මචන් මෙන්න ස්වර්ණවාහිනියෙන් අරක හරි කියනව, එහෙනම් මොන හු*^%^ඩ බන් online දාපු video එක අයින් කාලේ ... උන් මේ රටේ මිනිස්සු හදන්න යනවා .. උන්ගේ වැරදි හදාගන් නැතිව 
මුන් අයින් කරපු video එක මන් අයේ මේ tread එකට දැම්මේ නෑ .. හැබැයි දැන් අයේ ඕක හොයල දානවා .. ඔකුන්ගේ හුලන් බස්සන්න ඕන ජඩ මාධ්‍ය !!
14.48 ට ගිහින් බලන්න මුන් මේක හරි කියල කියන විදිය
උපුටාගන්නා ලදී..
සෑම මධ්‍යවෙදියකු ම පුත්ගලයකුගේ කීර්ති නාමයට ගරු කල යුතු අතර, මහජන කුතුහලයෙන් වෙන්කර හදුනාගත යුතු, මහජන යහපත උදෙසා වන්නේ නම් මිස යම් පුත්ගලයකුගේ පෞද්ගලික ජීවිතය සම්බන්දයෙන් වන යම් තොරතුරක් හෝ මත දැක්වීමක් වාර්තා කිරීමෙන් හෝ මුද්රණය කිරීමට නැතහොත් පල කිරීමට සැලැස්වීමෙන් වැලකි සිටිය යුතුය, (1981 10 14 අංක 162/5 A දරණ ගැසට්)
මාධ්‍ය සධාචාරය කෝ? මේ මධ්‍යය උත්සහා කරනුයේ වල්බුරු නිදහසක් අත්විදීමට නොවේද?
මේ පුද්ගලයා පෞද්ගලික අංශයේ පරිගණක ක්ෂේත්‍රයේ සේවය කරන සාමාන්‍ය පුරවැසියෙකි. ඔහු මංතීරු වලට අදාලව මාර්ග නීතියක් කඩවීම නිසා පොලිස් නිලධාරීයා විසින් නතර කරන අතර ඔහු කල වරද පොලිස් නිලධාරීයා විසින් පහදා දෙන අතර ඔහුද එම වරද නිහතමානිව පිළිගෙන අදාල දඩ කොලය ලබා ගැනීමට කටයුතු කරයි. ඒ ඉතාමත්ම සාමාන්‍ය අවස්ථාවකි. මොහු ප්‍රභූවරයෙක් හෝ දේශපාලකයෙක් නොවේ. මාර්ග නීතියක් කඩවීම අපරාධ ගනයට අයත් වරදක් නොවේ.
මාධ්‍ය වලට මුහුණු පෙන්වීම සැම පුද්ගලයාම වරප්‍රසාදක් සේ නොසලකයි.. සමහර පුද්ගලයින් මධ්‍ය ඉදිරියට යාමට කැමැත්තක් නොමැත. ඒ ඔහුන්ට හැංගිමට යමක් ඇති නිසා නොවේ, එය ඔහුන්ට ඔහුන්ගේ කැමැත්ත හා පෞද්ගලිකත්වය පිළිබද ගැටලුවකි. සධාචාරත්මක මධ්‍ය ආයතනයක් මහජනතවගේ පෞද්ගලිකත්වයට ගරු කල යුතුය. සාමාන්‍ය මහජනයා කුපිතකර පුවත් නිර්මාණය නොකළ යුතුය... මේ රටේ ඕනෑ තරම් ප්‍රභූවරුන් සහ දේශපාලකයින් මාර්ග නීති කඩ කිරීම් සිදු කරයි... මොහුන් කිසිවිටෙකත් ඒවා වාර්තාකරණය සිදු නොකරයි.. මේ බංකොලොත් මධ්‍ය කලාවට හොදම උදාහරණයකි.. අදාල මාධ්‍ය ආයතයනය මේ පුරවැසියගෙන් සමාව අයදිය යුතුය..
------------------------------------------------------------------
මෙවන් සිද්ධි රූප ගත කිරීම අයත් වන්නේ වාර්ථා News වැඩ සටහන් කාන්ඩයට නොවේ. වාර්ථා විචිත්‍රාංග Documentary ගණයට ය. එවන් විචිත්‍රාංගයක් කරන්නට පූර්ව සැලසුමක්, දළ පිටපතක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ රූපවාහිනී කණ්ඩායමක් අවශ්‍ය ය. එහෙම ටීම් එකක් සිටියාදැයි මොවුන් පෙන්වන්නේ නැත.
මේ වාර්ථා විචිත්‍රාංගය අනුව ප්‍රශ්න ගණනනාවක් ම පැන නගී.
01. මෙවන් වාර්ථා විචිත්‍රාංගයක් පටිගත කරද්දී, එය සිදු කැරන්නේ මහා මාර්ගයක නම්, රථවාහන ගමනාගමනයට සහ මහජනතාවගේ හිංසාවට හේතු විය හැකි බැවින්, ළඟ ම තිබෙන බල ප්‍රෙද්ශය අයත් පොලිස් ස්ථානයෙන් ලිඛිත අවසරයක් ලබා ගත යුතු ය.
02. කැමරා ට්‍රයිපොඩ් සහ උපාංග භාවිතා කරන්නේනම්, මහා මාර්ගයේ සිට පටිගත කිරීම් සිදු කරන්නේනම්, මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලිඛිත අවසරය ගත යුතු ය. පළාත් සභා පාරක්නම් පළාත් සභාවෙන් ද, ප්‍රාෙද්ශීය සභා පාරක්නම් ප්‍රාෙද්ශීය සභාවෙන් ද ඒ අවසරය ගත යුතු ය.
03. මේ පටිගත කිරීම සඳහා පොලිස් නිලධාරියකු සහභාගී වන නිසා, එක්කේ මෙය පටිගත කළ හැක්කේ පොලිස් මාධ්‍යය ඒකකයට පමණි. නැතිනම් ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් හෝ එවැනි බලලත් නිලධාරියකුගේ නිසි අවසරය ලබා ගත යුතු ය.
04. පොලිස් නිල ඇඳුම ඇඳ රඟපාන්නේනනම් අදාල නිලධාරියා ද, තමන්ගේ උසස් නිලධාරියකුගෙන් ඒ සඳහා අවසර ලබා ගෙන තිබිය යුතු ය. එසේ නොමැතිනම්, මේ පටිගත කිරීමට සිය විරෝධය පළ කළ යුතු ය.
05. මෙය සිද්ධි වාර්ථාකරණයක් නොවන බැවින්, කැමරාවට හසුවන මානයේ ඇති සියලු ගොඩනැගිලි, ගෘහ නිර්මාණ සහ ඓතිහාසික ස්ථාන ඇත්නම් ඒ ඒ සියලු ස්ථානවලින් නිසි අවසරය ලබා ගත යුතු ය.
06. සිද්ධි වාර්ථාකරණයකදී හැර, කිසියම් පුද්ගලයකු එක එල්ලේ හසු වන සේ පටිගත කරන්නේනනම්, සහ එය ප්‍රකාශයට පත් කරන්නේනනම්, ඔහුගේ හෝ ඇයගේ අවසරය සහ කැමැත්ත ලබා ගැනීම අනිවාර්යය වෙයි.
** දැන් මේ වැඩසටහන අනුව එය පටිගත කළ සහ ප්‍රචාරය කළ ආයතනය බරපතල සිවිල් නීති කඩකිරීම් බර ගණනාවක් උල්ලංඝණය කොට තිබේ.
******************
අඩු තරමින් CCTV කැමරා සවිකර තිබේනම්, ඒ ගැන මහජනතාවට දැක ගත හැකි පරිදි, පැහැදිලි සඳහනක් පෙන්විය යුත්තේ ද, අනවසරයෙන් මහජනතාවගේ සියලු ක්‍රියාකාරකම් පටි ගත වන නිසා ය.. එය ලොව පිළිගත් සම්මතයකි.
එසේ තිබියදීත්
**01 මේ වාර්ථා විචිත්‍රාංගය අනුව පොලිස් නිලධාරියා මෝටර් රථය නවතා දඩ කොළයක් ලියන්නේ රූපවාහිනී කැමරා කාරයාගේ ඉල්ලීමට අනුව බව පැහැදිළි ව පෙනී යයි. එබැවින් මේ අසාධාරණයට ලක් වූ මහත්මයාට ඊට එරෙහි ව නීති මගින් කටයුතු කළ හැකි ය.
**02. වාර්ථා විචිත්‍රාංගය පටිගත කිරීමේ දී පොලිස් නිලධාරියා මෙහි ප්‍රධාන නලුවකු මෙන් රඟපාන බැවින්, පොලිස් ආඥා පනත අනුව මේ පොලිස් නිලධාරියාට එරෙහි ව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේ.
**03. මේ මහත්මයා මේ පටිගත කිරීමට එරෙහි ව සිය අකමැත්ත ප්‍රකාශ කර තිබියදීත්, කැමරා කරුවා එය අඛණ්ඩ ව පටිගත කිරීම් කරගෙන යනවාට අමතර ව, ප්‍රසිද්ධ ජනමාධ්‍යයක් මගින් මහජනතාවට දකින්නට ද සලස්වයි. ඒ අනුව මේ මහත්මයාගේ පෞද්ගලිකත්වයට සහ ඔහුගේ කීර්තියට බරපතල හානියක්, කැළැලක් කරන බැවින්, මේ නාලිකාවට සහ කැමරාකරුවාට එරෙහි ව අපහාස නඩුවක් පවරා, දැවැන්ත වන්දි මුලක් ලබා ගැනීමේ හැකියාවක් තිබේ.
එනිසා මහතාණෙනි, මේ අසාධාරණයට සහ පෞද්ගලිකව ම හිතා මතා කළ මේ අගෞරවයට එරෙහි ව නීති මගින් කටයුතු කර, ඔවුන්ට නිසි දඬුවම් ලබා දී, ජනමාධ්‍යෙය් වගකීම සහ ගෞරවය තහවුරු කරන මෙන් ද, ඔබට සිදු වූ මේ මැකිය නොහැකි කැළැල වෙනුවෙන් අතිශය දැවැන්ත වන්දි මුලක් ද ඉල්ලා නඩු පවරන මෙන් ද, පොලිස් නිලධාරියාට එරෙහි ව, පොලිස්පති වරයාට පැමැණිලි කරන මෙන් ද ඉල්ලා සිටිමි.
ඔබ ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නේනනම්, ඔබට හැකි උපරිමයෙන් අපගේ සහය ලබා දෙන්නෙමු...!! - Indranatha Thenuwara