bumpමාලබේ medical faculty එක ගැන කතාව වෙනම එකක් බං. ලංකාවේ ඕනේ තරං private degree දෙන තැන තියෙනවා එක එක ඒවට. මගේ නං කිසි අවුලක් නෑ. මොකද මොන උපාධි ගැහුවත් වැඩ බැරි එකා රස්සාව කරන්ඩ ගියහම කෙල කරගන්නවා. වැඩ පුළුවන් එකා කොහෙන් උපාධිය එක කරත් තමන්ගේ උත්සාහයෙන් ඉස්සරහට යනව. විශේෂයෙන් IT, engineering, buisness, law වගේ ඒව. ඕන කෙනෙකුට ගෙදර ඉඳන් උනත් ඒව ඉගෙනගන්න පුළුවන්. IT වගේ ඒවා නං උපාධි ඕනෙත් නෑ online tutorial වලින්ම ගොඩ දාගන්ඩ පුළුවන්. ඒ වුනාට දොස්තර කෙනෙක් හදන්ඩ බෑ බං එහෙම. එක තනිකරම ලැබෙන අත්දැකීමෙන්, ඉගෙනගන්න දේ සහ ඉගෙනගන්න තැන තියෙන පහසුකම් මතයි රඳා පවතින්නේ. අනික බාල උපාධියක් ගත්ත එකෙක් සෙල්ලං කරන්නේ කෙනෙක්ගේ ජීවිතේ එක්ක. (දැනටත් දොස්තරලා අතින් වැරදි නොවෙනවා නෙවේ. හැබැයි ඒව මිනිස්සු හැටියට වෙන අත්වැරදීම් මිසක් නොදැනුවත්කම හින්ද වෙනවා කියල කියන්ඩ අමාරුයි). දැනුම නැති කෙනෙක් ආවොත් තත්වේ තවත් බරපතලයි. අනික ඔකේ ඉන්න ඔක්කොම අය කැම්පස් යන්ඩ ලකුණු පොඩ්ඩක් අඩු වෙච්ච අයම නෙවේනේ. art කරලා s3 ගත්ත අයත් ඉන්නවලු (ඇත්තද දන්නේ නෑ).
මගේ යාලුවෝ කීප දෙනෙක්ම ඉන්නව medical faculty වල. උන් කන කට්ට දැක්කම සිරාවටම දුකයි බං.අවුරුදු 5ක් ඉගෙනගෙන තව අවුරුද්දක් internship එකකුත් තියෙනවා. ඔක්ක්කොම අවුරුදු 6ක්. මේ ඔක්කොම කරන්නේ බං එලියට එන දොස්තර හොඳටම සුදුසුකම් තියෙන එකෙක් කරන්ඩ. එකට සෑහෙන්ඩ බලපානවා බං තියෙන පහසුකම් සහ ඉස්පිරිතාලෙකදී ගන්න අත්දැකීම. අනිත් එක පුහුණුවේදී වෛද්‍ය ශිෂ්‍යයෙක්ට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකදී ගන්න අත්දැකීම සමාන කරන්ඩ බෑ බං ඔය private hospital එකක ගන්න අත්දැකීමට. කට කපල සෙනග අදින කොළඹ පාරවල් වල traffic අස්සේ දාඩිය පෙරාගෙන පොලිසියෙන් බැනුම් අහගෙන බස් එකක් එලවන එකෙක්ගෙයි highway එකේ AC බස් එකක් එලවන driver කෙනෙක් ගෙයි වෙනස හිතාගනින්කෝ. ඒ වගේ තමා. පුළුවන් නං ඔය අඩුපාඩු හදාගෙන ඕක ඉස්සරහට යනවා නං අවුලක් නෑ. හැබැයි ඕක මෙතනින්ම පාලනය කරේ නැත්තන් ඉස්සරහට හැම එකාම medical faculty පටන් ගනී. ඕන කෙනෙක්ට ඕන දෙයක් ඉගෙන ගන්ඩ නිදහස තියෙනව. හැබැයි එක නුසුදුස්සෝ නුසුදුසු තැන් වලට පත් කරන එකක් වෙන්ඩ බෑ. අනිත් කොහාට පත් වුනත් දොස්තර කමට කොහොමත් බෑ. මොකද දොස්තර අතින් වැරද්දක් උනොත් වන්දි ගෙවන්ඩ වෙන්නේ ජීවිතෙන් හින්ද. හැබැයි ඔය අඩුපාඩු නැති කරගෙන මාලබේ medical faculty එක ගොඩ යනවා නං මාත් කැමතියි
![]()
. මේ ඔක්කොම කරන්නේ බං එලියට එන දොස්තර හොඳටම සුදුසුකම් තියෙන එකෙක් කරන්ඩ. එකට සෑහෙන්ඩ බලපානවා බං තියෙන පහසුකම් සහ ඉස්පිරිතාලෙකදී ගන්න අත්දැකීම. අනිත් එක පුහුණුවේදී වෛද්‍ය ශිෂ්‍යයෙක්ට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකදී ගන්න අත්දැකීම සමාන කරන්ඩ බෑ බං ඔය private hospital එකක ගන්න අත්දැකීමට. කට කපල සෙනග අදින කොළඹ පාරවල් වල traffic අස්සේ දාඩිය පෙරාගෙන පොලිසියෙන් බැනුම් අහගෙන බස් එකක් එලවන එකෙක්ගෙයි highway එකේ AC බස් එකක් එලවන driver කෙනෙක් ගෙයි වෙනස හිතාගනින්කෝ. ඒ වගේ තමා. පුළුවන් නං ඔය අඩුපාඩු හදාගෙන ඕක ඉස්සරහට යනවා නං අවුලක් නෑ. හැබැයි ඕක මෙතනින්ම පාලනය කරේ නැත්තන් ඉස්සරහට හැම එකාම medical faculty පටන් ගනී. ඕන කෙනෙක්ට ඕන දෙයක් ඉගෙන ගන්ඩ නිදහස තියෙනව. හැබැයි එක නුසුදුස්සෝ නුසුදුසු තැන් වලට පත් කරන එකක් වෙන්ඩ බෑ. අනිත් කොහාට පත් වුනත් දොස්තර කමට කොහොමත් බෑ. මොකද දොස්තර අතින් වැරද්දක් උනොත් වන්දි ගෙවන්ඩ වෙන්නේ ජීවිතෙන් හින්ද. හැබැයි ඔය අඩුපාඩු නැති කරගෙන මාලබේ medical faculty එක ගොඩ යනවා නං මාත් කැමතියි