ලංකාව කහ නොගැනීම නිසා ඉන්දියාව කණස්සල්ලෙන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ශී‍්‍ර ලංකාව, ඉන්දියාවෙන් කහ ආනයනය කිරීම තහනම් කිරීම එරට ඊරෝඞ්හි වෙළඳුන්ට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා. එම වෙළදුන් පවසන්නේ පසුගිය මාස 02ක කාලය තුලදී තමන්ට රුපියල් කෝටි 50ක පමණ අලාභයක් සිදුව ඇති බවයි. දේශීය නිෂ්පාදන ඉහල නැංවීම සදහා ශී‍්‍ර ලංකා රජය ඉකුත්දා විදෙස් රටවලින් කෘෂි නිෂ්පාදන ආනයනය තහනම් කළා. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශී‍්‍ර ලංකාව එම තහනම ඉතා තදින් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා.

    ඒ හේතුවෙන් වාර්ෂිකව ශී‍්‍ර ලංකාවට කහ ටොන් 7,500ක් පමන අපනයන කරන ඉන්දීය කහ වෙළඳුන්ට එය අහිතකර ලෙස බලපා ඇති බවයි පැවසෙන්නේ. ඊරෝඞ්වල වගා කරන කහ එහි උසස් ගුණය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධයි. ඊරෝඞ්වලින් කහ ආනයනය කරන විට ප‍්‍රවාහන වියදම් ද ශී‍්‍ර ලංකාවට ඉතා ලාභදායි වී තිබෙනවා.

    ඉන්දියාවේදී කහ කිලෝග‍්‍රෑමයක් රුපියල් 70ක මුදලකට ලබාගත හැකි වුවත් ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීමේදී කිලෝ ග‍්‍රෑමයක මිල ඉන්දීය රුපියල් 4,000ක් පමණ වන බවයි පැවසෙන්නේ. එබැවින් ඊරෝඞ් හි කහ වෙලදුන් රැසක් ශී‍්‍ර ලංකාවට කහ ආනයනය කිරීම සදහා පෙළඹී තිබුණා.

    එබැවින් ප‍්‍රාන්ත බලධාරීන් හෝ මැදිහත් වී යලිත් ශී‍්‍ර ලංකාවට කහ ආනයනය කිරීමට අවස්ථාව සලසන ලෙසයි ඊරෝඞ් කහ ගොවීන් හා වෙළඳුන් බලධාරීන්ගේ ඉල්ලීමක් කර ඇත්තේ.

    Neth
     
    • Like
    Reactions: NRTG

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    එකපාරට මේවා ban කරන්නේ නැතුව, මෙහෙ ගොයියින්ට මේවා වගා කරන්න අවස්ථාව සලසලා කාලයක් සමග ක්‍රමෙන් ආනයනය අඩු කරන්න ඕනි.එහෙම කරණම් මේ ගැටළු නැහැ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    එකපාරට මේවා ban කරන්නේ නැතුව, මෙහෙ ගොයියින්ට මේවා වගා කරන්න අවස්ථාව සලසලා කාලයක් සමග ක්‍රමෙන් ආනයනය අඩු කරන්න ඕනි.එහෙම කරණම් මේ ගැටළු නැහැ

    අනිවා.කහ දාන්න බිම කොටන්න කලින් ban කරානේ.:yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    දැන් උන් කියන්නෙ 70 එක 4000 ට ලංකාවට විකුණනවා කියලද? 🤔
    යකෝ සදාකාලිකව තහනං කරන්න එපයි.

    අැත්තම කියනවනම් බං මේවා රටින් ගෙන්නන ඵක ගැන අපි ලැජ්ජ වෙන්න ඕන..තමන්ගෙ රටේ මිනිස්සුන්ට ඕන කරන දෙයක්වත් වවාගන්න බැරි රටක් ලංකාව..මේවට හිටපු හැම පාලකයෙක්ම වග කියන්න ඕන..දැන් ඉතිං ලේසි නෑ මේව අළුතින් කරන්න..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    අැත්තම කියනවනම් බං මේවා රටින් ගෙන්නන ඵක ගැන අපි ලැජ්ජ වෙන්න ඕන..තමන්ගෙ රටේ මිනිස්සුන්ට ඕන කරන දෙයක්වත් වවාගන්න බැරි රටක් ලංකාව..මේවට හිටපු හැම පාලකයෙක්ම වග කියන්න ඕන..දැන් ඉතිං ලේසි නෑ මේව අළුතින් කරන්න..

    ☹️
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කැරී ඉන්දියන් කාරයෝ ලංකාවෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ. උන්ගේ හැම මගුලම අපි ගන්න ඕනේ කියලා හිතන් ඉන්නේ :angry: :angry: :angry: :angry:
    උන්ගෙ spices ලෝකේ ගොඩක් රටවලට export කරනව..උන්ට ඕන ලංකාවට උනත් ඒක දිගටම තියාගන්න.. ඒකට උන්ට බැනල වැඩක් නෑ බං අපිට උන් බලෙන් දෙන්නෙ නැහැනේ..අපි දැනගන්න ඕන උන්ගෙන් නොගෙන ඉන්න..
     
    • Like
    Reactions: windows_ubuntu

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    කැරී ඉන්දියන් කාරයෝ ලංකාවෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ. උන්ගේ හැම මගුලම අපි ගන්න ඕනේ කියලා හිතන් ඉන්නේ :angry: :angry: :angry: :angry:

    ඉන්දියාව අපේ තුන්වැනි ප්‍රධාන අපනයන සහකරු අමතක කරන්න එපා එක USA දෙක EU
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩ කරන අපේ විරුවා ;-)

    ඉන්දියාවට කෙළ වෙනවා කියල මුලදීම දන්ගත්තනම් සිංහලු කට කට කැපුවත් කහ කන්නේ නෑ..... 🤭

    ඔන්න ආණ්ඩුවේ marketing අඩු පාඩු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    උන්ගෙ spices ලෝකේ ගොඩක් රටවලට export කරනව..උන්ට ඕන ලංකාවට උනත් ඒක දිගටම තියාගන්න.. ඒකට උන්ට බැනල වැඩක් නෑ බං අපිට උන් බලෙන් දෙන්නෙ නැහැනේ..අපි දැනගන්න ඕන උන්ගෙන් නොගෙන ඉන්න..
    අපිට ඕනෙනම් අපි ගන්නවා ඒ උනාට උන්ට බල කරන්න බැහැ . මොක ද ඉන්දියාව එක්ක කරන ගනුදෙනුව ලින් අපිට පට්ටම පාඩුයි .

    ඉස්සර මැලේසියාවේ ඉඳන් පාම් ඔයිල් ගෙනවලා ලංකාවේ ගී හදලා ඉන්දියාවට Export කරා. ඉන්දියන් කාරයෝම තමා ලංකාවට ඇවිත් Factory ඕපන් කරලා කරේ . ඉන්දියවෙන් සල්ලි ලංකාවට යන නිසා ඉන්දියාව එක දවසින් ලංකාවෙන් ගී ඉන්දියාවට අපනයනය කරන එක නැවැත්තුවා :angry: :angry: :angry: :angry:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් බැලුව ලංකාවේ මොන කැසිල්ලක්ද ඉන්දියන් උන් හොයන්නෙ කියලා. ඉන්දියන් උන්ට කහගන්න වෙලානේ.
     
    :(