මරා ගේ ලෝන් නිසා හිර වුන එක ඇත්ත, එත් එක එක දවසෙන් වුන දෙයක් නෙවේ, කාලයත් එක්ක අනුක්‍රමිකව වර්ධනය වුනු කැන්සර් එකක්. දැන් අපිට මතක ඇති කාලෙක ඉඳල ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්, අපි පැටි කාලේ ලංකාව ගැන ලියපු රචනයම අද පොඩි එකාත් ලියනවා, "ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්".
මම මේකට වගකීම පටවන්නේ එදා මෙදාතුර සිටි හැම දේශපාලකයෙක්ට ම. මොකද මේ රට අස්ථාවර දුර්වල රටක් වුනේ ඒ දේශපාලකයන් ගත් මරි මෝල් තීන්දු නිසයි.
මම පුංචි කාලේ මට මතකයි දළ දේශීය නිෂ්පාදනය අතින් ලංකාව සහ බංග්ලාදේශය එක මට්ටමේ හිටියේ, එත් දැන් ලංකාව වගේ තුන් ගුණයකින් වැඩි දළ දේශීය නිෂ්පාදිතයක් තියෙනවා. ස්ථාවර රටක්.
අපේ ආණ්ඩු මාරු වෙනකොට රජයේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වුනා, එක 94 දක්වාම මාරුවෙන් මාරුවට වුනා, ඊළඟට ආසියාවේ හොඳම රාජ්‍ය සේවයක් තිබුණු රටේ නිලධාරීවාදය වැඩි කියල රජයේ සේවයේ කොන්ද බින්ද. බලය තහවුරු කරගැනීමේ පරම චේතනාවෙන් ව්‍යවස්ථා වෙනස් කළා, නීති වෙනස් කළා, ජාතිවාදය අවිස්සුව, මිනිස්සු භේද භින්න කළා, ආගමික ආරාවුල් ඇති කළා, නීතියට තියෙන ගරුත්වය නැති කළා, මේ රටේ පිරිහෙන්න තව මොනවද ඉතුරු.
මට ෂුවර් තව ටික කාලෙකින් ලංකාව හයිටිය වගේ කාලකණ්නි රටක් වෙනවා.