You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ලංකාවේ_අයෝමය_ශූරිය
[FONT="]ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලන ඉතිහාසයේ පළමු වරට පැවැති අයෝමය ශූරිය තේරීමේ තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට දුලාංජලී සමරසිංහ ක්‍රීඩිකාව සමත් ව තිබෙනවා.[/FONT]
[FONT="]ඉකුත්දා මීගමුව නගර සභා ශාලාවේ පැවැති එම ශූරතා තරගාවලියේ විවෘත අංශයට ඉදිරිපත්වූ දුලාංජලී කායවර්ධන ඉතිහාසයේ නව පිටුවක් පෙරලවමින් ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු අයෝමය ශූරිය බවට ඉතිහාසගත වුණා.[/FONT]
[FONT="]
[/FONT]
copied from
Neth
ලංකාවේ මුල්ම අයෝමය ශූරිය
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සංවිධානය කළ අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය ඉකුත් 2 දා පැවැත්වූයේ මීගමුව නගර ශාලාවේදීය. අයෝමය ශූරයා තරගාවලිය සඳහා තරගකරුවන් දෙසිය හැට එක් දෙනෙක් සහභාගි වූහ. ඔවුහු වේදිකාව මත සිය මාංශපේශීන්වල රිද්මය විදහා දැක්වූයේ ප්‍රේක්ෂකයන් කුල්මත් කරමිනි. ඒ අතරේ එක්වරම වේදිකාවට ආවේ බිකිනියකින් සැරසුණ හැඩිදැඩි කාන්තාවකි. පිරිමින් පරදවමින් ඇය සිය මාංශපේශීන් විදහා දැක්වූයේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමිනි. ඇය වෙනුවෙන් නැගුණු අත්පොළසන් හඩින් මුළු ප්‍රේක්ෂකාගාරයම ගිගුම් දුන්නේය. ඒ අත්පොළසන් හඬ දුන්නේ ලංකාවේ මුල්ම කායවර්ධන ශූරිය වෙනුවෙනි. ඇය දුලාංජලී සමරසිංහය.
කාන්තාවන්ගේ කායවර්ධන තරග ලංකාවට තවමත් නුහුරු නුපුරුදුය. එනමුත් අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ අනිකුත් රටවලද කාන්තාවෝ කායවර්ධන තරගාවලි සඳහා සහභාගි වන්නෝය. ලෝකයේ දක්ෂතම අයෝමය ශූරියන් හය දෙනා අතර ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක්ද වෙයි. ඇය දශී පෙරේරා බර්තලමියුස්ය. දශි දැනට පදිංචිව සිටින්නේ කැනඩාවේය. ඇය මීගමුවේ ආවේ මරියා බාලිකා කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි. එක් දරු මවක් වන ඇය වඩාත් ජනප්‍රිය වන්නේ කායවර්ධන නිරූපිකාවක් ලෙසින්ය. එනමුත් දුලාංජලී සමරසිංහ කායවර්ධන ක්‍රීඩිකාවකි.
දුලාංජලී ශ්‍රී ලංකාව තුළ කායවර්ධන ක්‍රීඩිකාවක් වන්නේ බර පන්තියක් යටතේය. ඇගේ බර පන්තිය වන්නේ කිලෝග්‍රෑම් පනස් දෙකය. මේ වනවිට දුලාංජලීගේ වයස අවුරුදු තිහකි. අනෙකුත් තරුණියන් මෙන් ඇයට ඒ වයසට ගැළපෙන සුකොමළ සිරුරක් හිමි නැත. සැබැවින්ම දුලාංජලී යකඩ ගැහැනියකි. දුලාංජලීගේ ගම පානදුරය. ඇය මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ පානදුර ශාන්ත ජෝන් බාලිකා විදුහලෙනි. ඇය පාසල් කාලයේදී ක්‍රීඩා තරග කෙරෙහි එතරම් උනන්දු නොවූවාය. ඇය කායවර්ධන ක්‍රීඩිකාවක් වන්නට හිතුවේ පාසල් දිවියට සමු දීමෙන් බොහෝ කලකට පසුවය. පිරිමි පාර්ශ්වයට කායවර්ධන ක්‍රීඩාව අමුත්තක් නොවූවද ලංකාවේ කාන්තාවන්ට නම් එය නුහුරුය, නුපුරුදුය. ලංකාවේ කිසිදු කාන්තාවක් නොකළ දෙයක් කළ දුලාංජලී ඒ ගැන අපට කීවේ මෙසේය.
කාන්තාවක් මේ වගේ ක්‍රීඩාවක යෙදෙනවා කියන්නේ ගොඩාක් අමාරු වැඩක්. විශේෂයෙන්ම මේ වගේ රටක. යුරෝපා රටවල මේ වගේ තරග සඳහා කැපවීම පහසුයි. ඒත් මේ වගේ රටවල මෙවැනි ක්‍රීඩාවක් සඳහා යොමු වෙනවා යැයි සිතීමම කාන්තාවන්ට කැප නැති දෙයක් විදිහටයි මේ සමාජය දකින්නේ. විශේෂයෙන්ම මම විවාහකයි. මට දරුවෙක් ඉන්නවා. ගෙදර දොරේ වගකීම් වැඩියි. අපි සාමාන්‍ය මිනිස්සු. ඇසුරු කරන අය සාමාන්‍ය හිතවතුන්. ඒ නිසා ප්‍රසාදයට වැඩිය හිමිවෙන්නේ අප්‍රසාදය. මගේ මහත්තයට වුණත් ගොඩාක් අය කියනවා ඔයාගේ නෝනා 'බොඩි බිල්ඩර්' කෙනෙක් නේද කියලා. තව නොයෙකුත් කතා කියනවා. මගේ මහත්තයාගේ දෙමාපියෝ වුණත් සමාජයෙන් ඇහෙන කතා ඉවසන්නේ මං වෙනුවෙන්. මේ ක්‍රීඩාව සඳහා අඳින ඇඳුම පවා මම ජීවත් වන සමාජ මට්ටම අනුව අසීරුතා ඇතිකරනවා. මම පුංචි කාලේ ඉඳලා ගියේ බාලිකා පාසලකට. ඒ නිසා මමත් මුලින් ගොඩාක් අපහසුතාවට පත්වුණා.
ඒත් කායවර්ධන තරග සඳහා මේ අඳින ඇඳුම ආගන්තුක විදිහට සමාජය දැක්කත් පිහිනුම් තරග, බර ඉසිලීමේ තරග, මලල ක්‍රීඩා තරගවලදීත් මීට සමාන ඇඳුම් අදිනවා. අයෝමය කාන්තාව දකින්නේ අයෝමය පුරුෂයා කියන මුහුණුවරින් වීම හරිම කනගාටුදායකයි. දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ වැනි ක්‍රීඩිකාවන් ඔලිම්පික් තරගවලට පවා ඇන්දෙත් මේ වගේ ඇඳුම්. කවුරුවත් ඒකට මුකුත් කීවේ නැහැ ඇය කියන්නීය.
දුලාංජලී කියන්නා සේම මීගමුව නගර ශාලාවේ පැවැති අයෝමය ශූරිය තේරීමේ තරගාවලියට එදින දුලාංජලී ඇතුළු කාන්තාවෝ සිවු දෙනකු ඉදිරිපත් වූහ. නමුත් ඔවුහු වේදිකාවට නගින්නට ඔන්න මෙන්න තිබියදී තරගයට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළහ. ඊට හේතුව වන්නේ කෙතරම් පුහුණු වී සිටියත් වේදිකාව මතට නගින්නට ඔවුන්ට තිබූ ලැජ්ජාවය. එහෙත් දුලාංජලී පසුබට නොවී තනිවම හෝ තරගයට ඉදිරිපත් වීමට හිත හයිය කර ගත්තේ ඇයගේ ගතේ හයිය හිතේද ඇති බවට රට්ටුන්ට පසක් කරමිනි. තරගයට ඉදිරිපත් වී ඇය ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ පළමු අයෝමය ශූරිය බවට පත්වෙමිනි.
අනිත් තුන්දෙනාම තරගය අන්තිම මොහොතේ අත් ඇරිය නිසා මටත් ඉවත් වෙන්න කියලා බලපෑම් එල්ල වුණා. ඒත් මේ මගේ ජීවිතේ කැපකිරීම් ගොන්නක බලාපොරොත්තුව. ඒ නිසා මම තනියෙන් හරි මේ තරගයට මුහුණ දෙන්න සූදානම් වුණා. මීට පෙරත් මම ආසියානු තරගාවලිය සඳහා යන්න සූදානම් වෙලා ඉද්දී එක් පුද්ගලයකු ඒකත් වැළැක්වූවා. මගේ පුහුණුකරුට විශාල බලපෑම් එල්ල කරමින් පත්තරවලත් ඔහුට දොස් කියලා ලිපි පළ කරලා තිබුණා. මම මේ ක්‍රීඩාව සඳහා යොමු වුණේ මගේ හැකියාව, මගේ පුහුණුකරු නිහාල් සර් මට පහදලා දුන්න නිසා. මගේ ගෙදර අයත් එක්ක කතා කරලා මේ ගැන සුබවාදීව හිතන්න උදව් කළා. මේ මම සහභාගි වුණ මුල්ම තරගය. ඇත්තටම දැන් මට බයක් නැහැ. මට මං ගැන අභිමානයක්, ආඩම්බරයක් තියෙනවා. මම දැන් ආසියානු තරගාවලිය සඳහා සූදානම් වෙනවා. මගේ රටට කීර්තියක් අත්කර දෙන්නයි මට ඕනා. මම දැනටමත් මාස ගණනාවකින් බත් කාලා නැහැ. ව්‍යායාම් රටාව දිගටම පවත්වාගෙන යන්න ඕනා. පුද්ගලික ජීවිතය වගේම මගේ ගමන් බිමන් ඇතුළු හැමදේම කැප කරලා මම මේ ක්‍රීඩාව සඳහා යොමු වෙලා ඉන්නේ.''
දුලාංජලීගේ පුහුණුකරු වන්නේ නිහාල් වීරතුංගය. ඔහු ශ්‍රී ලංකා කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනයේ ලේකම්වරයා සේම හිටපු කායවර්ධන ශූරයෙකි. ජාත්‍යන්තර කාන්තා තරග විනිසුරුවරයකුද වෙයි. නිහාල් වීරතුංග පවසන ආකාරයට දුලාංජලී ශ්‍රී ලංකාවට මැණිකකි.
දුලාංජලීව මට හමුවුණේ මගේ ව්‍යායාම් මධ්‍යස්ථානයේදී. එතැනදී මට ඇගේ හැකියාවන් පෙනුණා. මම මේ ක්‍රීඩාවට යොමුවීමට ඇයගේ කැමැත්ත විමසුවාම ඇය පසුබට වුණේ මේ සමාජයෙන් ඇයට ගැරහුම් ලැබෙයි කියලා. මගේ ගෙදරින් වුණත් මට ප්‍රශ්න ආවා කාන්තාවන් පුහුණු කරනවා කියලා. පත්තරවලින් මට බැනලා තිබුණා විවිධ පුද්ගලයෝ. ඒත් මම ඒවා ගණන් ගත්තේ නැහැ. ඇත්තටම දුලාංජලී මීට කලින් එළියට එන්න හිටිය ක්‍රීඩිකාවක්. ඒත් ඇයව මට එදා ආසියානු තරගාවලියට ඉදිරිපත් කරන්න බැරි වුණා. එදා අපේ ලංකාවේ පිරිමි තරගකරුවන් අනුශූරයන් බවට පත්වුණා. නමුත් මෙවර ඇයව ආසියානු ක්‍රීඩා උළෙලට ඉදිරිපත් කරනවා. මොකද ගිය වරත් ලංකාවෙන් විතරයි ක්‍රීඩිකාවක් සහභාගි නොවුණේ. ඇය ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් කරන්න සුදුසු තරගකාරියක්. ඇගේ මාංශපේශී විදහා දැක්වීම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වන ක්‍රීඩිකාවන්ගේ මෙන් ඉතාම ඉහළ තත්ත්වයකින් තියෙනවා. ඇය දැනටමත් විශාල බරකින් ව්‍යායාම කරනවා. ඒ බර පිරිමි ක්රීඩකයකුට වුණත් දරන්න පුළුවන් බරක් නමෛයි. ඇය මේ සඳහා විශාල වශයෙන් කැපවෙනවා ඔහු කියන්නේය.