ලංකාවේ මුල්ම ලොතරැයියේ මුල්ම දිනුම

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ලංකාවේ මුල්ම ලොතරැයියේ මුල්ම දිනුම

    ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පු රස්සාවට කළේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරු වැඩය. තේ කෝප්පයක් බොන්නට ඔහු අසල තිබූ කඩයකට ගොඩවෙද්දී එතැන ස්වීප් වෙළෙන්දෙක් සිටියේය. තේ කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්වීප් වෙළෙන්දා වටකරගෙන ස්වීප් මිලට ගනිමින් සිටියහ.

    lottery_3.jpg


    "දිනුවොත් රුපියල් ලක්ෂයකට කිට්ටු මුදලක් හම්බ වෙන්නෙ."
    ස්වීප් මිලට ගත් කෙනෙක් කීවේය....
    කිරිඅප්පු ස්වීප් වෙළෙන්දාට කිට්ටු වී එක ලොතරැයියක මිල ඇසුවේය.
    "ශත පනහයි" ඔහු කීවේය.
    රුපියල් ලක්ෂයේ මුදලකට ආශා කළ කිරිඅප්පු අතේ තිබූ ශත පනහක් දී එක ලොතරැයි පතක් මිලට ගත්තේය.

    ඒ ලොතරැයිය ගෙදර ගෙනගොස් සාලයේ එල්ලා තිබූ ගෝන අං තට්ටුව අස්සේ ගැසූ කිරිඅප්පු තේ කොප්පයක් බී පුරුදු විදිහටම කල් ගෙව්වේය.
    මේ සිද්ධිය වූයේ 1955 සැප්තැම්බර් මාසයේ එක්තරා දවසකය.
    යාම්තම් තුනේ පන්තියට පමණක් ඉගෙන තිබූ කිරිඅප්පු පුංචි සන්දියේම කුලියක් මලියක් කරගෙන ජීවත්වූයේ ඔහුට බාල සහෝදර සහෝදරියන් දහ දෙනකුගේ බඩගින්දර සමග සටන් කරන්නටය. පුරා මාසයක් මහන්සි වූ විට ඔහුට ලැබුණේ රුපියල් සීයක පඩියකි. ඒ පඩිය ඔහුට මහමෙරක් තරම් වටිනාකමකින් යුතු විය.
    කාලය ගෙවී ගියේය.
    "ස්වීප් එකේ මුල් තෑග්ග ලැබිල තියෙන්නෙ ගලිගමුවට..." තේ ස්ටෝරුවේ කෙනෙක් කිරිඅප්පුට කීවේය.
    "ඇත්තට කවුද දන්නෙ නෑ වාසනාවන්තයා" කිරිඅප්පු ඇසුවේ ඔහුත් ලොතරැයියක් ගත් බව සිහිපත් කරමිනි.


    එහෙත් ඒ වනවිටත් ජයග‍්‍රාහකයා ඉදිරිපත්ව සිටියේ නැත.
    එදා හවස ගෙදර ගිය කිරිඅප්පු ගෙදර අස්සක් මුල්ලක් නෑර ලොතරැයිය සෙවුවත් කිසිතැනකින් එය හමුනොවිණි.
    ඒ වනවිට ලොතරැයිය තැබූ තැන ඔහුට අමතකව තිබිණි. මිලට ගත් ලොතරැයිය ගැන සිතමින් නින්දට ගිය ඔහුට රාත‍්‍රියේදී සිහිපත් වූයේ ලොතරැයිය තැබුවේ ගෝන අඟ අස්සේ බවය.
    ඒ රාත‍්‍රියේම ලොතරැයිය අතට ගත් ඔහු පසුදාම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ලොතරැයියේ ජය අංක සොයා බැලූවේය.


    lottery_2.jpg


    කිරිඅප්පුට අදහාගත නොහැකි විය. මුල් දිනුම ඔහුටය.
    එය ලංකාවේ පළමුවැනි ලොතරැයියේ මුල් දිනුම වූ නිසා එය ඉතිහාසයට එකතු වන අන්දමේ අපූරු ප‍්‍රවෘත්තියකි. මේ ප‍්‍රවෘත්තිය එකල ලංකාදීප පත‍්‍රයේ පළව තිබුණේ කිරි අප්පුගේ පින්තූරයක්ද සමගය.


    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාන්න අමතක කරන්නත් එපා, කැමතිනම් රෙප්++ එකකුත් දාලාම යන්න


    උපුටා ගැනිම meepani.com​