ලංකාවේ හැදෙන සුපිරි අලුත් සින්දු

vinky

Junior member
  • Dec 28, 2014
    95
    18
    8






    මේ සිංදු 3 අවුරුද්දක් දෙකක් විතර පරණයි. ඒත් අහලා නැති අය ඉන්නවා නම් අහන්න දැම්මේ. මේවට හිත් වෙනම ලෝකෙකට අරං යන්න පුළුවන්. :)
     
    Last edited:

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement






    මේ සිංදු 3 අවුරුද්දක් දෙකක් විතර පරණයි. ඒත් අහලා නැති අය ඉන්නවා නම් අහන්න දැම්මේ. මේවට හිත් වෙනම ලෝකෙකට අරං යන්න පුළුවන්. :)


    Machan mage adahasa witharai meka...
    me sindu 3ma music patta...supiri voice ekakuth thiyenawa...
    A unata a voice eka sinduwe therumata galapan na kiyala mata hithenawa...
    Sinduwa ahaddi sinduwe hangeema eliyata denda voice ekata ba...
    Hariyata sinhala theren nathi kenek sinduwa kiyanawa wage
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    Machan mage adahasa witharai meka...
    me sindu 3ma music patta...supiri voice ekakuth thiyenawa...
    A unata a voice eka sinduwe therumata galapan na kiyala mata hithenawa...
    Sinduwa ahaddi sinduwe hangeema eliyata denda voice ekata ba...
    Hariyata sinhala theren nathi kenek sinduwa kiyanawa wage

    මේ සින්දුවේ (අභිමන් සේයා.. සින්දුව )voice, music දෙකම බටහිර ආරක් ගන්නවා වගේම, තේරුම පෙරදිග අදහසක්. සම්පූර්ණෙන් අන්ත දෙකක්. මෙහෙම හිතමු "මම" කියන සංකල්පය නොදන්න බටහිර ජාතිකයෙක් ඒක අවබෝධ කරගෙන ඒක එයාට දැනෙන විදියට ප්‍රකාශ කිරීමක් කියලා හිතමු. එහෙම ගත්තොත් ඒ දැනෙන වෙනස වෙනස් වෙයි.
    මේ සින්දුවේ කතා වෙන සංකල්පය අපි හැමෝටම ආගන්තුකයි. ඒක අපි හරියටම නොදන්න දෙයක් ගැන විස්තර කරනවා වගේ.
    මම කියන්න යන දේ ඔයාට තේරෙනවද මන්දා..
    මන්දා මටත් ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ. :confused:

    ඔයා කියන දේ හරි.. ඒත් ඒ නොගැලපීම ඇතුලේ මට නම් ඒ සිංදුව දැනෙනවා වැඩියි. :)
    අපි අනිත් අයගේ අදහසුත් බලමුකෝ.. :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Suwa wiruwa (සුව විරුවා) - Sanka Dineth Ft. Kasun Kalhara | A Tribute to Healing Heroes







    තෙරුවන් පිහිට ලැබෙන්නයි ....
    දෙවියන් වටකොට ගන්නා...
    මල් පිපෙන බිමක්......
    පණ ගැහෙන රටක්....
    යලි හෙටක් සැබැ කරනා...
    ප්‍රර්ථනා සුව ප්‍රර්ථනා ඔබයි අපේ සුව විරුවා....



    Aritist : Sanka Dineth
    Lyrics : Ruchira Kurulugama
    Melody : Kasun Kalhara


    NK123 RANK -
    SONG - 6/10
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    Offline සුන්දරී | Dilnuk ft. Murshad (Funky Dirt)



    Offiline සුන්දරී
    Dilnuk Ranmila Ft Mushad Huvais
    Melody & Music - Shenal Maddumage
    Lyrics - Murshad Havais


    රෙද්දේ හැට්ටේ ගොතපු කොන්ඩේ සෙස්කි ලමිස්සි
    දැක හදවතට දැම්මා නීති හදිස්සි

    ආයෙ වටෙ යන්නෑ මන් - flirting ඉවරයි බන්...
    වුනා පෙම් බෘංග රාජයා...
    බොරු posh ඕනෑ නෑ - insta stories නෑ...
    Offline සුන්දරි මාගෙ...

    කෙල්ල නුඹ ගමේ ගොඩේ - බැල්මෙන් දුන්නා වැඩේ...
    හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
    ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ...
    හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා...//

    [රැප]

    ඉදුනු තක්කාලි නුබෙ දෙන ගිනිකෙලි
    සැණකෙලි හදවත මල කෙලි
    ටව්මේ අම්මන්ඩියො පොදු වැසිකිලි
    ඩොටේ සුරගන නුබ පත්තිනී
    ගැස්සිලා ඇහැරුනි ට්‍රැක්ටරේ
    දැක්කම පැද්දිලි අක්කරේ
    මැට්ටියේ මගෙ පෙමට කවිය
    හට්ටියේ සැර කොච්චි කරිය
    මැණිකගෙ රසම හරිය
    ස්පර්ශෙට මගෙ උච්ච ස්වරය
    තලෙලු කුමාරි ගම්බද
    යමුද සවාරි කොළඹට
    රැල්ල පාගමු හෝ ගාන පොකුන
    කෙල්ල ආසද නෙලුම් කුලුන
    One galleface marino mall වගේද නුබ කරද්දී මෝල්

    [Music]

    පොඩි සිප්පි කෑලි වගෙ නෙවෙයි රංජනි
    ඇබරෙන නෙරියේ tire fire දැල්වුනි

    රම්පෙට පොරි හැලුනා - නොදැනිම පැණි හැලුනා...
    කෙල්ලෙ මන් mentaly ඩොම්මා...
    Make up ඕනෑ නෑ - filters ඕනෑ නෑ...
    Offline සුන්දරි මාගෙ...

    කෙල්ල නුඹ ගමේ ගොඩේ - බැල්මෙන් දුන්නා වැඩේ..
    හද මගෙ උලුදු වඩේ වගෙ හිල් වුනා..
    ලස්සන කකුල මැගෙ බැස්සම කුඹුරෙ මඩේ..
    හිතෙයි කුඩැල්ලා වගේ ඉන්ට එල්ලිලා... //
     
    Last edited:

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele


    මන්දෝදරියේ මා සොයාලා
    ඇයිද නුබ නාවේ මසිත පෙලාලා
    සිදු වූ දේ නුබ දනී සීතා
    නොකෙලෙසූ ඔබේ පතිවත
    බැල්මෙන් රත්වෙලා

    වරද මා පිට පැටවී
    ලෝකයා මට බියවී
    සතුරු වේ රාමා දෙවි වී
    දුෂ්ටයා මා දැන් යකු වී
    ඇයිද මෙලෙසින් කලේ.. සීතා

    රාවණා..//
    මා නුබේ රාවණා
    මන්දෝදරියේ මා
    මා නුබේ රාවණා..//

    සිදු වූ දේ යලි මා කෙලෙස කියම්දෝ
    ඇගේ පතිවත ඔවුන් හොදහැටි දුටුවෝ
    බුර බුරා නැගි මිණිකුලු අතරේ
    පතිවතින් ඈ සුරැකුනු දිනයේ

    ආදරේ යැයි පැවසූ රාමා
    සැකකලා ඒ පතිනිය සීතා
    අනේ නම් ඇයි සැක කලේ
    කියනු මා හට නොවැටහේ නම්
    මා නම් නෑ ඔබ හැරදා ගියේ
    දිනෙක යලි ඇහැරි
    හැමදේ විසදමි

    රාවණා..//
    මා නුබේ රාවණා
    මන්දෝදරියේ මා
    මා නුබේ රාවණා..//
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele


    Artist - Chamara Karunanayake
    Female Vocal - Kethaki Suraweera
    Lyrics - Hansi Sandamali
    Melody & Music - Tharindu Damsara
    Music Composition, Mixing & Mastering - Sanjula Himala
    Guitar - Kavin Harshana
    Esraj - Venura Sachintha
    Flute - Asitha Senavirathna

    කිමද රාවණා නුඹ නේන කාරණා
    කන්කලු රාවණා වෙණ නද නෑසෙනා
    හදවත පාරණා පැතිරෙන කාරණා
    කදුලු බර වැඩී දෑසට රාවණා

    කාරණා මන් කියන්නම්
    පෑරෙනා හිත හදන්නම්
    වේදනා පිස නිවන්නම්
    රාවණා මා
    මන්දෝදරී

    සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ
    ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ
    මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
    මියෙන තුරු සොදුරුතම රතිගන
    නුඹ තමා මන්දෝදරී

    අදුරු කළුදිය පොකුණ සැගවුන
    කටුක අමිහිරි බෝ රහස් ඇත
    අතීතය සිත ගොළු කරයි මා ආදරී
    ගැඹුරු සිතිවිලි අතර සැගවී
    නුදුරු ලෝකයෙ සැගව යමු අපි
    අතීතය හීනයක් නොව මන්දෝදරී
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Ma Nowe E Rawana - Akalanka Panapitiya & Sashika Nisansala



    මා නොවේ ඒ රාවණා...
    ප්‍රේමයෙන් මං නෑවුනා
    මිදුමක් සේ මීමුරෙන් මිදෙනා
    මා නොවේ ඒ රාවණා...

    හිත බින්ද දුනු දිය ඇද්දෙ නෑ මා
    ඔබ ලඟින් හිඳිනා මන්දෝදරී සැලුනා
    තාම නාඬා ඉන්නේ ඇයි මා...

    මා නොවේ ඒ රාවණා...

    ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුලා
    සයනයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
    දඬු මොණරෙ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
    තාම නාඬා ඉන්නේ ඇයි ඈ...

    කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
    ලග්ගලින් දලුලා ගිනිගෙන මා දැවී තිබුණා
    වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
    තාම නාඬා ඉන්නේ ඇයි මා...

    මා නොවේ ඒ රාවණා...
    ප්‍රේමයෙන් මං නෑවුනා
    මිදුමක් සේ මීමුරෙන් මිදෙනා...