මට නම් හිතෙන්නෙ මේ ප්‍රශ්ණයට හරියටම මෙන්න මේක තමයි විය යුතු දේ කියලා උත්තරයක් නෑ. අපිට අපි කැමති මාර්ගයක් තෝරගන්න පුළුවන්. වාසි අවාසි විඳ දරාගන්න වෙනවා. වැදගත්ම දේ තමයි අපිට 30දි 40දි හිතන දේ නෙවෙයි 70දි හිතෙන්නෙ. හොඳම උදාහරනෙ තමයි අපි පොඩි කාලේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නෑ කියලා හිතන එක. ඒත් කර දඬු උස් මහත් වෙලා මද කිපීගෙන එනකොට සේරම වෙනස් වෙනවනේ. වතුර වීදුරුවක් වත් කෙලින් අල්ලගන්න බැරි වෙනකොට. හිටගෙන ඉන්න වාරු නැති වෙනකොට අද උබ මොන වයසක හිටියත්, මගේ 70දි මට මෙහෙම හිතෙයි කියලා උබ අද හිතන එක අහසට පොලව වගේ වෙනස් වෙන්න පුළුවන්. මම එකක් දන්නවා, ඒ මම දන්නෑ කියන එක.
------ Post added on Dec 21, 2024 at 12:19 AM
සිරා කතාව. මගේ යාළුවෙක් හිටියා ඌ තමයි පවුලෙ එකම පිරිමියා සහ පවුලේ බාලයා. ඌ ඉගෙන ගන්න කාලේදි ඌගේ තාත්තා ලෙඩ උනා. ඉගෙනගන්නවට වඩා කරේ ඉස්පිරිතාල වල ඉඳපු එක. ඌගේ අධ්‍යාපනය සෑහෙන්න කඩාකප්පල් උනා.තව වයසට යද්දි උබට ඕකෙ අනිත් පැත්ත හිතෙන්නෙ ගන්නව. ඊලගට උබල වගේ උන් මන්තරේ වගේ කියෝනව ළමය බන්දන කම් මන් ජීවත් උනොත් ඇති කියල. ඒත් බහුතරයක් එහෙමවත් ඉන්නෙ නෑ. දත් තියෙන කාලෙ මස් කාපල්ල. නැත්නම් ලෙඩ වෙනව. අන්තින්මට ළමයගෙ මුලු තරුණ කාලෙම විනාස වෙනව සාත්තු කරන්න. මතක තියාගන්න පහුගිය කාලෙට වඩා ඉස්සරහට ගොඩක් අයගෙ ආයුශ කෙටියි. අපි 65ක් හිටියොත් ඒක ලොකු වාසනාවක් වෙනව.
------ Post added on Dec 21, 2024 at 12:19 AM

