කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇරගත්තා මල තව ඔබලා
මගෙ රැප රැය පුරා බබලා
උඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්
නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා
බෝයි,
රට කලා හුඟක් දූව කකා
නැගි එන එන පරපුර ඌව මකා
හැරමිටියෙන් අදිද්දි ඔරු පාරු කකා
මගෙ හබල අරන් ගියා වේල යකා
තාම,
අර පාදඩ ගති
හැම දෙනා මගෙ ඇඟෙ
නාවර දකි
කරමල කිරෙන් නාවන පති
දන අකල විකල පරමාවැඩි පති
බූවා,
ගෑවුනු තැන හිතින් නැසුවා
පොඩි එකා බර පන්ති ගැසුවා
පොඩි පහේ නයක් ගන්න පැතුවා
රටේ මල බත උන් පැතුවා
මගේ රැප නද මම පතුරා
විට කකා හිටි උන්ට මතුරා
හිත පුරා අහන් ඉන්න පැතුවා
කවුද මාත් එක්ක එන්නෙ මගෙ සතුරා
මිනි වස්සන රන් තඩි මුදු
පලඳාගෙන මැතිවරු තාමට ගැතිවරු
හිරි වට්ටන කාරන ගැන
රවටාගෙන වටේ අය දාඩිය නොවැටුනු
තරමක් දුර ආ පොඩි දරුවට
පා පියුම් වෙනුවට ලෝ දිය අතුරපු
සැමටත් මගෙ රෑපස බෙදුවට
තාමට කෙලවුනු ගානක් වත් නොඇසුනු
රිදුම් කන එක පුරුද්ද්ට ගිහින් රටේ
විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේ
විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ
සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
හැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනේ
හඬ ඇහුන්නැතත් උනුත් ගරද්දිනේ
ඔඩොක්කුවේත් තියා තවත් පොඩි එකෙක්
මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇරගත්තා මල තව ඔබලා
මගෙ රැප රැය පුරා බබලා
උඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්
නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා
බෝයි,
ඉස්පිලි පාපිලි බෑඳුනු මා හද
ඈඳුනු ජීවිතෙ කාපිරි කාපිය
සුවතාක් පතනා මැති පෝලිමෙ
උන් බල පෝලිමෙ මේ රට කාපිය
සිහියක් නැති කොල්ලො රැලක්
පොඩි chill එකක් දැම්මද
තිබ්බද පාටිය
සිරිමත් එනවා මැදඟිල්ලක්
උස්ස රැපෙන් උන් ඉස්සුවා සාරිය
සිරිමාවෝ දැන් ඉක්කා
වීර කාලා ඔයෙ මීර බිබික්කන්
රට හාලේ බත් එක්කන්
මගෙ පීට කුඹුරු යායෙ පල්ලමානික්කම්
කර මාලේ රන් එක්කන්
රටෙ වීර ගෑනු පිට රට තව දක්කන්
මගෙ ආරේ රන් එක්කන්
මගෙ රත්තරන් පද වලට උන්ට ඉක්කන්
බෝයි,
රිදුම් කන එක පුරුද්ද්ට ගිහින් රටේ
විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩින් එතේ
විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ
සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
හැම ගහක් ගැනත් කිව්වොත් කිනිත්තනේ
හඬ ඇහුන්නැතත් උනුත් ගරද්දිනේ
ඔඩොක්කුවේත් තියා තවත් පොඩි එකෙක්
මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
කව්ද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇරගත්තා මල තව ඔබලා
මගෙ රැප රැය පුරා බබලා
උඹෙ මොලේ බැදන් එන්නෙ කබලාක්
නිල් රතු කොල නෙමෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආව සෙබලා
බෝයි