ලංකාවේ ප්‍රථමවතාවට පෙට්‍රල් දන්සලක්
වෙසක් පොහොය නිමිත්තෙන් විවිධ ආකාරයේ දන්සැල් මේ වන විටත් සංවිධාන වෙමින් පවතිනවා. ඒ අතරතුරේ වෙනස්ම ආකාරයේ දන්සැලක් කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් බව අප වෙත වාර්තා වේ. ඒ ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය කෙරෙන මහා පෙට්‍රල් දන්සලකි.
ස්ටන්ට් මේනියා සහ ඩෙස්ටිනි DJ's ආයතන මගින් සංවිධානය කරනු ලබන මෙම දන්සැලෙන් මේ වන විට පෙට්‍රල් ලීටර් 500ක් යතුරු පැදි සඳහා පමණක් නොමිලේ බෙදාදීමට සැලසුම් කොට තිබේ. ඒ අනුව එක් අයෙකුට අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක් හෝ ලබාදීම ඔවුන්ගේ අරමුණයි. මෙම දන්සල වෙසක් පෝදා කොටිකාවත්ත හොණ්ඩා ශාඛාවේදී අදියර තුනකින් පැවැත්වීමට නියමිතයි. ඒ සවස 5 සිට 7 දක්වාත් රාත්‍රී 9 සිට 10 දක්වාත් සහ රාත්‍රී 11 සිට අලුයම 1 දක්වාත්ය.
පෙට්‍රල් නොමිලේ වැඩි පිරිසකට ලබාදීමට මෙහි සංවිධායකවරුන් කැපවෙමින් සිටින අතර ඒ සඳහා ඔබත් දායක වීමට කැමැති නම් එහි සංවිධායක ෂෙනාස් මහතා සම්බන්ධ කර ගන්න. ෂෙනාස්ගේ දුරකථන අංකය 0777316445.