ලංකාවේ පාලකයන්ගේ රථ ගාය
ලංකාවේ පාලකයන්ට පුදුu රථගායක් තියෙන්නේ පොඩි මිනිහගේ ෆුට් බයිසිකයකට පවා අධික බදු ගහන රටේ පාර්ලිමේන්තුවේ මැති ඇමති ගොල්ලන්ට ඕනෑ ආකාරයේ විවිධ බදු සහන දිමනා ලබාගනිමින් රථ පිට රථ ල බා ගන්නා පුදුමාකාර රටක් මේක.
ආණ්ඩුවේ මන්ත්‍රීන් 58 කට කුලියට
වාහන ගන්න කෝටි 243 ක්
වාහනයක මාසික කුලිය ලක්aෂ 7ක් - කාලය වසර 5ක්
රජයේ සූදානමක් ගැන අනුර කුමාර මැතිසබේ දී කියයි
ඇමැති ධුර නොදරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පනස් අට දෙනකු (58) සඳහා එකක් රුපියල් ලක්ෂ හතක මාසික කුලී පදනම මත වාහන පනස් අටක් මිලදී ගැනීමට සූදානම් වන බව හෙළිවී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම වාහන පනස් අට මිලදී ගන්නේ මාස හැටක කාලයක් සඳහා බවද ඒ සඳහා වැයවන සම්පූර්ණ කුලී මුදල කෝටි දෙසිය හතළිස් තුනක් බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන් පනස් අට දෙනාට මෙම වාහන ලබා දෙන්නේ තීරු බදු රහිත වාහන ආනයන කිරීමේ හිsමිකමට අමතරව බව ද කී දිසානායක මහතා මෙසේ කුලී පදනම මත ලබාදෙන එක් වාහනයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් හාරකෝටි විසිලක්ෂයක් පමණ වන බව ද කීවේය.
මෙතරම් මුදලක් ගෙවූවද නියමිත වසර පහ අවසානයේදී මෙම වාහන පනස් අටේ අයිතිය රජයට නොලැබෙන බව කී දිසානායක මහතා මෙම සමස්ත ක්‍රියාවලිය පිටුපස බරපතළ අක්‍රමිකතාවක් හා මූල්‍ය වංචාවක් සිදුවන බවට සාධාරණ සැකයක් මතුවන බවද ප්‍රකාශ කළේය.
මෙම වාහන ලබාදෙන මන්ත්‍රීවරුන්ට දැනටමත් ප්‍රවාහන දීමනාවක් යෑයි කියමින් රුපියල් ලක්ෂ දෙක බැගින් අමතර මාසික දීමනාවක් ගෙවමින් සිටින බවද කී දිසානායක මහතා ඔවුන් දැනටමත් තීරු බදු රහිත වාහන වරප්‍රසාදය භුක්ති විඳින බවද ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන් පනස් අට දෙනකුට මෙසේ මාසික කුලී පදනම මත වාහන ලබාදීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භවී තිබේද, එසේනම් ඒ දැන්වීම් පළ කර ඇත්තේ කිනම් දිනයක පළවූ පුවත්පත්වලද, මෙසේ වාහන ලබා දෙන ලෙසට එම මන්ත්‍රීවරුන් ඉල්ලීම් කර තිබෙනවාද? කිලෝමීටරයකට රුපියල් 250 ක් වන පරිදි රුපියල් ලක්ෂ හතක මාසික කුලියට වාහන ලබා ගැනීම තිබුණද දූෂණ වංචා විමර්ශනයකදී මෙම ක්‍රියාවට සම්බන්ධ වන රජයේ නිලධාරීන් වරදකරුවන් නොවන බවට ඇති සහතිකය කුමක්ද යන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලෙස අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.
මේ සඳහා අද (18 දා) පිළිතුරු සපයන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

sirawatama mun innawada kiyala danneth ne