ලංකාවේ එතෙක් මෙතෙක් කල් සිටි ජනාධිපති ආර&#3530

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලංකාවේ එතෙක් මෙතෙක් කල් සිටි ජනාධිපති ආර&#3530

    අපි දේශපාලනය ගැන සියලු දේ දන්නවා කියලා සමහර වෙලාවට සිතා සිටිනවා. ඒක බොරුවක් නොවෙන්න පුළුවන්. නමුත් අපි ජනාධිපති ආර්යාවෝ ගැන මොනවද දන්නේ? අන්න ඒ අය ගැනදැනගන්න උවමනා නිසා තමයි අපි මේ ලිපිය තුලින් ඔබේ දැනුම පුළුල් කරන්නට උත්සහ කරන්නේ. කියවලා බලලා ඔබේ අදහසුත් කොමෙන්ට්ස් විදියට එක්කාසු කලාට අපි තරහා වෙන්නේ නැහැ.



    01. සීලවතී මැණිකේ ගොපල්ලව මැතිණිය :eek::eek::eek::eek:



    sl-first-ladies-aniwa-01.jpg



    sl first ladies
    Source – wikipedia.org
    ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ ආණ්‌ඩුකාර සහ ප්‍රථම විධායක නොවන ජනාධිපති වූ විලියම් ගොපල්ලව මහතාගේ ආර්යාව වූ සීලවතී මැණිකේ ගොපල්ලව මැතිණිය, විවාහයට පෙර නම ලෙස භාවිතා කලේ සීලවතී මැණිකේ රඹුක්වැල්ල යන නමයි. බොහොම වැදගත් ආදර්ශවත් ආකාරයට තම ජීවිතය ගත කල ගොපල්ලව මැතිණිය, දරුවන් 5 දෙනෙකුගේ මවක් වනවා. ඇගේ සැමියාගේ අඩිපාරේ යමින් දේශපාලනය කරන්නට යෙදුනේ එක දරුවෙකු පමණයි. ඒ ඇයගේ බාලදරුවා වන මොයිත්‍රා කුඩා බණ්‌ඩා ගොපල්ලව හෙවත් මොන්ටි ගොපල්ලව මහතා පමණයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සේවය කල එතුමා 2003 වසරේදී අභාවප්‍රාප්ත වුණා.



    02. එලීනා ජයවර්ධන මැතිණිය :D:D:D:D


    sl-first-ladies-aniwa-02.jpg





    sl first ladies
    Source – divaina.com, rootsweb.ancestry.com
    ලංකාවේ පළමුවන විධායක ජනාධිපති තැම්පත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආදරණීය බිරිඳ වූ එලීනා ජයවර්ධන මැතිණියගේ විවාහයට පෙර නම එලීනා බණ්ඩාර රූපසිංහයි. එතුමිය විවාහයට පෙර සිටම නමගිය සමාජ සේවිකාවක් වෙනවා.

    ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධූරය දක්වා ගිය ගමනේ ඔහු පිටුපස සිටි අදිසි හස්තය වන්නේ එලීනා ජයවර්ධන මැතිණිය යයි කිවහොත් එය මුසාවක් නොවේ. එය ජයවර්ධන මහතාගේ කියූ ප්‍රකාශයක මේ අයුරින් සඳහන් වී තිබෙනවා.

    “එලීනාගේ මග පෙන්වීමත්, සහයෝගය හා අනුබලය මගේ මුළු ජීවිතය ආරක්ෂා කලා. මගේ මරණයෙන් පසු සෑම කටයුත්තක්ම මගේ මැතිණියගේ කැමැත්ත අනුව සිදුවිය යුතුය.”
    ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය. (2012)

    ප්‍රසිද්ධ නොතාරිස් කෙනෙක් සහ ව්‍යාපාරිකයෙකු වූ ලෙනාර්ඩ් ගිල්බර්ට් රූපසිංහ මහතාට සහ නැන්සි මාගරට් සුරියබණ්ඩාර මහත්මියට දාව උපත ලබන එලීනා රූපසිංහ දැරියට අධ්‍යාපනයේ ලබාදෙන්නේ ගුරුවරුන් නිවසට ගෙන්වාගෙනයි. එය එකල ධනවතුන් අතර ජනප්‍රිය සිරිතක්ව තිබී තියනවා. 1935 වසරේදී නීතිඥ ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ විවාහ වෙන එලීනා ජයවර්ධන මැතිණියට සිටින්නේ එකම එක දරුවෙක් පමණයි. ඒ පසුගියදා අභාවප්‍රාප්ත වූ රවී විමල් ජයවර්ධන මහතායි. සැමට සේවය සැලසු එලීනා ජයවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වන්නේ වසර 2007දී නොවැම්බර් මස 07 වනදා යි.



    03. හේමා ප්‍රේමදාස මැතිණිය :yes::yes::yes::yes:




    sl-first-ladies-aniwa-03.jpg





    sl first ladies
    Source – athavaneng.com
    ලංකාවේ දෙවන විධායක ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මැතිණිය, ජනපති ආර්යාව වී සිටින කාලයේ විවිධ තොරතුරු ඇය ගැන අසන්නට ලැබුනා. සමාජයේ කුඩා තැනකින් ඒමත්, රූමත් බවත් නිසා විවිධ කටකතා වලට මුහුණ දුන් අයෙක් නම් ඒ හේමා ප්‍රේමදාස මැතිණියයි. බණ්ඩාරවෙල වික්‍රමතුංග ආරච්චිගේ චාර්ලිස් අප්පුහාමි සහ එම මැතිණියගේ දියණිය වූ හේමා වික්‍රමතුංග ජනපති ප්‍රේමදාස හා විවාහ වන්නේ 1964 වර්ෂයේදීයි.

    ප්‍රේමදාස යුවලට දාව දරුවන් දෙදෙනෙකු සිටින අතර ඉන් එක අයෙක් යහපාලන ආණ්ඩුවේ ඇමති තනතුරක් දරන සජිත් ප්‍රේමදාස මහතායි. දුවණියගේ නම වන්නේ දුලාංජලී ජයකොඩියි. හේමා ප්‍රේමදාස මැතිණිය තරුණ අවධියේදී දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක් වූ බවටත් තොරතුරු සඳහන් වනවා.

    අනිවා Life Today Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address




    04. විමලාවතී කුමාරිහාමි විජේතුංග මැතිණිය :cool::cool::cool::cool:



    sl-first-ladies-aniwa-04.jpg



    sl first ladies
    Source – lankanews.org, rajagossip.com
    විමලාවතී කුමාරිහාමි මැතිණියගේ විවාහයට පෙර නම විමලාවතී කුමාරිහාමි මාරපන ය. ඇය පැවතෙන්නේ දුම්බර වලල පිහිටි මාරපන දුක්ගන්නා වලව්වෙනි. ඩී. බී විජේතුංග හිටපු ජනාධිපතිවරයා හා ඈ විවාහ වන්නේ 1960 වසරේදීයි. විවාහයෙන් පසුව විජේතුංග නාමය ආරුඪ කරගත් විමලාවතී මැතිණියට හා ජනපති ඩී.බී විජේතුංග මැතිතුමාට සිටියේ එක් දියණියකි. ඈ නමින් චිත්‍රාංගනී කුමාරි විජේතුංගයි.

    අතිශය දැහැමි දිවිපෙවෙතක් ගත කල පවුලක් හැටියට විජේතුංග පවුල ප්‍රසිද්ධය. එතෙක් මෙතෙක් වැඩිම තනතුරු ගණනක් දෑරු ජනපති වරයා වෙන ඩී. බී. විජේතුංග මහතා පිටු පසින් සෙවනැල්ලක් මෙන් එතුමාගේ සියලු අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කල විමලාවතී මැතිණිය ගැන ඇයගේ එකම දුව පුවත් පතකට ප්‍රකාශයක් ලබා දෙන්නේ මේ අයුරින්.

    අම්මා කිසිම වෙලාවක දේශපාලනයට හවුල් වෙන්න ගියේ නැහැ. හැබැයි අම්මා තමයි අප්පච්චිගේ සෙවණැල්ල. ඒ දෙන්නා අතරේ තිබුණ බැඳීම ඇත්තෙන්ම මහා පුදුමාකාරයි. මිය යන මොහොත දක්‌වාම ඒ දෙන්නාට ඒ දෙන්නාව ඕනැ වුණා. අම්මා හැම වෙලාවෙම අප්පච්චිගේ වැඩ කටයුතු ගැන හෝදිසියෙන්. උවමනා එපා කම් ගැන අප්පච්චි හැරෙනකොට කියන්න අම්මාට පුළුවන්කම තිබුණා.
    චිත්‍රාංගනී කුමාරි විජේතුංග

    තිදෙනෙකුගේ පවුලකට සෙවනැල්ලක් මෙන් සෙත සැලසු මේ අපූරු මැතිණිය 2005 දෙසැම්බර් 24 වැනිදා මෙලොව හැරගියා.



    05. ශිරන්ති රාජපක්ෂ මැතිණිය ;);););););)



    sl-first-ladies-aniwa-05.jpg




    sl first ladies
    Source – adaderana.lk
    ලංකාවේ පස්වන විධායක ජනපති වන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ විවාහයට පෙර නම ශිරන්ති වික්‍රමසිංහයි. කොමදෝරු ඊ. පී. වික්‍රමසිංහ සහ වයලට් වික්‍රමසිංහ යුවලට දාව ඉපදුණු එකම දියණිය වන මෙතුමිය 1983 වර්ෂයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා විවාහ වනවා. රාජපක්ෂ මහතා සමග විවාහයෙන් ඇයට දරුවන් තුන් දෙනෙකු සිටිනවා. ඒ නාමල්, යෝෂිත සහ රෝහිත රාජපක්ෂයි.

    ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හදාරා හමාර කරන රාජපක්ෂ මැතිනිය ළමා මනෝවිද්‍යාව සම්බන්ධ ඩිප්ලෝමාවක් ලබා ගන්නා අතර, ඉතා සුන්දර රූසපුවකින් යුතු වීම නිසා 1973 දී විශ්ව රූ රැජිණ තරඟයට සහ ලෝක රූ රැජිණ තරඟයට ලංකාව නියෝජනය කරනු ලැබුවා. හිටපු ජනාධිපති ආර්යාව වුණත් රාජපක්ෂ මැතිණිය තම සමාජ සේවා කටයුතු තවමත් නවතා නැහැ.



    06. ජයන්ති පුෂ්පකුමාරි මැතිණිය :shocked::shocked::shocked::shocked:
    sl first ladies
    Source – zimbio.com
    ලංකාවේ 6 වන විධායක ජනපති වන මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා සහ ජයන්ති පුෂ්පකුමාරි මැතිණියගේ විවාහය සිද්ධ වන්නේ වසර 7ක ප්‍රේම සම්බන්ධයකින් පසුවයි. මුලදී මේ සම්බන්ධයට සිරිසේන මැතිණියගේ පාර්ශ්වයෙන් එතරම් කැමැත්තක් නොතිබුනත් පසුව සියලු බාධක ජය ගෙන එක වහළක් යටට වන්නට තරම් ඔවුන් වාසනාවන්ත වුනා.

    විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටින අතර චතුරිකා , ධරණි සහ දහම් යනු ඒ තිදෙනාගේ නම් වෙනවා. බොහොම සරළ දිවි පෙවෙතකට හුරු වී සිටින ආර්යාවක් වන සිරිසේන මැතිණිය. රාජ්‍ය උත්සව වලට පෙනී සිටිනවා බොහොම අඩු බව කවුරුත් දන්නා දෙයක්.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ශ්‍රී ලංකාවේ සැබෑ පාලකවරු (වරියන්) :yes: