මම අපේ පැත්තේ 2න්ඩ් හෑන්ඩ් කොම්පියුටර් විකුණන තැනකට ගියා බ්රෑන්ඩඩ් HP මැශින් එකක් ගන්න. එතෙනට ඇවිත් හිටියා අම්මයි , තාත්තයි පොඩි ලමයෙකුයි කොම්පියුටරයක් ගන්න. මේ තාත්තා මගෙන් අහනවා මේකේ IGI වගේ ගේම් ගහන්න පුලුවන් නේද කියලා. මම මැශින් එකේ පිටිපස්ස බලලා කිව්වා මේකේ VGA කාඩ් එකක් නෑ ගේම් ගහන්න එකක් හයි කරගන්න කියලා. එතකොට අර ළමයගේ අම්මා කියනවා, ගේම් ගැහුවම හරියනවද ළමයි ඉගෙන ගන්නේ නැද්ද කියලා? මම මොනවත් කියන්න ගියේ නෑ උන්ට ඕනේ දෙයක් කරගන්න කියලා හිටියා. කොල්ලා තාම 4-5 වසර වගේ හින්දා ලොකු ගේම් ගහන්න බැරුව ඇති.
