ලංකාවේ පාතාල කතා

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බරියා;20184278 said:
    machan elakiriyeth pathala un innawada koheda :lol::lol::lol::lol:

    -rep ලංකාවේ පාතාල කතා 05-24-2016 03:45 PM රටටම විස බෙදන සර්ප පැටවු

    ගණන් ගන්න එපා බන් ඔය කී බෝඩ් පාතාලෙ සිඟිති ලොල්ලෙක් වෙන්න ඇති...:lol:
     
    May 30, 2014
    413
    110
    0
    11402818_812400445533977_6926968094593280185_n.jpg




    මාමාස්මිගේ මරණයෙන් පසු
    මාලිගාවත්තේ පාතාලය ඉවරවේ ද?

    1978 බොරැල්ලේ උපන් මොහොමඩ් අස්මින් පාතාලයට එක්වුණේ නරක මිතුරු ආශ්‍රය නිසා ය. මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ නායකයාව සිටි ෆාජි, මාමාස්මිගේ පාතාල ලොක්කා ය. ෆාජිගේ කොල්ල කෑම් කප්පම් ගැනීම්වල පෙරමුණේ සිටියේ මාමාස්මිය.

    ෆාජි ද මාලිගාවත්ත පාතාලයේ රජු ලෙස සිටියේ මිනී මැරුම් හා කප්පම් ගැනීම් ආදිය ජයට පවත්වාගෙන යමිනි. පොලිසිය ඇස් වසමින් සැඟවී සිටි ඔහු ද 2009 අගෝස්තු 28 වෙනිදා මාලිගාවත්තේ දී මිය ගියේ ද පොලිස් විශේෂ බළකායේ වෙඩි පහරකිනි. ෆාජි මිය ගිය පසු මාලිගාවත්ත පාතාලය ටික කලක් නිහඬව තිබුණ ද මාමාස්මි ගේ නායකත්වය යටතේ යළිත් භීෂණය රජකරන්නට පටන් ගත්තේ ය. මාමාස්මි පළාතම බිය ගන්වන්නට වූයේ ය.

    ඔහුට කප්පම් නොදී මාලිගාවත්ත ප්‍රදේශයේ පමණක් නොව කොළඹ වෙනත් ප්‍රදේශවල පවා කිසිදු ගනු දෙනුවක් කළ නොහැකිව තිබුණි.

    පරණ යකඩ ව්‍යාපාරය පැවතු‍ෙණ් ඔහුගේ අණසක යටතේ ය. කුඩු ජාවාරම ද මෙහෙය වූයේ ඔහු ය. බිරියන් කීප දෙනෙකුම සිටින ඔහු නිල නොවන නඩු ද ඇසීය. දෙපැත්තෙන් ම මුදල් ගෙන නඩුව සමථයකට පත් කරන්නට ඔහුට ගතවන්නේ මාසයක් පමණ කෙටි කාලයකි. තීන්දුව අසාධාරණ වුවත් කිසිවකු කට හෙළවූයේ නැත.

    මහා පරිමාණ මත්කුඩු ජාවාරමට අමතරව ඔහු මිනී මැරීම සඳහා කොන්ත්‍රාත් ගත්තේ ය‍. සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම ඔහු කළේ පළාතම බිය ගන්වමිනි. පොලිසිය ඔහු අල්ලන්නට කොතරම් වෙහෙසුන ද අල්ලාගන්නට නොහැකි වූයේ ඔහු වටා තිබූ ඔත්තු ජාලය එතරම්ම ප්‍රබල වූ නිසා ය.

    ත්‍රිරෝද රථ තිහ හතළිහක් ඔහුගේ ඔත්තු ජාලයට සම්බන්ධ වී තිබිණි. මුහුණ වසාගත් පර්දාව පැලඳි මුස්ලිම් කාන්තාවක ගේ වෙසින් ඔහු ප්‍රදේශය පුරා සැරිසැරුවේ ය. නිදැල්ලේ මෙසේ වෙස්වලාගෙන ජීවත්වූ ඔහු ඇල්ලීමට පොලිසිය කීප වරක් ම කළ උත්සාහයත් වැරදී ගියේ ය.

    2012 වසරේදී මාමාස්මිගේ මල්ලි වන රසුල්ඩීන් මාලිගාවත්ත පොලිසියෙන් වෙඩි කා මිය ගිය පසු ඔහුගේ පාතාලය ඉරිතලා ගියේ ය. ඉන්පසු ඔහුගේ සගයන් දෙදෙ‍නකු වූ අස්වර් හා තවත් සගයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කළ පසුව මාමාස්මිගේ පාතාලය තවත් දුර්වල විය.

    එහෙත් මාමාස්මි වෙස් වලාගෙන සිය පාතාල කල්ලි මෙහෙයවීය.

    ඔහු වාර්තා වූ මිනී මැරුම් 4 කට හා තවත් මිනී මැරුම් ගණනාවකට සම්බන්ධ බව පොලිසිය කියයි.

    කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජුවාඩ් හජ්ජියාර් හා නව්ෂාඩ් දෙදෙනා ඝාතනය කිරීම ඔහුට විරුද්ධව ඇති එක් චෝදනාවකි. 2007 දී ද යුද හමුදා බුද්ධි අංශ කණ්ඩායමකට වෙඩි තැබීම පිළිබඳව ද ඔහු චෝදනා ලබා තිබේ.

    ‍මාමාස්මි පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරග සමයේ ටිකට්පත් වංචා කිරීමේ ‍සිද්ධියකට ද චෝදනා ලැබීය. මාමාස්මිගේ ගෝලයන් විසින් ලබාගත් ටිකට් වැඩිමිලට අලෙවි කිරීම කළේ ඔහුගේ අණසක යටතේ ය. මෙය ද පොලිසිය අනාවරණය කරගෙන ඇති ඔහුගේ තවත් නීති විරෝධී කටයුත්තකි.

    මාමාස්මි තම සහෝදරයාගේ මරණයෙන් පසු බොහෝ විට ජීවත් වූයේ වෙස් වලාගෙන ය. බොරැල්ල වැල්ලවත්ත වැල්ලම්පිටිය, වත්තල, මඩකලපුව , පුත්තලම වැනි ප්‍රදේශවල ද ඔහු විවිධ අවස්ථාවලදී විටින් විට සැඟවී සිටියේ ය. ඔහු ඒ සඳහා 1998, 2001, 2008 වර්ෂවලදී විවිධ නම් වලින් හැඳුනුම්පත් තුනක් ද ලබාගෙන ඇත.

    මාලිගාවත්ත ග්‍රෑන්ඩ්පාස් කෙසෙල්වත්ත ප්‍රදේශවලදී කරන ලද මිනීමැරුම් 4 කින් තුනකට වරෙන්තු ලබා සිටින මාමාස්මි විසින් කරන ලද බිය වැද්දීම් මරණ තර්ජන හා පහරදීම් අනන්තය. ඔහුට ඇති බිය නිසා කිසිවකු මේ අපරාධ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නට ගියේ නැත.

    2012 ජූලි 17 වෙනිදා දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ ඔහු පිළිබඳව ඔත්තුවක් දෙන අයෙකුට ලක්ෂ දහයක් දෙන බවට ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. එහෙත් මාමාස්මි පොලිස් ඇසට වැලි ගසමින් කට්ටි පනිමින් සිටියේ ය.

    ඔහුගේ මරණයෙන් පසුව තබන ලද මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දුන් පොලිස් පරීක්ෂක ඩී. සාගර කුලසේකර මහතා කීවේ ඔහු පොලිස් රියදුරුගේ ගෙල සිරකිරීමෙන් ලොකු අනතුරක් වන්නට ගිය නිසා ‍ඔහුට වෙඩි තබන්නට අණ ක‍ළ බව ය.‍

    අනතුරුව මාමාස්මිගේ නීත්‍යානුකූල බිරිය වන ෆාතිමා පර්ශානාට මෘත ශරීරය බාරදීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මෙනෙවිය මහජන සාමය කඩ නොවන පරිදි භූමදාන කටයුතු කරන ලෙස නියෝගය දුන්නා ය.

    මෙසේ පාතාල නායකයකු වුව ද පොලිසියෙන් වෙඩි කෑ මාමාස්මිගේ කුඩා කාලය සුන්දර එකක් විය. මාලිගාවත්ත දරුසලම් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු හොඳ පාපන්දු ක්‍රීඩකයෙක් ද විය.

    මාලිගාවත්තේ ලිවර්පුල් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ඔහු පාතාලයට ළං වුණේ පාපන්දු ක්‍රීඩාව නිසාම ය.

    එකල මාලිගාවත්තේ පාතාලයේ නැඟී එමින් සිටි ෆාජි, තාජි වැනි අය ද පාපන්දු රසිකයන් බැවින් පාපන්දු පිටියේදී මාමාස්මිගේ මිතුරන් බවට පත්වූහ.

    මේ කාලය වනවිට සුදා ‍රමේෂ් තෙල් බාලා වැනි අය මාලිගාවත්ත පාතාලයේ රජ කරමින් සිටි අවධියයි. ඔවුන්ගේ තාඩන පීඩනවලට එරෙහිව නැගී සිටින්නට ෆාජි ඇතුළු පිරිස මුස්ලිම් පාතාලයක් බිහි කළහ. එයට එකල නාගරික මන්ත්‍රීවරයෙකු වූ ඉම්ටියාස් ගේද සහාය ලැබිණි. ඇත්තටම මේ ‍ෆාජිලාගේ පාතාලයේ නිර්මාණකරුවන්ගේ පසු කළෙක වෙඩිකා මිය ගිය නාගරික මන්ත්‍රී ඉම්ටියාස් ය.

    ‍ෆාජිගේ නායකත්වයෙන් නිර්මාණය වූ පාතාලය සුදා තෙල් බාලා වැනි අයගේ මරණයෙන් පසු මාලිගාවත්තේ රජ කරන්නට විය.

    පාතාලයක් නිර්මාණය වන්නට දේශපාලකයකු ද මුල් වී ඇත්තේ එපරිද්දෙනි‍. පාතාලයෙන් එල්ලවූ තර්ජනවලට එරෙහිව බිහිවූ මේ පාතාලය ද එලෙසින් ම ජනතාවට කරදර කළේ ය.

    මාමාස්මිගේ මරණයෙන් හෙල්ලී සිටින මාලිගාවත්තේ පාතාලය දැන් සීසීකඩ විසිරී ඇත. එහෙත් අනාගතයේ තවත් පාතාල නායකයෙක් බිහි නොවීමට පොලිසිය වගබලා ගත යුතු ය.

    තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන සහ මාලිගාවත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පෙරේ‍රා මහත්වරුන්ගෙනි.
     
    May 30, 2014
    413
    110
    0
    11535851_812400615533960_9079696195929160184_n.jpg



    කඩුවෙල වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්මික.
    --------------------------------------------------------

    නවගමුව දේවාලය ආසන්නයේ ප්‍රජා ශාලාවක කරාටේ පන්ති පවත්වාගෙන යන බොහොම ක්‍රියාශීලී ජවසම්පන්න තරුණයෙකි. ඔහු නමින් ගල්හේනගේ ධම්මික ප්‍රදීප් පෙරේරා විය.

    හැඩිදැඩි සිරුරකට හිමිකම් කියූ මේ තරුණයා කරාටේ ක්‍රීඩාව ඉතාම භක්‌තියෙන් හැදැරූ අයෙකි. 90 දශකය මුල් කාල සීමාව වන විට නවගමුව ප්‍රදේශය පුරා කරාටේ ක්‍රීඩාව ඉතාම ජනප්‍රියව පැවතිණි. ප්‍රදේශයේ තරුණ තරුණියන් සෑහෙන පිරිසක්‌ ධම්මිකගේ කරාටේ පන්තියට සහභාගි වූහ.

    තම ගෝල බාලයන්ට කරාටේ ක්‍රීඩාව ක්‍රමානුකූලව ඉගැන්වීමට ඔහු හැම විටම උත්සාහ කළේය.

    කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දුප්පත් පවුලක හැදී වැඩුණු ධම්මික බොහොම දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ජය ගැනීමට කළේ විශාල සටනකි. වැඩිපුර මුදල් හරි හම්බ කිරීම ධම්මිකගේ එකම සිහිනය විය.

    ධම්මික කරාටේ ක්‍රීඩාවේ කළු පටි ශූරයෙකි. හත් අට දෙනකු සමග උවද එකවර සටන් කර ජය ගැනීමේ හැකියාවක්‌ ඔහුට තිබිණි. මේ හැකියාව නිසාම ඔහු කඩුවෙල ප්‍රදේශයේම ප්‍රසිද්ධ චරිතයක්‌ බවට පත්ව සිටියේය. ධම්මික ප්‍රදීප් පෙරේරා "කරාටේ ධම්මික" ලෙස කඩුවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් වූයේ මේ කාල සීමාවේදීය.

    කඩුවෙල ප්‍රදේශයේ පාතාල ලෝකයේ කෙරුම්කාරයා බවට පත්ව සිටියේ වසන්තය. "කඩුවෙල වසන්ත" කියූ පමණින් පාතාල ලෝකයම හෙල්ලුම් කන චරිතයක්‌ බවට ඔහු පත්ව සිටියේය.

    මත්කුඩු ජාවාරම, කුලී මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් වසන්ත මහා පරිමාණයෙන් මුදල් ඉපයුවේය.

    කරාටේ ධම්මික කුඩා කල සිටම කඩුවෙල වසන්ත ඇසුරු කළේය. ධම්මික කරාටේ ශූරයකු වූ නිසා වසන්ත තුළද ඔහු කෙරෙහි තිබුණේ විශේෂත්වයකි.

    වසර ගණනක්‌ තිස්‌සේ කරාටේ පන්ති කළ ධම්මිකට ලැබුණේ ඉතාම සොච්චම් මුදලකි. මුදල් හම්බ කිරීමේ දැඩි ආශාවකින් සිටි ධම්මික කල කිරීමට පත්ව සිටියේය.

    "වසන්ත අයියා කරාටේ පන්ති කරලා ඔලුව උස්‌සන්න හම්බ වෙන්නෙ නැහැ. අතට ගාණක්‌ එන වැඩක්‌ කරන්න ඕනේ."

    ධම්මික සිය සමීපතම මිතුරා වූ වසන්තට කීවේය. ධම්මික බොහෝ අවස්‌ථාවලදී වියදමට මුදල් ඉල්ලා ගත්තේ කඩුවෙල වසන්තගෙන්ය.

    ප්‍රදර්ශනාත්මක කරාටේ තරගාවලි සඳහා ඉදිරිපත්වීම ධම්මික පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය. ඒ සෑම තරගයකින්ම ජයග්‍රහණය කළේ ධම්මිකය. මේ කරාටේ තරගාවලි නැරඹීමට යැම කඩුවෙල වසන්ත කොයි මොහොතකවත් අමතක කළේ නැත.

    "ධම්මිකයා අපේ ගමේ කොල්ලා ඌට සපෝර්ට්‌ කරන්න ඕනේ."

    කඩුවෙල වසන්ත සිය ගෝලබාලයන්ද සමග ත්‍රිරෝද රථවල නැඟී ධම්මික සහභාගි වන තරගාවලි නැරඹීමට ගියහ.

    ධම්මිකගේ ඥති සොහොයුරියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය කඩුවෙල වසන්ත පසුකලෙක ඇය විවාහ කර ගත්තේය. එය වසන්තගේ දෙවැනි කසාදය විය. ඥාති සොහොයුරිය විවාහ කර ගැනීමෙන් පසු ධම්මිකත් කඩුවෙල වසන්තත් තව තවත් සමීප වූහ.

    "උඹ මගෙත් එක්‌ක හිටපං. මම උඹව ගොඩදාලා දෙන්නම්. උඹට ඕනෙ ඉක්‌මනින් පොහොසතෙක්‌ වෙන්නනේ. අපි එකතුවෙලා වැඩ කරමු."

    කඩුවෙල වසන්ත කරාටේ ධම්මිකට කීවේය. ධම්මික කරාටේ ක්‍රීඩාවට මෙන්ම අවි ආයුධ පරිහරණයට ද දැක්‌වූයේ උපන් හපන්කමකි. ඕනෑම ගිනි අවියකින් ඉලක්‌කයට වෙඩි තැබීමේ හැකියාව ඔහු සතු විය.

    කරාටේ ධම්මික ඉක්‌මනින් මුදල් ඉපයීමේ මාර්ග සොයන්න වූයේය. කඩුවෙල වසන්ත සමීපව ඇසුරු කිරීම නිසා ඔහුට පාතාල ලෝකයේද කිසියම් තැනක්‌ ලැබී තිබිණි.

    තම සගයන් දෙදෙනකු සමග එක්‌ව අතුරුගිරියේදී සිගරැට්‌ වෑන් රථය කොල්ලකෑමට කරාටේ ධම්මික සැලසුම් කළේ හොර රහසේමය.

    මංකොල්ලකෑම් කිරීම කඩුවෙල වසන්ත තදින්ම ප්‍රතික්‌ෂේප කළේය. තම කණ්‌ඩායමේ කිසිවකුටත් මංකොල්ලකෑමට ඔහු ඉඩ දුන්නේ නැත. කරාටේ ධම්මිකද ඒ බව හොඳින් දැන සිටියේය. ඒ නිසාම මේ මංකොල්ලය හොර රහසේ සිදුකිරීමට ඔහු හැම උත්සාහයක්‌ම දැරුවේය.

    1992 වර්ෂයේ එක්‌තරා දිනෙක කරාටේ ධම්මික සිය සගයන් දෙදෙනකුද සමග යතුරුපැදියකින් ගොස්‌ අතුරුගිරිය නගරයේදී සිගරැට්‌ වෑන් රථය කොල්ලකෑවේය. මෙම සිද්ධිය වන විට අතුරුගිරිය පොලිසියේ කොස්‌තාපල් වරයකු වූ (994) අමරවංශ මහතා රාජකාරි කටයුත්තක්‌ නිමකර පොලිසිය වෙත යමින් සිටියේය.

    සන්නද්ධ පුද්ගලයන් තිදෙනකු සිගරැට්‌ වෑන් රථය කොල්ලකනු දුටු අමරවංශ රාළහාමි සිය ගිනි අවියෙන් කොල්ලකරුවන්ට වෙඩි තැබුවේය. අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් කරාටේ ධම්මික අන්දමන්ද වූයේය. කරාටේ ධම්මික සිය ගිනි අවියෙන් පොලිස්‌ නිලධාරියාට වෙඩි පිට වෙඩි ප්‍රහාර එල්ල කළේය.

    වෙඩි ප්‍රහාරවලින් කොස්‌තාපල් අමරවංශ මහතා මරුමුවට පත්විය. එහෙත් පොලිස්‌ නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ධම්මික සමග සිටි සගයකුද බරපතළ තුවාල ලබා බිම වැටී සිටියේය.

    තුවාල ලබා සිටි සිය සගයා අතහැර යැමෙන් කොල්ලකෑම පිළිබඳව සුලමුල හෙළිවන බව ධම්මික සිතුවේය. ඔහු රැගෙන යැමටද හැකියාවක්‌ නැත. දෙවරක්‌ නොසිතා ධම්මික තමන් සමග එකට සිට වෙඩි කෑ සගයාට පිට පිට වෙඩි තැබුවේය. තමන් සමග එකට සිටි සගයා මරා දැමීමට තරම් ඔහු තිරිසනකු බවට පත්විය.

    රුපියල් ලක්‍ෂ ගණනක මුදල් කොල්ලකෑ ධම්මික යතුරුපැදියේ නැගී ඉගිල ගියේය. මේ මහා අපරාධය මුළු කඩුවෙල ප්‍රදේශය පුරාම ප්‍රචාරය වන්නට වැඩි වේලාවක්‌ ගතවුණේ නැත. මේ පිළිබඳව සැලවීමෙන් කඩුවෙල වසන්ත දැඩි ලෙස කෝප වූවේය.

    "යකෝ බලු වැඩ කරන්න එපා. මම උඹට හැමදාම කියනවා මංකොල්ලකන්න එපා කියලා. සල්ලි නැත්නම් මගෙන් ඉල්ලපන් ජරාවැඩ කරන්නෙ නැතිව."

    කඩුවෙල වසන්ත ධම්මිකට බැන වැදුණේය. ධම්මික නිහඬව සියලු ඇනුම් බැනුම් ඉවසා සිටියේය. කඩුවෙල වසන්තගේ අවවාද අනුශාසනා කිසිවක්‌ පිළිනොගත් ධම්මික තවත් මහා පරිමාණ මංකොල්ලයකට සැලසුම් සකස්‌ කළේය.

    කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රන් ආභරණ වෙළෙඳසලක්‌ කොල්ලකෑමට කරාටේ ධම්මික ඇතුළු සගයන්ට හැකි විය.

    මෙම කොල්ලකෑම්වලින් රුපියල් ලක්‍ෂ ගණනක මුදලක්‌ කරාටේ ධම්මිකට උපයා ගැනීමට හැකිවිය. ධම්මිකගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව කඩුවෙල වසන්ත දැක්‌වූයේ දැඩි අප්‍රසාදයකි. වසන්ත කීපවරක්‌ම ධම්මිකට අනතුරු ඇඟවූයේය.

    "උඹ ඔය කරන වැඩේ නතර කරපං. එහෙම නොවුණොත් මම නරක මිනිහා කියන්න එපා. කඩුවෙල චණ්‌ඩි දෙන්නෙක්‌ ඉන්න බැහැ."

    කඩුවෙල වසන්ත දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය. වසන්තත් ධම්මිකත් අතර ඇතිවී තිබූ විරසක බව දෙගුණ තෙගුණ කිරීමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකි. ඔහු කඩුවෙල ගල් චන්දරේ නම් විය. මොවුන් දෙදෙනාගේ විරසක වීම මහා ගැටුමක්‌ දක්‌වා දුරදිග යැමට හේතු වූයේ ගල් චන්දරේගේ කේලාම් නිසාය.

    යුද හමුදා සහ පොලිස්‌ නිල ඇඳුම් වලින් සැරසී ගොස්‌ මහා පරිමාණ කොල්ලකෑම් සිදුකිරීම ධම්මික ඇතුළු කල්ලිය ක්‍රියා කළේ වසන්තගෙන් එල්ල වූ තර්ජන ගර්ජන කිසිවක්‌ ගණනකට නොගෙනය.

    ඒ වන විට කරාටේ ධම්මික වෙනම පාතාල කල්ලියක්‌ කඩුවෙල ප්‍රදේශයේ බිහිකරගෙන සිටියේය. ආමි රොෂාන් ධම්මිකගේ සමීපතම ගෝලයා විය. යුද හමුදාවෙන් පළා ආ සෙබළකු වූ ආමි රොෂාන් දක්‍ෂ වෙඩික්‌කරුවෙකි.

    "හැමදාම වසන්තයට බයේ ඉන්න බැහැ. ඌව ඉවරයක්‌ කරලා දාන්න ඕනේ."

    2002 වර්ෂය වන විට කඩුවෙල ප්‍රදේශයේ පාතාල කිරුළ සඳහා ද්වන්ධ සටනක්‌ හටගෙන තිබිණි. තම සෙවනේ හැදී වැඩුණු ධම්මික තමන්ට අභියෝගයක්‌ වීම ගැන වසන්ත සිටියේ දැඩි වෛරයකිනි. ධම්මික ප්‍රසිද්ධියේම කඩුවෙල වසන්තට අභියෝග කළේය.

    අධිකරණ නියෝගයක්‌ මත කඩුවෙල වසන්ත සෑම සතියකම ඉරිදා දිනයේ නවගමුව පොලිසියේ පෙනී සිටිය යුතුවිය. කරාටේ ධම්මිකගේ ගෝල බාලයන් වසන්ත පරලොව යෑවීමේ සැලසුම් සකස්‌ කරමින් සිටියහ. ඔවුන් වසන්තගේ ගමන් බිමන් පිළිබඳව හොර රහසේම සොයා බලන්නට වූහ.

    2002 වර්ෂයේ මැයි මස 26 වැනි වෙසක්‌ පොහොය දින කඩුවෙල වසන්ත පොලිසිය ඉදිරියේ පෙනී සිටින බව ධම්මිකගේ ගෝලයන් සොයා ගත්තේය.

    ඔවුන් ඒ බව කරාටේ ධම්මිකට කීහ. එදින කඩුවෙල වසන්ත පරලොව යෑවීමේ සැලසුම කරාටේ ධම්මික ප්‍රමුඛ ගෝලබාලයන් විසින් සකස්‌ කරන්නට වූහ.

    "වසන්තත් එක්‌ක හැම වෙලාවෙම හත් අට දෙනෙක්‌ ඉන්නවා. උන් ආයුධ අරගෙන යන්නේ. ඒ නිසා වසන්තයට වැඩක්‌ දෙන එක බොහොම පරිස්‌සමට කරන්න ඕනේ."

    වසන්තගේ තරම හොඳින් දන්නා කරාටේ ධම්මික සිය ගෝලයන්ට කීවේය. ආමි රොෂාන් මොහොතක්‌ කල්පනා කළේය. වසන්තව විනාශ කිරීමේ පහසුම මාර්ගය කුමක්‌දැයි ඔවුන් සියලු දෙනා සිතන්නට වූහ.

    "අපි ආමි යුනිෆෙම්වලින් ගිහින් වසන්තව අතරමගදී උස්‌සමු. මිනිහා ආමි එකටයි පොලිසියටයි ඔළුව නවනවා. එහෙම ගියොත් කලබලයක්‌ නැතිව අපිට වසන්තව ඉවරයක්‌ කරලා දාන්න පුළුවන්."

    ආමි රොෂාන් කීවේය. ඔහුගේ අදහසට කව්රුත් එකඟ වූහ.

    "වසන්තගේ ගෲප් එකේ කට්‌ටිය අඳුනන්නේ නැති ටීම් එකක්‌ මේ වැඩේට දාන්න ඕනේ. එහෙම නොවුණොත් වසන්තලා කලබල කරන්න පුළුවන්. කොහේදී ඉස්‌සුවත් වසන්තයව මගේ දෙපතුළ ළඟට ගෙනල්ලා මරන්න ඕනේ."

    කරාටේ ධම්මික කීවේ දැඩි ස්‌වරූපයකිනි. ආමි රොෂාන් කඩුවෙල ප්‍රදේශයට ආගන්තුකයකු නිසා මෙම මෙහෙයුමට නායකත්වය දීමේ කාර්ය ඔහුට පැවරිණි. යුද හමුදාවෙන් පලා ආ සෙබළුන් පස්‌ දෙනකු මෙම මෙහෙයුමට එක්‌ වූහ.

    කඩුවෙල වසන්ත පරලොව යෑවීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය ටී 56 ගිනි අවි, එස්‌. 84 වර්ගයේ අවි, පිස්‌තෝල ඇතුළු ස්‌වයංක්‍රීය ආයුධ රාශියක්‌ ලබා දීමට කරාටේ ධම්මික පියවර ගත්තේය.

    යුද හමුදා අංක තහඩු යෙදූ වෑන් රථයක්‌ද මේ සඳහා යොදා ගැනීමට සූදානම් කළේය. වෙසක්‌ පොහොය දින වසන්ත නවගමුව පොලිසිය හමුවේ පෙනී සිට ආපසු එද්දී අතරමගදී ඔහු පැහැර ගැනීමට සියලු සැලසුම් සකස්‌ කෙරිණි.

    පොලිසිය හමුවේ පෙනී සිටීමට යද්දී නිරායුධව යැම වසන්තගේ පුරුද්දක්‌ විය. 26 වැනිදා උදේවරුවේ වසන්ත සිය ගෝලබාලයන් කීප දෙනකු ද සමග නවගමුව පොලිසිය වෙත ගියේ හිතවතකුගේ බස්‌ රථයකින්ය.

    වෙසක්‌ පොහොය දින කඩුවෙල නගරයේ දන්සල් කීපයක්‌ වසන්තගේ අතින් විවෘත කිරීමට නියමිතව තිබිණි. ඒ සඳහා වසන්ත කල්වේලා ඇතිව පැමිණෙන අදහසින් පොලිසියෙන් පිටත් වූවේය.

    කරාටේ ධම්මික සහ ඔහුගේ සහචරයන් තමන් එනතුරු මග රැකගෙන සිටින බව කඩුවෙල වසන්ත දැන සිටියේ නැත.

    මෙහෙයුමට නායකත්වය දුන් ආමි රොෂාන් උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුගේ නිල ඇඳුමක්‌ ඇඳ සිටියේය. සෙසු සගයන් පස්‌ දෙනා යුද හමුදා ඇඳුම් ඇඟලාගෙන සිටියහ.

    කරාටේ ධම්මික වෙනත් වාහනයක නැගී නවගමුව බෝමිරිය ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයක රැකවල්ලාගෙන සිටියේ ආමි රොෂාන් ඇතුළු සගයන් කඩුවෙල වසන්ත තම දෙපාමුලට ඇදගෙන එනතුරුය.

    ආමි රොෂාන් ඇතුළු පිරිස නවගමුව පොලිසියෙන් බෝමිරිය හන්දියත් අතර ස්‌ථානයක මාර්ග බාධකයක්‌ යොදවාගෙන කඩුවෙල වසන්ත එනතුරු බලා සිටියහ. වසන්ත පිටත්වෙන වේලාවල් පිළිබඳව සෙවීමට යොදවා සිටි ඔත්තුකරුගෙන් ආමි රොෂාන්ට ඇමතුමක්‌ ලැබිණි.

    "වසන්තය බස්‌ එකක එනවා. අපි උන්ව අතර මගදී බස්‌සවලා වෑන් එකට දාගමු. ආමි රොෂාන් සගයන්ට කීවේය."

    කඩුවෙල වසන්ත ඇතුළු සගයන් පස්‌ දෙනකු රැගත් බස්‌ රථය හමුදා ඇඳුමින් සැරසී සිටි ධම්මිකගේ ගෝලබාලයන් පිරිස නතර කළහ.

    පොලිස්‌ නිල ඇඳුමින් සැරසී සිටි ආමි රොෂාන් බස්‌ රථයට ගොඩ වූවේය.

    "උඹලා ළඟ ආයුධ තියෙනවා කියලා ඉන්ෙµdමේෂන් එකක්‌ ආවා. අපිට චෙක්‌ කරන්න ඕනේ. බස්‌ එකෙන් බැහැපල්ලා."

    ආමි රොෂාන් කෑගැසුවේය.

    "අපි ළඟ ආයුධ නැහැ සර්. අපි නවගමුව පොලිසියට ගිහින් එනගමන් වසන්ත කීවේ ඇඟට පතට නොදැනෙන්නටය.

    "ඒකට කමක්‌ නැහැ උඹලා ආමි වෑන් එකට නැගපල්ලා. අපිට උඹලාගෙන් ප්‍රශ්න කරන්න තියෙනවා."

    ආමි රොෂාන් වසන්තට තර්ජනය කළේය. අණට කීකරු වූ වසන්ත ඇතුළු සගයන් පස්‌දෙනා හමුදා අංක තහඩු යෙදූ වෑන් රථයට ගොඩ වූහ.

    ඒ අතරතුර සිය ජංගම දුරකතන යෙන් කරාටේ ධම්මිකට ඇමතුමක්‌ ලබාගත් ආමි රොෂාන් වසන්ත ඇතුළු පිරිස රැගෙන එන බව කීවේය.

    "කලබල කරන්න දෙන්නෙ නැතිව වසන්තයව මගේ ළඟට ගේන්න. ඕකගේ ලොකුකම යන්න මගේ ඉස්‌සරහාපිටදීම පරලොව යවන්න ඕනේ." ධම්මික සිය සගයාට කීවේය.

    කඩුවෙල වසන්ත ඇතුළු පිරිස නංවාගත් වෑන් රථය පහළ බෝමිරිය දෙසට වේගයෙන් ධාවනය කරන්නට විය. හමුදා අංක යෙදූ වෑන් රථය පදවාගෙන ගියේ ධම්මිකගේ කිට්‌ටුවන්තම සගයෙකි. කඩුවෙල වසන්තගේ ගෝලයකු ධම්මිකගේ සගයා හඳුනාගත්තේය.

    "වසන්ත අයියා අපිට වැඩේ වැරදිලා වගෙයි. මුන් සේරම ධම්මිකයගෙ ගෝලයෝ. "තමන් පැහැරගෙන යන්නේ ධම්මිකගේ ගෝලබාලයන් බව දැනගත් කඩුවෙල වසන්ත කෝපාවිෂ්ඨ වූවේය. තොපිට පුළුවන්ද කඩුවෙලට ඇවිත් අපිට මේ වගේ දෙයක්‌ කරන්න. මම තොපිව ඉතුරු කරන්නේ නැහැ."

    කඩුවෙල වසන්ත ඇතුළු ගෝලබාලයන් ධම්මිකගේ සගයන් සමග පොර බදන්නට වූහ. සියලු සැලසුම් ව්‍යර්ථ වූ බව ආමි රොෂාන්ට පෙනී ගොස්‌ තිබිණි. තවදුරටත් වසන්ත ඇතුළු පිරිස වෑන් රථයේ රැගෙන යැම අවදානම් බව ඔහුට තේරුම් ගියේය.

    රොෂාන් එකවරම ටී 56 ගිනි අවිය කඩුවෙල වසන්ත ඇතුළු පිරිස වෙත එල්ල කරමින් පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළේය.

    මුළු ප්‍රදේශයම දෙවනත් කරමින් එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් කඩුවෙල වසන්ත ඇතුළු සගයන් පස්‌ දෙනාම අවසන් ගමන් ගියහ. හතර අතට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් වෑන් රථයේ ඉන්ධන ටැංකියටද හානි සිදුවී තිබිණි. පහළ බෝමිරිය මේධානන්ද මාවත ඔස්‌සේ වේගයෙන් ධාවනය වූ වෑන් රථය එකවරම අතරමග නතර විය. ඉන්ධන ටැංකියට හානි වී ඉන්ධන ගලා යැම නිසා වෑන් රථය ඉදිරියට රැගෙන යැම දුෂ්කර වී තිබිණි.

    "දැන් වෙන කරන්න දෙයක්‌ නැහැ. වාහනේ මග දාලා අපි පනිමු." ආමි රොෂාන් සිය සගයන්ද සමග වෑන් රථය මේධානන්ද මාවතේ නතර කර දමා ඉන් පැන ගියහ.

    "ධම්මික අයියා වැඩේ වැරදුණා. වසන්තයා අතරමගදී කලබල කරන්න ගත්තා. අපි ඌට වෙඩි තිබ්බා."

    රොෂාන් සිය ප්‍රධානියාට සියල්ල දැනුම් දුන්නේය. කෙසේ හෝ වසන්ත පරලොව යැම ගැන ධම්මික සතුටු වූවේය. තමන් ඉදිරිපිටදී වසන්ත මරා දැමීමට නොහැකි වීම ගැන ඔහු තුළ ඇතිවූයේ පසුතැවිල්ලකි.

    වසන්ත ඇතුළු පිරිස මහ දවල් අමුඅමුවේම මරා දැමූ ධම්මික ඇතුළු සගයන් කෙළින්ම ගියේ බේරුවල ජර්මන් සුනිල්ගේ හෝටලය වෙතය. ජර්මන් සුනිල් කරාටේ ධම්මිකගේ සමීපතම මිතුරකු විය. තමන් මෙවැනි අපරාධයක්‌ සිදුකර පැමිණි බව සුනිල්ට නොකීමට ධම්මික ඇතුළු සගයන් වගබලා ගත්හ.

    එවකට බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාව සිටියේ සිරිසේන හේරත් මහතාය. මෙම කෲර ඝාතනය කරාටේ ධම්මික ඇතුළු සගයන් විසින් සිදුකළ බව අනාවරණය කර ගැනීමට පොලිසියට වැඩි දවසක්‌ ගතවූයේ නැත.

    පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ධම්මික ඇතුළු සගයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළහ.

    ජර්මන් හෝටලයේ සැඟවී සිටි කරාටේ ධම්මික ඇතුළු සගයන් සියලු දෙනා අවි ආයුධත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

    කරාටේ ධම්මික මුල්වරට බන්ධනාගාරගත වන්නේ මේ සිද්ධියෙන් පසුවය. මහා පරිමාණ මංකොල්ලකෑම්වලට ප්‍රසිද්ධියක්‌ ඉසිලූ කරාටේ ධම්මික පාතාල ලෝකයේ මහා කෙරම්කාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වන්නේද කඩුවෙල වසන්ත පරලොව යෑවීමේ සිද්ධියත් සමඟය.

    වැලිකඩ බන්ධනාගාරයේදී කරාටේ ධම්මිකට ලැබෙන්නේ විශේෂ වරප්‍රසාදයකි. ඒ වන විට පාතාල ලෝකයේ කිරුළු නොපලන් රජකුව සිටි කඩුවෙල වසන්ත ඝාතනය කිරීම නිසා ධම්මිකට අපරාධ ලෝකයේ ඉහළම තැනක්‌ ලැබී තිබිණි.

    අවි ආයුධවලින් පමණක්‌ නොව අතින් පයින් පවා ඕනෑම පුද්ගලයකු සමග සටන් කිරීමේ හැකියාවක්‌ තිබීම නිසා බන්ධනාගාරයේ චණ්‌ඩින්ද ධම්මිකට අතක්‌ එසවීමට ආවේ නැත.

    බන්ධනාගාරයේ සිටියදී පවා ධම්මික දෛනිකව සිය ව්‍යාපාර කටයුතුවල නිරත වූවේය. දිනපතාම පැය කීපයක්‌ යෝගී ව්‍යායාම් කිරීමද ධම්මික පුරුද්දක්‌ ලෙස කළේය.

    වසරකට ආසන්න කාලයක්‌ කරාටේ ධම්මික වැලිකඩ බන්ධනාගාරයේ සිරබත් කෑවේය. ආමි රොෂාන් ඇතුළු සගයන්ද ඔහු සමග වූහ. පසුව ඇප මත මුදා හැරීමෙන් පසු කරාටේ ධම්මික කඩුවෙලට ආවේය.

    ධම්මික නැවත කඩුවෙලට එන්නේ පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකු ලෙසය. කරාටේ ධම්මිකගේ නම කියූ පමණින් මුළු ප්‍රදේශයේම ජනතාව දැඩි ලෙස භීතියට පත්වූයේ මොහුගේ ඇති තිරිසන් ගති පැවතුම් නිසාය.

    සිත්පිත් නැති ආකාරයට මිනිසුන් මරා දැමීම ධම්මිකට බොහොම සුළු දෙයක්‌ බව කා අතරත් ප්‍රචලිතව තිබිණි. ඉන් උපරිම ප්‍රයෝජන ගත් කරාටේ ධම්මික කඩුවෙල, නවගමුව, බෝමිරිය, හංවැල්ල, පාදුක්‌ක ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගත්තේය.

    කඩුවෙල නවගමුව ප්‍රදේශවල ගල් වළවල් වලින්ද ඔහු දෛනිකව කප්පම් මුදලක්‌ එකතු කළේය. ප්‍රදේශයේ පස්‌ කැපීමේ ව්‍යාපාරයද කරාටේ ධම්මික හරහා සිදුවිය.

    ඉඩමක්‌ විකුණන ඕනෑම පුද්ගලයකු ලැබෙන මුදලින් කොටසක්‌ කරාටේ ධම්මිකට ලබාදිය යුතුය. එසේ නොදුන්නොත් ඉඩම විකුණන පුද්ගලයාට සිදුවන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

    බන්ධනාගාරයෙන් ඇපමත මුදා හැරීමෙන් පසු කඩුවෙලට පැමිණ ධම්මික අධිකරණයේ විභාග වූ නඩුවලට පෙනී සිටීමට කිසිදු දිනක ගියේ නැත. නඩුවලට ඉදිරිපත් නොවීම නිසා ධම්මිකට අධිකරණ වරෙන්තු නිකුත් කෙරිණි. එහෙත් කිසිම දිනක පොලිසියට ධම්මික අත්අඩංගුවට ගන්නවා තබා ඔහු පිළිබඳව කිසිදු හෝඩුවාවක්‌ හෝ සොයා ගැනීමට නොහැකි විය. ඒ තරමටම ඔහු රහසිගත ජීවිතයක්‌ ගත කළේය.

    ----------------------------------------
    කරාටේ ධම්මිකගේ ගමනක අවසානය..
    ----------------------------------------
    දශක දෙකක පමණ කාලයක්‌ පුරා පාතාලයේ වැජඹෙමින් ක්‍රමයන් මෙරට පාතාල ලෝකයේ කිරුල හිමි කරගෙන නිල නොලත් රජෙකු සේ සිටි කඩුවෙල "කරාටේ ධම්මිකගේ" ජීවිත නාටකයේ ජවනිකා සියල්ල දැන් අවසන්ව තිබේ.

    අති බිහිසුණු බවින් යුතුව මෙතෙක්‌ සමාජ කරලියේ රඟ දැක්‌වුණු කරාටේ ධම්මිකගේ ජීවිත නාටකයේ එකී ජවනිකා සෑම මොහොතකම ම්ලේච්ඡත්වය, කෲර බව සේම අමු තිරිසන් ක්‍රියාදාමයන්ගෙන් යුතු වූයේ මෙරට සමාජය තුළ පැහැදිලි තිගැස්‌මක්‌ ඇති කරමිනි.

    එහෙත් ඒ සියල්ලට දැන් තිත තැබී ඇති බව පෙනෙන්නට තිබේ. කරාටේ ධම්මිකට සිදු වූයේ කුමක්‌ද? ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කෙරෙමින් කොලොන්නාවේ ඇති වූ ගැටුම ඉකුත් පළාත් පාලන මැතිවරණයේ සිදු වූ අමිහිරිම සිදු වීම බව අවිවාදිත කරුණකි.

    මේ සිද්ධිය වන විට පාතාලයේ රජ වී නාවල නිහාල්ගෙන් පසු බිහි වූ මෙරට පාතාලයේ "ගෝඩ් ෆාදර්" ලෙස සුපිරි ජීවිතයකට හිමකම් කී ධම්මිකද කොලොන්නාව පාතාල සංස්‌කෘතිය තුළ සිය රාජධානිය ගොඩ නගාගෙන සිටියේය.

    එහිදී සැමදා ඉහඳ ගසන මෙරට වෙලාගෙන ඇති පාදඩ දේශපාලනයේ රැකවරණය කරාටේ ධම්මිකට නොඅඩුව ලැබී තිබුණ බව පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට සේම තතු දත් සමාජයටද රහසක්‌ වී නොතිබිණි.

    එකී කුණු ගඳ ගසන දේශපාලනයේ රැකවලුන් සේ භාරත ලක්‍ෂමන් ඝාතනය දා කරාටේ ධම්මික සේම ඔහු වටා සිටි පාතාලයන් රැසක්‌ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ කුලී ඝාතකයන් සේ අවි දරා සිටි බව අද කියෑවෙමින් තිබෙන්නකි.

    එහෙත් භාරත ලක්‍ෂමන් ඝාතනයත් සමග ධම්මික ඔටුනු දරා සිටි කොලොන්නාව පාතාල රාජධානිය දෙදරා යන්නට වූයේ ධම්මික සමග එහි රැඳී සිටි ඔහුගේ සුවච කීකරු ගෝලබාලයන් වූ අවශේෂ පාතාලයන්ගේද ඉහමොළ රත්කෙරෙමින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    භාරත ලක්‍ෂමන් ඝාතනයත් සමග රටේ දේශපාලනයේ සිදු වූ බරපතල කැළඹීම සේම යළිත් පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුමක්‌ වෙත ආරක්‍ෂක අංශ ගමන් කිරීම ඊට Rජුවම බලපෑ එකම හේතු විය.

    මෙහිදී අවසානයට ධම්මික ඇතුළු සියලු පාතාල කෙරුමෙන් තෝරාගත් ක්‍රියාමාර්ගය වූයේ සියල්ල හැරදා සැඟවී පලා යැම විය.

    භාරත ඝාතනය දා ඊට Rජුවම සම්බන්ධ වූ බව කියන ධම්මිකගේ පාතාලයේ කෙරුමෙකු වූ දෙමටගොඩ කුඩු "චමින්ද" රටෙන් පැනයමින් සිටියදී රහස්‌ පොලිසියට කොටු වීමත් සමග කොලොන්නාව පාතාලයේ රජකළ ධම්මික ඇතුළු පිරිස එසේ පලා යන්නට වූයේ නතයෙන බේරීමෙ අදහසනිs.

    ධම්මික සේම ඔහු සමග එසේ පැන ගිය පාතාලයන් අතර රටේ නමගිය කුඩු රජවරුන් රැසක්‌ද වූ අතර ඒ සියල්ලන්ම පොලිසියට අවශ්‍ය කරන දරුණු අපරාධකරුවෝ ලෙස වාර්තා පොත්වලට එක්‌වී සිටියවුන්ද වූහ.

    මේ අතරේ දෙමටගොඩ රුවන්, ග්‍රෑන්ඩ්පාස්‌ රොෂාන්, තප්පර කට්‌ටා, නේවි රුවන් ආදී වශයෙන් වූ පාතාල කෙරුමන් හා කුඩු ජාවාරමුන් රැසක්‌ම වූ බව අද පොලිසියම කියන්නකි.

    මෙසේ පලා ගිය පාතාලයන් අතර සිටි පාතාලයේ "ගෝඩ් ෆාදර්" වූ ධම්මික අවසානයේ සිය නවාතැන කර ගත්තේ කෑගල්ල රඹුක්‌කන ප්‍රදේශයේ නිවසකි.

    ඒද නිකම්ම නොව සිය නම සහ වාසගම සමග වූ ජාතකයද වෙනස්‌ කර ගත් මිනිසකු ලෙසිනි. මෙම නිවස කරාටේ ධම්මිකගේ අනියම් බිරිඳක්‌ සිටි නිවසක්‌ ලෙස විටෙක සඳහන් වෙමින් තිබෙන අතර තවත් විටෙක කියෑවෙන්නේ එය ධම්මිකගේ සමීපතමයකුගේ නිවසක්‌ බවකි.

    පාතාලය යනු වරින් වර එකිනෙකා මරා ගනිමින් අනෙකා ඉස්‌මතු වීමේ නිරන්තර ක්‍රියාදාමයකින් යුතු ම්ලේච්ඡයන් රජයන සංස්‌කෘතියක්‌ ඇති තැනක්‌ම වේ.

    මරණය සිල්ලර වන පාතාලයේ එකී ක්‍රියාදාමය අනුව නොඅඩුව දේශපාලන රැකවරණ ලබමින් පාතාලයේ "ගෝඩ් ෆාදර්" ලෙස සිටියද සීතල මරණයේ භීතිය ම්මික වටාද කැරකැවෙමින් තිබුණා නොඅනුමානය.

    කරාටේ ධම්මික ඇතුළු සගයන් භාරත ඝාතනයත් සමග සියල්ල හැරදා මෙලෙස පලා යන්නේ එවන් භීෂණකාරී වටපිටාවක්‌ පාතාල සංස්‌කෘතියේ තිබියදී වීම විශේෂත්වයකි.

    නමුත් සියල්ල හැකිදා තමන්ට එරෙහිව පැවති භීෂණය, සැඟව යටපත්ව තිබුණද භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනයත් සමග දේශපාලන ශක්‌තියෙන් සේම තමන් වටා තිබූ බලයෙන්ද හීනව නන්නත්තාර වී පලා යන ධම්මික වෙතට මෙහිදී ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක ඇස යොමු වන්නේ පෙරකී මරණය සිල්ලර වන පාතාල සංස්‌කෘතියේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

    එහි අවසානය සටහන් වන්නේ ඉකුත් සිකුරාදා රාත්‍රි කරාටේ ධම්මික සැඟවී සිටි කෑගල්ලේ නිවසට කඩා වදින තවත් සන්නද්ධ පාතාල කල්ලියක්‌ පාතාලයේ ඔටුනු දරා සිටි ධම්මික පැහැරගෙන යැමත් සමගින්ය.

    කරාටේ ධම්මිකගේ මෙම පැහැරගැනීම තවමත් අභිරහසක්‌ව තිබෙන්නෙකි. මේ වන විට එය පොලිසියටද ගැටලුවක්‌ව ඇත්තේය. ධම්මිකලා රජ කළ පාතාලයෙන්ම අද ධම්මික අරබයා ඉරණම් විසඳුම ලැබී ඇත්තේ ධම්මිකලාටම හුරු පුරුදු එවන් අභිරහස්‌ වටපිටාවක්‌ද මවමිනි

    මෙසේ තවත් කල්ලියක්‌ විසින් පැහැරගෙන යනු ලැබූ කරාටේ ධම්මිකගේ පණ සුන් සිරුර මේ සටහන තබන මොහොත වන විට හෝ අද නැතිනම් හෙට ම්ලේච්ඡ අයුරින් ඝාතනය කර තිබියදී හමුවීමටද හැකිය.

    එසේත් නැතහොත් මෙතැන් පටන් කරාටේ ධිම්මික යනු මේ රටේ සදාතනිකව අතුරුදන් වූවන්ගේ ලැයිස්‌තුවට එකතු වූ තවත් එක්‌ චරිතයක්‌ ලෙස සටහන් වීමටද ඉඩ ඇත්තේය.

    කෙසේ වෙතත් දශක දෙකක්‌ පුරා මෙරට සමාජය තුළ පාතාලයේ භීෂණය වපුරවමින් මිනිස්‌ ඝාතන, භිහිසුණු කොල්ලකෑම්, ඇතුළු රට කැළඹූ අපරාධ රැසක්‌ සිදු කළ කඩුවෙල කොරතොට කරාටේ ධම්මිකගේ ඉරණම මේ මොහොත වන විට විසඳී ඇත්තේ එලෙසිනි.

    පාතාලයේ "ගෝඩ් ෆාදර්" වන තැන දක්‌වා නරුම ගමනක යෙදුණු මේ කරාටේ ධම්මික යනු කවරෙක්‌ද?

    මී දශක දෙකහාමාරකට පමණ ඉහතදී ඩකුවෙල කොරතොට ප්‍රදේශයේ පවුලක හැදී වැඩුණු තරුණයකු විය. හේ නමින් ධම්මික නම් වූවේය. මේ තරුණයාට තවත් සහෝදරයකු සේම සහෝදරියකද විය.

    කෙසේ වෙතත් මේ පවුලේ ජීවිත නිතර ගෙවී යන්නට වූයේ ආරවුල් සහිත පසුබිමක්‌ සහිතවය. පවුලේ දෙමව්පියන් අතරේ නිතර ඇතිවූ ගැටුම් ඊට හේතු වී තිබිණි.

    මේ අතරේ මඳින් මඳ හැදී වැඩුණු ධම්මික අපොස සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය හදාරා පසුව කරාටේ ක්‍රිඩාවට යොමු වූයේ ඒ සඳහා වූ උපන් හැකියාවක්‌ද සමගිනි.

    එතැන් පටන් කරාටේ ක්‍රීඩාවේ පරතෙර දක්‌වාම ගමන් කළ ධම්මික පසුව ප්‍රදේශයේ තරුණයන්ට කරාටේ උගන්වන කරාටේ ගුරුවරයකුද වූයේය. කොරොතොට හැදී වැඩුණු ධම්මික කරාටේ ධම්මික වන්නේ එලෙසිනි.

    මෙරට සිටින ධන කුවේරයකුගේ පුද්ගලික ආරක්‍ෂකයකු ලෙස ධම්මිකට රැකියාවක්‌ ලැබෙන්නේ එසේ ප්‍රදේශයේ තරුණයන්ට කරාටේ උගන්වමින් කරාටෙ ශූරයකුව සිටින අතරතුරු වේ.

    පොලිස්‌ පොත්වලට අනුව කොරතොට කරාටේ ධම්මික පාතාලයේ අත්පොත් තබමින් තවත් සගයන් දෙදෙනකු සමග එක්‌ව මෙරට නමගිය මුදල් කොල්ලයක්‌ වූ ලිබර්ටි ප්ලාසා මුදල් කොල්ලය සිදු කරනුයේ එසේ ප්‍රභූ ආරක්‍ෂකයකුව සිටියදීය.

     
    May 30, 2014
    413
    110
    0
    10488143_812400755533946_5372387207253578012_n.jpg



    ආමි රොෂාන්ගේ ගමනක අවසානය

    කඩුවෙල වසන්ත ඇතුළු ගෝලබාලයන් මරාදැමීමෙන් පසු කඩුවෙල ප්‍රදේශයේ පාතාල කිරුල කරාටේ ධම්මිකට හිමිවිය. තම කල්ලියේ සිටි දක්‍ෂතම වෙඩික්‌කරුවා වූ ආමි රොෂාන්ටද විශාල පිළිගැනීමක්‌ පාතාල කල්ලිය තුළ ඇතිවී තිබිණි.

    වසන්ත ඇතුළු සගයන් මරාදැමීමේ සිද්ධිය වී දින කීපයකට පසු ධම්මික ආමිරොෂාන් ඇතුළු පිරිස පොලිසියට කොටු වූහ.

    කනත්තගේ රොෂාන් දීප්තකුමාර හැදී වැඩුනේ මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේය. කුඩා කළ සිටම රොෂාන් ආසා කළේ යුද හමුදාවට එක්‌වී උතුරේ සටන් කිරීමටය. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු රොෂාන් හමුදාවට අයදුම් කළේය. ඒ කාල සීමාව වන විට උතුරේ යුද්ධය ඉතාම දරුණු අන්දමින් සිදුවෙමින් තිබිණි.

    රොෂාන් යුද හමුදාවේ 61 වැනි ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළකු ලෙස රාජකාරියට බැඳුනේ 1992 වර්ෂයේදීය. හමුදා සේවයට එක්‌වුවද වැඩිකල් නොගොස්‌ රොෂාන්ට එය එපා විය. නිවාඩු ලබා නිවසට එන රොෂාන් ආපසු ගියේ වැඩිපුර දින ගණනක්‌ ගත කිරීමෙන් පසුවය.

    අවි ආයුද අතපත ගෑමට ආසාවෙන් හමුදාවට එක්‌වූ රොෂාන් වැඩිදවසක්‌ යන්නට පෙර අවි ආයුධ පරිහරණය කිරීමේ දක්‍ෂයකු වූයේය.

    මේ ජොබ් එක මට හරියන්නේ නැහැ. ගමට ගිහින් නිදහසේ ඉන්න ඕනේ.

    තම නිදහස අගය කළ රොෂාන් හමුදා සේවයට ආයුබෝවන් කියා ආපසු ගමට ගියේය.

    මේ කාල වකවානුව වන විට රොෂාන් කරාටේ ධම්මික සමඟ ඇයි හොඳයිකම් පවත්වන්නට වූයේය. කරාටේ ධම්මික වසන්තගේ කල්ලිය අතහැර ස්‌වාධීනව තවත් පාතාල කල්ලියක්‌ බිහිකර ගැනීමට අරඅදිමින් සිටියේය.

    මල්ලි උඹ මගෙත් එක්‌ක හිටපන්. අපිට කවදාවත් වරදින්නේ නැහැ. හොඳ දේශපාලනඥයෙක්‌ අල්ලාගත්තොත් අපිට බයක්‌ නැතිව අපේ වැඩ කරගෙන ඉන්න පුළුවන්.

    කරාටේ ධම්මික රොෂාන්ට නව කල්ලියට එකතුවන ලෙස ආරාධනා කළේය. යුදහමුදා සේවයේ යෙදී සිටි නිසා කව්රුත් රොෂාන්ට කථා කළේ ආමි රොෂාන් කියාය. ධම්මිකගේ ඉල්ලීමට අනුව ආමි රොෂාන් ඔහුගේ කල්ලියට එක්‌වී විවිධ අපරාධ කිරීමට පටන් ගත්තේය.

    ආමි රොෂාන් මුල්ම දඩයම සිදු කළේ 2002 වර්ෂයේ මාර්තු 26 වැනිදාය. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සගයන් වු දඹානේ අජිත් සහ සමන් ලක්‍ෂමන් වැල්ලම්පිටිය බුද්ගමුව පාරේදී වෙඩිතබා ඝාතනය කළ ආමි රොෂාන් නිරුපද්‍රිතව පලා ගියේය.

    මෙම සිද්ධියෙන් පසු ධම්මිකගේ කල්ලිය සමඟ එක්‌වී කොන්ත්‍රාත් ක්‍රමයට මිනිමැරීම, මත්කුඩු ජාවාරමට සම්බන්ධ වීම කොල්ලකෑම, ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් ආමි රොෂාන් මුදල් ඉපවුයේය.

    කඩුවෙල වසන්ත ඇතුළු සගයන් මරාදැමීමේ සිද්ධියෙන් පසු ආමි රොෂාන්ගේ ජීවිතය කනපිට පෙරලෙන්නට විය.

    කරාටේ ධම්මික ඇප ලබා බන්ධනාගාරයෙන් පිටවුවද ආමි රොෂාන්ට ඒ නිදහස ලැබුණේ නැත. ආමි රොෂාන්ට තවත් කාලයක්‌ බන්ධනාගාරයේ ලගින්නට සිදුවිය.

    ඒ කාලසීමාවේදී කරාටේ ධම්මික ආමි රොෂාන් ගැන සොයා බැලුවේ නැත. ඔවුගේ පවුලේ අයගේ සුවදුක්‌ බැලීමටද ඔහු කටයුතු නොකළේය. මේ සිද්ධීන් නිසා ආමි රොෂාන් කරාටේ ධම්මික කෙරෙහි අපහැදිමකින් සිටියේය.

    අපි හැම දෙයක්‌ම කළේ ධම්මික වෙනුවෙන් ඒත් ඌ නිකන්වත් විසිට්‌ එකක්‌ දාන්න ආවේ නැහැ. අඩුමගානේ අපේ ගෙවල් දොරවල් ගැනවත් හොයලා බැලුවේ නැහැ.

    ආමි රොෂාන් දැඩි කලකිරීමෙන් යුතුව සිටියේය. මාස කීපයකට පසු රොෂාන්වද ඇපමත මුදාහැරිනු ලැබීය. රොෂාන් බන්ධනාගාරයෙන් ආ බව සැලවූවහාම කරාටේ ධම්මික ඔහුට කථා කළේය.

    එහෙත් ඒවනවිට ආමි රොෂාන් සිටියේ දැඩි කලකිරීමෙන් යුතුවය.

    වැඩක්‌ නෑනෙ ධම්මික අයියා උZඹ අපි ගැන බැලුවෙ නැහැනෙ.

    රොෂාන් කෙළින්ම තම අප්‍රසාදය පළකළේය. එතැන් සිට කරාටේ ධම්මිකත් ආමි රොෂානුත් වැඩි සම්බන්ධකමක්‌ පැවැත්වූයේ නැත. දෙන්නට දෙන්නා බැලුවේ දැඩි සැකයෙන්ය.

    කරාටේ ධම්මික හොර රහසේම ආමි රොෂාන් මරාදැමීමට සැලසුමක්‌ සකස්‌ කළේය. පාතාල ලෝකයේ සදාකාලික මිතුරන් නැති බව කරාටේ ධම්මික හොඳාකාරවම දැන සිටියේය.

    ධම්මික තමන් මරාදැමීමට අරඅදිමින් සිටින බව රොෂාන්ගේ කන වැකිණි. එතැන් සිට ධම්මික සමඟ තිබු සම්බන්ධතා නතර කළ ආමි රොෂාන් මතුගම ප්‍රදේශයට ගොස්‌ වෙනම පාතාල කල්ලියක්‌ බිහිකර ගැනීමට සැලසුම් කළේය.

    ප්‍රීතිකුමාර රොෂාන් ඇතුළු සගයන් කීපදෙනෙකුම ආමි රොෂාන්ගේ කල්ලියට එක්‌ව සිටියහ. මතුගම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන බිහිවූ පාතාල කල්ලිය විවිධ අපරාධ කිරීමට පටන් ගත්හ.

    රත්නපුර ප්‍රදේශයේ මැණික්‌ ව්‍යාපාරිකයන් කීප දෙනෙකු කොල්ල කෑම, කොන්ත්‍රාත් ක්‍රමයට ත්‍රිත්ව මිනිස්‌ ඝාතනයක්‌ සිදු කිරීම ඇතුළු තවත් අපරාධ රැසක්‌ රොෂාන් ඇතුළු ගෝලබාලයන් විසින් සිදුකළහ.

    ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් කප්පම් ගැනීම, අවි ආයුධ ජාවාරම, දැව ජාවාරම ඇතුළු නොයෙකුත් නීතිවිරෝධී ව්‍යාපාරවලින් ආමි රොෂාන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ඉපයූවේය.

    ඔහු ඉතාම සුපිරි ජීවිතයක්‌ ගත කිරීමට පුරුදුව සිටියේය. ඒවනවිට ආමි රොෂාන් දරුවන් තිදෙනෙකුගේ පියෙකු විය. එහෙත් ඒ දරුවනුත් බිරිඳත් අතහැර දැමූ රොෂාන් වෙනත් විවාහක කාන්තාවක සමඟ අනියම් ඇසුරක්‌ ගොඩනගා ගත්තේය.

    මේ අතර කඩුවෙල ප්‍රදේශයේ අවි ආයුධ ගනුදෙනුවකට ගිය රොෂාන් එහිදී ඇතිවු ගැටුමකින් බරපතල තුවාල ලැබුවේය. ආයුධ මිලයට ගැනීමට ආ පුද්ගලයන් සමඟ ඇතිවු ආරවුල දුරදිග යැම මෙම වෙඩි තැබීමට හේතු විය.

    තුවාල ලැබූ රොෂාන් හොර රහසේම නාගොඩ රෝහලට ඇතුළු වූවේය. සතුන්ට බඳින ගිනි අවියක්‌ පත්තුවීමෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බව රොෂාන් රෝහලට දැනුම් දුන්නේය.

    සති ගණනක්‌ තිස්‌සේ රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ ආමි රොෂාන් ඉන් පිටව ගොස්‌ මතුගම සිය රාජධානියට වී කල්ගත කරන්නට වූවේය.

    මේ කාල සීමාව වනවිට පාතාල ලෝකය මර්දනය කිරීමේ දැවැන්ත මෙහෙයුම් ආරම්භ වී තිබිණි. පාතාල ලෝකයේ කෙරුම් කාරයන් එකා දෙන්නා වෙඩි ප්‍රහාරවලට ලක්‌ව මිය යමින් සිටියහ. ආමි රොෂාන්ටද මරණයේ බිය ටිකෙන් ටික දැනෙන්නට විය.

    මතුගම ප්‍රදේශයට පිළිලයක්‌ වූ ආමි රොෂාන් පිළිබඳ නුගේගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය තොරතුරු සොයමින් සිටියේය. නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර මහතාගේ උපදෙස්‌ මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඕ. පී. අමරබන්ධු මහතා ඇතුළු නිලධාරීන් ආමි රොෂාන් වැටලීමේ මෙහෙයුම් ආරම්භ කළහ.

    මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක දිලීප පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ රහසිගතව මතුගම ප්‍රදේශයට ගොස්‌ ආමි රොෂාන්ගේ ගමන් බිමන් ඔහු සැඟවී සිටින ස්‌ථානයන් පිළිබඳ සොයන්නට වූහ.

    ආමි රොෂාන් සිය අනියම් බිරිඳ සමඟ වැලිපැන්න මීගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට තොරතුරක්‌ පොලිසිය වෙත ලැබී තිබිණි. ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඕ. පී. අමරබන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැලිපැන්න මීගම ප්‍රදේශයට ගොස්‌ ආමි රොෂාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළහ.

    ආමි රොෂාන් කොයිවෙලෙත් ඉන්නේ ආයුධ ළඟ තියාගෙන ඒ නිසා මිනිහට කිට්‌ටු වෙද්දී ප්‍රවේසම් වෙන්න ඕනේ.

    අමරබන්ධු මහතා සිය නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. ආමි රොෂාන් සැඟවී සිටි සුවිසල් නිවස වටා අඩි 12 ක්‌ උස්‌වූ තාප්පයක්‌ විය. විශාල තාප්පයට නැගගත් පොලිස්‌ නිලධාරීන් හොර රහසේම රොෂාන් සැඟවී සිටි නිවසට ඇතුළු වූහ.

    අනපේක්‍ෂිත මොහොතක පොලිස්‌ නිලධාරීන් නිවසට කඩාවැදීම නිසා දැඩි ලෙස කලබලයට පත්වූ ආමි රොෂාන් නිවසේ වහලය මතට නැගී පලා යැමට උත්සාහ කළේය.

    එහෙත් ඒවනවිට මුළු නිවසම පොලිස්‌ නිලධාරීන් වටකරගෙන සිටියහ. පලායැමට අපහසු බව දැනගත් රොෂාන් සුවිසල් නිවසේ අදුරු කාමරයක සැඟවී පොලිසියෙන් බේරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේය. අවසානයේදී ආමි රොෂාන් පොලිසියට කොටුවිය.

    ආමි රොෂාන්ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹිණ. රොෂාන් විකිණූ ටී 56 ගිනි අවියක්‌ රජයේ ඇමැතිවරයෙකුගේ ලේකම්වරයකු සතුව තිබී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඊට අමතරව තවත් ටී 56 ගිනි අවියක්‌ද පොලිසිය සොයා ගත්තේය. ආමි රොෂාන් අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු කළේය.

    සර් තව ආයුධ වගයක්‌ තියනවා යාළුවෙක්‌ ළඟ හැබැයි මගේ වාහනේම යන්න ඕනේ. ඒ ආයුධ ටික ගෙන්න ගන්න.

    රොෂාන් පොලිස්‌ නිලධාරීන්ට කීවේය. උප පොලිස්‌ පරීක්‍ෂක දිලීප පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ ඒ ආයුධ සොයා ගැනීමට රොෂාන්වද කැටිව පිටත් වූහ.

    රොෂාන් ලබාදුන් තොරතුරු අනුව පොලිස්‌ නිලධාරීන් එක්‌තරා ක්‍රීඩාංගණයක්‌ අසලට පැමිණියේය. එහෙත් රොෂාන් කියූ ආකාරයට එහි කිසිවකුත් නොවීය.

    ආමි රොෂාන් ඔහුට අයත් මෝටර් රථයේ ඉදිරිපස සිට අවට පරීක්‍ෂා කළේය. පොලිස්‌ නිලධාරීන්ට අවට ප්‍රදේශය පිරික්‌සන්නට වූහ.

    ඒ සැනෙකින් ක්‍රියාත්මක වූ රොෂාන් මෝටර් රථය ඉදිරිපස කොටසේ සඟවා තිබූ ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බයක්‌ ගෙන එහි පින්එක විවෘත කර පොලිස්‌ නිලධාරියෙකු දෙසට එල්ල කිරීමට උත්සාහ කළේය.

    ආමි රොෂාන්ගේ සැලසුම ව්‍යර්ථවිය. ඔහුට පෙර පොලිස්‌ නිලධාරීන් ක්‍රියාත්මක වූහ. එහෙත් රොෂාන් අසලම බෝම්බය පුපුරා ගියේය. ඒවනවිට රොෂාන්ට වෙඩි ප්‍රහාර කීපයක්‌ද වැදී තිබිණි.

    බෝම්බ පිපිරීමෙන් පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලැබීය. තුවාල කරුවන් සියලුදෙනා රෝහල්ගත කළ පසු ආමි රොෂාන් අවසන් ගමන් ගියේය. පාතාල ලෝකයේ මහා කෙරුම් කරුවෙක්‌ ලෙස වැජඹුණු පාතාල අපරාධකරුවන්ට සදාතනික උරුමයවූ අකල් මරණය රොෂාන්ටද හිමි විය. —
     
    May 30, 2014
    413
    110
    0
    10600646_812400958867259_5124498304135310755_n.jpg




    මැගසින් පාරෙන් පටන්ගත් ඕල්කට්‌ගේ ආරම්භය.

    ප්‍රේමය සුන්දරය, මිහිරිය එහෙත් ඒ සුන්දර වු ප්‍රේමයම අසම්මතයක්‌ වූ කල පෙනෙන සුන්දරත්වය පසුපස හඹා එන්නේ නොපෙනෙන ව්‍යසනයකි.

    බොහෝ විට එවන් අසම්මතයන්ගේ අවසානය සනිටුහන් වන්නෙ කේදවාචකයකිනි. ඉඳින් එවන් එක්‌තරා අස්‌ම්මත වූ ප්‍රේමයක අවසානයේ මතුවූ ශේෂයක්‌ මුළු මහත් සමාජයම වෙලාගත් පිළිලයක්‌ සේ විහිද යන්නේ නම්... එහි අවසානය කෙසේ කුමක්‌ විය හැකිද?

    තිස්‌ වසරක්‌ පුරා මුළු රටම වනසමින් සමස්‌ත ජනතාවටම ජීවිතය විඳවන්නට සැළැස්‌වූ එල්ටීටීඊ. ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට ජනතාව හමුවේ එක්‌ ප්‍රතිඥවක්‌ දුන්නේය.

    ඒ ත්‍රස්‌තවාදයට නොදෙවැනි ලෙස මුළු සමාජ දේහයටම වින කරන පාතාල අපරාධකරුවන් හා මත් ජාවාරම මෙරටින් අතුගා දමන බව පවසමිනි.

    ඒ අනුව ඉකුත් වසරේ අවසාන මාස කීපයේදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෘජු අණින් පාතාල අපරාධකරුවන් හා මත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්‍ෂක අංශ වෙත නියෝග ලැබිණි.

    එසේ නියෝග ලැබුණු එක්‌ පිරිසක්‌ වූයේ පොලිස්‌ විශේෂ කාර්ය බලකායය.

    මීට මාස කිහිපයකට ඉහතදී පාතාලයේ දැවැන්තයකු වූ මාලිගාවත්ත ප්‍රදේශය රාජධානිය කරගෙන සිටි කොළඹ මුස්‌ලිම් පාතාලයේ රජා ලෙස නමක්‌ දිනාගෙන සිටි මාලිගාවත්තේ "ෆාජි" පරලොව ගියේ ඉහත නියෝග යටතේ සිදු කළ මෙහෙයුමකදී පොලිස්‌ විශේෂ කාර්ය බලකාය හා ගැටෙන්නට යැමෙනි.

    එහිදී ෆාජිට සිදු වූයේ ජීවත්වන්නට තනාගත් තමන්ගේ මාලිගය තුළදීම මරු හා යන්නටය.

    ෆාජිගේ අවසානය වන විටත් කොළඹ පාතාලයේ හා මත්කුඩු ජාවාරමේ අංක එක ලෙස කියෑවුණු තවත් නමක්‌ ද තිබිණි.

    හේ ජයකොඩි ආරච්චිගේ ඕල්කොට්‌ සඳරුවන් පෙරේරා නොහොත් බොරැල්ල මැගසින් පාරේ ඕල්කොට්‌ය. කලක්‌ පාතාලයේ රජු ලෙස වැජඹුණු නාවල නිහාල්ගේ අතුරුදන්වීමත් සමඟ නාවල නිහාල්ගේ නාමය හා කියෑවුණු පාතාල ලෝකයේ "ගෝඩ් ෆාදර්" කිරුළ ද ඒ වන විට හිමිව තිබුණේ ඕල්කොට්‌ වෙතය.

    පාතාලයේ රජ කිරුල හිමි කර ගැනීම සෑම පාතාලකරුවකුගේම සිහිනයකි. ඒ අනුව මේ වන විට ඕල්කොට්‌ සිටියේ එම සිහිනය සැබෑ කරගත් ලාබාලම පාතාල රජා ලෙස වැජඹෙමිනි.

    පාතාල රජ කිරුළ වෙත ළඟා වූ ගමනේදී ඕල්කොට්‌ට මෙරට වැජඹෙන පාදඩ දේශපාලනඥයන් දෙතුන් දෙනකුගේද සහාය නොඅඩුව ලැබිණි.

    ඒ මැතිවරණවලදී සහ ඉහත කී දේශපාලනඥයන්ගේද නම් ඇදී තිබෙන මත්කුඩු ජාවාරමේදී ඕල්කොට්‌ගෙන් තමන්ට ලැබෙන සහායට පුද පඬුරු ලෙසිනි.

    මෙරට බිහිවූ සෑම පාතාල කෙරුමෙකුගේ මෙන්ම මත්කුඩු ජාවාරම, කප්පම් ගැනීම හා කුලී මිනී මැරුම් ඕල්කොට්‌ගේද ප්‍රධාන ආදායම් මාර්ග වී තිබිණි.

    ඉනුත් මෙරට මත්කුඩු ජාවාරම තුළදී ඕල්කොට්‌ට රජුන්ගෙත් රජ කිරුළ හිමිව තබිණි.

    ඒ කලකට ඉහත මෙරට පාතාල ලෝකයේ දැවැන්තයන් ලෙස වැජඹුණු මේ වන විට ඉන්දියාවට පැන ගොස්‌ සිටින කොළඹ ඔරුගොඩවත්ත තමිල්නාඩුවේ රජකළ තෙල් බාලා හා මෝදර කිඹුලා ඇළේ ගුණා හරහා කෙලින්ම ඉන්දියාවේ සිට මෙරටට මත්කුඩු ගෙන්වා බෙදා හැරීමට තරම් ඕල්කොට්‌ සමතකු වී සිටි බැවිනි.

    මෙරට ප්‍රධානම මත්කුඩු ජාවාරම්කරු වසර අටක සිට සැඟව සිටී....ඔහු කළ මිනී මැරුම් ගණන 45 කි. මේ පසුගිය සතිය වන විට ඕල්කොට්‌ගේ නම ඉදිරියෙන් පොලිස්‌ පොත්වල සටහන්ව තිබූ කරුණුය.

    එලෙස පොලිස්‌ පොතේ සටහන්ව ඇති ඕල්කොට්‌ගේ නාමය හා බැඳුණු මිනී මැරුම් අතරිනුත් බොහෝ ඒවා ඉතාම ම්ලේච්ඡ අයුරින් සිදු කෙරුණු මිනිස්‌ ඝාතන විය.

    එනිසාම ඕල්කොට්‌ගෙන් අණක්‌ ලැබුණු වහා කොළඹ සිටි කෝටිපති ව්‍යාපාරිකයන් මරණ බිය නිසාම ඉල්ලන දෙයක්‌ ලබා දී ඒ අණට කීකරු වූයේ දෙවරක්‌ නොසිතමිනි.

    මේ හේතුවෙන් මත්කුඩු ජාවාරම හා කප්පම් ගැනීම් හරහා ඉකුත් කාලය වන විට ඕල්කොට්‌ ගත කරමින් සිටියේ සෘතුවෙන් සෘතුවට තැනූ මාලිගා තුළ ගෙවෙන සුපිරි ජීවිතයකි.

    මේ ඕල්කොට්‌ යනු කවරෙක්‌ද මීට වසර විස්‌සකට පමණ ඉහත බොරැල්ල මැගසින් පාරේ කලු අයියා නමින් පුද්ගලයකු විසීය. සුදු අක්‌කා කලු අයියාගේ බිරිඳ විය.

    කලු අයියාට දාව සුදු අක්‌කාට දරුවන් තිදෙනකු ලැබිණි. ඉන් පළමු දරුවා ගැහැණු දරුවකු වූ අතර ඇය නමින් චමිලා වූවාය. දෙවැන්නා වූයේ ඕල්කොට්‌ය. ඕල්කොට්‌ගේ බාල සොයුරා කමල් විය.

    බොරැල්ල මැගසින් පාර යනු එකල දරුවකුට හැදී වැඩීමට තරම් සුදුසු යහපත් පරිසරයක්‌ තිබූ ප්‍රදේශයක්‌ නොවීය.

    විවිධ ජාවාරමුන්, චන්ඩින් අරක්‌ගත් මැගසින් පාරේ බොහෝ අඳුරු දැ එකලද සිදුවූ අතර ඕල්කොට්‌ගේ පියා වූ කලු අයියාද ඒ රැල්ලේම එක්‌ පුරුකක්‌වී සිටියේය.

    ඩප්පිය මාමයිට්‌ කුප්පිය, කඩුව, කිනිස්‌ස, මන්නය, බයිසිකල් ෙච්න් හා කසිප්පු බෝතලය මෙන්ම සූස්‌තියද මැගසින් පාරේ දිවි ගෙවූ දරුවනට නුපුරුදු නුහුරු අරුම දේ නොවීය.

    බොරැල්ල පොලිසිය වැට මායිමේ වුවද මේ කොදෙව්වේ පරිසරය එසේම විය. ඕල්කොට්‌ ඇතුළු දරුවන්ද හැදී වැඩුනේ ඒ ගොහුරුවේය.

    බොරැල්ල සින්න දූපත ඇත්තේ මේ මැගසින් පාරට ආසන්න පුරවරය ලෙසිනි. එහිද එකල වූයේ මැගසින් පාරට නොදෙවැනි වටපිටාවකි.

    මෙසේ කාලය ගත වෙද්දී හිටි හැටියේ ඕල්කොට්‌ගේ පියා කලුඅයියා තහනම් ගසේ ගෙඩි සොයා ගොස්‌ අසම්මත ප්‍රේමයක පැටලිනි. කලු අයියාගේ පෙම්වතිය නැතහොත් හොර අඹුව වූයේ සින්න දූපතේ අයිරාංගනී නොහොත් රාණිය.

    කලු අයියාගේ මෙම තහනම් ප්‍රේමය කණ වැකුණු වහා ඕල්කොට්‌ගේ මව සුදු අක්‌කා පරල වන්නට වූවාය. ඊටම නොදෙවැනි විරෝධයක්‌ රාණිගේ පාර්ශ්වයෙන්ද කලු අයියාගේත් රාණිගේත් ප්‍රේමයට එල්ල විය.

    අවසානයේ එය නතර වූයේ මැගසින් පාරේත් සින්න දූපතේත් දෙපිරිස අතර මහා ගැටුමක්‌ දක්‌වා පැතිර යමිනි. ඒ වන විට ඕල්කොට්‌ වයස අවුරුදු 15 කොලු ගැටයෙක්‌ විය.

    දිනක්‌ සින්න දූපතේ පිරිසක්‌ කලු අයියා සොයා මැගසින් පාරට එන්නේ ඔහුගේත් රාණිගේත් තහනම් ප්‍රේමයේ අවසානය සනිටුහන් කිරීමේ අරමුණෙනි.

    එහිදී දෙපාර්ශ්වය අතර ඇවිල යන්නේ මහා ගැටුමකි. ගැටුම අතරේ සින්න දූපතේ එකෙකු දමා ගසන බෝම්බයකින් කලු අයියාට අවසන් ගමන් යන්නට සිදු වන්නේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි.

    පියාගේ මරණයෙන් පසු දිනක්‌ පහළොස්‌ හැවිරිදි ඕල්කොට්‌ තම සගයන් පිරිසක්‌ද සමඟ ලෙයට ලෙය සොයා සින්න දූපතට යන්නේ රාත්‍රී අඳුරත් සමගිනි.

    ඒ වන විට ඕල්කොට්‌ගේ පියාට පෙම් බැඳි රාණි සිටියේ වත්තේ වූ බණ ගෙදරකට සහභාගි වෙමින්ය. එය අවසන් වූ රාණි රාත්‍රි අඳුර නොතකා බණ ගෙදරින් සමුගෙන එන්නේ තනිවමය. ඒ සින්න දූපතේදී තමන්ට අනතුරක්‌ නොවන බව ඇය සහසුද්දෙන් දැන සිටි නිසාය.

    ඊටද හේතුවක්‌ තිබිණි. ඒ එකල සින්න දූපතේ චණ්‌ඩියා නැතහොත් කෙරුමා බවට පත්ව සිටියේ රාණිගේ වැඩිමහල් සොයුරා බැවිනි.

    එහෙත් සිදු වූයේ රාණි සිහිනෙකින්වත් නොසිතූ දෙයකි. අඳුරේම නිවසට යන්නට පැමිණි රාණිට සින්න දූපතේ පොදු ළිඳ අසළදී මුහුණට මුහුණ හමුවූයේ ලෙයට ලෙය සොයා පැමිණි ඕල්කොට්‌ හෙවත් සිය ප්‍රේමවන්තයාගේ පුතු ඇතුළු සගයන්ය.

    රාණිට කිසිවක්‌ සිතා ගැනීමටවත් ඉඩක්‌ නොලැබිණි. වහා ඉදිරියට පැන්න ඕල්කොට්‌ රාණිගේ කෙස්‌ වල්ලෙන් අල්ලා ළිං පඩිය මතට හිස හිර කොට අත වූ තියුණු මන්නයෙන් රාණිගේ හිස කඳින් වෙන් කළේ ඇයට හඬක්‌ නගන්නටවත් ඉඩක්‌ නොතබමිනි.

    අවසානයේ රාණිගේ මුළු සිරුරම කීතු කීතු කළ ඕල්කොට්‌ ඇතුළු සගයන් තිරිසන් අයුරින් ඇය මරා දමා අඳුරේම සින්න දූපතෙන් පලා ගියේය.

    වයස අවුරුදු පහළවේදී ඕල්කොට්‌ගේ නම ඉදිරියෙන් ප්‍රථම මිනිස්‌ ඝාතනය පොලිස්‌ පොත්වල සටහන්ව ඇත්තේ එලෙසිනි.

    රාණිගේ ඝාතනය සින්න දූපතේ නමක්‌ තබාගෙන සිටි ඇගේ වැඩිමහල් සොයුරාට ඉවසුම් නොදෙන්නක්‌ විය. මේ වන විට රාණිගේ වැඩිමහල් සොහොයුරාටද නහඹු වයසේ වූ පුතෙක්‌ සිටියේය. සින්න දූපතේ වැසියන් හේ හැඳින් වුයේ ජී බෝයි ලෙසිනි.

    පියාගේ ආභාෂය මෙන්ම හැඳුණු වැඩුනු පරිසරයෙන් උරුම වූ දේ නිසාම ජී බෝයි ද සිටියේ පාදඩ සංස්‌කෘතියේ දොරටුව වෙත පියවර මනිමිනි.

    රාණි හෙවත් සිය නැන්දණියගේ ඝාතනය ජී බෝයිට ද ඉවසුම් නොදෙන්නක්‌ විය. ඒ අනුව දිනක්‌ සංවිධානය වූ ජී බෝයි ඇතුළු සගයන් පිරිසක්‌ මැගසින් පාරට ඇතුළු වූයේ ඕල්කොට්‌ටද රහසෙනි.

    එහි අවසන් ප්‍රතිඵලය වූයේ රාණිගේ ඝාතනය වෙනුවෙන් ජී බෝයි ඇතුළු සගයන් ඉදිරියේ ඕල්කොට්‌ගේ මව වූ සුදු අක්‌කාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමය.

    සුදු අක්‌කාගේ මරණයට පෙරද ඕල්කොට්‌ හා ජිබෝයි පාර්ශ්ව අතරේ බද්ධ වෛරය නොකඩවා ගිණුම්ගත වන අයුරින් සිදුවු තවත් සිදුවීම් කිහිපයක්‌ද වේ.

    පංච ශීලය පෑල දොරින් පිළිකන්නට දමා පංච කාමයටම මල්පිදු මේ මිනිසුන් අතරේ ප්‍රාණඝාතය යනු කොස්‌ ඇට තලා පොතු ඉවත් කරන්නාක්‌ වැනි සිල්ලර කාර්යයක්‌ වී තිබීමම එයට හේතු වූවා විය හැකිය.

    මෙහිදී ඔවුනට යමෙකුගෙන් ඔවදනක්‌ ලැබුණේ නම් එයද සිදුව ඇත්තේ මරපන්, කොටපන්, වනසාපන්, යනුවෙන් විනා මෙය නවතාපන් යකුනේ වැනසෙන්නේ නුඹලාමය ලෙසින් නම් නොවේ.

    එසේ කළවුන් අතර පොදු ජනතාව ඉදිරියේ සද්ගුණවතුන් ලෙස පෙනී සිටින ඇතැම් දේශපාලන සට්‌ටඹියන් මෙන්ම නීතිය සුරැකීමට සිටින සමහර නිලදරුවෝද වෙති.

    තම වැයික්‌කියේ උන් ගහ මරාගෙන කාකොටා ගනිමින් සිටින තුරා තමන්ගේ පැවැත්ම සුරක්‌ෂිත වීම ඔවුන් එසේ කිරීමට හේතු වුවාද වියහැකිය.

    මැගසින් පාරේ ඕල්කොට්‌ගේ පරපුරේ ඉතිහාසය තුළද දාමරික බවේ සටහන් කළු පැල්ලම් සේ විටින් විට වාර්තා වන්නේ ඕල්කොට්‌ලාගේ බිහිවීම පිළිබඳ පෙරනිමිති කියාපාන්නාක්‌ මෙනි.

    එම අතීතයට ඇත්තේ ඕල්කොට්‌ගේ සීයා ඔරගා සයිමන් දක්‌වා වන ඉතිහාසයකි.

    මැගසින් පාරේ "නන්දන" යනු ඕල්කොට්‌ගේ පියා වූ කලු අයියාගේ ගජ මිතුරෙකි. මේ මිත්‍ර සමාගමේ "චම්මා" යනුවෙන් එකෙකුද විසීය.

    නන්දන හා චම්මා සින්න දූපතේ රාණිගේ ඝාතනයට සෘජුවම දායක වූවන් ලෙස ඔවුන්ගේ නම් පොලිස්‌ පොත්වල සටහන්ව තිබේ.

    එහෙත් අද මේ නන්දනත් චම්මාත් මැගසින් පාරේ ජීවත් වූ දාමරිකයන් දෙදෙනකු ලෙස අතීතයට එක්‌ව සිටිති. ඒ. ජීබෝයි පරපුරට ඇටවූ උගුලක්‌ අතේ පත්තු වීමෙන් ඉකුත් 88-89 භීෂණ සමයේ අතුරුදන් වූවන්ගේ ගොඩට මොවුන්ගේ නම්ද එකතුව තිබෙන බැවිනි.

    ඒ යටගියාව තුළද ඇත්තේ වෛරයේ ගිනිදැල් සමග සටහන් වන අඳුරු කථාවකි.

    නන්දනට රූමැත් නැගෙනියක්‌ද විය. ඇය නමින් චන්දිමා වූවාය. (ඇය තවම ජීවතුන් අතර සිටින බැවින් අප ඇය චන්දිමා ලෙස හඳුන්වමු) චන්දිමා විවාහ වූයේ ඕල්කොට්‌ගේ මාමා කෙනකු සමගිනි.

    එම විවාහය අතරේ මේ කියන නන්දනගේ නැගණිය චන්දිමාද තහනම් ආදරයක පැටලිණි. ඒ. ජීබෝයි පරපුරේ තවත් පුරුකක්‌ වූ සින්න දූපතේ සමන්ත නොහොත් ගෙම්බ සමන්ත සමගිනි.

    ඕල්කොට්‌ හා ජීබෝයි පරපුරු අතර වූ වෛරය මහා ගිනි කන්දක්‌ වී මැගසින් පාරත් සින්න දූපතක්‌ දවා හලු කිරීමට තරම් චන්දිමා සහ ගෙම්බ සමන්තගේ ඒ තහනම් ප්‍රේමයද එක්‌ ප්‍රධාන සාධකයක්‌ වී තිබිණි.

    මේ කාලය වන මීට ඕල්කොට්‌ගේ පියාවූ කලු අයියාගේ ඝාතනයට සම්බන්ධ වූ සින්න දූපතේ පිරිස අධිකරණයෙන් ඇප ලබා නිවෙස්‌වලට පැමිණ සිටියහ.

    මොවුන් ඇප ලබා මෙලෙස සින්න දූපතට වී නිදහසේ සිටීම ඕල්කොට්‌ ඇතුළු පරපුරට ඉවසුම් නොදෙන්නක්‌ව තිබිණි

    ඔවුහු කල්පනා කළහ. අවැසි වන්නේ ලෙයට ලෙයමය. ඒ වන විට 88-89 භීෂණ සමය රට පුරා විහිද යන්නට විය. කලු අයියා ඝාතනය කළ වූන්ගේ රුධිරය දෙඅත්වල ගානොගෙනම ඔවුන් පරලොව යෑවීමේ සැළසුමක්‌ ඕල්කොට්‌ පරපුරෙන් සැකසිණ.

    "සර්.... ජනතා විමුක්‌ති පෙරමුණේ සන්නද්ධ කණ්‌ඩායමක්‌ බොරැල්ල සින්න දූපතට ඇවිත් ඉන්නවා.... ඕල්කොට්‌ පරපුරේ එම සැළසුමට අනුව එකල රාජ්‍ය විරෝධීන් මැඬලීමේ මෙහෙයුම්වල නිරතව සිටි ආරක්‍ෂක ඒකකයක්‌ වෙත දිනක්‌ රාත්‍රියේ නිර්නාමික දුරකථන ඇමැතුමක්‌ ලැබෙන්නට විය.

    මෙවන් තොරතුරක්‌ යනු ඒ සමයෙහි ආරක්‍ෂක අංශවලට ඉතා වටිනා දෙයකි. වහා ක්‍රියාත්මක වූ අදාළ ඒකකයේ නිලධාරීහු පිරිසක්‌ ඕනෑම අභියෝගයකට සූදානම්ව සින්න දූපත වට කළහ.

    ඔවුහු ඔත්තුවෙන් කියෑවුණු නිවසද වැටලූහ. කණ්‌ඩායමක්‌ සිටී..... ඔවුන් අධිකරණයේ විභාගවන මිනී මැරුමක සැකකරුවන් පිරිසකි. ආරක්‍ෂ අංශ නිලධාරීන්ට කාරණය වැටහිනි.

    එහි අවසන් ප්‍රතිඵලය වූයේ සින්න දූපතේ රාණිගේ ඝාතනයට සම්බන්ධව සිටි ඕල්කොට්‌ කල්ලියේ සමීපතමයන් වූ නන්දන හා චම්මා පසුදිනට හිරු උදාවන විට මැගසින් පාරෙන් අතුරුදන්ව සිටීමය.

    මෙම සිදුවීම ජීබෝයි කල්ලිය කෙරෙහි වූ ඕල්කොට්‌ලාගේ වෛරය දෙගුණ තෙගුණ කරවන්නක්‌ විය.

    මේ වනවිට සින්න දූපතේ රාණිගේ ඝාතනය හේතුවෙන් ඇගේ දරුවන් පිරිස හැදී වැඩුණේ රාණිගේ නැගනියකගේ සෙවණේය. එසේත් නැතහොත් සිය පුංචි අම්මාගේ රැකවරණය යටතේය.

    රාණිගේ එම නැගණියගේ සැමියා වූයේ ලයනල් නමැත්තෙකි. හෙතෙම සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවකයකු ලෙසිනි.

    මේ කාලය වනවිට ඕල්කොට්‌ගේ පියා කලු අයියාගේ ඝාතනයට සම්බන්ධ ජීබෝයි කල්ලියට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් තිබිණි.

    එම නඩු විභාගයේ අවසාන ප්‍රතිඵලය වූයේ කලු අයියා ඝාතනයට සම්බන්ධ ජීබෝයි කල්ලියේ සිව්දෙනාටම මරණීය දණ්‌ඩනය හිමි වීමය.

    එහෙත් මෙහිදී පරාජය පිළිගන්නට සින්න දූපතේ රාණිගේ නැගණියගේ සැමියා වූ ලයනල් සූදානම් වූයේ නැත. "මම අපේ කොල්ලෝ ටික කොහොමහරි නිදහස්‌ කර ගන්නවා."ලයනල් එසේ වහසි බස්‌ කියන්නට වූවේය.

    එලෙස කියමින් සිටි ලයනල් එය වචනයට සීමා නොකොට දිනක්‌ මහාධිකරණ තීන්දුවට එරෙහි අභියාචනාධිකරණය වෙත ඇපෑලක්‌ ඉදිරිපත් කළේය.

    ලයනල්ගේ එම උත්සාය සාර්ථක විය. ඉන් සිව් වසරකට පසු මැගසින් පාරේ කලු අයියා හෙවත් ඕල්කොට්‌ගේ පියා මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්‌ඩනය හිමිව සිටි ජීබෝයි කල්ලියේ පිරිසට නිදහස ලැබිණි.

    මේ වනවිට ඕල්කොට්‌ සිටියේ සිය ජීවිතයේ වසන්තයට ළඟා වූ තාරුණ්‍යයේ එළිපත්තේය. එහෙත් ජීවිත වසන්තයේ සොඳුරු හැඟුම් පලවා හරිමින් ඕල්කොට්‌ගේ සිත තුළ වූයේ සිය පියා මැරූ උන්ගෙන් පලිගැනීමේ කැකෑරෙන වෛරයකනි.

    පියාගේ ඝාතකයන් නිදහස ලැබීම ඕල්කොට්‌ගේ සිතට දරාගත නොහැකි මහා බරක්‌ වෙමින් තිබිණි.

    "බලපං මගේ තාත්තව මරලත් මුන් ඔක්‌කොම නිදහස්‌ වුනාණේ... මම මුන්ගේ එකෙක්‌ ඉතුරු කරන්නෑ යකෝ.... ඔක්‌කොම බාවනවා..... සිතේ වූ වෛරය ගිනි දැල්සේ පිට කරමින් පියාගේ ඝාතනයට සම්බන්ධ ජීබෝයි කල්ලියේ පිරිස නිදහස ලැබූ දා පටන් ඕල්කොට්‌ සිය සගයන් සමග වියරුවෙන් මෙන් කියවන්නට විය.

    ලයනලය තමයි මේ ඔක්‌කොම කළේ ඔක්‌කොටම ඉස්‌සෙල්ල ඕකව ඉවරයක්‌ කරන්න ඕනේ... වියරුවෙන් සිටි ඕල්කොට්‌ගේ සිතේ ලයනල් කෙරෙහි වූයේද බද්ධ වෛරයකි.

    එසේ වියරු වැටී සිටි ඕල්කොට්‌ දිනක්‌ සිය සහගයන් කිහිප දෙනකු ද සමගින් මාලිගාවත්ත දුම්රිය අංගනය ආසන්න මහා මාර්ගය දෙසට ආවේ මහා සැලසුමක්‌ සිත තුළ තබාගෙනය.

    මේ වන විට ලයනල් සිටියේ සුපුරුදු ලෙස දුම්රිය අංගනයේ සේවය නිම කර නිවසට යැමට සූදානම් වෙමිනි.

    සියල්ල නිම කළ ලයනල් නිවසට යැමට සිතා දුම්රිය අංගනයේ දොරටුව වෙත පිය මනින්නට විය. එහෙත් තමන් එනතුරා මාරයා මඟ රැක සිටින බව ලයනල්ට නිකමටත් නොසිතිණි. කිසිවක්‌ නොදත් ලයනල්ට ඒමට හැකිවූයේ දොරටුව ආසන්නයට පමණි.

    සිතේ වූ සැළසුමට අනුව ගොදුර ළඟා වනතුරු රැක සිටි ඕල්කොට්‌ ඇතුළු සගයන් ලයනල් දුටු වහා දුම්රිය අංගනයේ දොරටුව වෙත කඩා පැන්නේ වසවත් මරුගෙන් වරම් ගත් මාර සේනාවක්‌ පරිද්දෙනි.

    ගත වූයේ සුළු මොහොතකි. දුම්රිය අංගනයේ සෙසු සේවකයන් ඇතුළු සියල්ල භිරාන්ත කරමින් එල්ල වූ වෙඩිප්‍රහාර දෙක තුනක්‌ හා මන්නාපහර කිහිපයකින් ප්‍රාණය නිරුද්ධව කැබලි වූ ලයනල්ගේ සිරුර දුම්රිය අංගනයේ දොරටුව අසළ පතිත වූයේ කිසිවකුටත් කිසිවක්‌ සිතා ගැනීමටවත් ඉඩක්‌ නොතබමිනි.

    අවසානයේ සිය ගොදුර ඩැහැගත් ඔල්කොට්‌ ඇතුළු සගයෝ එම ස්‌ථානයෙන් පලා ගියේ ඇසුරු සැණෙකිනි.

    ඕල්කොට්‌ ජීවිතයේ ප්‍රථම වරට ගිනි අවියක්‌ භවිත කිරීමේ ආරම්භය ලැබුවේද එදිනය.

    ලයනල්ගේ ඝාතනය මුළු සින්න දූපතම කම්පිත කරන්නක්‌ විය. එහෙත් ඕල්කොට්‌ගේ සිතේ වූ වෛරය නිමා කරන්නට ඒ ගොදුර පමණක්‌ ප්‍රමාණවත් නොවීය.

    දින සති බවට පෙරෙළෙමින් තිබිණි. ලයනල්ගේ ඝාතනයේ උණුසුම බිඳෙන් බිඳ මැකී යමින් ගෙවී ගොස්‌ තිබුණේ මාසයක පමණ කාලයකි.

    සින්න දූපතේ බබි යනු ජීබෝයිගේ ඥති සොයුරෙකි. දිනක්‌ ඔහු සිය සිඟිති දරුවාද රැගෙන මැගසින් පාර හරහා යමින් සිටියේය.

    මේ දසුන ජීබෝයි කල්ලිය කෙරෙහි බද්ධ වෛරයෙන් පසුවූ ඕල්කොට්‌ගේ නෙත ගැටිණි. දෙවරක්‌ නොසිතූ ඕල්කොට්‌ සිය සගයන් දෙදෙනකු සමග පැමිණ මැගසින් පාර හරහා යමින් සිටි බබීගේ අතකින් අල්ලා ගත්තේය.

    මේ මොහොතේ බබීට මරණ බිය දැඩිව දැනෙන්නට වුවද කුඩා දරුවා අත සිටින බැවින් එවැන්නක්‌ සිදු නොවෙතැයි ඇතිවූ බිය පහකරමින් බබීගේ යටි සිත මුමුණන්නට වූවේය.

    එහෙත් ඕල්කොට්‌ යනු එවන් මිනිස්‌කමක්‌ තම හිත තුළ ශේෂව තිබුවකු නොවීය. ඒ සිතේ වූයේ වෛරයම පමණි.

    පොඩි ප්‍රශ්නයක්‌ තියෙනව වරෙන් යන්න පවසමින් බබීගේ අත අල්ලා ගත් ඕල්කොට්‌ ඔහුවද රැගෙන පැමිණියේ මැගසින් පාරේ පොදු ළිද අසලටය.

    ඊළඟ මොහොතේ ඕල්කොට්‌ගේ සගයකු බබීගේ අත සිටි කුඩා දරුවා උදුරා පසෙකින් තැබීය.

    බබීට කිසිවක්‌ පැවසීමටවත් ඉඩක්‌ නොවිනි. ඊළඟ නිමේෂයේ බබී දුටුවේ ඕල්කොට්‌ ඇතුළු සගයන් සඟවාගෙන සිටි තියුණු මන්නා පිහි කිහිපයක්‌ ඉහළට ඔසවෙන අයුරු පමණි.

    කුඩා දරුවා විලාප දෙද්දී ප්‍රාණය නිරුද්ධ වූ කැබලි වී ගිය බබීගේ සිරුර මැගසින් පාරේ පොදු ළඳ අසළ ඇද වැටිණි.

    මේ මොහොතේ කිසියම් රාජකාරියකට යමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙකු එම ස්‌ථානය පසුකරමින් සිටියද ඔවුන් කිසියම් ඇස්‌a නොපෙනීමේ රෝගයකින් පෙළෙමින් සිටි නිසා කිසිවක්‌ දැක නොතිබිණි.

    ඉලක්‌කය සපුරා ගත් ඕල්කොට්‌ අත වූ මන්නයද ඔසවාගෙන නිවස දෙසට එන්නට විය. එහිදී ඕල්කොට්‌ගේ ඉදිරියට ආවේ මව වූ සුදු අක්‌කාය.

    ලේ පෙරෙන මන්නය දුටු සුදු අක්‌කාට දැනුණේ අසීමිත සතුටකි. මරපන් මගේ පුතේ මුන්ගේ එවුන් තව ඉන්නවා එකෙක්‌ ඉතුරු නොකර මරපන් පුතේයි.... පවසමින් ඒ මව ඕල්කොට්‌ට නියත විවරණ දුන්නේ ප්‍රීතියෙන් හඬ නගමිනි.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ලේ පෙරෙන මන්නය දුටු සුදු අක්‌කාට දැනුණේ අසීමිත සතුටකි. මරපන් මගේ පුතේ මුන්ගේ එවුන් තව ඉන්නවා එකෙක්‌ ඉතුරු නොකර මරපන් පුතේයි.... පවසමින් ඒ මව ඕල්කොට්‌ට නියත විවරණ දුන්නේ ප්‍රීතියෙන් හඬ නගමිනි.
    den me article liyapu eka Invisible man wage hema thenama indala thiyanawa Olcott ui uge ammai katha karapu ewath dena ganna taram:oo::baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඇයි බන් උබට අමතක වුනාද ඉස්කෝලේ නිවාඩු කාලෙට හැදෙන පාතාලේ? එකත් සෑහෙන්න දරුණුයි අප්‍රේල් අගෝස්තු දෙසැම්බර් මාස වල..:yes:

    ow unge paathala wada walin EK ekath pirenawa... :lol: :lol: