ලංකාවේ තෙල් ගන්න සමාගම් 13 ක්.
කාවේරි සහ මන්නාරම් මුහුදු තටකයන්හි තෙල් ගවේෂණය සඳහා ඉදිරිපත් කර ඇති නව මුහුදු තීරු 13 සඳහා ලොව ප‍්‍රමුඛ පෙළේ තෙල් සමාගම් රැසක් උනන්දුවක් දක්වා ඇති බව වාර්තා වනවා.
එක්සොන් මොවිල්, ෂෙල් සහ ප‍්‍රංශයේ ටූටාල් එම සමාගම් අතර වන බව රොයිටර් පුවත් සේවය සඳහන් කළා. ඉතාලියේ ඉනි, ඉන්දියාවේ ඕ.එන්.ජී.සී. සහ කෙයාන් සමාගම් ද මේ සඳහා ඉල්ලූම් කර ඇති බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසන්නේ.
ලබන වසරේ මුල් කාර්තුවේ දී මෙම මුහුදු තීර තෙල් ගවේෂණය සඳහා ආයෝජන සමාගම් වෙත ලබාදීමට නියමිතයි.
මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණවල නිරත වූ කෙයාන් ඉන්දීය සමාගම දැනටමත් එහි ස්වභාවික වායු සොයාගෙන අවසන්.