ලංකාවේ වාණිජ බැංකු හා දුක් විඳින ජනතාව

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ලංකාවේ වාණිජ බැංකු හා දුක් විඳින ජනතාව

    එක්තරා වාණිජ බැංකුවක 2017 වර්ෂයේ මාර්තු 31 වැනිදා අවසන් වූ වර්ෂයේ පළමු කාර්තුවේ දී බදු ගෙවීමෙන් පසුව ඉපයූ ලාභය රුපියල් බිලියන 2.3ක් ඉක්මවූ බව පසුගිය දා වාර්තා කොට තිබුණි. එම ලාභය 2016 වර්ෂයේ පළමු කාර්තුව හා සසඳා බැලූ විට 34.6%ක සුවිශේෂ වර්ධනයකි. මෙම බැංකුව හා ඊට සම්පූර්ණයෙන්ම අයත් පරිපාලිත සමාගම් හතරකින් සමන්විත ආයතන සමූහය ද බදු ගෙවීමෙන් පසු ලාභය ගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ 29.5%කින් වර්ධනය කර ගැනීමට සමත් වුණි. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ බැංකු ලබන වාර්ෂික ලාභය රුපියල් බිලියන 75 ඉක්මවයි. මෙතරම් ඉහළ ලාභ ලබන තත්ත්වයක දීත් ලංකාවෙ බොහොමයක් බැංකු තම පාරිභෝගිකයන්ට සේවා සැපයීමේ දී හැකි සෑම අවස්ථාවකදී ම ගාස්තු අය කිරීම පෙනෙන්නට තිබේ. මේ සෑම බැංකුවක්ම තමන් විසින් තැන්පත් කරන ලද මුදල් ඒ ටී එම් කාඩ් පත යොදාගෙන ආපසු ගැනීමේ දී ගාස්තුවක් අය කරයි. එසේම ගනුදෙනුවක් සිදුවූ පසුව දැනුම් දෙන කෙටි පණිවුඩ සේවා සදහා ද වාර්ෂික ස්ථාවර් ගාස්තුවක් අය කරයි. බොහෝවිට මේ ගාස්තු අය කරන්නේ සැගවුණු ගාස්තු ලෙස මිස ප්‍රසිද්ධියේ පිළිගෙන තම පාරිභෝගිකයන් දැනුවත් කිරීමෙන් පසුව නොවේ.
    මේ විෂමතාව උපරිම වශයෙන් පවතින්නේ තැන්පතු හා ණය ගැනීවල දී අය කරන පොලී අනුපාත වල ය. සාමාන්‍යයෙන් වාණිජ බැංකුවක් ව්‍යාකපාරික ගනුදෙනු කරන්නේ මහ ජනතාවගේ මුදල් තැන්පතු ලෙස භාර ගනිමිනි. පසුව මහ ජනතාවටම අවශ්‍ය විට ණය ලබාදෙන්නේ එසේ මහජනතාවගෙන් ලබා ගත් තැන්පතු මුදල්ම ය. ඒ අනුව බැංකු ව්‍යාපාරික කටයුතු කරන්නේ මහජන මුදල් වලිනි. එහෙත් තැන්පතු මුදල් සදහා සුළු පොළියක් ලබාදෙන ලංකාවේ බැංකු එම මුදල් මහ ජනතාවට ණය වශයෙන් ලබාදීමේ දි අධික පොලියක් අය කරයි. මේ කූට ව්‍යාපාරය පිළිබදව වරක් මහ බැංකුවේ ෙජ්‍යෂ්ඨ නිලධාරියකුගෙන් විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ ණය අයකර ගැනීමේ අවධානම නිසා මෙලෙස විශාල විෂමතාවකින් යුත් පොළී අනුපාත දෙකක් යොදා ගැනීමට සිදුව තිබෙන බවයි.
    මහ බැංකු නිලධාරියාගේ එම ප්‍රකාශය බැංකු ඇත්තටම මුහුණ දෙන තත්ත්වයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. බැංකු මගින් ලබාදුන් ණය ආපසු අය කර ගැනීමේ දී අවධානමක් පැවතීම න්‍යායාත්මකව සත්‍යයකි. එහෙත් අප දන්නා පරිදි ලංකාවේ බැංකු එවැනි අවධානම් වැඩ නොකරයි. ඔවුන් මහ ජනතාවට ණය දෙන්නේ දහසකුත් එකක් කොන්දේසි මත දහසකුත් එකක් ඇප ලබා ගනිමිනි. එහෙත් දේශපාලන බලපෑම් මත ණය ලබාදෙන රාජ්‍ය බැංකු වලට නම් මේ තත්ත්වය අදාළ විය හැකිය. එහෙත් එය බැංකුවේ කළමනාකරණ ගැටලුවක් මිස පාරිභෝගිකයන් වන්දි ගෙවිය යුතු ගැටලුවක් නොවේ.
    එසේම ලංකාවේ වාණිජ බැංකු මහජනතාවට ණය ලබාදෙනවාට වඩා වැඩි රුචියක් දක්වන්නේ රජයට ණය ලබාදීම සදහායි. වඩා ස්ථාවර හා ඉහළ පොළියක් ලැබෙන එම ව්‍යාපාරික කටයුත්ත බැංකු විසින් ලාභ ඉපයීම සදහා යොදා ගනී. එහෙත් වගකීම වන්නේ රජයට ණය ලබාදීම නොවේ. තම මුදල් රටේ වර්ධනාත්මක ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම වගකිවයුතු බැංකුවක ඉලක්කයයි. විශේෂයෙන් ආර්ථිකය ශක්තිමත් වෙන ක්ෂේත්‍රයන්හි හා ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් ක්ෂේත්‍රයන්හි තම ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට වාණිජ බැංකු ප්‍රතිපත්තිමය ලෙස බැදී සිටිය යුතුය. එහෙත් ලංකාවේ වාණිජ බැංකුවලට එවැනි වැදගත් අරමුණක් ඇතැයි කිව නොහැක.
    ආචාර්ය පී. බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ කාල සීමාව තුළ මේ බැංකු ප්‍රතිපත්ති තදබල ලෙස විවේචනය කිරීමට ඔහු පෙලඹුණි. ඔහුගේ විවේචනයේ නිමිත්ත වූයේ වාණිජ බැංකු ලබන අධික ලාභය ආර්ථිකයේ ධනාත්මක ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට එම බැංකු අපොහොසත්ව තිබීමයි. අලුත් ණය ව්‍යාපෘතීන් හඳුන්වා දෙමින් ග්‍රාමීය සංවර්ධනය සදහා මෙම බැංකු දායක නොවීම ඔහුගේ තදබල විවේචනයට ලක් විය. ඇත්තටම ලංකාවේ වාණිජ බැංකු බොහොමයක් කරන්නේ ග්‍රාමීය ප්‍රදේශවලින් තැන්පතු ලෙස මුදල් එකතු කරගෙන මැද පන්තියට, ඉහළ මැද පන්තියට හා ධනය ඇති පන්තියට මුදල් පොම්ප කිරීමයි. ග්‍රාමීය සංවර්ධනය සඳහාත් පහළ මැද පන්තිය සඳහාත් අඩු ආදායම් ලබන ජන කොටස්වලටත් ණය ලබාදෙන ව්‍යාපෘති ඔවුන් හමුවේ නොපවතී. රාජ්‍ය බැංකු පවා මෙම ජන කොටස් අමතක කර තිබීම කනගාටුදායක ය.
    ලංකාවේ වාණිජ බැංකු ක්ෂේත්‍රය පුරාවට ශක්තිමත් වෘත්තීය සමිති පද්ධතියක් තිබේ. බොහෝ වෘත්තීය සමිති වාම පසුබිමකින් යුක්ත ය. එම වෘත්තීය සමිති පවා උනන්දු වෙන්නේ තම සේවකයන්ගේ කාර්මික ආරාවුල් විසදා ගැනීම සදහා පමණි. පාරිභෝගිකයන් සම්බන්ධයෙන් වාණිජ බැංකු අනුගමනය කරන අශ්ලීල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වෘත්තීය සමිවලට විවේචනයක් නොමැතිවීම ලැජ්ජාවට කරුණකි. වාණිජ බැංකු සිදු කරන අත්තනෝමතික හා ආත්මාර්තකාමී ව්‍යාපාරික කටයුතු නතර කිරීමට 2016 අයවැය මගින් යෝජනා කළ විට මේ බැංකු සේවකයෝ කොටුව දුම් රිය පොළ අසලට එක් රොක් වී උද්ඝෝෂණය කළහ. එහෙත් ඒ කැක්කුම බැංකු පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ඔවුන්ට නොවීම පිළිකුල් සහගත ය. අයහපත් කාළගුණය නිසා මුළු රටම විපතකට පත් මේ අවස්ථාවේ ලක්ෂ හතකට වඩා වැඩි පිරිසක් ඉන් පීඩා විදිති. එමෙන්ම භෞතික සම්පත් විශාල ලෙස හානියට පත්ව තිබේ. රටේ ආර්ථිකයට බරපතල හානියක් සිදුව තිබේ. මෙවන් මොහොතක අධික ලාභ උපයන වාණිජ බැංකු හා වෙනත් මූල්‍ය ආයතන පිං කැටයකට පඬුරක් දමන්නා සේ වින්දිතයන්ට උදව් කීරීම අර්ථ විරහිත ය. සමාජය ගැන සංවේදී තම පාරිභෝගිකයන් ගැන සංවේදී ව්‍යාපාරිකයන් ඊට ඔබ්බෙන් වූ බරපතල මැදිහත්වීමකට යා යුතුය. එවැනි ආකල්පමය වෙනසක් ලංකාවේ බැංකු කරුවන් හා වෙනත් මූල්‍ය ආයතන අයිතිකරුවන් අතර ඇති වුව හොත් එය ප්‍රශංසනීය බව සදහන් කළ යුතුය.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    In SL regulatory bodies are not doing their job. Eg Central Bank is sleeping and let banks to do day light robberies.
    In the same way TRC is allowing all the mobile companies to charge customers unreasonably
    We the people do not make a voice !
    In UK even current accounts get an interest. ATM cards are given free and even Credit Cards are issued free even you lost a new one is issued without a fee! No charge for ATM withdrawals.