ලංකාවේ_සහ_ජපානයේ “වෙනස”

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ලංකාවේ_සහ_ජපානයේ “වෙනස”

    ලංකාවේ සහ ජපානයේ “වෙනස”


    country-japan.jpg


    මෑත අතීතයේ දේශපාලන වේදිකාවේ රැව් දුන් වචනයක් වූයේ “වෙනස” නැතහොත් “වෙනසක් කරමු” යන්නයි. මුළුමහත් ජාතියම බලාපොරොත්තු වන ඒ වෙනස වනුයේ වෙන කිසිවක් නොව ආකල්පමය වෙනසක්ය. ජපානයේ ශ්‍රම බළකායත් ශ්‍රී ලාංකාවේ ශ්‍රම බළකායත් සැසඳීමේදී මා දකින මූලිකම පරස්පරතාව ඇත්තේ දෙපාර්ශ්වයේ ආකල්ප අතරයි.
    මෙම සටහනට වෙනත් දිශාවකින් ‍ෙදාරගුළු විවර කරනු වස් රාජ්‍ය සේවය සම්බන්ධ කරගැනීමට මම අදහස් කරමි. රාජ්‍ය පරිපාලන, සහ බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා 2015 ජනවාරි 21 වැනි දින පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 18 දෙනකුටම එක් රාජ්‍ය සේවකයකු සිටින බවයි. ජපාන අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන කාර්යාංශයට අනුව 2013දී ජපාන රාජ්‍ය සේවක සංඛ්‍යාව මිලියන 3කට වඩා මඳක් වැඩිය. ආසන්න වශයෙන් එය සෑම පුද්ගලයන් 42 දෙනකුටම එක් රාජ්‍ය සේවකයෙකි. ජපාන රාජ්‍ය සේවකයකු 42 දෙනකුට සේවය කරන විට ලාංකික රාජ්‍ය සේවකයකු සේවය කරන්නේ 18 දෙනකුට පමණි.
    කාර්යක්‍ෂම සහ ශක්තිමත් රාජ්‍ය සේවයක් යනු රටක දියුණුව සහ එහි ප්‍රතිරූපය ඉතා උසස් මට්ටමකට ඔසවා තැබීමේ ප්‍රධානතම අවියයි. ශ්‍රී ලාංකික අපට රාජ්‍ය සේවය යනු අමිහිරි අත්දැකීම් ගොන්නක් වුවද රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණ ‍ෙදාස් නැඟීමට එහා ගිය පුළුල් චින්තන පෙරළියක් සිදුවිය යුතු බව මගේ විශ්වාසයයි. එබැවින් උසස් හා කාර්යක්‍ෂම සේවයකට අත්‍යවශ්‍ය ආකල්පමය වෙනසක් උදෙසා ශ්‍රී ලාංකික ජන සමාජය දැනුවත් කිරීම පිණිස ජපානයේ කාර්යක්‍ෂම කාර්යාල සේවය පිළිබඳ කරුණු කිහිපයක් මෙහි ගොනු කරමි.
    5 – ඉ සහ කයිසෙන් (ම්චඪලඥද) වැනි ඵලදායිතා වැඩපිළිවෙළක් මෙහිදී අනභිභවනීය සේවයක් ඉටුකරන බව අවිවාදයෙන් පිළිගත යුතුය. 5 – ඉ සංකල්ප වනුයේ සංවිධිත බව, සුපිළිවෙළ, සුපිරිසුදුබව, සමමිතිය සහ ශික්‍ෂණය යන්නයි. මේවා ඉතා සරලව පහත අයුරින් විස්තර කළ හැකිය.
    සංවිධිත බව : අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ ඉවත් කිරීම.
    සුපිළිවෙළ : පහසුවෙන් හඳුනාගත හැකි සහ පහසුවෙන් භාවිතයට ගතහැකි අයුරින් පිළිවෙළට තැබීම.
    සුපිරිසුදු බව : ඉතාමත් පිරිසුදුව තම සේවා ස්ථානය පවත්වාගෙන යෑම.
    සමමිතිය : සංවිධාන බව, සුපිළිවෙළ, සුපිරිසුදුබව අඛණ්ඩව පවත්වාගෙන යෑම.
    ශික්‍ෂණය : සියලු දෙනා දැඩි නීතිගරුක බවින් සහ හොඳ හික්මීමකින් වැඩ කිරීම.
    මෙහිලා මහත් අසීරු කාරණා දෙක වනුයේ සිවුවැනි සහ පස්වැනි කාරණායි. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ලංකාවේ මෙම 5 – ඉ ක්‍රියාත්මක කරයි. එහෙත් අවාසනාවට හේතුවන කරුණ වනුයේ 5 – ඉ යනු බිම ඉරි ගැසීම සහ භාණ්ඩ නම් කිරීම කියා අප සමාජයේ ඇතැමුන් සිතා සිටීමයි. ජපාන ජාතිකයන් ඉතාමත් නීතිගරුක නිසා 5 – ඉ සාර්ථකව ක්‍රියාත්මක කරනවාද නැතහොත් 5 – ඉ නිසා නීතිගරුක වී ඇත්ද යන්න මම හරිහැටි නොදනිමි. එහෙත් මාගේ අත්දැකීම් අනුව ඔවුන්ගේ දැඩි නීතිගරුකබව සාර්ථකත්වයේ රහස යැයි මට සිතෙයි. කාලය නාස්ති නොකිරීම, රැකියාවට තිබෙන ආදරය, ගරු කිරීම සහ නිතරම ධනාත්මකව කටයුතු කිරීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
    කයිසෙන් යනු අඛණ්ඩ වර්ධනයයි. සෑම දිනකම සෑම දෙයක් ගැනම නිර්මාණාත්මකව සිතීම මෙහි මූලික හරයයි. නොනවතින සංවර්ධන ක්‍රියාදාම ක්‍රියාත්මක කරමින් සියලු අභියෝග ජයගනිමින් ඉදිරියට යන ජපන් ජාතිකයාගේ ඇති අති විශේෂ ලක්‍ෂණ කිහිපයක් මෙතැන් පටන් ගෙනහැර දක්වමි.
    වේලාසනින් සේවයට වාර්තා කර ප්‍රමාද වී පිටව යෑම සියලුම ජපන් ජාතිකයන්ගේ මූලික සිද්ධාන්තය වැනිය. ඔවුන් නියමිත වෙලාවට අවම වශයෙන් පැය භාගයකට කලින් කාර්යාලයට වාර්තා කරයි. එසේ පැමිණෙනුයේ අපේ කාර්යාලවල මෙන් අනිකාගේ ඕපාදූප සෙවීමට නොවේ. දිනයේ වැඩකටයුතුවලට සූදානම් වීම පිණිසයි. ඕපාදූප මෙහි කාර්යාල තුළ නොමැති අතර, “සර් අද කෝච්චිය පරක්කුයි”, “සර් අද බස් එක කැඩිල” වැනි නිදහසට හේතු නොදක්වන ඔවුහු ප්‍රමාද වන විට එය තම ප්‍රධානියාට කලින්ම දන්වති. මෙය ඔවුන් සේවයට කරන ගෞරවය සහ තමන්ගේ වගකීම අකුරටම ඉෂ්ට කිරීම විදහාපාන සාධකයකි. ජපානයේ කගවා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරන මා සමඟ ජපන් ජාතික ආචාර්යවරයකුද සේවය කරන අතර කිසිදිනක සේවයට අදාළ නොවන කිසිවක් මා සමඟ සංවාදයට ගෙන නැත. මාගේ පෞද්ගලික තොරතුරු අසාම නැති අතර එසේ නොඅසන්නේ ඒවා සේවයට අදාළ නැති නිසා බව පැහැදිලය.
    නිසි වෙලාවට කාර්යාලයෙන් පිටව යෑම ජපන් ජාතිකයන් නොකරන තරම්ය. අමතර පැය භාගයක් හෝ පැයක් සේවයේ නිරත වන ඔවුන් ඒ කාලය තුළ දිනයේ වැඩ ක්‍රමානුකූලව නිමකර අදාළ ලිපිගොනු ඒවාට නියමිත ස්ථානවල තැබීමටද, අතපසු වූ යම් දෙයක් ඇතිනම් ඒවා නිම කිරීමටද යොදාගනී. කාර්යාල නිමවන සාමාන්‍ය වේලාව හවස 5 වුවද බොහෝ ජපන් ජාතිකයන් පිටව යනුයේ හවස 6 පසු වීමෙන් බව මම අත්දැකීමෙන් දනිමි.
    “වැරැදි කිරීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි.” මෙම වදන්පෙළ ලාංකික සමාජයේ සෑම ස්තරයකම නොඅඩුව භාවිත වෙයි. කෙසේ නමුත් මෙම වදනට අනුව වැරැදි කරන්නවුන් ඒවා පිළිගෙන සමාව අයැද සිටීම අප කාර්යාලවල නම් නිතර සිදුවන්නක් නොවන බව අපි සියලුදෙනා දනිමු. ජපන් ජාතිකයෝ සෑම විටම තමන් අතින් සිදුවන වරද පිළිගෙන සමාව අයැදින අතර වැරැදි වැටහීම් පිළිබඳ විවෘතව කතා කරති. සමාව අයැදීම සඳහා ජපන් බසේ ඇති යෙදුම් වන ‘සුමිමසෙන්’ සහ ‘ගොමෙන්නසයි’ යන්න ජපන් කාර්යාලවල වැඩිපුරම භාවිත වන වචන දෙක බවට නිසැකයෙන්ම පැවැසිය හැකිය.
    ශ්‍රී ලාංකික අප බොහෝවිට තමන් කළ වරද හෝ තමන්ගේ තිබෙන වැරැදි වැටහීම සඟවාගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීම තත්ත්වය තව තවත් සංකීර්ණ කරන අතර අන්තිමේදී ‘අන්තෝ ජටා බහි ජටා’වේ. ගුණගරුක සේවාව බින්දුවට බහින අතර බොහෝ කටයුතු අඩපණ වේ. ජපන් ජාතිකයන් තම ස්වාමියාට තිබෙන නිහතමානී යටහත්පහත් බව සහ සේවාදායකයා දේවත්වයෙන් සැලකීම ඉතා විශිෂ්ට රාජ්‍ය සේවයේ රහසයි. ලාංකික අපටද සේවාදායකයාට මූලිකත්වය දී අවංකව අපගේ සේවය ඉටු කළ හැකි නම් ගුණාත්මක උසස් සේවයක් ඇති කිරීම යනු ඉතා පහසු දෙයකි.
    අප සියලුදෙනා හටම තම පෞද්ගලික අවශ්‍යතා සඳහා නිවාඩු අවශ්‍ය වේ. ශ්‍රී ලාංකිකයෝ නිවාඩු ගැනීමට පුන පුනා බලාසිටින අතර නිවාඩු මදි බවට මැසිවිලි නඟති. ජපානයේ රජයේ නිවාඩු දින 11ක් වන අතර රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවලට අනුව ශ්‍රී ලාංකික අපට රජයේ නිවාඩු 25ක් ඇත. හොර පාරෙන් හෝ නිවාඩු වැඩිකර ගැනීමේ ප්‍රයත්නයන්වල ශ්‍රී ලාංකිකයන් යෙදෙන අතර එය අප ලැජ්ජා විය යුතු කරුණක් යැයි මම සිතමි. ජපන් ජාතිකයන් සතුව ඇති මා අගේ කරන කරුණක් නම් ඔවුන් නිවාඩු ගැනීමට පවතින අකැමැතිකමයි. එය උසස් ගතියකි. ඔවුහු රෝගී වූ විට පවා තම ලෙඩ නිවාඩු ඉතිරි කරමින් තමන්ගේ ගෙවීම් සහිත නිවාඩු දවස් භාවිත කරති.
    කාර්යාල කටයුතු අතර උදෑසන තේ, දිවා ආහාරය, හවස තේ ලංකාවේ කාර්යාලවල කාලසටහන්වල අඩංගු වන අතර මේ සඳහා උදෑසන සහ හවස තේ වෙනුවෙන් පැය භාගය බැගින් ආසන්න වශයෙන් පැයකට ආසන්න කාලයකුත් දිවා ආහාරයට පැයක් ලෙස සම්පූර්ණ වශයෙන් පැය දෙකකට ආසන්න කාලයක් ගත කරන බව නොරහසකි. ජපානයේ නිල වශයෙන් දිවා ආහාරයට පැයක් වෙන්වී ඇති අතර සියල්ලන්ම පාහේ ආහාර ගැනීමට වැය කරනුයේ විනාඩි 20ත් පැය භාගයත් අතර කාලයකි. ඉක්මනින් ආහාර ගෙන නැවැත රාජකාරියට යොමුවන මොවුන් තේ එකක් ගන්නා නමුත් එය තම කාර්යාලයේදීම තමන් විසින්ම සාදා ගනු ලැබේ. එම නිසා උදේ සහ හවස තේ සඳහා හෝ කෝපි එක වෙනුවෙන් රාජකාරියට බාධාවක් සිදු වන්නේ නැති තරම්ය. ශ්‍රී ලාංකික අප පැය දෙකකට ආසන්න කාලයක් තම කුසගින්න වෙනුවෙන් රාජකාරි වේලාව අතරතුර වැය කරද්දී ජපන් ජාතිකයෝ විනාඩි 30ක් 40ක් අතර කාලයකදී එය කරති. තවත් අප අමතක නොකළ යුතු කරුණක් නම් සමහර සේවකයන් සිය උදෑසන ආහාරයද රාජකාරි වේලාව අතරතුර ගන්නා බවය. ජපාන ජීවන රටාව තුළ මොවුන් උදෑසනම ආහාර ගන්නා අතර එම නිසා උදෑසන ආහාරවේල සඳහා කාර්යාල වේලාව භාවිත කිරීමට අවශ්‍ය නොවේ.
    හිතන්න. අප සියලු දෙනාම ආහාර ගැනීමට වැය කරන පැය දෙකකට ආසන්න කාලයෙන් දිනකට පැයක් ඉතිරි කර සේවයට යෙදෙව්වොත් ඔහුට හෝ ඇයට මිනිස් පැය 1ක් සේවයට ඉතිරි කළ හැකිය. රාජ්‍ය සේවයේ ලක්‍ෂ 10ක් වැඩ කරයි නම් අපට දිනකට මිනිස් පැය ලක්‍ෂ 10ක නාස්තියක් නැති කළ හැකිය. එපමණක් නොව මිනිස් පැය ලක්‍ෂ 10ක් ජාතික ආර්ථිකයට දායකත්වය දක්වයි. මේ වෙනසට අපි අද සිට අදිටන් කරගමු.
    විදුලි ඉන්ජිනේරුවරයකු හා ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් වසර 4ක පමණ ලංකාවේ සේවා පළපුරුද්දක් ඇති මා හට ගම්‍ය වූයේ ශ්‍රී ලාංකික අප “මම” යන සංකල්පය මූලික කරගෙන වැඩ කරන බවයි. සුළු සේවකයා ඔහුගේ ප්‍රධානියාට පුරසාරම්බානුයේ තමන් සියල්ල කළ ලෙසටයි. සාමාන්‍ය කළමනාකරු ඉහළ කළමනාකරණයට දන්වනුයේද එයයි. තනි පුද්ගල සාධකය ඉස්මතු කිරීමට උත්සාහ දරන ශ්‍රී ලාංකික කාර්යාල පද්ධතිය තුළ අනෙකාගේ බලාපොරොත්තු බිදී යෑමෙන් කාර්යක්‍ෂමතාව සහ ගුණාත්මකභාවය පහත බසී. එහෙත් ජපන් සමාජය තුළ මුල් බැස ඇත්තේ “අපි” යන සංකල්පයයි. කණ්ඩායමක් ලෙස සැලැසුම් සැකසීම, වැඩ කිරීම පමණක් නොව සාර්ථකත්වයේ ගෞරවය මෙන්ම අසාර්ථකත්වයේ නින්දාවද කණ්ඩායමක් ලෙස බෙදාහදා ගනිති. කාර්යාලයක හෝ වේවා කර්මාන්තශාලාවක හෝ වේවා සියලු දෙනාම එක්ව පොදු අරමුණක් වෙනුවෙන් කණ්ඩායම් හැඟීමෙන් කණ්ඩායමක් සේ වැඩකිරීම ජපනාගේ කාර්යක්‍ෂම සේවාවේ තවත් රහසකි.
    ටිප්ස් දීම හෙවත් බිලට අමතර ගාණක් දීම ලංකාවේ කෑම කඩයක වේටර්වරයාගේ සිට තරුපහේ හෝටල සහ තවත් නොයෙකුත් සේවාවල විහිදී පවතී. ලංකාවේ පමණක් නොව ඇමෙරිකාව ඇතුළු නොයෙකුත් රටවල මෙම තත්ත්වය දක්නට ලැබේ. මෙය වර්ධනය වී අල්ලස හා දූෂණයට පාර හෙළි කරයි. ශ්‍රී ලාංකික කාර්යාල සේවයේද විවිධ කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදල් ගෙවූ අවස්ථා බොහොමයක් වාර්තා වී ඇත. ජපානය මීට හාත්පසින්ම වෙනස්ය. කුලී රථ රියැදුරු සිට සුපිරි වෙළෙඳසල් දක්වා තිතට ගණන් හිලව් බේරන අතර කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති ගාස්තුවට අමතරව කිසිදු අමතර මුදලක් වැය නොවෙයි.
    ජපානයේ සියලු රාජ්‍ය සේවකයන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී තිබේ. 90 දශකයේ ජපානයේ සිදුවී ඇති අති මහත් දූෂණ සමුදායක් හේතුවෙන් 1999 අගෝස්තු මස සියලු රජයේ සේවකයන්ට මෙම ආචාර ධර්ම පද්ධතිය හඳුන්වා දී ඇති අතර 2010 අප්‍රේල් සිට මෙය බලගන්වා ඇත. සේවා දායකයාගෙන් ආහාර වේලක්වත් සේවකයන්ට ලබාගත නොහැකි මෙම ආචාර ධර්ම පද්ධතිය තුළ තමන් නොකළ යුතු ක්‍රියාවන් අර්ථ දක්වා ඇති අතර තහනම් ක්‍රියා වාර්තා කිරීමද ඔවුන්ගේ රාජකාරියේ කොටසකි. එනම්, යමකු කරන අයුතු ක්‍රියාවන් දැන වාර්තා නොකර සිටීමද වරදකි. අංශ 5ක් යටතේ විස්තර කර ඇති ආචාර ධර්ම පද්ධතිය ගැන සටහනක් පසුව ලිවීමට බලාපොරොත්තු වෙමි.
    ජපන් සමාජයේ මුදල් ඉපයීමේ වැඩි වගකීම පිරිමි පාර්ශ්වය කරට ගෙන ඇති අතර කාන්තා පාර්ශ්වයේ මූලික වගකීම ගෙදර ‍ෙදාර වගකීම් සහ ළමයින්ගේ වැඩකටයුතු කිරීමයි. මේ නිසා පුරුෂ පාර්ශ්වය කාර්යාල කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරයි.
    ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ජපනුන් විය නොහැකිය. එහෙත් අපගේ අනන්‍යතාව රැකගනිමින් ඔවුන්ගේ හොඳ දේ උකහා ගනිමින් රට වෙනුවෙන් අපගේ දායකත්වය ලබාදීමට තාමත් ප්‍රමාද නැත. අපි ඒ වෙනුවෙන් කැපවී වැඩ කරමු. ආකල්පමය වෙනසකට මුල පුරමින් ධනවාදීව සිතමු.


    ආචාර්ය ප්‍රදීප් අබේගුණවර්ධන
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    ඒ වුණාට ජපන්නු මහ යක්කු බං...
    එළකිරියෙම ත්‍රෙඩ් එකක් දාල තිබුණ ඕකුන් (ජපන්නු) ඉස්සර මිනිස්සුන්ව අමු අමුවෙ යොදාගෙන පරීක්ෂණ කරනව.. :shocked:
    ඒ ත්‍රෙඩ් එක දැක්කනං තොපිට පිස්සු හැදෙයි.. මටත් හැදුණ :lol:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඒ වුණාට ජපන්නු මහ යක්කු බං...
    එළකිරියෙම ත්‍රෙඩ් එකක් දාල තිබුණ ඕකුන් (ජපන්නු) ඉස්සර මිනිස්සුන්ව අමු අමුවෙ යොදාගෙන පරීක්ෂණ කරනව.. :shocked:
    ඒ ත්‍රෙඩ් එක දැක්කනං තොපිට පිස්සු හැදෙයි.. මටත් හැදුණ :lol:

    Ow ow aka aththa bn.
    Philosoper of knife film aka dakkama mta epa una.
    Ath lankawa 88,89 kale ohoma maragaththa kiyala ahala tiyanawa :oo:
    a unata mona pizzu kalath japan dan inna thathwa nam aya supiri mcn
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ඒ වුණාට ජපන්නු මහ යක්කු බං...
    එළකිරියෙම ත්‍රෙඩ් එකක් දාල තිබුණ ඕකුන් (ජපන්නු) ඉස්සර මිනිස්සුන්ව අමු අමුවෙ යොදාගෙන පරීක්ෂණ කරනව.. :shocked:
    ඒ ත්‍රෙඩ් එක දැක්කනං තොපිට පිස්සු හැදෙයි.. මටත් හැදුණ :lol:

    ado link ekak dapnko balanna :shocked:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ඒ වුණාට ජපන්නු මහ යක්කු බං...
    එළකිරියෙම ත්‍රෙඩ් එකක් දාල තිබුණ ඕකුන් (ජපන්නු) ඉස්සර මිනිස්සුන්ව අමු අමුවෙ යොදාගෙන පරීක්ෂණ කරනව.. :shocked:
    ඒ ත්‍රෙඩ් එක දැක්කනං තොපිට පිස්සු හැදෙයි.. මටත් හැදුණ :lol:
    ඔව් ඔව් මමත් දැක්කා! දැන් උන් එහෙම නෑ කියල හිතාගනින්!:yes: