මෝටසයිකලේ ගිය දැරියක් ඊයෙත් බස් එකකට යටවෙලා. අපේ නිලධාරී දේශපාලකයෝ ජනතාව සහ මාධ්‍ය දෙස් දෙවොල් තියෙනවා. ඊට පස්සේ බයිලා ගහනවා. එච්චරම තමයි.
දවසකට දහයක් විතර පාරේ මැරෙනවා වගේම මේ රටේ ආර්ථිකයත් වලපල්ලට යවන්න ප්‍රධාන හේතුවක් වුණා පොදු ප්‍රවාහනය. Public transport පුළුවන් තරම් යට ගහලා මෝටසයිකල් කාර් වලින් වැඩේ කරගන්න මිනිස්සු පුරුදු වුණා.
නමුත් පවතින ක්‍රමය වෙනස් කරන්න කිසිදු නිලධාරියෙක් දේශපාලකයෙක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. කාර් ගේන්නේ කවද්ද කියලා අහනවා මිසක් මාධ්‍යත් බලපෑම් කරන්නෑ.
තනි අයිතිකාරයන්ගේ බස් තියෙන තාක් කල් බස්වල විනය තියා අඩුම ගානේ කාලසටහනකට ධාවනය වත් හදන්න බෑ! මේක ලෝකයේ කොහේවත් නැති ක්‍රමයක්! පෞද්ගලිකකරණය යනු ස්වයං රැකියා දීම නෙමෙයි.
බලපත්‍රය දෙන්න ඕනේ බස් වලට නෙමෙයි. මුළු මාර්ගයටම තනි අයිතිකාරයෙක් ආයතනයක් මුළු මාර්ගයම හෝ ඒ හා ආසන්න සියලු මාර්ගවල කාලසටහන ආරක්ෂා වෙන විදියට සේවය සපයන විදිහට.
එහෙම නැතුව මොන පැලැස්තරේ දැම්මත් මේ රටේ ප්‍රවාහනය හදන්නත් බෑ, පාරේ මිනිස්සු මැරෙන එක නවත්තන්නත් බෑ.
තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේවා සත පහක වියදමක් නැතුව බොහොම ලේසියෙන් කරන්න පුළුවන් වැඩ. ඒකවත් නොකරන අපි ලොකු දේවල් ගැන කතා කරලා වැඩක් නෑ.
මේ අපිට වැඩිය මෝටසයිකල් තියෙන චීනේ. ඒවා යන්නේ වෙනම ලේන් එකක. ඒ වගේම වේග සීමා ආරක්ෂා කරනවා. බස් තරගයක් නෑ, ඔක්කොම එක සමාගමක නිසා. Bus & Taxi ප්‍රයොරිටි.
ලන්ඩන් වේගය 20 m/ph. අපේ වගේම එහෙත් බොහෝ පාරවල් පළල නෑ, ලේන් එකයි හෝ දෙකයි. ලෝකෙ ගොඩක් තැන් වල එහෙමයි. පාරවල් පළල් කරාට ප්‍රශ්න විසඳෙන්නෑ. තියෙන පාර ඵලදායී කිරීමයි කළ යුතු.
අපිට අපේම ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි, හැබැයි අවම වශයෙන් මං තීරු නීතිය lane discipline ආරක්ෂා කරන්න බැරි, පාර දෙපැත්තේ වාහන නවත්වන, තනි අයිතිකාරයන්ගේ බස් තියෙන රටක ලොකු ටෝක් දීල වැඩක් නෑ
------ Post added on Dec 17, 2024 at 1:24 PM