ලංකාවේ දේශපාලනය.......

0775504800

Member
Sep 24, 2010
11
0
0
ලංකාවේ දේශපාලනය.......

ලංකාවේ දේශපාලනය.......

රතු කොළද නිලද යන
වර්ණ අනුපාතයට
මුසුව සලකුණු සමග
සැදුනි එක වචනයක්

වර්ණ සලකුණු සමග
දෙපිල තුන් පිල බෙදී
විවිධ අරගල කලා
එදා සිට මෙදා තෙක්

ජනතාවගේ ඒ
අමිල වූ මනාපෙන්
ගොඩ යන්නැතිද මැති
ඇමතිවරු කී දෙනෙක්

ජනතාව ඔවුන්ගේ
බස් වලින් අන්ද වී
ගහ මරා ගන්නැතිද
මේ ලක්දිවේ කොතෙක්

උන් ගියත් රජ ගෙයට
ජනතාව එතැනමයි
ලද දෙයක් තවම නැත
ඔවුන්ගෙන් කිසි කෙනෙක්

රජගෙයට පත්ව ගිය
හූනන් වගේ එවුන්
පිඹුරෝ මෙන් තර වේය
ගිය ගමන් ටික කලක්

කපටි මෙන් කුටිල උන්
ඊගාව චන්දයදි
කැරට් මලු ගණන් දී
සිඟයි එක කතිරයක්

අනේ අපෙ ජනතාව
මේ වහසි බස් වලට
රැවටුනත් තම නෑ
ඉගෙනගෙන පාඩමක්

යහ පාලනයෙදි වත්
සුභ අනාගතයෙදිත්
අපට ලද දෙයක් නැත
උන් ගොඩගියා මිසක්

තම මහන්සියෙන් ඔබ
ගොඩ නගා ගත් දෙයක්
හෙට දිනට ඉතිරි වේ
දී ඔබට සහනයක්

තම හිසට තම අතය
කියන ඒ පඬි වදන
ගැන සිතා වැඩ කරන
සැමට සුභ හෙට දිනක්
 

0775504800

Member
Sep 24, 2010
11
0
0
දයාබර සොඳුරියේ .....

දයාබර සොඳුරියේ .....

හැමතැනම දිව්ව සිත
භාවනාවට නතුව
සොඳුරු ලෙස නැවතුනා
ඔබේ සිත් මන්සලේ

කොතෙක් දඟ වුනත් ඔබ
ඔබේ සිත පිවිතුරුයි
එය මෙමා දැනගතිමි
සොඳුරු සිත් ඇත්තියේ

ඔබෙ සොඳුරු සිතට ඒ
විෂ හී සැරක් වැදී
රිදුම් දෙනු මට ඇසේ
මගෙ සිහින කුමරියේ

හී පහරෙ විෂ තාම
ඔබෙ හදේ ඇති නිසා
අකුරු හතරකට නිති
වෛර කල හංසියේ

කෙනෙක් කල වරදකට
සැවොම ඒ වගේ යයි
නොසිත මැන කිසිදිනක
අවිහින්සකාවියේ

කවදාක හෝ සසරෙ
ඔබ මහට ලැබේ නම්
මම ඔබව රැක ගනිමි
මගේ දෑස රකින සේ

ඔබව ලැබ ගැනීමට
පින් මද වුනොත් මගේ
දුරින් හිඳ පෙම් කරමි
ඔබට නොදැනෙනා සේ

මේ ලෝකෙටත් වඩා
මගේ පණටත් වඩා
ඔබට මම ආදරෙයි
දයාබර සොඳුරියේ ......
(සිහින කුමරියට)
 

0775504800

Member
Sep 24, 2010
11
0
0
දුක සතුට......

දුක සතුට කියන ඒ
වචන දෙක සැමදාම
ඵල දෙකකි හටගත්ත
එකම ජිවන ගසේ

මේ ඵල වලින් එකක්
පොලොව නම් සිත තුලට
වැටී පැලවී සැදෙයි
අලුත් ජිවන ගසක්

ඒ සැදුනු අලුත් ගස
දළු දමා ලියලාවි
අලුත් මුල් ඇතිවේවි
සිත් පොලොව පතුලටම

සැදුනු ඒ නැවුම් ගස
තුටු ඵලෙන් සදුනි නම්
එය සදා රැක ගන්න
ඔබේ දිවිය පුරාවට

ඔබේ සිතිවිලි කියන
පොහොර එට ලැබ දෙන්න
මහ ගසක් ලෙස එයට
වැඩෙන්නට ඉඩ දෙන්න

සැදුනු ඒ අලුත් ගස
දුක් ඵලෙන් සැදුනි නම්
උපන් ගෙයිදීම එහි
විනාශය කරලන්න

නොසැලකිලි බව නිසා
එය විසුල වී ගියොත්
එහි මුල්ද පැතිර යයි
සිත් පොලොව පුරාවට

කාලයක් ගිය පසුව
එය මුලින් ඉදුරුවොත්
ඔබෙ සිත තුවාල වී
සදා කල් රිදුම් දෙයි

කාලයට හැකි උනත්
ඔබව සුව කරලන්න
එහි කැළැල් පවතීවි
දිවිය ඇති තුරාවට

සිදු වෙච්ච වේදනා
ගැන එපා දුක් වන්න
එය අතීතෙට දෙන්න
සැපෙන් ජිවත් වෙන්න

(අතීතයේ දේ ගැන නොසිතා....එය අතීතයට බාර දී වර්ථමානය ගැන සිතා සිහියෙන් යුතුව කටයුතු කරන්න.....දුක දුකට නොව දුක සතුටට හරවාගන්න.....,ජීවිතය විඳින්න,එපා විඳවන්න)
 

0775504800

Member
Sep 24, 2010
11
0
0
රත්තරන් මගෙ අම්මෙ......

රත්තරන් මගෙ අම්මෙ......

උපන් දා සිට මෙමා
ඔබෙ කුසින් මෙලොව වෙත
ආදරෙන් මා රැක්ක
රත්තරන් මගෙ අම්මෙ......

නිති ඔවා ලබා දී
හොඳ නරක කියාදුන්
මගේ ඉටු දෙවි නුඹයි
රත්තරන් මගෙ අම්මෙ......

ආදරය කියන ඒ
අකුරු හතරට උතුම්
අරුත දුන්නේ නුඹයි
රත්තරන් මගෙ අම්මෙ......

වැරැද්දක් කලවිටදී
තරවටුද කලා නුඹ
ඒ මා හදන්නටයි
රත්තරන් මගෙ අම්මෙ......

සදෙවූ ලොව තියෙන ඒ
සැම සුවඳටත් වඩා
අගෙයි ඔබෙ කිරි සුවඳ
රත්තරන් මගෙ අම්මෙ......

අඳුර පිරි ලෝකයක
අඳුර පලවා හරින
මිණි පහණ ඔබම විය
රත්තරන් මගෙ අම්මෙ......

කටු කොහොල් පිරුණු ඒ
සමාජය ජය ගන්න
මට ධිරිය ඔබම විය
රත්තරන් මගෙ අම්මෙ......

කවදාක හෝ සසරෙ
ඔබෙන් බිවු රන් කිරට
ණය ගෙවන්නෙමි මෙමා
රත්තරන් මගෙ අම්මෙ......

කුළුණු ගුණයට ඔබේ
කවි දහක් පබඳුවත්
එය කියා නිම නොවෙයි
රත්තරන් මගෙ අම්මෙ.....

සංසාරෙ මතු දිනක
අම්මෙ නුඹ බුදු වෙයන්
එය සදා පැතුම මගෙ
රත්තරන් මගෙ අම්මෙ.....

(මගේ රත්තරන් අම්මා වෙත ආදරයෙන් )
 

0775504800

Member
Sep 24, 2010
11
0
0
ඔබ සහ මා

ආදරය වැස්ස මෙනි
නිරුදක කතරක් වූ සිතකට
ආදර වැස්ස ලද විට
සශ්‍රික වෙයි ඒ නිසරු බිම
නව පණක් ලද්දා සේ
ඒ බිමේ
අහිංසක මුවැත්තියක්
ගතකරයි කෙළිදෙලෙන්
සරු බිම අගනේ බව සිතා.....
ඉඩෝරය පැමිණෙයි,
සරු බිම මැලවී ගොස් ඇත
මුවැත්තියද අසරණයි
එත් ඇය කුමක් කරනද.......
නිරුදක කතරේ සැරිසරන
සොඳුරු මුවැත්තියේ ඔබ,
හෙම්බත් වූ බව පෙනෙයි
පවසට දිය බිදකදු නොමැතිව
කිසි දිනකඳු නොසිදෙන,
දිය උල්පතක් ඇත මසිත තුල
ඒ දියට හැකි වේවි
සැමදාටම නිවනට ඔබේ පවස ....
නිසරු බිම යලි
සරු වේ සදාකල්
හැකිවේ ඔබට එහි
ගතකරනට කෙළිදෙලෙන්
පුන්සදක් නොවී ඔබ,
වේ නම් පහන්සිලක් මාහට
සදාකල් මගේ දිවිය
වේය මට වාසනා....
 

0775504800

Member
Sep 24, 2010
11
0
0
ඇත නැත....

( විෂමාකාර ලොව තුල ඇති නැති පරතරය විවිධාකාරයි. ලෝකයේ ඇති නැති පරතරය සරලව දැකීමකි,)
පාවහන් ඇත,
පළදින්නට දෙපා නැත...
දෙපා ඇත...
පළදින්නට පාවහන් නැත...
ලස්සන ලොවක් ඇත
දකින්නට දෑස් නැත....
දෑස් ඇත
දකින්නට ලස්සන ලොවක් නැත
පිපාසය ඇත
බොන්නට වතුර නැත
බොන්නට වතුර ඇත
පිපාසයක් නැත....
මවුපියන් ඇත
අගයක් නැත
අගයක් ඇත
ඒත්....මවුපියන් නැත
සඳත් හිරුත් දෙකම ඇත
පරදන්නට අදුර නැත
ලොවම අදුරට පැරදී ඇත
අදුර පරදන්නට සඳ නැත....
සොදුරු සිතැත්තියක් ඇත...
ඇසිතේ මා ඇඳේ දැයි දන්නැත
මසිතේ ඇයට ඉඩක් ඇත...
දෙසිත එක්වෙදයි දන්නැත.....