ශී‍්‍ර ලංකාව කහ ආනයනය තහනම් කිරීමෙන් ඉන්දියාව අසිරුතාවක

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Nethnews

    ශී‍්‍ර ලංකාව, ඉන්දියාවෙන් කහ ආනයනය කිරීම තහනම් කිරීම එරට ඊරෝඞ්හි වෙළඳුන්ට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා. එම වෙළදුන් පවසන්නේ පසුගිය මාස 02ක කාලය තුලදී තමන්ට රුපියල් කෝටි 50ක පමණ අලාභයක් සිදුව ඇති බවයි. දේශීය නිෂ්පාදන ඉහල නැංවීම සදහා ශී‍්‍ර ලංකා රජය ඉකුත්දා විදෙස් රටවලින් කෘෂි නිෂ්පාදන ආනයනය තහනම් කළා. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශී‍්‍ර ලංකාව එම තහනම ඉතා තදින් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා.
    ඒ හේතුවෙන් වාර්ෂිකව ශී‍්‍ර ලංකාවට කහ ටොන් 7,500ක් පමන අපනයන කරන ඉන්දීය කහ වෙළඳුන්ට එය අහිතකර ලෙස බලපා ඇති බවයි පැවසෙන්නේ. ඊරෝඞ්වල වගා කරන කහ එහි උසස් ගුණය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධයි. ඊරෝඞ්වලින් කහ ආනයනය කරන විට ප‍්‍රවාහන වියදම් ද ශී‍්‍ර ලංකාවට ඉතා ලාභදායි වී තිබෙනවා.
    ඉන්දියාවේදී කහ කිලෝග‍්‍රෑමයක් රුපියල් 70ක මුදලකට ලබාගත හැකි වුවත් ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීමේදී කිලෝ ග‍්‍රෑමයක මිල ඉන්දීය රුපියල් 4,000ක් පමණ වන බවයි පැවසෙන්නේ. එබැවින් ඊරෝඞ් හි කහ වෙලදුන් රැසක් ශී‍්‍ර ලංකාවට කහ ආනයනය කිරීම සදහා පෙළඹී තිබුණා.
    එබැවින් ප‍්‍රාන්ත බලධාරීන් හෝ මැදිහත් වී යලිත් ශී‍්‍ර ලංකාවට කහ ආනයනය කිරීමට අවස්ථාව සලසන ලෙසයි ඊරෝඞ් කහ ගොවීන් හා වෙළඳුන් බලධාරීන්ගේ ඉල්ලීමක් කර ඇත්තේ.




    කහ ඕන නෑ වගේ නේ දැන් නම්😂😂
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    යුරෝපා සංගමෙනුත් මොකද්ද කියලා තිබුනා නේද? අපි බඩු ගන්නේ නැති වුනාම උන්ට මාර පාඩුයිනෙ.

    අපි හෙන පෝසත් රටක්නේ බලනකොට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    කහ නැහැ බන් ගෙදර
    screenshot-20201121-194437.png

    මෙන්න අරගන්න🤣
    මගේ කහ කැල්ලගෙන් කහ ගන්න 🤩