ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්නම් ඕනෙ

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්නම් ඕනෙ. නැත්නම් අනාගතයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල නමට පමණක් තියෙයි. නවක වදය, පෞද්ගලික විශ්වවිද්‍යාල දියුණුව, රටෙහි දියුණුව ආදිය නිසා හැමෝම යන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට.දැනටත් යම් ප්‍රමාණයකට මෙය සිදු වෙනවා.වැඩිම උනොත් අවුරුදු 15ක් යයි සම්පූර්ණයෙන්ම සිදු වෙන්න.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්නම් ඕනෙ. නැත්නම් අනාගතයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල නමට පමණක් තියෙයි. නවක වදය, පෞද්ගලික විශ්වවිද්‍යාල දියුණුව, රටෙහි දියුණුව ආදිය නිසා හැමෝම යන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට.දැනටත් යම් ප්‍රමාණයකට මෙය සිදු වෙනවා.වැඩිම උනොත් අවුරුදු 15ක් යයි සම්පූර්ණයෙන්ම සිදු වෙන්න.

    පිස්සුද හුට්ටො :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Honda.putha

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්නම් ඕනෙ. නැත්නම් අනාගතයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල නමට පමණක් තියෙයි. නවක වදය, පෞද්ගලික විශ්වවිද්‍යාල දියුණුව, රටෙහි දියුණුව ආදිය නිසා හැමෝම යන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට.දැනටත් යම් ප්‍රමාණයකට මෙය සිදු වෙනවා.වැඩිම උනොත් අවුරුදු 15ක් යයි සම්පූර්ණයෙන්ම සිදු වෙන්න.
    ඇත්ත කියපන් උබ ගොටා Colombo medicine select උන් KDU යනවා කියපු එක serious ගත්තා නේද ?:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: නැත්තං මේක sarcasm post එකක්ද ? ;-)
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    Sy
    ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්නම් ඕනෙ. නැත්නම් අනාගතයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල නමට පමණක් තියෙයි. නවක වදය, පෞද්ගලික විශ්වවිද්‍යාල දියුණුව, රටෙහි දියුණුව ආදිය නිසා හැමෝම යන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට.දැනටත් යම් ප්‍රමාණයකට මෙය සිදු වෙනවා.වැඩිම උනොත් අවුරුදු 15ක් යයි සම්පූර්ණයෙන්ම සිදු වෙන්න.
    Government campus එකක course එකක syllabus එකයි, private campus එකක ඒ course එකේම syllabus එකයි අරන් compare කරල බලපන් පුතේ 😂.

    අධ්‍යාපනය business කාරයො අතට යන්න හොද නෑ. උන්ගෙ ප්‍රධාන අරමුණ ලමයිට උගන්නන එක නෙමෙයි ලාබ ලබන එක.
    එතකොට ලමයි drop වෙන එක නවත්තන්න syllabus එක බාගෙට හදනව. ඊටපස්සෙ බල බලන එකාට class තිය්නව. හැබැයි උන් අවුරුදු 4ක් ඉගෙන ගන්න ටික government campus වල අවුරුදු 2න් උගන්න්නව.

    අන්තිමට සල්ලිත් දීල බාගෙට ඉගෙනගෙන මේ වගේ ගොන් threads දදා තමයි ඉන්න වෙන්නෙ. මගෙ fb friend ලිස්ට් එකෙත් මේ වගේ උන් ඉන්නව. හරි ආතල් උන් share කරන post 😂
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,187
    113
    නෑ එච්චර නම් අවශ්‍ය නෑ.

    ඇරත් ඉන්ජිනියරින් මෙඩිසින් ලෝ වගේ lucrative ක්ෂේත්‍ර විතරයි පෞද්ගලිකකරණය වුනත් වෙන්නෙ. භෞතික විද්‍යාව, ගණිතය, අණුක ජීව විද්‍යාව, දර්ශනය, ආර්ථික විද්‍යාව වගේ core science හෝ මානව ශාස්ත්‍රීය විෂයයන් ටික අදින්න කෙනෙක් ඕන. ඒකනෙ අපි රජයක් පත්කර ගන්නෙ.
     
    Last edited:

    Mama pudgalika wishwa widyala sankalpayata ekagai (government university thwa entrance wadi krna gamn) quality eka hriyata maintain krnawanm UGC eka madihath wela. But me kathawa aththa. Government engineering fac ekaka batch ekakata thiyana First class ganai KDU eke batch ekaka thiyana First class ganai lamai gane percentage ekak widiyata aran balannnko ;-) KDU eke first class gatta un mn aduranawa melo wadak bari.
     
    • Like
    Reactions: MINT_51 and shenat

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    නෑ එච්චර නම් අවශ්‍ය නෑ.

    ඇරත් ඉන්ජිනියරින් මෙඩිසින් ලෝ වගේ lucrative ක්ෂේත්‍ර විතරයි පෞද්ගලිකකරණය වුනත් වෙන්නෙ. භෞතික විද්‍යාව, ගණිතය, අණුක ජීව විද්‍යාව, දර්ශනය, ආර්ථික විද්‍යාව වගේ core science හෝ මානව ශාස්ත්‍රීය විෂයයන් ටික අදින්න කෙනෙක් ඕන. ඒකනෙ අපි රජයක් පත්කර ගන්නෙ.
    රජයෙ අය අදිනව මඟුලක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    Mama pudgalika wishwa widyala sankalpayata ekagai (government university thwa entrance wadi krna gamn) quality eka hriyata maintain krnawanm UGC eka madihath wela. But me kathawa aththa. Government engineering fac ekaka batch ekakata thiyana First class ganai KDU eke batch ekaka thiyana First class ganai lamai gane percentage ekak widiyata aran balannnko ;-) KDU eke first class gatta un mn aduranawa melo wadak bari.

    Same with SAITM medicine.
    I heard there were a hell lot of 1st class holders.. 🤣🤣🤣
     
    • Haha
    Reactions: Kamal1996

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,187
    113
    රජයෙ අය අදිනව මඟුලක්
    මන් කිව්වෙ අයිඩියලි. සෛද්ධාන්තික ඇකඩමික් දේවල් සම්බන්දයෙන් ප්‍රයිවට් ස්කීම් වලට උනන්දුවක් නෑ උනන්දුවක් වෙන්න ඕනෙත් නෑ.

    තියරටිකල් දේවල් අතින් අපේ විශ්වවිද්‍යාල ඉන්න තැන ගැන අසතුටුයි. ඒක වෙනම විසඳන්න ඕන ප්‍රශ්නයක්. ඒත් එක යායට ඉන්ජිනේරුවොයි ඩොක්කුයි හදන එකෙන් රටකට සතපහක වැඩක් නෑ. අධ්‍යාපනය රටේ දියුණුවට පාවිච්චි කරන්න ඔය පාරෙන් ගිහින් නම් බෑ.
     
    Last edited:
    • Like
    Reactions: shenat

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය මුකුත් ඕන නෑ කැම්පස් අස්සෙ තියෙන පොලිටික්ස් & නවක වද සීන් ඔක්කොම අයින් කරල දාන්න පුලුවන් නම් ඒ හොඳටම ඇති.
     
    • Like
    Reactions: Didy

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Sy

    Government campus එකක course එකක syllabus එකයි, private campus එකක ඒ course එකේම syllabus එකයි අරන් compare කරල බලපන් පුතේ 😂.

    අධ්‍යාපනය business කාරයො අතට යන්න හොද නෑ. උන්ගෙ ප්‍රධාන අරමුණ ලමයිට උගන්නන එක නෙමෙයි ලාබ ලබන එක.
    එතකොට ලමයි drop වෙන එක නවත්තන්න syllabus එක බාගෙට හදනව. ඊටපස්සෙ බල බලන එකාට class තිය්නව. හැබැයි උන් අවුරුදු 4ක් ඉගෙන ගන්න ටික government campus වල අවුරුදු 2න් උගන්න්නව.

    අන්තිමට සල්ලිත් දීල බාගෙට ඉගෙනගෙන මේ වගේ ගොන් threads දදා තමයි ඉන්න වෙන්නෙ. මගෙ fb friend ලිස්ට් එකෙත් මේ වගේ උන් ඉන්නව. හරි ආතල් උන් share කරන post 😂
    ඊටපස්සෙ අපි සල්ලි දීලා ඉගෙන ගත්තෙ රටේ සල්ලි වලින් නෙමෙයි කියලා ටෝක් දෙන්නත් එනවා. වැඩක් කරගන්න ගියාම දන්න මඟුලක් නෑ. හැබැයි සමහර එවුන් කටින් බොරු කියලා කඩ්ඩ වනලා බේරෙන්න පුලුවන්.
    අනික් පැත්තට රාජ්‍ය ඒවට ගිය වුන්ගේ සන්නිවේදන හැකියාව, පෞර්ෂය එහෙම නම් මදි. උන්ට වැඩ පුලුවන් උනත් සමහර වෙලේට ඉස්සරහට යන්න බෑ ඒ හින්දා.

    ඔය ඔක්කොම හැමෝටම අදාළත් නෑ. ප්‍රයිවට් ගිය වැඩකාරයෝ වගේම හොඳට කඩ්ඩ පුලුවන් එවුනුත් ඉන්නවා රජයේ එව්වල.

    මට නම් හිතෙන විදිහට
    1. බැච් එකක යම් ප්‍රතිශතයක් Z score බලලා සල්ලි දීලා යන්න පුලුවන් වෙන්න ඕනෙ. හිතමුකො 25%ක් කියලා. එක්කෝ ඒ සල්ලි දීලා ආවේ කවුද කියලා දැනගන්න බැරිවෙන්න මැනේග් කරන්න ඕනෙ.
    2. රාජ්‍ය එව්වල අප්ඩේට් වෙච්ච නැති ලෙක්චර්ලා ඉන්නවා ඒගොල්ලන්ව අප්ඩේට් කරවන්න ඕනෙ.
    3. ලංකාවෙත් IELTS වගේ එකක් තියලා ගන්න ඕනෙ. රජයේ කැම්පස් ඇතුලේ ඉංග්‍රීසි උගන්වනවා කියලා වෙන්නෙම බොරුව. Spoken exam එකක් නොතියෙන කල්ම ඉංග්‍රීසි හැදෙන්නෙ නෑ. මේක ඉස්කෝලෙටත් අදාළයි. ඒත් ගුරුවරු බහුතරේකටත් බෑ.

    Same with SAITM medicine.
    I heard there were a hell lot of 1st class holders.. 🤣🤣🤣
    මම නම් කියන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල ඕනෙ. ඒත් ඔහොම කොලිටියක් නෑ වගේ තත්වයක් තියෙනවානම් දෙකටම එකම සිලබස් එක කරන්න දෙන්න ඕනෙ. ඊටපස්සෙ එකම එක්සෑම් එකක් තියෙන්න ඕනෙ. ප්‍රායෝගිකව ඕක කරන්න අමාරුයි.

    එහෙනම් තියෙන්නෙ යම් ප්‍රතිශතයකට සල්ලි දීලා එකම කෝර්ස් එක කරන්න දෙන එක.
    ------ Post added on Jul 19, 2021 at 4:54 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මුකුත් ඕන නෑ කැම්පස් අස්සෙ තියෙන පොලිටික්ස් & නවක වද සීන් ඔක්කොම අයින් කරල දාන්න පුලුවන් නම් ඒ හොඳටම ඇති.

    නවක වදය දෙන උන් හිතන් ඉන්නවා ඒක ඉතාම වැදගත් ජීවිතයට කියලා. ඒ උනාට ඒක යටින් තියෙන්නෙ දේශපාලනේට ළමයි අද්දවා ගන්න කෙරෙන එක දෙයක් විදිහට මට පේන්නෙ.

    ඒ වගේම නවක වදෙයි, උද්ඝෝෂණ කිරීමේ අයිතියයි නැවැත්තුවම අධ්‍යාපනෙයි, රටෙයි මෙච්චර කල් තිබුණ ලොකුම අඩුපාඩුව හැදිලා, universities වලින් නව නිර්මාණ හැදිලා, රට සුඛිත මුදිත වෙනවා කියල තව කට්ටියක් හිතාගෙන ඉන්නවා.

    එකම කාසියේ දෙපැත්ත තමයි ඒ. 🤣🤣🤣🤣

    ඊටපස්සෙ අපි සල්ලි දීලා ඉගෙන ගත්තෙ රටේ සල්ලි වලින් නෙමෙයි කියලා ටෝක් දෙන්නත් එනවා. වැඩක් කරගන්න ගියාම දන්න මඟුලක් නෑ. හැබැයි සමහර එවුන් කටින් බොරු කියලා කඩ්ඩ වනලා බේරෙන්න පුලුවන්.
    අනික් පැත්තට රාජ්‍ය ඒවට ගිය වුන්ගේ සන්නිවේදන හැකියාව, පෞර්ෂය එහෙම නම් මදි. උන්ට වැඩ පුලුවන් උනත් සමහර වෙලේට ඉස්සරහට යන්න බෑ ඒ හින්දා.

    ඔය ඔක්කොම හැමෝටම අදාළත් නෑ. ප්‍රයිවට් ගිය වැඩකාරයෝ වගේම හොඳට කඩ්ඩ පුලුවන් එවුනුත් ඉන්නවා රජයේ එව්වල.

    මට නම් හිතෙන විදිහට
    1. බැච් එකක යම් ප්‍රතිශතයක් Z score බලලා සල්ලි දීලා යන්න පුලුවන් වෙන්න ඕනෙ. හිතමුකො 25%ක් කියලා. එක්කෝ ඒ සල්ලි දීලා ආවේ කවුද කියලා දැනගන්න බැරිවෙන්න මැනේග් කරන්න ඕනෙ.
    2. රාජ්‍ය එව්වල අප්ඩේට් වෙච්ච නැති ලෙක්චර්ලා ඉන්නවා ඒගොල්ලන්ව අප්ඩේට් කරවන්න ඕනෙ.
    3. ලංකාවෙත් IELTS වගේ එකක් තියලා ගන්න ඕනෙ. රජයේ කැම්පස් ඇතුලේ ඉංග්‍රීසි උගන්වනවා කියලා වෙන්නෙම බොරුව. Spoken exam එකක් නොතියෙන කල්ම ඉංග්‍රීසි හැදෙන්නෙ නෑ. මේක ඉස්කෝලෙටත් අදාළයි. ඒත් ගුරුවරු බහුතරේකටත් බෑ.

    ඔව්.

    මම නම් කියන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල ඕනෙ. ඒත් ඔහොම කොලිටියක් නෑ වගේ තත්වයක් තියෙනවානම් දෙකටම එකම සිලබස් එක කරන්න දෙන්න ඕනෙ. ඊටපස්සෙ එකම එක්සෑම් එකක් තියෙන්න ඕනෙ. ප්‍රායෝගිකව ඕක කරන්න අමාරුයි.

    එහෙනම් තියෙන්නෙ යම් ප්‍රතිශතයකට සල්ලි දීලා එකම කෝර්ස් එක කරන්න දෙන එක.
    ------ Post added on Jul 19, 2021 at 4:54 AM

    ඉතින් බන් ඕක තමයි අත කැඩෙනකන් ලියන්නෙ, කට කැඩෙනකන් කියන්නෙ. ඒව කරන්නෙ නැතුව අපි ප්‍රයිවට් ඒවට විරුද්ධ වෙනවෝ ගාගෙන බයිල ගහනවා. එහෙම කරනවට උන් කැමති උනේ නෑ දන්න විදියට.

    ඇත්තම කතාව ඒ වගේ කරොත් ඔතන ඉන්න බහුතරයකට පාස් වෙන්න අමාරු වෙයි.
    ------ Post added on Jul 19, 2021 at 5:08 AM
     
    Last edited:

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මන් කිව්වෙ අයිඩියලි. සෛද්ධාන්තික ඇකඩමික් දේවල් සම්බන්දයෙන් ප්‍රයිවට් ස්කීම් වලට උනන්දුවක් නෑ උනන්දුවක් වෙන්න ඕනෙත් නෑ.

    තියරටිකල් දේවල් අතින් අපේ විශ්වවිද්‍යාල ඉන්න තැන ගැන අසතුටුයි. ඒක වෙනම විසඳන්න ඕන ප්‍රශ්නයක්. ඒත් එක යායට ඉන්ජිනේරුවොයි ඩොක්කුයි හදන එකෙන් රටකට සතපහක වැඩක් නෑ. අධ්‍යාපනය රටේ දියුණුවට පාවිච්චි කරන්න ඔය පාරෙන් ගිහින් නම් බෑ.
    ඔය කියන ලංකාවේ විශ්වවිද්‍යාල වල තියෙන අවුලට කරන්න ඕන මොකද්ද?
    ලංකාවෙ අධ්‍යාපනය කියන එක අද වෙනකොට පන්ති පඩිපෙල නඟින්න තියෙන ඉනිමඟක් කියන අර්තයට විතරක් සීමා වෙලා.
    අධ්‍යාපනයේ primary focus එක වෙන්න ඕන සමාජයේ පහල පන්ති වල ඉන්න අයට ඉහල පන්ති වලට යන්න
    මාර්ගය හඳන එක කියන මතය තියෙන කම් ඔයා කියන සෛද්ධාන්තික සුරංගනාලෝක මේක ඇතුලෙ බිහි වෙන්නෙ නෑ.
    මේක ඇතුලෙ බිහි වෙන මිනිස්සුන්ගේ ආචාර ධර්මික ආකල්පමය පැති ගැන අපි කතා නොකර ඉමු
    ඒතරම් අප්පිරියයි:sick:
     
    • Haha
    Reactions: shenat