ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව…

Dreamworks_naveen

Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව…

    හැමෝටම තියන ගැටලුවක් තමයි මේ මෝබයිල් පුලුල් පරාස ඉන්ටර්නෙට් නොහොන්, Broadband HSDPA මේතර්ම් ගැටලු සහිත හා, මේ අය කියන 3.6mbps, 7.2mbps වේහයන් ලැබෙන්නේ නැත්තේ කියලා. ගොඩක් අයට මේගැන හරි වැටහීමක් නැති නිසා මේකියන Marketing tricks වලට රැවටෙනවා. මේවා විකුනන අයවත්, Marketing කරන අයවට් මේවා ගැන දනේ නෑ, මේක හරිම සරලව කියල දෙන්න කියලා තමයි මම මේ අද බලන්නේ.
    මොකද මේ ගොඩක් HSDPA බාවිතාකරන අය කියනවා, මගේ එක slow, තව අය කියනවා මගෙ එක fast කියලා, මම මේ දැනුත් ටොරන්ට් බානවා කියයි
    icon_biggrin.gif
    ඇයි මේක මෙහම වෙන්නේ. ඇයි මේ service providers ලට කියන වේග දෙන්න බැරි. මොනාද මේ අය අපෙන් වසන් කරනේ කියන කරුන තමයි මම අද කියන්න යන්නේ.


    ඉහත රූපයේ තියෙන්නේ සරල ජංහම දුරකතන ජාලයක් අනුරුවක්.
    හරි දැන් අපි බලමු මේ HSDPA විකුනන අය කියන 3.6mbps, 7.2mbps, 14.2mbps කියන්නේ මොකද්ද කියලා. මේ වේගයන් එක cell tower (කුලුණකට) ලබාදිය හැකි උපරිම වේගය, නැතුව එක user කෙනෙකුට ලැබෙන වේගය නොවෙයි., මේක හොදට සිහියට ගතයුතු දෙයක්. උදාහරනයක් ගමු අපේ මේ ඉහත රූප සටහනේ Cell Tower C, අපි කියමු මේ tower එකේ වේගය 14.2mbps කියලා. මෙහි වේගය, Phone D, G (14.2/2 = 7.1mbps) අතර බෙදී යනවා. නමුත් සැබෑලෝකයේ එක cell tower එකක් ඉන්න users ලා ගාන මීට වඩා බොහෝ වැඩියි. ඒකෙන් පේනවා මේක වෙලද උපක්*රමයක් මිස, සැබෑ ලොකයේ ලබාදෙන්න පුලුවන් දෙයක් නොවන බව.
    Broadband speed ගැන කියනකොට, SLT ADSL වැනි ඒවාගේ කියන 512kbps, 2mbps කියන් වේගයන් වලට කියනේ Last mile connectivity, ඒ කියන්නේ ඔබ හා ඔබගේ සේවාදායකයාගේ ජාලය එක්ක ඔබ සම්බන්ද වන වේගය, නමුත් මේ HSDPA එකේ දී කියන්නේ ඔව්න්ගේ tower speed මිස, ඔබට සැබැවින් සම්බ්න්ද විය හැකි වේගය නොවයි. මොකද මේ කියන last mile එකද shared වෙනවා. මීට අමතරව සෑම කුලුනක්ම HSDPA 3.6mbps, 7.2mbps හෝ 14.2mbps වෙන්නේ ද නෑ, උදාහරනයක් තමයි ඩයලොග්, ඒ අයගේ 1.8mbps සිටන් 14.2mbps වෙන කුලුණු තියනවා. ඒක නිසා එක එක අයට ලැබෙන වේගයන් වෙනස්.
    ඉහත කීව දේවල් අමතරව ලොකුවටම කරන වසන් කිරීම තමයි, Base Station සිට කුලුණට ඇති සම්බද තාවය, මෙය බොහෝවිට E1 එකක් වෙයි, මෙහි උපරිම වේගය 2048kbps (2.048mbps full-duplex; 2048kbps up and 2048kbps down) වෙයි. ඉතින් 14.2mbps උවද කුලුණ එයට ලැබෙන උපරිම වේගය 2048kbps මෙයද, voice, data හා tower control signal අතර බෙදීයනවා. City limit (කොලබ) ඉන්න අයට මේක ගොඩක් බලපාන්නේ අඩුවෙන්, මොකද මේ cell tower ගොඩක් හා, ඒ වයේ capacity ගොඩක් වැඩිවන ලෙස තිබීම. මොකද කොලබ දවල් කාලයේ තියන traffic load එක control කරන්න, රෑට ගොඩක් වේගයන් ලැබෙන්න පුලුවන්, මොකද සිටින users ලා ගාන රැට ගොඩක් අඩුවෙන නිසා.
    ඉහත රූපයට අනුව අපි හිතමු Cell Tower C වෙත ඇත්තේ E1 එකක් කිලා, එවිට Phone D හා G අතර මේ 2048kbps බෙදී යනවා. මොකද tower speed එක 14.2mbps වෙන්න පුලුවන් නමුත් tower එකේ දත්ත සම්බන්දතාවය 2mbps. හිතලා බලන්න එක tower එකක් ඉන්නේ users ලා දෙන්නද කියලා ? මේක තමයි මේ ලොකුම හේතුව HSDPA වේගයන් ගොඩක් අඩුවීමට, මේවා ගැන කිසිම provider කෙන්ක් කතා කරන්නේ නෑ.
    අනිත් වරද තමයි, Cell Tower කීපයක් අන්තර් සම්බන්ද කිරීම, ඉහත රූපයේ cell tower B ගමු, එය base station එකට සම්බන්ද කර ඇත්තේ cell tower A හරහාය, එවිට cell tower B හි සිටින අයට ලැබෙන්නේ Cell Tower A වෙත ලැබෙන වේගයන්ටත් වඩා අඩු වේගයක්, මේක ගොඩක් තියන ගැටලුවක් තමයි දුර පලාත්වලට යනකොට. මෙ වෙලාවට තමයි Phone E වෙත වෙලාවකට වැඩි වේගයන්ද, තව වෙලාවකට වැඩි වේගයන්ද ලැබෙන්නේ. මොකද Phone E, cell tower B සම්බන්ද වෙලා ඉන්නකොට අඩු වේගයක් ලැබෙනවා, නමුත Cell tower E වත සම්බද උන විට වැඩි වේගයක් ලැබෙනවා, මක්නිසාද Cell tower E හි කිසිම user කෙනෙක් නැතිවීම හා Cell tower E, Base Station වෙත කෙලින්ම සම්බන්දව තිබීම. තවද ඔබ Cell tower එකේ සිට ඉන්න දුරද ඔබට ලැබෙන වේගයන්ට බලපානවා, cell tower එකෙන් දුරස්වෙන්න වෙන්න ලැබෙන වේගය අඩුවෙනවා.
    හරිම ආකාරය HSDPA tower එකක් 3.6mbps නම්, එය E1 x3 (2048×3=6144kbps) වත් සම්බද විය යුතුයි, මෙම 6mbps හින්, 3.6mbps HSDPA/3G/GPRS වෙන්වන අතර, ඉතුරු (2.4mbps) ටික Voice හා Control සිග්නල් වලට වෙන් වෙයි. මෙවැනි එකක normal එක user කෙනෙකුට 1-1.5mbps වේගයක් ලබාගන්න හැකිවෙනවා සැබෑලෝක (real world) තත්වයකදී.
    මෙතනින් පේනවා මේ marketing සදහා කියන අංක කිසිම realistic නොවන බව.
    හරි අන්තිම ගැටලුව, මේ International Bandwidth ගැන. මේ අය කියන්න පුලුවන් අපිට 100mbps, 155mbps හෝ 4gbps තියනව කියලා, නමුත් මේ කිසිම කෙනෙක් කියනේ නෑ, HSDPA සදහා වෙන්කරපු කොටස. ඒ අය කතා කරනේ ඒ අයගේ මුලු දාරිතාව මිස, HSDPA සදහා වෙන්කරපු කොටස ගැන නෙමෙයි. මොකද මේ වෙන්කරල තියන කොටස 10-20mbps වගේ තමයි වෙන්නේ.
    ඉහත මම කියපු කරුනු මේ රැහැන් රහිත සේවාවන් වන CDMA, GPRS, WiMax වෙතද බලපානවා.
    මතක තියාගන්න HSDPA යනු ගෙදර තියන Broadband එකට altanative එකක් නොවෙයි, මේක මේ MOBILE Internet නොහොත් ජංහම අන්ත්ර්ජාල සේවයක්, මේක broadband replacement එකක් නොවෙයි. HSDPA යනු Broadband මුලාවකි. කිසිම විටක 1-1.5mbps වඩා වේගයක් බලාපොරොත්තු වෙන්න එපා.
    icon_biggrin.gif


    By කාලිංග
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    EΜΙFΞXΛ said:
    SLT ADSL unath last mile connectity kiyala thibunata ekath share wenawa kiyala kiyala thiyenne bro;)
    ow api call eakak gaththoth speed eaka tikak aduwenawa ,eahema neathi welawata 512Kpbs eanawa (mata nam 512 eanawa)
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    thanks machan ,
    Yes they are using those old advertising methods that already used in the countries like USA , japan . but when a person who lived on those countries
    come here and ask about their service , they can underestood the real truth behind these services. He he.

    These markerting techiniques are very old GUYS , Try another smart way than ths.