent. There can be an illiterate person is even more intelligent than the educated one. Education is a process of learning, whereas intelligence refers to the capacity for learning, acquisition, planning, and critical thinking.
    Critical thinking has gone out of the window now, teaching could to be blamed as well for that.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    තෝ වගේ මන්ද බුද්ධික ලැට් පොන්නයෙක් . ඒ ගමන රාජය විශ්වවිද්‍යාලත් විකුනන් කන්න කියලද කියන්නේ.තොගේ අම්මව විකුනපන් ඊට වඩා හොදයි.
    mokadda yako eke waradda??
    danatamath Gov uni wala external degree tiyenawa
    BIT eka Colombo & Mora tiyenawa
    MSc walata kohomath salli gewanna ona
    ithin thawa external degree wadi karala adayamak ganna eke waradda mokadda?
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    mokadda yako eke waradda??
    danatamath Gov uni wala external degree tiyenawa
    BIT eka Colombo & Mora tiyenawa
    MSc walata kohomath salli gewanna ona
    ithin thawa external degree wadi karala adayamak ganna eke waradda mokadda?
    External and hons degree කියන්නේ දෙකක් පොන්සියෝ.hons ඒවත් සල්ලි වලට දෙන්න ගත්තොත් උපාදි කඩයක් වෙන එක තමා වෙන්නේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    External and hons degree කියන්නේ දෙකක් පොන්සියෝ.hons ඒවත් සල්ලි වලට දෙන්න ගත්තොත් උපාදි කඩයක් වෙන එක තමා වෙන්නේ.
    එක කොහොමත් වෙනවා පුළුවන් නං නවත්තපන් පොන්ස්
    ඉස්කෝල වලත් ජලය සහ විදුලියට යන වියදම ළමයින්ගෙන් අයකර ගන්න හදන්නේ
    ඊලඟට කැම්පස් :lol::lol::lol::lol::lol:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    What about education as a service? Since we are a poor, low-resource country but have good human resources, our only salvation is providing services. We can provide educational services, and for such businesses, we need investments as well as affiliations with renowned universities around the world, so private education is a must.
     
    • Like
    Reactions: jzx and War Fighter

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    European countries ඇරෙන්න අනිත් ඔක්කොම රටවල් වල degree එක ගන්න ඕනි සල්ලි ගෙවලා තමයි.
     
    • Like
    Reactions: War Fighter

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    What about education as a service? Since we are a poor, low-resource country but have good human resources, our only salvation is providing services. We can provide educational services, and for such businesses, we need investments as well as affiliations with renowned universities around the world, so private education is a must.
    Yes... That's what many around the world do. In our case it became a back door entry into higher education. SAITM is a good example. :(
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,173
    1
    28,809
    113
    Logical thinking or rather the approach to logical thinking left our education system a long time ago. Thank that donkey Baddudin Mohammed for that. These days they are taught to face exams, they have superficial knowledge om many useless subjects but sadly the end product is quite mediocre when compared with three decades ago. End result - 69 lakhs of certified imbeciles :(

    I have mentioned the Golden Rule of Afghan Education in here - "No amount of poor schooling can spoil a good child"
    This holds true anywhere. Education does not necessarily make anyone more intelligent. There can be an illiterate person is even more intelligent than the educated one. Education is a process of learning, whereas intelligence refers to the capacity for learning, acquisition, planning, and critical thinking.
    Critical thinking has gone out of the window now, teaching could to be blamed as well for that.
    Couldn't agree more
     
    • Like
    Reactions: NRTG and jzx

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පුදගලික විශ්වවිද්‍යාලය ටික නම් තව ටික දවසයි නේ බන් තියෙන්නේ jvp ආපු ගමන් ඕවා වහලා දානවා.ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113

    ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්වවිද්‍යාල නොවේ, මෙන්න මේක ය! දැවෙන ප්‍රශ්ණයකට මගෙන් පිදුරු ගොඩක්! - Private money for higher education industry

    පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව සහ පක්ෂව (එදා වගේ ම අදත්) කෙරෙන විවාදයට සම්බන්ධ වෙලා "මගේ අත්දැකීම්" අනුව අද තියෙන ප්‍රශ්ණය ගැන මගේ විශ්ලේෂණය සහ විසඳුමක් ඉදිරිපත් කිරීමයි මගේ අදහස.

    මෙතන "මගේ අත්දැකීම්" කියන්නේ රටවල් තුනක විශ්වවිද්‍යාල හයකින් ශිෂ්‍යයෙක් විදියට ලබපු අත්දැකීම් විතරක් නෙමේ, රටවල් දෙකක විශ්වවිද්‍යාල අටක දේශකයෙක් විදියට ලබපු අත්දැකීම් ගොන්නත් ඒකට ඇතුලත්. දේශණාගාරයේත්, කම්පියුටර් ලැබ් එකේත් ශිෂ්‍ය, දේශක දෙපැත්තේ දී ම ලැබුණු මගේ අත්දැකීම් අවුරුදු විසි දෙකකට වඩා වැඩි බවත් කියන්න ඕනෑ.

    මෙන්න දැන් මගේ ශත දෙකේ මතය.

    මොකක්ද මෙතන කේස් එක?
    ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි උසස් පෙල සමත් වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඕනෑකම තියෙන හැමෝටම විශ්වවිද්‍යාලවල ඉඩ නැති වීම.

    ඒකට හේතුව මොකක්ද?
    හේතුව තමයි විශ්වවිද්‍යාල සඳහා රජයෙන් දෙන ප්‍රතිපාදන උසස් පෙල පාස් හැමෝටම විශ්වවිද්‍යාලවල නොමිලේ උගන්වන පහසුකම් සපයන්න ප්‍රමාණවත් නැති වීම.

    ඇයි ඉතිං ආණ්ඩුව එහෙම නොකරන්නේ? වෙන අපේම ආණ්ඩුවක් ගෙනාවොත් වැඩේ ෂේප් නේද?
    ආණ්ඩුවලට සල්ලිවලින් කරන්න වෙනත් වැඩ ඇති පදං තියෙනවා හලෝ. අනික මුං ගිහින් අරුං ආවත් ඕවායේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.

    ලෝකේ අනිත් රටවල වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මම වැඩේ ෂේප් වෙයි නේද?
    ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං.

    එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.

    ශතවර්ෂ හතක් අටක් පරණ විශ්වවිද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි ම හිතන්නේ. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේ‍ර්ලියාවේ ම තියෙන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!

    ඕස්ටේ‍ර්ලියාවට, එංගලන්තයට යන ලංකාවේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්වවිද්‍යාලවලයි! එහෙම නැතුව පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙකු ගැන දන්නවා නම්, මට ඒ විශ්වවිදයාලයේ නම කියන්න කෝ.

    මං වැරදි වෙන්න පුළුවනි, නමුත් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල්වලත් තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල මහා දානපතින්ගේ අරමුදල්වලින් ඇරඹුණු ඒවා මිසක මේ ටියුෂන් මුදලාලි ලා සල්ලි දාලා පටන් ගත්ත ඒවා නොවෙයි!

    සල්ලි කෝටි ගණං ආයෝජනය කරලා, ඒකෙන් වාර්ෂික ප්‍රතිලාභ ගන්න අරමුණෙන් විශ්වවිද්‍යාල අරඹනවාට වඩා වෙන කොච්චර හොඳ බිස්නස් තියෙනවා ද?

    පුද්ගලික සමාගම් ලෙස අරඹන විශ්වවිද්‍යාල ලංකාවේ සැබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම නොවෙන්නේ අන්න ඒ නිසයි.

    එහෙනං සෑබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම මොකක්ද?
    ඒකට එන්න කලින් මේක කියන්නම්. ලංකාවේ අපි හුඟක් වෙලාවට කරන වැඩක් තමයි ප්‍රශ්ණය වැරදි විදියට තේරුම් අරගෙන වැරදි විසඳුමක් ක්‍රියාත්මක කිරීම.

    උදාහරණයක් විදියට ඉංගිරිසි දැනුම අඩු එකට කාලෙකට ඉස්සර දුන්නු විසඳුම ඉංගිරිසි විෂයය ඉගැන්වීම ක්‍රමවත් කරන එක නෙමේ මුළු සබ්බ සකලමනා විෂයයන් ම ඉංගිරිසියෙන් උගන්වන්න පටන් ගත්තු එකයි. ඉංගිරිසි විෂයය උග්නවන්න අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් නැති රටේ, සියළුවම විෂයයන් ඉංගිරිසියෙන් උගන්වන්න අය ඉන්නවද කියල බලන්නෙත් නැතුව තමයි වැඩේ ඇරඹුවේ!

    අදත් ඒ කතාබහ එලෙසම තියෙනවා.

    ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය දැනට වඩා විශාල වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන. ඒකට ආණ්ඩුවේ මීට වඩා සල්ලි නැති නිසා, සැබෑ විසඳුම පෞද්ගලික ව්‍යවසායකත්වය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නොවෙයි. අවශ්‍ය පෞද්ගලික ධනය උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යොදා ගැනීමයි.

    කා ගාවද ඒ පෞද්ගලික ධනය තියෙන්නේ? කොහොමද ඒවා රජයේ විශ්වවිද්‍යාලවලට යොදාගන්නේ?
    ඒ පෞද්ගලික ධනය තියෙන්නේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ උපාධි අරගෙන දැන් රැකියා කරන අය ළඟයි.

    ඒ මුදල් ලබාගන්න නම් විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගන්න ඕනෑ, පාඨමාලාව සඳහා යන වියදමෙන් කොටසක් ඔවුනුත් පසුකාලෙක (ඒ කියන්නේ තමන්ගේ ආදායම යම් මට්ටමකට පත්වුණාට පස්සේ) රජයට ගෙවන පදනම මතයි.

    උදාහරණයකින් පැහැදිලි කළොත්?
    හිතන්න දැන් ක්‍රමය යටතේ ආණ්ඩුවට පුළුවන් වසරකට වෛද්‍ය සිසුන් 1,000 ක් සඳහා ප්‍රතිපාදන සපයන්න විතරයි කියලා. රජයේ මහජන සෞඛ්‍යය ප්‍රතිපත්තිය මත ජනගනණයෙන් සෑම දහ දාහකට ම එක දොස්තර කෙනෙක් ඕනෑය කියලා හිතන්න. ඒ ටාර්ගට් එක තව අවුරුදු පහකින් සම්පුර්ණ කරගන්න නම් වසරකට ගන්න වෛද්‍ය සිසුන් ගාන 1,500 ක් කරන්න ඕනෑ. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දැනට වඩා 50%ක අමතර මුදලක්. මේ මුදල වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්න 1,500 දෙනා උපාධිය අරගෙන ජොබ්කරන කාලේ ආපහු ගෙව්වා නම් වැඩේ ෂේප්.

    "උසස් අධ්‍යාපන සම්මාදම් ක්‍රමය" කියලා හැඳින්වෙන මේ ආකාරයේ ක්‍රමයක් සාර්ථකව භාවිතාවෙන රජයේ විශ්වවිද්‍යාල පද්ධතියක් ගැන විස්තර මෙතනින් කියවන්න.

    http://en.wikipedia.org/wiki/HECS#HECS

    මේ ක්‍රමයේ තියෙන හොඳම වාසිය මොකක්ද?
    හොඳම වාසිය තමයි කපා කපා කෑලි කපා දැම්මත්, රට ජාතිය වෙනුවෙන් පණ වුණත් දෙන්න බලාගෙන නිෂ්මිලා, බාලේලා, වෙනුරලා ගිය පාරේ යන්න බලන්න ඉන්න අයට වුණත් මේකට එකඟ වෙන්න පුළුවන්වීම.

    ජීවිතේ කැපකරන්න ඉන්න අයට ජොබ් එකක් කරන ගමන් තමන්ට උගන්වන්න වැයවුණු මුදලින් තුනෙන් එකක් විතර ආපහු ගෙවන එක මහ කජ්ජක් ද?

    සල්ලි ගෙවල ඉගෙන හරි ගන්න බලන් ඉන්න අයට නං මේකේ කිසි අවුලක් තියෙන්න විදියක් නෑ.

    පුද්ගලික විශ්වවිද්‍යාල නිසා මුදළාලි ගේ මෝඩ පුතාට සල්ලිවලට උපාධියක් ගන්න පුළුවන් කියලා කෑ ගහන අයගේ සාධාරණ ප්‍රශ්ණයටත් මේකෙන් විසඳුම ලැබෙනවා.

    මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!
    https://rasikalogy.blogspot.com/2023/08/case-for-private-universities.html

    -රසික සූරියආරච්චි

    ප/ලි:
    හැබැයි තව එකක් කියන්න ඕනෑ. එක එක ක්‍ෂේත්‍රවල උපාධිධාරියෝ රටට අවශ්‍ය ඒ ඒ ප්‍රමාණයක් විතරයි.

    හැමෝම දොස්තරලා වුනොත් ඉතිං හැමදාම තමන් ලෙඩ වෙලා තමන්ටම බේත් කරගන්න වෙනවා. හැමෝම විද්‍යා උපාධිධාරියෝ වෙලත් බෑ. අනිත් ක්‍ෂේත්‍රවලත් එහෙමයි.

    රටේ මධ්‍යම සැලසුම්වලින් මේ දේවල් තීරණය කරන්න ඕනෑ.

    ඒ නැතිවුනත් රැකියා ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අනුව එක් එක් පාඨමාලාවලට තියෙන ඉල්ලුම තීරණය වේවි දීර්ඝකාලීනව.

    https://rasikalogy.blogspot.com/2023/08/private-money-for-higher-education.html
    --------------------------
    මේක හොද සොලුෂන් එකක්
    MAHAPOLA THANAM KARAA NAM IVARAYI
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    පුදගලික විශ්වවිද්‍යාලය ටික නම් තව ටික දවසයි නේ බන් තියෙන්නේ jvp ආපු ගමන් ඕවා වහලා දානවා.ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.
    වහන්න එපා බං අපරාදෙනෙ සල්ලි නොගෙන හිටපං ඉවරනෙ ප්‍රශ්නෙ