ලංකාවේ IT අධ්‍යාපනය : එදා සහ අද
ලංකාවේ IT අධ්‍යාපනය : එදා සහ අද
IT හෙවත් Information Technology ( තොරතුරු තාක්ෂණය ) නමැති විෂය ශ්‍රී ලංකා ජන සමාජය තුල ව්‍යාප්ත වීම, විසි එක් වැනි සියවසේ මුල් දශකයේ මුල් වසර වල ආරම්භ විය.
2000 සිට 2004 දක්වා වූ කාල වකවානුව මුල් දශකයේ මුල් ලෙස මෙහිදී සලකා ඇත. 2005 වර්ෂය වන විට කෙමෙන් කෙමෙන් ගෙවල් වලට Desktop පරිගණක පැමිණෙමින් තිබුණු කාලය ආරම්භ වී තිබුණු අතර Video Deck යන්ත්‍ර බොහෝ දුරට සමාජය අතහැර ගොස් සිටි අතර ඒ වෙනුවට CD Players ඒ ස්ථානය අරක්ගෙන සිටියේය. තවද Cassette යන්ත්‍ර ද Audio CD බහුල වූ නිසා කෙමෙන් කෙමෙන් සමාජයෙන් ඉවත් වෙමින් තිබිණ. අද Dump Phone නමින් හඳුන් වන ජංගම දුරකථනද සමාජය තුල සංසරණය ආරම්භ වෙමින් තිබිණ. අන්තර්ජාල සහ විද්‍යුත් ලිපින තරමක් දුරට අගනුවර ආශ්‍රිතව ව්‍යාප්ත වී තිබුණද ඉන් ඔබ්බට ගොස් නොතිබිණ. Internet Café නමැති අන්තර්ජාල සේවා සපයන ස්ථානද ව්‍යාප්ත වීම සහ එකල තරුණ පරපුර අතර ජනප්‍රිය වීමට පටන් ගෙන තිබිණ. ඒ සැබවින්ම Chat සංස්කෘතියේ ආරම්භය විය. එනම් තරුණ තරුණියන් ගමෙන් ඔබ්බට ගොස් Missed Called සංස්කෘතිය සහ Internet Chat හරහා මිතුරු මිතුරියන් සොයනා කාලය විය.
මෙහි විෂයක් වශයෙන් ව්‍යාප්ත වීම යනුවෙන් හැඳින්වූයේ, විෂයක් වශයෙන් එකල පාසල් වල සහ උසස් අධ්‍යාපන ආයතන වල ඉගැන්වීම ආරම්භ කිරීමයි. එනම් එකල පාසැල් වල උසස් පෙළ පංති සඳහා IT ලෙස අතිරේක විෂයක් වශයෙන් ද උසස් අධ්‍යාපන ආයතන වල සහ විශ්ව විද්‍යාල වල IT නමින් සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා ආරම්භ වීමද විශේෂයෙන් දැකිය හැකි විය. එකල අද මෙන් ගෙවල් වල සහ රජයේ මෙන්ම පෞද්ගලික කාර්යාල වල Desktop, Laptop, Tablet වැනි විවිධ ගණයේ පරිගණක තියා බොහෝ අය අත ජංගම දුරකතනයක් වත් නොතිබුණ කාලයක් විය. එකල සන්නිවේදන තාක්ෂණය, තනිකරම තැපැල් සේවය සහ ස්ථාවර දුරකථන මත විශ්වාස තබා කටයුතු කරගෙන ගියේය.
ඒ SLIIT, NIIT, NIBM, IDM වැනි පෞද්ගලික උපාධි පිරිනමන ආයතන ආරම්භ වූ යුගය විය. මීට අමතරව වෘත්තීය මට්ටමින් හෙවත් බිම් මට්ටමින් Microsoft Office, Hardware Courses, Internet & Email, Photoshop, CorelDraw වැනි පාඨමාලා ජයටම කෙරීගෙන ගිය වකවානුව විය. ඒ කල Tech Sri Lanka වැනි ආයතන පාසල් ළමුන් අතර ජනප්‍රිය යුගය විය. 1990-1999 යුගයේ මේ ස්ථානය ගෙන සිටි Electronics, විෂය 2000-2009 යුගයේ පාසල් ළමයින් සහ තරුණයන් විසින් අතහැර, IT විෂය වැලද ගන්නට විය.
මෙහි Electronics විෂය යනුවෙන් හැඳින්වුයේ TV, Radio, Cassette Players ( specially VCR සහ Audio Cassette ), Two in One වැනි යන්ත්‍ර පිළිබද එනම් ක්‍රියාකාරිත්වය සහ repair පිළිබද ඉගැනුමට මෙන්ම, විවිධ පරිපථ සැකැසුමට පාසල් ළමයින් සහ තරුණයන් ඉතා ජනප්‍රිය වී තිබිම අදහස් කරන ලදී.
අද ICT හෙවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හඳුන්වන විෂය, එකල IT නමින් හැඳින් වූ අතර, 2010 වර්ෂයෙන් පසු SMART Phones කරලියට පැමිණීමත් සමඟ, එය Wireless Internet සමඟ සම්බන්ධවීම නිසා, එය ICT බවට පරිවර්තනය විය.
2005 වන විට පරිගණක උපාධි රජයේ විශ්වවිද්‍යාල වලින් පැවැත් වූ අතර, Product Based පාඨමාලා ද තරමක් දුරට ජනප්‍රිය වෙමින් පැවතින. එනම්,
මේ අතර ප්‍රධාන තැනක් ගත්තේය. ඒ වකවානුවේ මේ පාඨමාලා නොදියුණු මට්ටමක පැවති අතර, IDM වැනි පෞද්ගලික ආයතන මෙම පාඨමාලා ක්‍රියාත්මක කිරීම හරහා ඉතා ජනප්‍රිය සග ඉහළ තලයක සිටියේය. මෙම පාඨමාලා vocational qualifications ලෙස හඳුන්වනු ලැබේ.
මේ අතර කාලය තුල IT විෂය ධාරාව යටතේ උසස් අධ්‍යාපන මට්ටමින් Professional qualifications කිහිපයක් ද සක්‍රියව සහ ජනප්‍රියව පැවතින. එනම් BCS, ACS, Singapore informatics සහ NCC වැනි විදේශ ආයතන මගින් ලංකාව තුල ක්‍රියාත්මක කල විභාග එකල බොහෝ දෙනා තුල ඉතා ජනප්‍රියව පැවතින
2010 වර්ෂය වන විට, වෙනස් වන Trend එකට සුදානම් නොවී සිටි ඉහත සඳහන් කල අන්තරජාතික මට්ටමින් විභාග පැවැත් වූ ආයතන, ලංකා භූමියෙන් ඉවත් ව ගියේය. BCS ආයතනය නැවත ECUK හරහා rebrand පැමිණිය ද පෙර ඔවුන් ලබා සිටි ස්ථානය නැවත ලබා ගත නොහැකි විය. තවද, අද Pearson නමින් හඳුන්වන එකල edexcel BTEC නමින් හැඳින් වූ UK based අධ්‍යාපන ආයතනය, පෙර BCS, ACS, Singapore informatics සහ NCC වැනි ආයතනය මෙහෙය වූ ලංකාවේ පෞද්ගලික IT education Market අත්පත් කර ගත්තේය. 2020 වන විටද ඔවුන් සැලකිය යුතු මට්ටමකින් ලංකාව තුල තම ආධිපත්‍යය මෙහෙයවයි. මන්ද ඔවුහු සැමවිටම Strategically Trend සඳහා පුර්ව සුදානමකින් සිටීමය. තවද ඔවුන් ගේ ප්‍රධානම Competitor වන මහා බ්‍රිතානයේ වර්ෂ 150 පමණ පැරණි City & Guilds ආයතනය 2020-2029 දශකය සඳහා ලංකා භූමියෙන් ඉවත් වී යන බවට දැනටමත් තම Registered Center වලට ලිපි මඟින් දැනුම් දී ඇත
අද වන විට IT සඳහා Masters, Postgraduate Diplomas පවා රාජ්‍ය විශ්ව විද්‍යාල සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විසින් හඳුන්වා දී ඇත.
ලංකාවේ IT උපාධි වල විකාශනය
[ සැ. යූ. බොහෝ දුරට එකල ජනප්‍රිය ඒවා ඇතුළත් කර ඇත.]
1998-2005 වකවානුව
Academic
University of Colombo School of Computing
Bachelor of Technology ( Engineering ) in Computer Engineering
SLIIT
B.Sc ( Hons ) in IT
NIBM
B.Sc ( Hons ) in Information Systems
APIIT
B.Sc ( Hons ) in Computing
NIIT
B.Sc ( Hons ) in Computing
IIT
B.Sc ( Hons ) in Software Engineering
Professional
IESL Examinations ( Part I,II, III)
BCS
ACS
NCC
2005-2012 වකවානුව

Open University of Sri Lanka
• Bachelor of Technology ( Engineering ) in Computer Engineering
• Bachelor of Software Engineering
NIBM
B.Sc ( Hons ) in Information Systems
SLIIT
B.Sc ( Hons ) in IT
B.Sc ( Hons ) in Computer Systems & Networking
B.Sc ( Hons ) in information Systems
Edexcel BTEC HND in Computing/Networking/Software Engineering
Singapore Informatics Advanced Diploma in Computer Engineering
Professional
IESL Examinations ( Part I,II, III)
Engineering Council Graduate diploma
BCS Professional Graduate diploma in IT
[ 2008 වර්ෂය වන විට TopUp Degrees පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විසින් හඳුන්වා දෙනලදී ]
2012-2019 වකවානුව
University of Colombo School of Computing ( UCSC )

NSBM ( previously NIBM )
Wide ranges of degree courses under IT

TopUp Degrees
• ICBT
• BCAS
• ESoft
• LondonTec
& many others
Professional
BCS Professional Graduate diploma in IT
City & Guilds Postgraduate Diploma in IT

• Microsoft certification
• Cisco certifications
• Red Hat certifications
• Sun Certifications
• CompTIA certifications,
• Oracle certifications

• B.Sc ( Hons ) in Computer Science ( Internal Degree )
• BIT ( External Degree )
Open University of Sri Lanka • BIT ( External Degree )

Last edited: