මේ ළඟදි වාහනයක් ගන්න හොයද්දි දැනකියාගත්තු දෙවල්, අත්දැකීම් වලින් තමා මේක ලියන්නේ.
ලංකාවේ වාහන මාකට් එක වෙළඳපොළ ඉල්ලුම සැපයුම අනුව හැසිරෙන එකක් නෙමෙයි, තනිකරම මාෆියා කාරයෝ ගහන ගේම් එකක් තියෙන්නේ. දැන් ලංකාවෙ මාකට් එකේ තියෙන වාහන ගත්තොත් ගෙවල්වල පැදපු වාහන විකුනන්න දාල තියෙනව සාපේක්ෂව අඩුයි, ගොඩක් වාහන තියෙන්නේ බය්යෝ (buying and selling businessmen) ගාව. ලංකාවෙත් බයියෝ ජාති දෙකක් ඉන්නවා, එකක් අඩුවෙන් දුවපු වාහන කොහෙන් හරි උස්සන් ඇවිත් හදලා විකුණනවා. අනික මොකක් හරි කුණුගොඩක් උස්සන් ඇවිත් රවට්ටලා දෙනවා. බයියො එක එකා අඳුරන නිසා කතා කරලා තමා වාහන වල ගණන් දාන්නේ.
බයියෝ කියන්නේ ටිකක් සල්ලි භාගේ තියෙන උදවිය. සල්ලි අතේ නැති, වෙන්න බයියො වෙනම කල්ලියක් ඉන්නවා, උන් තමා ඔය කොහෙන් හරි එක්කො ගෙයක තියෙන වාහනයක්, නැත්නම් විකුනගන්න බැරි වාහනයක් අඩුවට උස්සන් ගිහින් බයියන්ට විකුනන බ්‍රොකර්ලා. මුන් සාමන්‍ය ලක්ෂ 50 ට අඩු වාහනේකින් 25,000ක් විතර කඩාගන්නවා බයියන්ට වාහන සෙට් කරලා.
දැනට අවුරුද්දකට විතර කලින් උන, වාහන වෙළඳපොලේ ඉන්න උන් දන්නවා මාලබේ පැත්තෙ ඉනවා චූටි කාර් හොරෙක්. මූ කළේ අඩුවට යන ඔක්කොම වැගන් ආර් අරගෙන ඔක්කොම අටවල කරලා ලක්ශ 50+ දැන්වීම් දැම්මා, ඊට පස්සේ රියසෙවන, ඉක්මන් එකේ අනිත් එවුන් වැගන් ආර් විකුනද්දි අර ගනන් වලට මැච් වෙන්න උන්ගේ ගනන් දැම්මා. එක කාර් එකකින් ලක්ශ 10-20ක් විතර ලාභ හෙව්වා.
මට කියන්න ඕන උනේ මෙච්චරයි, උඹල කාට හරි වාහනයක් ගන්න හොයනව නම් බයියෝන්ට රැවටෙන්න එපා. අපරාදෙ උඹලගෙ සල්ලි. පොඩ්ඩක් කට්ටක් කාලා කොහොමහරි අයිතිකාරයගෙන්ම වාහනේ ගන්න බලන්න.

oya wage ewa antimata 1 thana diranna gathtama kunu kolleta genalla atawala denawa. athtatama ganna inna 1k ta ganna reasonable price 1k kiyanneth na gewal wala tiyan inna un