ලංකාවේ බහුලව දැකිය හැකි පිළිකා 07ක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    ලංකාවේ බහුලව දැකිය හැකි පිළිකා 07ක්

    මුඛ පිළිකාව / පූර්ව මුඛ පිළිකාව

    මුඛ පිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිළිකා අවස්ථාවේදීම එය හඳුනාගත හැකිය. රෝග ලක්ෂණ - කල් පවතින සුදු ලප, කල් පවතින රතු ලප, කල් පවතින සුදු සහ රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග තොල් සහ ශ්ලේෂ්මලයේ ඝන වීමක් සහ සුදුමැලි වීමක්, කාලයක් පවතින සුව නොවන තුවාලයක් මෙම ලක්ෂණ ඇත්නම් වහාම දන්ත ශල්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.

    101B2F0%20copy.jpg


    d1846-i5403%20copy.jpg
    ගලනාළ පිළිකා


    රෝග ලක්ෂණ (සතියකට වඩා පවතින) ක්‍රම ක්‍රමයෙන් ඇති වන ගිලීමේ අපහසුතා, ගිලීමේදි වේදනාවක්, ශරීරයේ බර අඩුවීමක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

    E477B73C%20copy.JPG
    මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා


    රෝග ලක්ෂණ - මළපහ සමග ලේ පිටවීමක්, මළපහ කිරීමේ පුරුදුවල වෙනසක්, නිතර නිතර ඇතිවන මළබද්ධය හෝ පාචන ස්වභාවයක් හෝ ගුද මාර්ගයෙන් ලේ පිටවීමක්, මළපහ පෙරට වඩා සිහින් ස්වභාවයක් ගැනීම, මළපහ කිරීමෙන් පසුවද මළපහ පිටවීමේ අසම්පූර්ණ බවක් දැනීම, උදර වේදනාව, අනපේක්ෂිත ලෙස ශරීරයේ බර අඩුවීමක්.

    521AECAA%20copy.JPG
    පියයුරු පිළිකා


    රෝග ලක්ෂණ - පියයුරුවල මෑතකදී ඇති වූ හැඩයේ වෙනස්වීමක් හෝ පැහැදිලි අසමමිතික බවක් පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්
    පියයුරෙහි වළ ගැසීමක් සමේ වෙනස්වීමක් - උදා. දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්, සම මතුපිට දදයක් / තුවාලයක්, තනපුඩුවේ ගිලීයාමක් හො අසමමිතික බවක් ස්වයං පියයුරු පරීක්ෂාවෙන් පියයුරු පිළිකා කලින් හඳුනාගත හැක.


    EC1CBA48%20copy.jpg
    ගැබ්ගෙල පිළිකා


    රෝග ලක්ෂණ - යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක්, ලිංගික සංසර්ගයට පසු රුධිර වහනයක්, යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයකින් යුතු ස්‍රාවයක් පිටවීම, මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම,පැප් පරීක්ෂාවක් මගින් ගැබ්ගෙල වෙනස්කම් පිළිකාව ඇතිවීමට පෙර හඳුනාගත හැක.

    A5683A9F%20copy.JPG
    පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා


    රෝග ලක්ෂණ - අවශ්‍යතාව ඇතත් මුත්‍රා පහ කිරීමේ අපහසුතාව, මුත්‍රා කිරීම ඇරඹීමේ හා මුත්‍රා ධාරාව පවත්වාගැනීමේ අපහසුතා
    මුත්‍රා කිරීමෙන් පසුද සම්පූර්ණයෙන්ම මුත්‍රා පිට නොවුණා සේ දැනීම, නිතර නිතර මුත්‍රා යෑම, රාත්‍රියට මුත්‍රා කිරීමේ වාර ගණන වැඩි වීම.
    මුත්‍රා සමග ලේ පිටවීම.


    FB06C67E%20copy.jpg
    තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා


    රෝග ලක්ෂණ - තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීමක් හෝ වෙනසක්, ගෙලෙහි වසා ගැටිති ඉදිමීමක්, හේතුවක් රහිත කටහඬේ ගොරෝසු බවක්, ගෙලෙහි වේදනාවක්, ගිලීමේ අපහසුවක්, හුස්ම ගැනීමේ අපහසුතාවක්.

    (Ada)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ රෝග විනිශ්චය කරනු ලබන පිළිකා වලින් 36%ක් ම මුඛ පිළිකා වීම අවාසනාවකි......
     

    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    ලංකාවේ රෝග විනිශ්චය කරනු ලබන පිළිකා වලින් 36%ක් ම මුඛ පිළිකා වීම අවාසනාවකි......

    ඒ ඇය්?සිගි බොන නිසාද?