Ma Nowe E Rawana - Akalanka Panapitiya & Sashika Nisansala
මා නොවේ ඒ රාවණා...
ප්‍රේමයෙන් මං නෑවුනා
මිදුමක් සේ මීමුරෙන් මිදෙනා
මා නොවේ ඒ රාවණා...
හිත බින්ද දුනු දිය ඇද්දෙ නෑ මා
ඔබ ලඟින් හිඳිනා මන්දෝදරී සැලුනා
තාම නාඬා ඉන්නේ ඇයි මා...
මා නොවේ ඒ රාවණා...
ඔටුන්නෙන් ගිලිහී සැලෙනා මැණික් ගල් අහුලා
සයනයට පිටදී බිසවුන් ඇස් පියා සිටියා
දඬු මොණරෙ වැටුනා ඔබ වෙත කෝම එන්නද මා
තාම නාඬා ඉන්නේ ඇයි ඈ...
කප්පරක් දුක මා වැයුවේ මුදු සිනා සලලා
ලග්ගලින් දලුලා ගිනිගෙන මා දැවී තිබුණා
වේදනා දැනෙනා හැමතැන රාවණා සිටියා
තාම නාඬා ඉන්නේ ඇයි මා...
මා නොවේ ඒ රාවණා...
ප්‍රේමයෙන් මං නෑවුනා
මිදුමක් සේ මීමුරෙන් මිදෙනා...