ලංකාවේ තරුණ තරුණියන්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෝකෙම ඉන්න මිනිස්සුත් පව්, ලංකාවෙ ඉන්න මිනිස්සුත් පව්, මේක ලිව්ව එකත් පව් :( පොඩි කාලෙ විද්‍යාව පොතේ උගන්නල තියෙන්නෙ සුරංගනා කතා තමයි කියල තේරෙනකොට ඕව හරියයි :( එතකොට තේරුම් ගනියි 30-40 ගෑණු 20 25 වගේ පේන්න ඇඟ හදාගෙන ලමයි එක්ක ට්‍රිප් ගියා කියල ජීවිතේ මහලොකු තේරුමක් නෑ කියල :( මේක ලියපු කෙනා දැකල තියෙන්නෙත් ජීවිතේ පටු සීමාවක් විතරයි :(
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    29573257_1874095455948204_4731329340720763539_n.jpg

    නොදකින් ඒකෙ හැටි.. :rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි බං බෝධි පූජා, දඹදිව වන්දනාවේ වලට බැන්නේ. මෙක තනිකරම බෞද්ධ අයට කරන අපහාසයක් බං. ඇයි අනික් ආගම ගැන මුකුත් කියන්නේ නැත්තේ.

    මක්කම යන ඒවා, පල්ලි වල යාච්ඤ මේ ගැණු කෙනාට පේන්නේ නැද්ද?
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,853
    113
    මෙන්න එයාගේ ෆේස්බුක් එකේ තිබ්බ තවත් රැඩිකල් කතාවක්.
    මෙයාට අනුව දෙමාපිය දූ දරු සම්බන්ධතාවය කියන්නෙ බැංකුවකින්
    ලෝන් එකක් ගන්නවා වගේ ද්‍රව්‍යමය සම්බන්ධතාවක්. දෙමාව්පියෝ
    දරුවෝ රැකබලා ගන්නවා කියන එක අනිවාර්යෙයෙන් කල යුතු දෙයක් නිසා
    ඒ සම්බන්ධතාවයේ කිසි වටිනාකමක් නෑලු. ඒක නිසාම අපි මවු පියන්ට ණය නෑලු.
    මවු පියන්ට ණය වෙනවා කියන එක දෙමවුපියෝ දරුවන්ව emotional blackmail
    කිරීම සඳහා යොදා ගන්නා උප්පරවැට්ටියක්ලු.

    කැම්පස් ගිය අලුත වගේ නම් මේ වගේ රැඩිකල් ගොං පාට් දැම්මට කමක් නෑ,
    හැබැයි ඒවායෙන් grow out වෙන්න දැන ගන්න ඕන.

    මනුෂ්‍ය සම්බධකම් දිහා මෙන්න මේ වගේ ද්‍රව්‍යවාදී තැනක ඉදං බැලුවම තමයි
    අමුනුස්සයෝ බිහි වෙන්නේ.


    -සංසර්ගය සහ බලෙන් පැටවූ ණය බර -

    පිරිමියෙකුයි ගෑණියෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව.

    මුළු සංසාර යුගය පුරාවට ගෙවන්න බැහැයි කියන මේ 'ණය බර' කියන්නේ මට අනුව නම් ඉතාම ප්‍රශ්නකාරී ආකල්පයක්.

    මුලින්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි ඕනම කෙනෙක් මේ ලෝකයට දරුවෙක් බිහි කරන්නේ කුමන හෝ තමන්ගේ අවශ්‍යයතාවයක් ඉෂ්ඨ කරගන්නය කියන කාරණය.

    තමන් තුළ දරුවෙක්ට ඇති ආශාව සංසිඳුවා ගන්න... දරුවන් තුළින් යම් අරමුණක් ඉටු කරගන්න..එක්කෝ දරුවා තුළින් තුන්වෙනි පාර්ශවයකට (සමාජයට, රටට) යම් ප්‍රතිලාභයක් ලබා දීමට..වගේ හේතු තමයි අලුත් ජීවිතයක් මේ ලෝකයට බිහි කරන්න මුල් වෙන්නෙ.

    කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්. දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ.

    "ජීවිතය යනු කෙනෙක් කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොවේ. ජීවිතය අපි කිසිවෙක් තෝරාගත් දෙයක්ද නොවේ. ජීවිතයට අපි කැමති වුවත් නැතිවුවත්, ජීවිතය යනු අපි මත වෙනකෙක් විසින් බලෙන් පටවනු ලැබූ දෙයකි"

    හිතමු මම මගේ ආශාවල් මුල් කරගෙන මගේ කැමැත්තට මේ ලෝකයට දරුවෙක් ගෙනාවය කියල. ඒ කියන්නේ අසරණ, දුර්වල, කිසිම දෙයක් ගැන දැනුම් තේරුම් නැති, තමා ගැනවත් හරි හැටි බලා කියාගත නොහැකි බිළිඳෙක්ව මම මගේ උවමනාවට මේ ලෝකයට ගෙනාවා කියමු.

    එහෙම ගෙනාපු ඒ දරුවාව මම බලාගන්න මට වගකීමක් තියෙනවා නේද? ඒක මම කල යුතු දෙයක් නේද? එතකොට මම ම නිර්මාණය කරපු අසරණ ජීවියාව මම බලාගත්තාය කියලා.. ඒකෙන් කියවෙනවාද ඒ දරුවා ජීවිත කාලයම මට ණයයි කියලා?? මම එහෙම කියනවා නම් ඒක සාධාරණ කතාවක්ද?

    ඇයි?
    මගේ උවමනාවට මේ ලෝකයට දරුවෙක් ගේන්න තීරණය කලෙත් මම..
    ඒ තීරණය ක්‍රියාත්මක කරලා කිසිවක් කරකියා ගත නොහැකි අසරණ ජීවිතයක් නිර්මාණය කලෙත් මම..

    දැන් ඒ අසරණ ජීවිතය රැකබලා ගැනීමේ වගකීම මම ඉෂ්ඨ කල නිසා ඒ දරුවා මත ඉබේම පැටවෙනවා ණයක් කවදාවත් ගෙවන්න බැරි විදියේ බරක් තියෙන..!

    කිසිවක් කරගන්න බැරි කුඩා කාලයේ තමන්ව බලා ගැනීමේ ණය ගෙවන්න දරුවන්ට බල කෙරෙනවා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම.

    වැඩිහිටියෙක් බවට පත් වුන දරුවා තමන්ගේ ජීවිතයේ සහකාරයා/සහකාරිය තෝරා ගැනීමේ ඉඳලා තමන්ගෙ ජීවිතය ගැන ගන්නා තීරණ වලට දෙමාපියන් එකඟ නොවෙන වෙලාවල් වලදි, දරුවන් ලවා තමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරගන්න දෙමාපියන් මේ ණය බරේ ආකල්පය ඉතාම අමානුෂික විදියට යොදාගන්න හැටි ගැන අත්දැකීම් මේ සටහන ලියන මට තියෙනවා වගේම මේ සටහන කියවන ඔබටත් ඇති.

    "අපි උඹව පොඩි කාලේ කන්න බොන්න දීලා පරිස්සම් කරලා හැදුවටද පුතේ දැන් උඹ අපි එපා කියන දේ කරන්නේ..?"

    කවුරු හරි හිතනවා නම් තමන් මේ ලෝකයට දරුවෙක්ව ගෙනල්ලා, ඒ දරුවාට තමා ගැන බලාගන්න බැරි කිරිසප්පයෙක්ව ඉන්න කාලයේ කන්න බොන්න දීලා වයසින් වැඩිවනකන් බලාගන්න එකෙන් ඒ දරුවා සදාකාලිකව තමාට ණය ගැත්තෙක් වෙනව කියල, කරුණාකරල එහෙම අය මේ ලෝකෙට දරුවන් බිහි නොකර ඉන්න.

    ඒ වගේ ණය කාරයෙක්, තමාගේ ජීවිතේම කාටහරි ණයක් ගෙවන්න බැඳුනු කෙනෙක් බිහිකරන එක සාමාන්‍ය කටවහරින් කියනවා නම් කරන්න පුළුවන් ලොකුම “පාපයක්” !

    කෙනෙක්ට මුලු ජීවිත කාලයම ගෙවන්න බැරි විදියේ ණයක් පටවන එක පාපයක් නෙමේද? කෙනෙක්ට ජීවිත කාලයම ගෙවන්න ණයක් පටවන එක පාපයක් නෙමේද? එහෙම ණයක් පටවලා ණය පටවපු උනුයි වටේ ඉන්න උනුයි එකතු වෙලා ඒ කෙනාට ඒක ගෙවන්න කිය කිය බල කරන එක පාපයක් නෙමේද?

    කරුණාකරල තේරුම් ගන්න.

    මේ ණය.. නොඉල්ලපු ණයක් ! බලෙන් පටවන ණයක් !

    ඔබ විසින්, ඔබේම අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න නිසා මේ කුරිරු ලෝකය මැද්දට ගෙනල්ලා අත ඇරපු ඒ අසරණ අහිංසකයාව අනතුරෙන්, උපද්‍රව වලින් ආරක්ෂා කලා පමණයි..

    කලිනුත් කිව්ව වගේ, ඒක කරන එක ඔබේ වගකීම !

    ඒ කාර්‍ය භාරය ලේසි නොවන බව ඇත්ත. නමුත් වගකීමක් භාරගත්තා නම්, ඔබ වුනත් මම වුනත් කවුරු වුනත්.. එය ඉෂ්ඨ කිරීම කල යුතුයි.

    සමහර දෙමව්පියන් තමන්ගේ බිළිඳන්ව කුණු කූඩ වල දාලා ඒ වගකීම පැහැර හැරි පළියට ඒ වගකීම මම හරියට ඉටු කලාය කියල මගේ දරුවාගේ ජීවිතය ගැන තීරණ වලදි දරුවාව emotional blackmail කරන්න මට ලයිසමයක් ලැබෙන බව ඉන් කියවෙන්නේ නැහැ.

    ඔබට ආදරය කලාක් මෙන් ඔබත් ඔබේ දෙමාපියන්ට ආදරය කරන්න.
    ඔවුන් වයෝවෘද වූ දවසකදී ආදරයෙන් ඔවුන්ව රැකබලාගන්න.
    මියෙන තුරාවටම ඔවුන්ට ආදරය නොඅඩුව දෙන්න.

    නමුත්,

    ඔබව මෙලොවට ගෙනාවාය කියා ඔබේ තීරණ වලදී ඔබව ඔවුන්ට emotional blackmail කිරීමට ලයිසමයක් නොදෙන්න. ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න.

    මේ 'ණය බරේ' මායාව අත්හරින්න.

    - Jamis Banda -
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ලංකාවේ තරුණයින් 'ජීවිතය' ලෙස දකින්නේ තම පිටතට නෙරූ ලිංගික අවයවය ඇතුළ් කිරීමට, ඇතුළට නෙරූ ලිංගික අවයවයක් සොයාගන්නට ලැබුණ වරමක් ලෙසය.
    පැහැපත් සමක් ඇති, විශාල පියයුරු, පාට තැවරූ තොල්පෙති, වටොර පස්සක් සහිත ජීවියෙක්ගේ යෝනියක් ඔවුන්ගේ එකම සිහින ලෝකය වේ.

    ලංකාවේ තරුණියන් ජීවිතය ලෙස සිතා සිටින්නේ තම ලිංගික අවයවයට ඇතුළ් කරගැනීමට සල්ලිකාර පිරිමි අවයවයක් හොයා ගැනීමට ලැබුණ වරමක් ලෙසය.. කාර් එකක්, ඉඩමක්, නිවසක්, මේකප් බඩු ටිකක්, පොශ් සමාජයක් ඔවුන්ගේ සිහින ලෝකය වේ.

    දරුවන්, ජීවිතය ලෙස ඒකාකාරී අධ්‍යාපනයත්, ගේම් ගැසීමත් දකින අතර වැඩිහිටියන් පන්සල් වල, දේවාල වල, හඬ කැවූ විසිතුරු නාට්ටි ළඟ ජීවිතය සොයති.

    වෙන රටවල අවුරුදු හැත්තෑව ඉක්ම වූ කාන්තාවන් සිනහමුසුව හුදෙකලා පාරක් දිගේ බයිසිකලයක් පදින අතර, ලාංකීය අවුරුදු 70ක ගැහැණිය විනාඩි දහයෙන් දහයට ඉරියව්ව මාරු කරමින් බෝ ගසක් අභියස වැඳගෙන කන්නලවු කරයි.

    වෙන රටවල අවුරුදු 30-40 වයස් සීමාවල ගැහැණුන්ගේ පිටත පෙනුම අවුරුදු 25ක් පමණ පෙනෙද්දී, ඉතා සියුමැලි ආකර්ෂණීය සිහින් සිරුරින් යුතුව දරුවන් සමඟින් විනෝද ගමන් යද්දී ලංකාවේ අවුරුදු 30ක ගැහැණිය ටයර් පැනූ විශාල උදරයකින් යුක්තව කුස්සියේ ඒකාකාරී බත් තැම්බීමක නිරත වෙයි.

    අප ඉන්නේ හුදෙකලා ග්‍රහලෝකයක බව නොදත් හෝ අමතක මිනිසුන් තම දුවා දරුවන් විභාග පාස් කර දෙන්නැයි ඉල්ලා කපුවන් ළඟ වැඳ වැටෙති. ලෙඩ සුව කර දෙන්නැයි ඉල්ලා තමන් වෙහෙස මහන්සියෙන් ඉපයූ ධනය දහස් ගණනින් පුදති. බෝ ගස් වලට දුක කියා කාසි එල්ලති. රෙදි කෑලි කපා එල්ලති.

    කුඩා කලදී විද්‍යාව පොතේ ඉගැන්වූ සුන්දර ග්‍රහලෝක යනු සුරංගනා කතාවන් යැයි සිතා අමතක කර දමා ඒ ග්‍රහයන්ටම බයේ "හඳහන" යැයි නම් කෙරූ කොළ ටිකක් ඔසවාගෙන රට පුරා විස්සෝපව ඇවිදිති. සෙනසුරුගෙන් අපල යැයි කියමින් දින ගණනින් බෝ ගහකට වන්දනාමාන කරති. දුක කියති.

    ලංකාවේ බෝ ගහකට දුක කියා තෘප්තිමත් නොවූතැන, ඇති හැකි මිනිසුන් ඉන්දියාවේ බෝ ගහත් සොයා යති.

    එහෙත් ඒ යන ගමනේදී මේ පුන්චි දූපතෙන් උඩට නැඟ, ලොව අසිරිමත් දෙයක් බව නොවිඳිති. අපට අපල උපද්‍රව කරනවා යැයි සිතුවේ මෙවන්ම තවත් ග්‍රහලෝක වලින් බව නොසිතති. වළාකුළු අතරින් සැහැල්ලුවෙන් ඉදිරියට ඇදෙන ගුවන් යානයේ ජනේල අතරින් පෙනෙන පෘථිවිය, රවුම් හැඩැති ග්‍රහලෝකයක් බව නොහඳුනති. අපට පිහිට වීමට දෙවියන් හෝ වින කිරීමට යක්ෂයින් නැති බව නාඳුනති. මිය ගිය පසු අපගේ හුස්ම ටිකත් මේ වා තලයේ වායූන් අතරටම එක්වී අපගේ සිරුරු කොටස් මේ පොළොවේ හෙට දිනට සාරයක්ව එක්වන බව නොපිළිගෙන යළි යළිත් උපදින බවක්ම විශ්වාස කරති. ඒ බව අදහති. යළිත් උපදින්නට පෙරුමන් පුරති.

    මේ මිනිසුන් සියල්ල අහිංසකය. ඔවුන් ලෝකය කියා දකින්නේ ඉතාමත් කුඩා සංසිද්ධීන් ටිකක් පමණි. ජීවිතය යනු ඔවුන් මේ දකිනා විස්සෝපයන් පිරි පටු සංසිද්ධීන් ටික පමණක් නොවන බව හඳුනා ගැනීමට අප මිනිසුන්ටද හැකිවන දිනක් එනු ඇතැයි සිතමි.

    එහෙත් එය තව වසර සිය ගණනක් දුර බවද දනිමි.

    සටහන
    - තාරුකා සෙව්වන්දි දිසානායක.

    :love::love:

    Lassani Ekai demme??
    Me inne Writer


    දැන් උබලා දැකලා ඇති ලස්සන කොල්ලෝ එතරම් ලස්සන නැති කෙල්ලෝන්ව යාලුකරන් ඉන්නවා, බදිනවා. ලස්සන කෙල්ලෝ , බර තියන කෙල්ලෝ සාමාන්‍ය පවුල් වලින් බදිනවා. ඒතකොට ඒක.මේකට අදාල වෙන්නේ කෙසේද.
    ඒකියන්නේ ,ලන්කාවේ තරුනයෙක් ජීවිතය ලෙස දකිනවා කියලා මෙයා කියන දේ අදාල නැති කොල්ලෝ කෙල්ලොත් ඉන්නවා නෙවේද.

    දරුවන් ජීවිතය දැකීම
    හවසට ක්‍රිකට් ප්‍රැක්ටිස්යන, හවසට ස්විමින්ග් ක්ලාස් යන, හවසට ගිටාර් පන්තියන, හවසට කොල්ලො එක්ක.එකතුවෙලා මියුසික් පාරක්දාල සින්දුවක් කියන දරුවෝ දැකලා මැද්ද මොහු. මොහු ඉන්නේ අර ග්‍රහලෝකයේද මන්දා.


    වෙනටටවල 70 අයගේ ජීවිතය.
    ලන්කාවේ ගෑනු අයනම් 70 උනාම බයිසිකල් පදින්නෑ. ගොඩක් වෙලාවට දරුවන් ඒඅයට මුනුබුරන් බලාගන්න තියනවා. ඉන්දියාවේ ගිහින් පොඩි ටුවර් එකක්දාල මනිපූර් සාරි කඩවල පොඩි වෝක් එකකුත් දාල ආතල් එකේ එන අයත් ඉන්නවා.

    30 අය ජීවිතය දැකීම
    30 අයගේ පෙනුම 25ක් වගේ කියලා ඉයන්න මොහු ඒරටවල්වල යම්කිසි සමීක්ශන එහෙම කරන්න ඇති කියලා හිතනවා. ඔය නිවාඩුදවසට යාලෙ සෆාරි, මීච් හොටෙල්වල උදාහරනෙකට බේරුවල සිනමන් බේ, දියතේ, ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ්, නිලාවේලි, රිවස්ටර්න්, හොර්ටන් ප්ලේන්ස්, නුවර එලිය වගේ තැන්වල ඉන්නේ ෆොරීනර්ස්ලා විතරද උබට අනුව.

    හේතුව ලමයි ඒවගේ යන්නෑ, ගේම් ගහන නිසා. තරුන තරුනියෝ එතන නෑ ඇතුලට.දාගන්න එකක් හොයන නිසා. 30 බැදපු ගෑනු යන්නෑ කුස්සියේ බත් තම්බන නිසා.70 අයනෑ, බෝ ගස් යට නිසා.
    උට කියන්නේ බදුල්ල කෝච්චියට ටිකට් එකක් බුක් කරපන් සිකුරාදට , සෙන සුරාද සීට් එකක් ගන්න. එතකොට උබට පෙනෙයි අල්ලපු ග්‍රහලොකේ අයද ටිකට බුක්ක රලා තියෙන්නේ කියලා.

    ඔහොම හිතලු කියන්න එපා හිතුන පලියට සමාජෙටගලපලා බලපන්.



     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මේක ලියපු කෙනා බරපතල මිථ්‍යාදුෂ්ඨිකයෙක්.. නිරයගාමී විම අනිවාර්යයි.....

    Oya wage sithuwili enne 'jathake upset' ekak thiena ewunta. Podi kale mokak hari upset ekak wechcha ewunta.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    නාකි වෙන එක මොකකින් හරි නාකි වෙනවනෙ. ඒවට හේතු කියල ලංකාවෙ ගෑනුන්ව සුද්ද කරන්න යන්න එපා. වැරැද්ද උන්ගෙමයි.

    නාකි ගෑනියෙක්වත් සෙට් කරගන්න බැරුව මිදි තිත්තයි කියනවා.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නාකි ගෑනියෙක්වත් සෙට් කරගන්න බැරුව මිදි තිත්තයි කියනවා.
    ප්‍රතිවාදියාගේ තර්කය බිද හැලිය නොහැකි තැන පාරාජිතයා කරන්නෙ ප්‍රතිවාදියාගේ පෞද්ගලිකත්වයට මඩ ගැසීමය. පෞද්ගලිකත්වයවත් හරියට දන්නෙ නැතුවයි මේ පාරාජිතයනම් මඩ ගහන්නෙ.
    අනිත් එක කියන්න තියෙන්නෙ මට මඩ ගැහුවට මට රිදෙන්නෙ නෑ කියල. මට ගහන මඩ පාරකින් හරි සුද්දියන්ගෙ වටිනාකමනන් වැඩිවෙන්නෙ මට ඕනෙ එච්චරයි. දැන් බලපන් උඹ මෙතන අන්තිමටම කියල තියනව "නාකි ගෑනියෙක්වත් සෙට් කරගන්න බැරුව මිදි තිත්තයි කියනවා" කියල. උඹ එහෙම කියන්නෙ මන් කියපු කතාව ඇත්ත හින්ද ඒ කතාව බොරුයි කියල උඹට ඔප්පු කරන්නම බැරි හින්ද උඹ මගෙ පෞද්ගලිකත්වයට මඩ ගැහුව. ඒකෙන් වක්‍රාකාරයෙන් ඔප්පු වෙන්නෙ මන් කියපු දේ තමා ඇත්ත කියල. ඒ කියන්නෙ වැඩිවෙන්නෙ සුද්දියන්ගෙ වටිනාකම. සුද්දියන්ගෙ වටිනාකම වැඩිවෙලා කොච්චර මට මඩ ගැහුවත් කොච්චර මගෙ රෙප් කැපුවත් කමක් නෑ.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ලංකාවේ


    කුඩා කලදී විද්‍යාව පොතේ ඉගැන්වූ සුන්දර ග්‍රහලෝක යනු සුරංගනා කතාවන් යැයි සිතා අමතක කර දමා ඒ ග්‍රහයන්ටම බයේ "හඳහන" යැයි නම් කෙරූ කොළ ටිකක් ඔසවාගෙන රට පුරා විස්සෝපව ඇවිදිති.

    Me inne Writer


    :lol::lol::lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ප්‍රතිවාදියාගේ තර්කය බිද හැලිය නොහැකි තැන පාරාජිතයා කරන්නෙ ප්‍රතිවාදියාගේ පෞද්ගලිකත්වයට මඩ ගැසීමය. පෞද්ගලිකත්වයවත් හරියට දන්නෙ නැතුවයි මේ පාරාජිතයනම් මඩ ගහන්නෙ.
    අනිත් එක කියන්න තියෙන්නෙ මට මඩ ගැහුවට මට රිදෙන්නෙ නෑ කියල. මට ගහන මඩ පාරකින් හරි සුද්දියන්ගෙ වටිනාකමනන් වැඩිවෙන්නෙ මට ඕනෙ එච්චරයි. දැන් බලපන් උඹ මෙතන අන්තිමටම කියල තියනව "නාකි ගෑනියෙක්වත් සෙට් කරගන්න බැරුව මිදි තිත්තයි කියනවා" කියල. උඹ එහෙම කියන්නෙ මන් කියපු කතාව ඇත්ත හින්ද ඒ කතාව බොරුයි කියල උඹට ඔප්පු කරන්නම බැරි හින්ද උඹ මගෙ පෞද්ගලිකත්වයට මඩ ගැහුව. ඒකෙන් වක්‍රාකාරයෙන් ඔප්පු වෙන්නෙ මන් කියපු දේ තමා ඇත්ත කියල. ඒ කියන්නෙ වැඩිවෙන්නෙ සුද්දියන්ගෙ වටිනාකම. සුද්දියන්ගෙ වටිනාකම වැඩිවෙලා කොච්චර මට මඩ ගැහුවත් කොච්චර මගෙ රෙප් කැපුවත් කමක් නෑ.

    ප්‍රබල තර්ක - රුසියාවේ ඉන්න යාලුවෝ කියපු කතා
    වෙලාවක උබ ඉන්න පැත්තේ ඉදලා කොලබ එන කෝච්චියකට නැගපන් ගෙදරට හොරෙන්. නැගලා ගැනපන් ඒකේ වැඩට යන ගෑනු ගානයි පිරිමි ගානයි.
    හැබැයි පුතේ ඊටපස්සේ හොර අකවුන්ට් එකක් හදන් කෝච්චිකතා ත්‍රෙඩ් එකට එහෙම ජැ_ ගහපුවා දානවා නෙවේ.