ලංකාවේ විදියට ....

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලංකාවේ විදියට ....

    ෆාස්ට් ඇන්ඩි ෆියුරියස් 😃😃😃😃😃😃

    දවසක් මම ගියා ඩොමිනික් අයියලාගෙ කඩෙි පැත්තෙ.
    කාර් එක පොඩ්ඩක් ඉල්ල ගන්න..
    ..කෑල්ල බලන්න යන්න .අපේ අයියගෙ ෆිටි එක නිසා මට ඕන වේලාවක කාර් එක දෙනවා.. ..
    නැත්නම් මිනිහ ලේසිය‍ෙන් කාටවත් කාර් එන නමි දෙන්නෙ නෑ...

    ..යනකොට පොඩි වලියක් කුස්සිය ඇතුළනේ තමයි ඇහෙන්නේ
    .
    .ලෙටි අක්කට හොඳටම තරහ ගිහින් ඩොමි අයියට බනිනව හොඳටම ...ඩොමි අය්යත් ඉන්නව තට්ට‍ෙ අත ගගා
    ..මට දැන් ඇතුලට යන්නත් බෑ ගියොත් මිනිහට හරි නෑ මොකද පොර ඉන්නේ හෙන චණ්ඩිය වගේ නේ..

    ඒ අස්සෙ ඩොමි අයියගෙ පොඩි එකා බ්‍රයන් ඌ අඬනව හොඳටම ... මම ඌවත් වඩාගෙන වාඩි වුණා පුටුවක් උඩින් ..
    මට පොඩි එකා වඩා ගනිද්දී මතක් වුණ‍ෙ ඩොමි අයියගෙ මස්සිනා බ්‍රයන් අයියව.
    මස්සිනාගෙ නම තමයි පොඩි එකාට දාල තියෙන්නේත් ..

    ඉස්සර බ්‍රයන් අයියා ඩොමි අයියා නැති වේලාවක් බලල මියා අක්කව බලන්න එද්දී මම තමයි මුර කරන්නේ ..

    ඒ වෙනුවට මට ස්කයිලයින් එක පොඩ්ඩක් පදින්න දෙනවා....හමිම‍ෙි ඉතිං ටිවින් ටර්බෝ එක්ක නයිට්‍රස් ...මතක් වෙද්දිත් ආසයි...

    “ මල්ලි මොකද මෙි පැත්තෙ...”

    ඩොමි අයියාගේ කටහඬින් මම ගැස්සිලා ගියා ..පොඩි එකාටත් මගේ උරහිසේම නින්ද ගිහින් ..

    ඩොමි අයියාගෙ තට්ට‍ෙ පොල් කිරි..මිනිහ පොල් මිරික මිරිකද කොහෙද ඉඳල තියෙන්නේ ...

    “ නෑ අයියෙ පොඩි ගමනක් යන්න කාර් එක ඉල්ල ගන්න කියල ආව...”

    " වරෙන් මල්ලි එළියට යන්න .පොඩි එකාව ඔහොමිම ඇදෙන් තියල වරෙන්..."

    ඩොමි අයිය එහෙම කියල සරමක් කැහිපට ගහගෙන බැස්ස මිදුලට

    මමත් පොඩි පොඩි එනා තියල..බැස්සා මිදුලට..
    මොකක්ද මෙි සීන් එක කියල බලන්න

    " බලහන්කෝ මල්ලි..මෙි ගෑනි මට කාර් එක අල්ලන්න වත් දෙන්නේ නෑ බං....
    යතුරත් හංගලා..උඹ පොඩ්ඩක් අක්කගෙන් ඉල්ලල බලපන්ක‍ො .."

    ඩොමි අයයිය මුන හතරැස් කරගෙන කිවිවා

    අක්කගෙන් ඉල්ලනවට වඩා හොඳයි පයින් යනවා මට නිකං මොකක්ද වගේ අක්කගෙන් ඉල්ලන්නත්

    “මොකක්ද අයිය‍ෙ අවුල”

    මම පොඩි ෂේප් ටෝකක් දැමිම

    “ මෙි ෆේස් බුක් අවුලක් බන්.. දන්නව නේ මේ ගෑනුණ්ට පොඩ්ඩ ඇත්නමි ඇති නේ සතියක් කියවන්න ”?

    හප්පට මු කෙල්ලෙක් වත් ට‍ෝක් කරලා මාට්ටු වෙලාද..

    උඹ දන්නවනේ අර කාර් බොයිස් කියල පේජ් එකක් තියෙන්නේ ..ඒකේ පෝස්ටි එකක් ශෙයා කරා කියල වලි බන්...

    යකෝ පෝස්ටි එකක් ශෙයා කරා කියලා ඔච්චර වලි දාන්න ඕනද..මම ෆුල් අඥ කොරස්...

    මොකක්ද අයියෙ පෝස්ටි එකේ තිබුණෙ .

    මම හිනියට වගේ ඇහුවා..වැඩිය මොකුත් අහන්නත් බෑ...මු නාහෙට අහන්නෙ නැති එකා..

    " ලේ පිරුණු ගෑනු හිතකට වඩා

    ඔයිල් පිරුණු යකඩ හිත පට්ට කියලා "...

    හුටා...මෙතනින් මාරැ වෙන එක හොඳයි වගේ.පේජ් එක කරන්නේ මම කියලා දැන ගත්ත‍ොත් මගේ තට්ට‍ෙ පාලනව සත්තයි.

    "අයියෙ කමක් නෑ ...මම රෝමන් අයියගෙ මස්ටෑන්ග් එක ඉල්ලගනෙ යන්නමි"

    ඩොමි අයියට එහෙම කියලා මාරු වෙන්න හදද්දී ලෙටි අක්ක බැස්සා මිදුලට ..අතේ පොල්කටු හැන්ද...

    “මල්ලි පොඩ්ඩක් හිටපන් ...”

    ඇ...ඇයි අක්කේ

    " මෙන්න මේක අරන් පලයං මගේ ඇස් දෙකට පෙන්න‍ෙ නැති වෙන්න" කියලා..
    කාර් එකේ යතුර මට දුන්නා ...

    මට බැලුනා ඩොම් අයියාගේ දිහා ...මිනිහගෙ ඇස් දෙක‍ේ කදුලු...මිනිහ ඔළුවෙන් කිව්ව මට අරන් පලයං කියලා ..

    “දැන් ළමයෙකුත් ඉන්නව ..මෙි මිනිහගෙ රථ ගාය තාම හොඳ වෙලා නෑ”

    ලෙටි අක්ක බැන බැන ගේ ඇතුළට ගියා

    මම කළු පාට ඩොජ් චාජර් එකට නැගල ස්ටාටි කරා.....අමිම‍ෙි.. ඒ සද්දෙ ...
    කනට කොයි තරමි මිහිරිද. ‍මෙික ඩොමි අයියාගේ තාත්තගෙ කාර් එක ..
    V8 එන්ජින් එක ..සුපර් චාජර් එකක් එහෙම දාල තියෙන්නේ ...හොස් පවර් 900 ක්.
    ඒ මදිවට තව නයිට්‍රසුත් දාල...

    ම‍ොන තරමි ලක්සරි , ස්පෝටි වාහන තිබුණත් ම‍ෙි මසල් කාර් වලට ඩොමි අයියා පන අරලා ආදරේ කරන්න‍ෙ නිකන් නෙමෙයි කියල මට හිතුණා ..

    මම යන්න හදද්දී ඩොමි අයියා දුවගෙන ආව..:

    “මල්ලි නයිට්‍රස් දාල යන්න එපා..ලබන සතියේ ර‍ේස් එකක් තියනවා බං..නයිට්‍රස් සිලින්ඩර් දෙක ගත්තේ හෙන ගේමක් දිලා බන්...”

    හරි අයියා එළ..නයිට්‍රස් දාගෙන ගියොත් දඩ කන්න වෙන්නේ .ගාලු පාර‍ෙ අඩියෙන් අඩිය පොලිසිය

    එහෙම කියලා මම දාගත්ත වාහන‍ේ ගාලු පාරට ..කෙල්ල බලාගෙන ඇති මම එනකම් ..

    කැසටි පිස් එකක් තියනවා සීටි එක උඩ .කාගෙද බලමු...

    මිමිිමිි

    කිංස්ලි පිරිස්

    හ්ම්ම් ..ඩොමි අයියගෙ ආසම ගායකයා ....අහමු බලන්න සින්දුවක් ....

    අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ ...
    ස්පෝටි කාර් ගැනයි මාත් එක්ක පවසන්නේ ...
    පඩි ටික එකතු කරලා ටයර් හතර මම දැම්මේ ..
    කාර් එකකට වගේ මට කවදද සලකන්නේ ..........//

    හමු වෙන හැම වෙලෙමෙ කාර් ගැනම කතා කරනවා ...
    ෆාස්ට් ඇන්ඩි ෆියුරියස් බැලුවාද අහනවා ...
    පෝල් වෝකර් උගේ ප්‍රියතම නලුව කියනවා...
    හැම වැඩක්ම දාල මටත් කාර් එකක් ගන්න හිතෙනවා ...🚗🚗🚗🚗🚗🚗🚗

    සින්දුවත් දාගෙන පෑගුව ලෑල්ලටම.....

    මතු සම්බන්ධයි


    උපුටා ගත්තේ කාර් බෝයිස් ෆේස්බුක් පේජ් එකෙන්