ලංකාවේ ප්‍රෝටීන් හිඟය...

SudaW

Well-known member
  • May 1, 2025
    394
    303
    63
    ධීවර සංස්ථාවේ කඩේ මාළු තියෙනවා අඩුවට. හැබැයි කොලිටි එක අඩුයි.
    අඩෝ එහෙමද?
    අපෙ ගෙදර ළඟට හැමදාම වගෙ එනවා ලොරිය නම්. උදේ 9ට විතර එන්නෙ හවස 5-6ට යනවා. මේ දවස්වල ආවේ නෑ වැස්ස එහෙම තියෙනකොට එනව අඩුයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    eaBiT1s.jpeg

    අඩෝ මේ පින්තූරෙන්ම පේනවා නේද ලංකාවේ කෑම සංස්කෘතියේ තියෙන මෝඩකම?
    උදේටයි දවල්ටයි බත්, රෑට රයිස්... කැරිම ආතල්...
    නම විතරයි වෙනස්, හැබැයි තුන් වේලටම කන්නේ එකම කාබෝහයිඩ්‍රේට් Carbs කන්ද....
    උදේටයි දවල්ටයි White Rice ගිලලා, රෑට ඒකම තෙල් සහ මොනෝසෝඩියම් ග්ලූටමේට් දාලා Fried Rice කියලා කනවා. මුළු දවසටම ඇඟට යන්නේ සීනි Glucose විතරයි... මේ වගේ කෑම රටාවක් තියෙන රටක මිනිස්සුන්ට Heart attacks එන්නේ නැතුව, දියවැඩියාව හැදෙන්නේ නැතුව වෙන මොනවා වෙන්නද බන්?

    උඹ කියපු කතාව ඇත්ත මචං. අපේ මිනිස්සු හැමදාම බලන්නේ Quantity over Quality, ඒ කියන්නේ කොලිටි එකට වඩා බඩ පුරවගන්න පුළුවන් ප්‍රමාණය විතරයි.. බිත්තර 10ක් රුපියල් 450ක් වෙද්දී, පරිප්පු කිලෝ එකක් රුපියල් 400යි කියලා පරිප්පු කිලෝ එකක් ගේන එකා හිතන්නේ ඌ මාර ලාභයක් කරගත්තා කියලා....
    හැබැයි බිත්තර 10කින් ඇඟට 100% ක්ම උරාගන්නා Bioavailable උසස්ම වර්ගයේ සම්පූර්ණ ප්‍රෝටීන් Complete Protein ග්‍රෑම් 60හෝ 70ක් කෙලින්ම ලැබෙනවා.. පරිප්පු කිලෝ එකේ ප්‍රෝටීන් තිබ්බට, ඒකේ තියෙන පෝෂණ විරෝධී සංඝටක Anti nutrients හින්දා ඒකෙන් ඇඟට උරාගන්නේ බාගෙටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතිරි ඔක්කොම බඩ පිපුම හදලා අමු ගූබෙටි වෙලා එළියට යනවා..
    පරිප්පු කිලෝ ගණන් කනකොට ප්‍රෝටීන්වලට වඩා මහා පරිමාණ Carbs ලෝඩ් එකක් තමයි ඇඟට යන්නේ. අන්තිමට ලාභෙට පරිප්පු කාපු එකාට දියවැඩියාව හැදිලා බෙහෙත්වලට දහස් ගණන් වියදම් කරන්න වෙනවා. බිත්තරයක්, Beef ටිකක් කාපු එකා ලෙඩක් නැතුව ශේප් එකේ ඉන්නවා..

    පරිණාමීයව මිනිස් සිරුර හැදිලා තියෙන්නේ දවස පුරාම මේ වගේ කාබ්ස් ලෝඩ් එකක් දිරවන්න නෙවෙයි. සොබාදහමෙන් ලේසියෙන්ම ලැබෙන මස්, මාළු, බිත්තර වගේ උසස් සත්ව ප්‍රෝටීන් Animal Protein වලින් පෝෂණය වෙන්නයි අපේ ජාන හැදිලා තියෙන්නේ... හැබැයි ලංකාවේ උන් කරන්නේ කොලිටි එක පැත්තකට දාලා, බඩ විතරක් පුරවගන්න ලාභ බඩු පස්සේ දුවන එක. මේ වගේ මානසිකත්වය නිසා තමයි ලංකාවේ බහුතරයක් මිනිස්සු එල හරක්වගේ බඩවල් ඉස්සරහට දාගත්තු මන්දපෝෂිත කොට මිට්ටෝ ජාතියක් වෙලා තියෙන්නේ...
    BUMP

     
    Last edited: