වාර්ගික අර්බුධය සහ විශ්ව විද්‍යාල ප්‍රවේශ ප්‍රතිපත්ති

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    1,143
    2,072
    113
    1970 දශකයේ දී ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ලද විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන ප්‍රමිතිකරණ ප්‍රතිපත්ති පිළිබඳ සටහනකි. මෙය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රවේශය සහ ජනවාර්ගික ගැටුම පිළිබඳ වඩාත් පුළුල් ලෙස වර්තමාන සාකච්ඡා කිරීමේදී මඟ නොහැරිය හැකි සංසිද්ධි කීපයෙන් එකක් ලෙස සැලකිය හැකි නිසා තරමක් දීර්ඝව ලියැවුන බව සලකන්න.



    කොටස i: සංදර්භය සහ පසුබිම් විස්තර

    නිදහසින් පසු කාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනස්කම් සිදුවූ සමයකි. 1956 සිංහල පමණක් පනත (Sinhala Only Act) හඳුන්වා දීම සහ 1958 දෙමළ භාෂා (විශේෂ ප්‍රතිපාදන) පනත යටතෙ ද්විතීයික පාසල්වල ඉගැන්වීමේ භාෂා මාධ්‍යය ඉංග්‍රීසියෙ සිට සිංහල සහ දෙමළ දක්වා වෙනස් කිරීම යන කාරණා ප්‍රධාන වශයෙන් මේ යටතේ ගැනේ.

    මෙම රාජ්‍ය ප්‍රතිපත්තීන් පාසැල් ඇතුලත් වීම් (enrollments) දළ වශයෙන් තුන්ගුණයක් දක්වා ඉහළ නැංවීය. ඒ ඉංග්‍රීසි කතානොකරන, ප්‍රභූ නොවන පසුබිම්වල සිංහල සහ දෙමළ සිසුන් විශාල පිරිසකට දැන් ඔවුන්ගේ පළමු භාෂාවෙන් ද්විතීයික පාසල්වල අධ්‍යාපනය ලැබිය හැකි බැවිනි.

    නමුත් මෙය විශ්ව විද්‍යාල ඇතුලත්වීම් (university entrance) සම්බන්ධයෙන් විශාල ගැටළු ඇති කිරීමට සමත් විය. විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් සපුරන සිසුන් සංඛ්‍යාව 1960 දී 5,200 අගයක සිට 1969/70 දී 30,400 දක්වා ලෙසින් හය ගුණයකින් වැඩිවිය. නමුත් ලබාදිය හැකි ස්ථාන (placements) වැඩිවී තිබුනේ 1960 දී තිබූ 1,800 සිට 1969/70 දී 3,450 දක්වා දෙගුණයකින් පමණි. පළමු වතාවට ලාංකික රජයක් උසස් අධ්‍යාපන අතිරික්තයකට මුහුණ පෑහ.

    නමුත් ගැටලුව එතනින් අවසන් නොවුනි. පෙර කී විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් වැඩිවීම බොහෝ දුරට කලා පීඨ සඳහා වන සිසුන්ගෙන් දක්නට ලැබුණු අතර එමඟින් 1960 දශකය තුළ රැකියා විරහිත කලා උපාධිධාරීන්ගේ සංඛ්‍යාව වැඩි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස තාක්ෂණික අධ්‍යාපනය පදනම් කරගත් විද්‍යා පීඨ (ඉංජිනේරු, වෛද්‍ය, භෞතික විද්‍යා, උසස් ගණිත ආදිය) සඳහා ඇතුළත් වීමේ තරගයද වැඩි විය.

    මෙහිදී විද්‍යා අධ්‍යාපනය සම්බන්ධයෙන් එවිට ලංකාවෙ පැවති තත්ත්වය පිලිබඳ කාරණා කීපයක් වටහා ගත යුතුයි. පළමුවැන්න බොහෝ පාසැල් හි 12 වන ශ්‍රේණිය දක්වා විද්‍යාව උගෙනීමට අවැසි පහසුකම් නොතිබූ අතර එසේ කළහැකි පාසල් සංකේන්ද්‍රණයවී තිබුනෙ උතුරු සහ බස්නාහිර පළාත් වලයි. ඊට අමතරව විද්‍යා විෂයයන් සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රජාවෙන් 50% පමණම නියෝජනය වූයේ උතුරේ දෙමළ ජාතිකයන් සහ පහතරට සිංහලයන් වෙසෙන පළාත්වලිනි. නිදසුනක් ලෙස 1969 දී විද්‍යාව පදනම්කරගත් පීඨ සඳහා ඇතුළත් කර ගැනීමේදී උතුරේ දෙමළ සහ සමහර පහතරට සිංහල ප්‍රජාවන් පොදුවෙ 50% කට වඩා වි.වි. ස්ථාන (placements) ලබාගැනීමට සුදුසුකම් දක්වා තිබුනි.

    1970 දී විද්‍යාව පදනම් කරගත් පාඨමාලා සඳහා වූ වාර්ගික නියෝජනය මෙසේය: ප්‍රවේශය ලැබූ සිසුන්ගෙන් 39.8% ප්‍රතිශතයක්උතුරු + උඩරට දෙමළ ජනයාගෙන් නියෝජනය වූ අතර ඒ හා සසඳන විට පහතරට + උඩරට සිංහලයන් 57.7% කින් නියෝජනයවිය (එවිට රටේ ජනගහනය 18% ක් දෙමළ සහ 72% ක් සිංහල ලෙස සමන්විත වූ බව සැළකිය යුතුය). පහත වඩා විස්තරාත්මක වගුවක් දැක්වේ.

    5BC8EAC7-0E76-48F7-9B16-23EB24E56AF2.jpeg



    තවද 1969 වන විට විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසි සිට සිංහල සහ දමිළ ලෙස වෙනස් වී තිබුනි. සියලුම විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග සඳහා දැන් උත්තර පත් දෙවර්ගයක් පරීක්ෂක වරු දෙවර්ගයක් (සිංහල සහ දෙමළ ලෙස) යටතේ ලකුණුදීම ඇරඹුනි. ඉංග්‍රීසි විභාග යටතේ නොඇසුනු විභාග වංචා සහ අනිසි අනුග්‍රහයන් (favoritisms) පිළිබඳ පැමිණිලි සිංහල දෙමළ දෙපාර්ශවයෙන්ම එකිනෙකාට එල්ල වන්නට විය. මේ චෝදනා බොහෝමයක්ම සාවද්‍ය බව නොරහසක් වුවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් නොරිස්සීම් සිංහල-දෙමළ දෙපාර්ශවය අතර ඇතිවීම පටන් ගෙන අවසන්ය.




    කොටස ii: අධ්‍යාපනික ප්‍රතිපත්ති සහ දේශපාලනික මැදිහත් වීම්


    පෙර කී අර්බුද සියල්ල 1970 දී තේරී පත් වූ එක්සත් පෙරමුණ රජය විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දීමටවේදිකාව සකසනු ලැබීය. එම රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති යෝජනා ක්‍රමවේද (scheme) හතරකින් ක්‍රියාත්මක විය. මෙතැන් සිට එම ක්‍රමවේදයන් විස්තර කරමු:



    ක්‍රමවේදය 1: අවම ලකුණු අනුකූලනය - Minimum Mark Adjustment

    දමිළ විභාගකරුවන් ඉංජිනේරු පීඨ වලට ඇතුළත් වීම 60% ක් තරම් වූ නිසා අත්දැකීම් මත පදනම්ව රජය කලාව හැර අනෙකුත් සියලුම පාඨමාල සඳහා සිංහල භාශා අපේක්ෂකයින් වෙනුවෙන් අඩු අවම-ලකුණු ප්‍රමාණයක් සහ දෙමළ අපේක්ෂකයන් වෙනුවෙන් වැඩි අවම-ලකුණු ප්‍රමාණයක් නිර්මිත කෙරුනි. පහත සටහන බලන්න.


    47757D1B-3860-4E4B-9F6A-A5243C0C947A.jpeg



    මෙම කෘත්‍රිම ලකුණු පැනවීමෙන් විද්‍යා පාඨමාලා සඳහා ඇතුළත් වන සිංහල සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ ඉලක්කය යම් දුරකට සපුරා ගැනුනි. 1970 සිට 1971 දක්වා විද්‍යා පාඨමාල වල සිංහල ප්‍රතිශතය 60.6% සිට 63.6% දක්වා ඉහළ ගිය අතර දෙමළ ප්‍රතිශතය 35.3% සිට 33.6% දක්වා අඩුවීමකි. සංශෝදනයෙන් පසු පාඨමාලා සඳහා සුදුසුකම් සැපිරූ සිසුන්ගෙ දත්ත වාර්ගික පදනමින් පහත වගු දෙකෙහි දක්වා ඇත.


    C7001595-66A9-449E-920E-F7243CD7FAE3.jpeg



    82E59401-3A33-48D9-9A11-312D0A897DC4.jpeg




    නමුත් මෙම ප්‍රතිසංස්කරණය රජය තුළත් ඉන් පිටතත් සිටි සමහර සිංහල ජාතිකවාදීන් තෘප්තිමත් කිරීමට සමත් වූයේ නැත. ඔවුන්ගේ නව මැසිවිල්ල වූයේ නාගරික සිසුන්ට මෙන් නොව ග්‍රාමීය ප්‍රදේශවල සිංහල සිසුන්ට විද්‍යා පාඨමාල සඳහා ඇතුළුවීමේදී අසාධාරණකම් තවමත් තිබෙන බැවින් ඔවුන්ගේ නියෝජනය තවත් වැඩි විය යුතු බවයි.




    ක්‍රමවේදය 2: මාධ්‍ය අනුව ප්‍රමිතිකරණය -Medium wise Standardization

    1973 දී රජය සියලු මාධ්‍යයන්හි ලකුණු ඒකාකාර පරිමාණයකට අඩු කළ අතර (reconciling to uniform scale) එමඟින් එක් එක් මාධ්‍යයෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්ගේ අවසාන සංඛ්‍යාව එම මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාවට සමානුපාතික වන ලෙස සකස්වුනි.

    මේ සඳහා වන සාධාරණීකරණය (rationale) වූයේ ‘විද්‍යාව සඳහා දෙමළ අපේක්ෂකයින්ගේ (සහ කලාව සඳහා සිංහල අපේක්ෂකයින්ගේ) අධික සුදුසුකම් (over-achievements) කාර්ය සාධනයට හේතු වී ඇත්තේ ඒ ඒ ප්‍රජාවන්ගෙ අදාළ විෂයය සඳහා වන ඉගැන්වීමේ ගුණාත්මකභාවය (teaching quality) හි වෙනස් බවය, එබැවින් ලකුණු ‘ප්‍රමිතිකරණය’ කිරීම මාධ්‍ය දෙක අතරඅසමතුලිතතාවයන් නිවැරදි කරනු ඇතිය’ යන්නය.

    මෙම ක්‍රමවේදය වාර්ගික ප්‍රතිශතයන් හි වඩා උග්‍ර වෙනස්කම් ඇති කලේය. 1972 සිට 1973 දක්වා, ඉංජිනේරු ඇතුළත් වීම් වල සිංහල ප්‍රතිශතය 62.4% සිට 73.1% කින් ඉහළ ගිය අතර දෙමළ ප්‍රතිශතය 34.7% සිට 24.4% පහත වැටුණි. ඒ මුලු දෙමළ සිසුන් ගණනක් ලෙස 360 සිට 347 දක්වා අඩුවීමකි. මේ කාලය තුල වි.වි. පද්ධතියට සිසුන් ඇතුළත් කරගන්නා ධාරිතාවය (placements) 1069 සිට 1177 දක්වා වැඩි වී තිබූබවද සැළකිය යුතුයි. පහත වගු බලන්න.


    1F8A6F1A-CCD6-4FC6-A77E-8654008C93A6.jpeg



    A7BA3FA4-6A07-4716-8BF9-1E64A2688CF4.jpeg




    නමුත් තවමත් සෑහීමකට පත් නොවූවන් හිඟ නොවීය. අවම ලකුණු (cut-off marks) අඩු කල පසුවත් ජනගහනයෙන් 47% ක්නියෝජනය කල උඩරට සිංහලයන් 1973 දී විද්‍යා පාඨමාලා සඳා වන ඇතුළත් කිරීම්වලින් අයත් කර ගත්තේ 19% ක් පමණි. මුවර්ස් / මැලේජාතිකයන් ද විශ්වවිද්‍යාලවල ප්‍රවේශයන්හිදී සාපේක්ෂව දුර්වලතා පෙන්වූ බව නිරීක්ෂණය කල හැක.




    ක්‍රමවේදය 3: ප්‍රමිතිකරණය + දිස්ත්‍රික් කෝටා - Standardization + District Quota

    භූගෝලීය පදනමින් තිබූ විෂමතාවන් විසඳීම සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින් විසින් සැපිරිය යුතු 1974 දී රජය විසින් එක් එක්දිස්ත්‍රික්කය සඳහා ජනගහනය අනුව නිශ්චිත ස්ථාන (placement) ප්‍රමාණයක් නියම කරන ලදී. තවද ඉතිරිව ඇති ඕනෑම ස්ථානයක් සමානුපාතිකව අනෙකුත් දිස්ත්‍රික්ක අතර බෙදා හරින ලදි.

    මෙම ප්‍රමිතිකරණය + දිස්ත්‍රික් කෝටා ක්‍රමය යාපනය දිස්ත්‍රික්කයේ සංකේන්ද්‍රණය වී සිටි ශ්‍රී ලංකා දෙමළ ජනයාට විශාල ලෙස බලපෑය. ඔවුන්ට එවසර හිමිව තිබුනේ සමස්තයක් ලෙස 5.54% ක පමණ තරමේ ස්වල්ප ස්ථාන කෝටාවක් පමණි. 1970 සිට1974 දක්වා කාලය තුල ඉංජිනේරු විද්‍යාව සඳහා දෙමළ ප්‍රවේශය 48.3% සිට 16.3% ටත්, වෛද්‍ය විද්‍යාවට 48% සිට 26.2% ත්, සමස්තයක් ලෙස විද්‍යා ධාරාවට 35.5% සිට 20.9% ටත් පහත වැටී තිබුනි.


    D28F6384-B3D4-4B3F-B643-5F0D77FAB325.jpeg



    C429947B-796D-4277-948B-A49457C20F96.jpeg



    මේ වන විට, පෙර කී වාර්ගික සීමාකිරීම් ක්‍රමවේදයන්ට දෙමළ සමාජයේ අප්‍රසාදය පුළුල් වෙමින් පැවතින. දිස්ත්‍රික් කෝටාව තීරණය කරනු ලැබුවේ උපත ලැබූ ස්ථානය මත මිස පදිංචිය මත නොවන නිසා, අඩු කාර්ය සාධනයක් ඇති සිසුන් සමහර විට එම පාසැලේම වැඩි දක්ෂකම් පෙන්වන සිසුන් පරයා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ අවස්ථාද ඇතිවෙමින් තිබුනි.

    මෙම ගැටලු විමසීම සඳහා පත්කල පාර්ලිමේන්තු ආංශික කමිටුවක් (sectoral committee) විසින්

    අ) භාෂාව අනුව ප්‍රමිතිකරණයඅවසන් කිරීම සහ
    ආ) ලකුණු නැවත සැලකිල්ලට ගැනීම සඳහා දිස්ත්‍රික් කෝටා ක්‍රමය වෙනස් කිරීම

    නිර්දේශ කරන ලදී. ඒවායින්දෙවැන්න පමණක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන ලදී.




    ක්‍රමවේදය 4: ප්‍රමිතිකරණය + වෙනස් කළ දිස්ත්‍රික් කෝටා ක්‍රමය - Standardization + Modified District Quota

    1976 සංශෝධිත යෝජනා ක්‍රමය යටතේ වි.වි ඇතුළත් කිරීම්වලින් 70% ක් ‘අමු ලකුණු’ (raw marks) මත සහ 30% දිස්ත්‍රික් පදනම මත වන ලෙස සකස් වන වන ලදී. දෙවනියට සඳහන් කල 30% න් 15% වෙන් කර ඇත්තේ ‘අධ්‍යාපනික වශයෙන් පසුගාමී ප්‍රදේශ’ සඳහා ය.

    මෙකී නව යෝජනා ක්‍රමය දෙමළ ජාතිකයින්ට මුලින් සිදුවූ අවාසි තරමක් දුරට නිවැරදි කල අතර ඔවුන්ගේ 1975 සිට 1976 දක්වා විද්‍යා ඇතුළත් කිරීම් 35% කින් ද සමස්ත විශ්වවිද්‍යාල ප්‍රවේශය 25% දක්වා ද ඉහළ ගියහ. එනමුදු මෙය 1970 ට පෙර තිබූ මුල් මට්ටමට වඩා තවමත් අඩුය. කෙසේ වෙතත් මෙම සංශෝදනය දෙමළ දෙමාපියන් සහ දෙමළ ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් හෝ සිංහල ජාතිකවාදීන් තෘප්තිමත් කළේ නැත.

    ඉනික්බිතිව 1977 දී තේරී පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් මෙම ප්‍රමිතිකරණය අහෝසි කළ නමුත්, ප්‍රමිතිකරණය ඉවත්කිරීමෙන් සිදුවන වෙනස පූර්ණය කිරීම සඳහා ස්ථාපනය කල සංකීර්ණ සූත්‍ර මාලාවක් හරහා පෙර කෝටා ක්‍රමයට බොහෝ සමාන ක්‍රමයක් 1978-1981 දක්වා කාලය තුල රඳවා ගන්නා ලදී. පෙර කී "වෙනස පූර්ණය" කිරීම යන්නෙන් අදහස් වන්නේ ‘අඩුවරප්‍රසාදිත’ දිස්ත්‍රික්ක සඳහා වාසිදායක තත්ත්වයක් තවදුරටත් පවත්වාගැනීමයි.

    නමුත් ඒ මට්ටමින් හෝ ගැටලුව නිරාකරණය වනවිට හානිය සිදුවී අවසන්ය. අදාළ කාලය තුල ද්‍රවිඩ තරුණ පරපුරේ විශාලප්‍රමාණයකට විශ්ව විද්‍යාලයට පිවිසීමට තම දක්ශතා මත හිමිවීමට තිබූ (merit based) සාධාරණ අවස්ථා අහිමි විය. ඊට අමතරව සිංහල පමණක් පනත (Sinhala Only Act) යටතේ මේ වන විටත් දෙමළ ජනතාවට ලබා ගත හැකි රාජ්‍ය සේවයෙහි රැකියා ප්‍රමාණය අඩු කර තිබීම නිසා දෙමළ ප්‍රජාවේ සිත් රිදීම් වඩා නරක අතට හැරුනි. පසුව එලැඹෙන ව්‍යාකූල වාර්ගික අර්බුධ සමයට පෙර කී අධ්‍යාපනය සම්බන්දව වූ විවාදාත්මක රාජ්‍ය තීරණයන් මඟින් පසුබිම සැකසීම ආරම්භ වී තිබින.


    ඉතුරු කොටස සඳහා පහත පෝස්ටුව බලන්න...
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,143
    2,072
    113
    කොටස iii: පසු සටහන සහ සමාලෝචනය


    1970 දශකයේ වර්ධනය වන්නට පටන් ගත් දෙමළ ජාතිකවාදී දේශපාලන බලමුලු ගැන්වීම සහ තම ඉල්ලීම් දිගින් දිගටම නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස තරුණයන් අතර දළු ලෑ සටන්කාමී මානසිකත්වය (militancy) යන ප්‍රවණතා දැඩි ලෙස හිස ඔසැවූයේ පෙර කී ප්‍රමිතිකරණය හා බැඳුන පරිසරය වටාය. දෙමළ සමාජයෙහි අධ්‍යාපනයට දී තිබූ ප්‍රමුඛතාවය නිසා එය ගැටුම් උත්ප්‍රේරණය වීමට ප්‍රධාන හේතුවක් විය.

    එළඹෙන 1980 දශකයේ දී සිවිල් යුද්ධයේ ආරම්භය, දෙවන ජේවීපී කැරැල්ල, යෝජිත විවෘත ආර්ථිකය සහ කලු ජූලියෙන් විපිළිසරවූ දමිළ මධ්‍යම පාන්තික විද්‍යාර්ථීන් ‍රට අතැර යෑම යන සියල්ලම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඛාදනය කරවනු ඇත. ශ්‍රී ලංකාව තවමත් එහි ප්‍රතිඵල විඳිමින් සිටී.

    අවසාන වශයෙන්, ප්‍රමිතිකරණය සිද්ධි-අධ්‍යනයක් ලෙස සැළකූ විට එය පෙන්නුම් කරන්නේ එකල රාජ්‍යයෙහි:

    අ) ප්‍රතිපත්ති සකස් කරවන ක්ෂේත්‍රයන් සිංහල අන්තවාදය විසින් මෙහෙයවනු ලැබීමට

    ආ) එම දෘෂ්ඨිවාදයට නතුවීමෙන් පසු පාර්ශ්වික (partial) සහ ඉක්මන් තීරණ ගැනීමට; දීර්ඝකාලීනව අදාළ ව්‍යුහාත්මක ගැටලුවර්ධනය වී රටේ අධ්‍යාපනය, ආර්ථික සහ සමස්ත මහජන සතුට (overall happiness) යනාදියට අහිතකර ප්‍රතිඵල ගෙනදීමට; බහුවාර්ගික සමාජය ධ්‍රැවීකරණය වීම එහි අවසාන තාර්කික අන්තය (i.e. වාර්ගික අර්බුධ සහ සිවිල් සටන්කාමය) වෙතගෙනයාමට

    තිබූ ප්‍රවණතාවය සහ ශක්‍යතාවයයි.


    මූලාශ්‍ර:

    Chandra de Silva, ‘The Impact of Nationalism on Education: The Schools Take-over (1961) and the University Admissions Crisis, 1970-1975', Collective Identities, Nationalisms and Protest in Modern Sri Lanka, Marga Institute.

    C Manogaran, 'Ethnic Conflict and Reconciliation in Sri Lanka', University of Hawaii Press.

    Nira Wickramasinghe, 'Democracy and Entitlements in Sri Lanka: The 1970s crisis over university admission', South Asian History and Culture, 3(1), pp. 81–96.

    තොරතුරු ලබාදීම වෙනුවෙන් Pasan Geeganage ට ස්තූතිය.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    250
    861
    93
    දෙමළ ප්‍රජාව ඇත්තටම සිංහල ප්‍රජාවට වඩා බුද්ධි මට්ටම ඉහළ ද? ලංකාවෙ සිවිල් යුද්ධෙ ඇතිවෙන්න අධ්‍යාපනයත් සැලකිය යුතු මට්ටමකින් දායක වෙලා තියෙනවා කියල මේක බැලුවහම තේරුනේ.
     
    • Like
    Reactions: Stimulus mind

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,143
    2,072
    113
    @lovethebomb මේක උපුටා ගත්ත වාර්තාවක්ද. ඔයා එලකිරියටම ලිව්ව කේස් ස්ටඩි එකක්ද?
    මම ලිව්ව එකක්. නෑ, medium and twitter වල දාන්න උවමනා උනෙ. මේකෙත් දැම්මා.

    දෙමළ ප්‍රජාව ඇත්තටම සිංහල ප්‍රජාවට වඩා බුද්ධි මට්ටම ඉහළ ද? ලංකාවෙ සිවිල් යුද්ධෙ ඇතිවෙන්න අධ්‍යාපනයත් සැලකිය යුතු මට්ටමකින් දායක වෙලා තියෙනවා කියල මේක බැලුවහම තේරුනේ.

    “බුද්ධිය" කියන්නෙ ට්‍රිකි කේස් එකක්. නමුත් අවකාශීය සහ වියුක්තකරණය අතින්නම් පැහැදිලිවම ඔව්, ද්‍රාවීඩියන්ස් ලගෙ පොඩි එහෙම එකක් තියෙනව නේ. වියුක්තකරණ හැකියාවෙ මහා ලොකුවක් නෙමේ නමුත් ප්‍රශංසනීයයි. ඉන්දියාවෙ විද්‍යාව සඳහා වෙන නොබෙල් ත්‍යාග දිනපු හතරෙන් තුන් දෙනෙක්ම ද්‍රවිඩ අයියර් බ්‍රාහ්මන පවුල් වල අය. හැමෝම දන්න ඉන්දියානු විශ්ලේෂණ ගණිතයා ත් එච්චරම තමයි.

    දැන් උතුරෙ දෙමළ මිනිස්සුත් යම් තැනක ඉන්නව නමුත් ඒ අය දිහා බලල ලොකුවට අදහසක් ගන්න බෑ. මොකද ඒ ප්‍රජාවෙ ක්‍රීම් එක රට අතෑරල ගිහින් නිසා.

    ඒකම තරමක් පහතරැටි සිංහල කුලවලත් තියෙනව. පෝස්ට් කොලෝනියල් සිංහල ව්‍යාපාර සහ විද්‍යාර්ථීන් හෝ පඬිවරු බිහිවුන පැති දිහා බැලුවම ඒක ගැන අදහසක් ගන්න පුලුවන් මං හිතන්නෙ. ඒ ප්‍රජාවටත් පිටස්තරයො ය, ලංකාවට පහු වෙලා ආපු අය ය කියල ඊනියා උසස් සිංහල කුල වලින් කොන් කරපු ප්‍රවණතාවයක් තිබුනනෙ.
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    735
    627
    93
    SKY
    වියුක්තකරණය ගැන අදහස කලින් අහලා තියෙනවා. ඒත් ඒකට හේතු මොනවා වෙන්න ඇතිද? සංස්කෘතික පසුබිමද, නැත්නම් teaching approach එකද?
    ඒකම තරමක් පහතරැටි සිංහල කුලවලත් තියෙනව. පෝස්ට් කොලෝනියල් සිංහල ව්‍යාපාර සහ විද්‍යාර්ථීන් හෝ පඬිවරු බිහිවුන පැති දිහා බැලුවම ඒක ගැන අදහසක් ගන්න පුලුවන් මං හිතන්නෙ. ඒ ප්‍රජාවටත් පිටස්තරයො ය, ලංකාවට පහු වෙලා ආපු අය ය කියල ඊනියා උසස් සිංහල කුල වලින් කොන් කරපු ප්‍රවණතාවයක් තිබුනනෙ.
    මේක 👆 ගැනත් ලියන්න වෙලාවක.
     
    • Like
    Reactions: Stimulus mind

    hansanax

    Active member
  • Dec 7, 2007
    355
    158
    43
    මම ලිව්ව එකක්. නෑ, medium and twitter වල දාන්න උවමනා උනෙ. මේකෙත් දැම්මා.



    “බුද්ධිය" කියන්නෙ ට්‍රිකි කේස් එකක්. නමුත් අවකාශීය සහ වියුක්තකරණය අතින්නම් පැහැදිලිවම ඔව්, ද්‍රාවීඩියන්ස් ලගෙ පොඩි එහෙම එකක් තියෙනව නේ. වියුක්තකරණ හැකියාවෙ මහා ලොකුවක් නෙමේ නමුත් ප්‍රශංසනීයයි. ඉන්දියාවෙ විද්‍යාව සඳහා වෙන නොබෙල් ත්‍යාග දිනපු හතරෙන් තුන් දෙනෙක්ම ද්‍රවිඩ අයියර් බ්‍රාහ්මන පවුල් වල අය. හැමෝම දන්න ඉන්දියානු විශ්ලේෂණ ගණිතයා ත් එච්චරම තමයි.

    දැන් උතුරෙ දෙමළ මිනිස්සුත් යම් තැනක ඉන්නව නමුත් ඒ අය දිහා බලල ලොකුවට අදහසක් ගන්න බෑ. මොකද ඒ ප්‍රජාවෙ ක්‍රීම් එක රට අතෑරල ගිහින් නිසා.

    ඒකම තරමක් පහතරැටි සිංහල කුලවලත් තියෙනව. පෝස්ට් කොලෝනියල් සිංහල ව්‍යාපාර සහ විද්‍යාර්ථීන් හෝ පඬිවරු බිහිවුන පැති දිහා බැලුවම ඒක ගැන අදහසක් ගන්න පුලුවන් මං හිතන්නෙ. ඒ ප්‍රජාවටත් පිටස්තරයො ය, ලංකාවට පහු වෙලා ආපු අය ය කියල ඊනියා උසස් සිංහල කුල වලින් කොන් කරපු ප්‍රවණතාවයක් තිබුනනෙ.
    nalin de silvath kiyanawa sinhalayanta abstaction bari kathawak :confused:
    yudde iwara wunata passe godak maths wala results ehemath wadi neda jaffna ayata.
    mokak hari aththak athi ee kathawe ehenm
     
    • Like
    Reactions: Stimulus mind

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,143
    2,072
    113
    වියුක්තකරණය ගැන අදහස කලින් අහලා තියෙනවා. ඒත් ඒකට හේතු මොනවා වෙන්න ඇතිද? සංස්කෘතික පසුබිමද, නැත්නම් teaching approach එකද?

    මේක 👆 ගැනත් ලියන්න වෙලාවක.

    Raw intelligence කියන්නෙ තදබල ජීවවිද්‍යාත්මක සංරචකයක් විදිහට පවතින දෙයක්නෙ, ඒ නිසා ඒක ගොඩක් දුරට මිනිස්සුන්ගෙ උපතින්ම එන නෛසර්ගික ප්‍රකාශණයක් විදිහට තමයි ගන්න වෙන්නෙ. ඊට අමතරව මං හිතන්නෑ එයාලගෙ ටීචින් අප්‍රොච් එකේ අමුතු වෙනසක් තියෙනවය කියල.

    හින්දු සංස්කෘතිය අදාළ වෙන්න පුලුවන් සැළකිය යුතු තරම් දුරකට, ඒත් ඒ ගැන පොටක් අල්ලගන්න තරම් වැදගත් ප්‍රවාදයක් මම දැකල නෑ තාම. දෙමළ මිනිස්සුන්ටත් ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් නෑ මගෙ අත්දැකීමෙ හැටියට (බුද්ධිය ගැන කතා කරපු නිසා...උදාහරණයක් විදිහට යුදෙව් ප්‍රජාව අතර තමන්ගෙ නිසඟ දක්ෂතාවයන්ට හේතු විදිහට දක්වන සුප්‍රකට ලූස් තියරි කීපයක් තියෙනව ඓතිහාසික සෙමිටික් ජන සමාජයෙ සැකැස්ම උඩ පදනම් කරගත්තු).

    හැබැයි බුද්ධිය සංස්කෘතියට සම්පූර්ණයෙන්ම ලඝු කරන්න නම් කීයටවත් බෑ මොකද ඒකට නැවතත් ජීවවිද්‍යාත්මක සාධක පූර්විකාවක් වෙන නිසා (biology precedes culture, generally speaking of course). බුද්ධිය, කාය ශක්තිය, සෞඛ්‍ය සම්පන්න බව ආකාරයෙ විවිධාකාර භෞතීය ගුණ සම්බන්දයෙන් මිනිස් ප්‍රජාවන් අතර පැහැදිලි ලාක්ෂණික වෙනස් කම් තිබීම ප්‍රාක් ඓතිහාසික යුගවලදි ඒ ඒ ගෝත්‍රවල වෙන වෙනම සිද්ධ උන පරිණාමයට ම තමා බොහෝමයක් බැර කරන්න වෙන්නෙ. ජීනෝමයෙ සිද්ධ වෙන අහඹු දේවල්.

    nalin de silvath kiyanawa sinhalayanta abstaction bari kathawak :confused:
    yudde iwara wunata passe godak maths wala results ehemath wadi neda jaffna ayata.
    mokak hari aththak athi ee kathawe ehenm

    යුද්ධෙ කාලෙත් රිසල්ට්ස් වල කිසිම අඩුවක් තිබුනෙ නම් නෑ. විශ්ව විද්‍යාලයට තේරුන ළමයි ගානෙ අඩුවකුත් තිබුනෙ නෑ.

    සිංහල මිනිස්සුන්ට ඇබ්ස්ට්‍රැක්ෂන් බැරිය වගේ අධානග්‍රාහි ප්‍රකාශ කරන්න තරම් හදිස්සි වෙන්න ඕනෙ නෑ. මොකද මේව ඉතාම ස්පෙක්‍යුලෙටිව් කතා. නමුත් සාපේක්ෂව අපි (අපි කිව්වම උතුරු ඉන්දියානුවන් කියන කුලකෙම ගන්න පුලුවන්) තරමක ආයාසයක් දරන බව විවිධ මෙට්‍රික් වලින් පේන්න තියෙන දෙයක්.
     
    Last edited: