Questions ලංකාවේ හොදම සිංහල සින්දු පද රචනය ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    ලංකාවේ හොදම සිංහල සින්දු පද රචනය (lyrics) මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,378
    113
    Behind u :p
    විනිසුරු අසුනේ සත් පුරුෂ ප්‍රානේ -කලු රෙද්දෙන් ඹතලා
    අපරාදය හෝ ඝාතකයා හෝ
    විනිවිද නොපෙනේ - නීති පොතේ ඉන්ද්‍රජාලේ

    ඝාතකයා , මිනී මරන්නේ තිරිසනා
    විනිසුරුවා , නඩු අසන්නේ මිනිසා
    මුනිවරයා , සමාව දෙන්නේ දෙවියෝ....
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    ඔළුව තදින් නරක් වෙච්ච

    මිනිසුන් පිරිසක් හැදිච්ච
    අරුම පුදුම රටක් තියෙනවා ඕයි
    මහ මුහුදින් වට කෙරිච්ච
    අඹ ගෙඩියක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනවා ඕයි

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු


    එකෙක් නඟිනකොට ඉහළට

    ඇහේ කටු ඇනෙයි අනිකට
    අදියි බිමට හෙළයි පහළට ඕයි
    පිස්සෝ සුදුස්සෝ යට කොට
    පුස්සෝ වැඩ දෙනවා යමරෙට
    සෙතක් වෙයිද එහෙම රටකට ඕයි

    බඩට නැති වුණත් ලුණු කැට
    ඇඟට ඕනැමයි විල්ලුද
    ඒකයි ඉහළම සන්තෝසේ ඕයි
    නැති බැරි අඟ හිඟ කම් මැද
    බිය සැක ලෙඩ දුක් විඳ විඳ
    ඒකයි ලෝකෙට පරකාසේ ඕයි

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

    රට වටකර සාගරයයි
    එහි සම්පත් ආකරයයි
    පිටින් මාලු රටට ගෙනව ඕයි
    රට මැද තනි වෙල්යායි
    බැලුවම හරි සිරියාවයි
    නැවෙන් ගෙනත් හාල් බානව ඕයි

    දකින දකින මිනිහ අතේ
    බැඳල ඔරලෝසු ඇතේ
    Time එකට කිසිම වැඩක් නෑ ඕයි
    උන් හත කියන්නෙ අටට පුතේ
    අට කිව්වොත් නමය වෙතේ
    කැත පුරුද්ද අතාරින්නෙ නෑ ඕයි

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
    ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු

    ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු
    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    එහෙම එකක් කියන්න බෑ බන් රත්න ශ්‍රී, චාමින්ද විජේසූරිය, කේ ඩී කේ, ඔගස්ටස් විනයාගරත්නම්, කැලුම් ස්‍රීමාල්, ප්‍රේමකීර්ති, හේමසිරි හල්පිට, අජන්තා රණසිංහ, මහගමසේකර, ආත්මා, රූකාන්ත- මෙයාලගෙ හොඳම සින්දුව ගානෙ තෝරන්න පුලුවන්. මොකද මේ හැම එකාගෙම වචන කැල්කියුලේට් කරන සංජානන හැකියාව උන්ගෙම විදිහට වෙන්නෙ.

    තව කින්ග්ස්ලි පීරිස්, චන්දන ලියනාරච්චිට එහෙම සින්දු ලිව්ව බුවෙක් ඉන්නව මට නම මතක නෑ ලඟඳි මැරුනා. තව සන්නගෙ හොර ලව් සින්දු ටික.


    1.සඳකඩ පහණක කැටයම්...
    2. සෙනෙහසකට අරුතක් පුරවන්නට...

    හොඳක් නරකක් කියනව නෙමේ නමුත් සඳකඩ පහනක කියන්නෙ ලංකාවෙ තේරුමක් නැතිම ගීත වලින් එකක්. ලයින් එක ගානෙ බැලුවොත් යම් තේරුමක් තියෙනව නමුත් ග්ලෝබලි බලද්දි තේමාවක් නෑ. රම්බරී සින්දුවෙ සබුද්ධික ශ්‍රාවක වර්ෂන් එක.

    සින්දුව මරු, වික්ටර් ගෙ මියුසික් කොලිටි.
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    නුබේ නමින් සෑය බදිමි - සේකර

    උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසී ලියේ
    නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
    වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
    සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
    කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
    කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
    පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    බාල චන්ද්‍ර පටු නලලත අලක අඳුන් අඳින ලියේ
    ආල වඩන දන්ත කැකුළු කුණ්ද සමන් පිපෙන ලියේ
    දෑල දෑත ස්වර්ණ දාම තාල හඬට හඬන ලියේ
    කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

    මේ වගේ ලියන්න පුලුවන් පොරක් ආයෙ බිහි වෙන්නේ නෑ :no:
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,392
    1,955
    113
    සදාකාලික නොවූ ලෝකේ...
    එකපාරටම හිතට ආවේ මේක
     
    • Like
    Reactions: NRTG