ලංකාව තුල අවි ආයුධ නිෂ්පාදනය 😎

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    තුවක්කුම නෙමේ ඉතිං.. හයි ටෙච් මොනාහරි තමයි හදන්න වෙන්නෙ..
     

    thanujaka

    Well-known member
  • නීතියෙන් අවුලක් නෑ geneva conventions කියලා දේවල් තියෙනවා , සමහර සම්මූතීන් තියෙනවා අපි දන්නෙත් නැතිව අපිව ඇතුළත් වුනු
    අපි geneva convention එකේ අත්සන් කරල තියෙන්නේ mass destruction වෙන විදිහේ nuclear or biological weapons හදන්නේ නෑ කියලා විතරයි.
    ඒක වෙනත් අවිආයුධ නිශ්පාදනය කරන්න බාධාවක් නෙමෙයි.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Weapons හදන්න ඉස්සෙල්ලා නරකද ඉස්සෙල්ලාම අඩු ගානෙ ඉදි කට්ටක්, drawing pin එකක් වගේ දෙයක් හදල බැලුවනම්.
    Weapons හැදුවා වගේ නෙවේනෙ, ඒවා විකුනන්න මාර්කට් එකක් හදන්නත් ඕනි. ඒ කියන්නෙ රටවල් අතර හෝ ඇතුලත යුද්ධ ඇති කරවන්න ඕනි. ඒවා නිවෙන්නෙ නැතුව තියාගන්නත් ඕනි. ඒ කියන්නෙ ඒ රටවල්වල ඉන්න යුද්ද වවාගෙන කන එවුන්ට $ මිලියන් වලින් කොමිස්, පගා ගෙවන්න ඕනි.
    bump
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අවි ආයුද වලට කලින් බේත් ටික හදුවනම් මොකද?
    රටේ ආරක්ශාවට ආයුද නිශ්පාදනය හොදයි, වෙලදාමට නෙමේ
     
    • Like
    Reactions: sahases

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අපි geneva convention එකේ අත්සන් කරල තියෙන්නේ mass destruction වෙන විදිහේ nuclear or biological weapons හදන්නේ නෑ කියලා විතරයි.
    ඒක වෙනත් අවිආයුධ නිශ්පාදනය කරන්න බාධාවක් නෙමෙයි.
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ලංකාවට දියුණු වෙන්න ඕනේ නම් මුලින්ම කරන්න ඕනේ ආගමයි සංස්කෘතියයි පැත්තකින් තියලා අලුත් විදිහට හිතන එක . ආගමික රාමුවක හිර වෙලා හිතන්න ගත්තොත් හැමදාම තුන් වෙනි ලෝකේ රටක් වෙලා තමා ඉන්න වෙන්නේ
    අළුත් විදිහට හිතල නිකං කෙලව ගන්න ඕන නැහැනේ. අළුත් දේවල් හොයමින්, අත්හදා බලමින් දියුණු වෙන්න දඟලන්නේ කලින් දියුණුවක් තිබුණේ නැති එවුන්. හැම දෙයක්ම තිබිලා දුර්වලකම් නිසා කෙලෝ ගත්ත එකාලට අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියනවනේ. පරණ විදිහට හිතලා, පරණ දේවල් අනුගමනය කරලා ටික ටික ආපහු ගොඩනඟා ගැනීමයි කරන්න ඕන. මහා කාලයක් සාර්ථකව තිබුණ මට්ටමකට ආපහු යනවිට පොඩ්ඩක්වත් වරදින්න විදිහක් නැහැ.

    ඉතිහාසයට අනුව ඕන සක්වලකින් එන එකෙක්ව බාවන්න පුළුවන් අවි ආයුධ තිබිලා තියනවා. එදා අදට වඩා ධර්මය, සංසෘකෘතිය, සාදාචරය හොඳින් පැවතුන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ කලාපය දවසින් දවස වල පල්ලට යාම තවම කාටවත් නවත්වා ගන්න බැහැනේ. අවිආයුධ රාජ්‍යයේ ආරක්‍ෂාවට හොඳයි. වෙළඳාම් නොකළට වක්‍රාකාර ප්‍රයෝජන බොහොමයි. අසීමිතව ආදායම් ලබන්න තව කෙතරම් මාර්ග තියනවද? සරලව පිරිසකගේ උවමනාවක් නැති කමයි, විවිධ ක්‍රම වලින් දැනට තියන දෙවල් වලට ලස්සනට කෙලීමයි, රටට ගැළපෙන දේවල් වලට බාල්දි ඇදලා නොගැළපෙන දේවල් ප්‍රවර්ධනය කිරීමයි, ඉතිරි පරගැති හැත්තගේ ආකල්ප හා ක්‍රියාකලාපය නිසයි මිනිසුන්ට ප්‍රශ්න තියෙන්නේ සහ පරයන්ගේ අතපල්ලේ වැටිලා ඉන්නේ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    ඉතිහාසයට අනුව ඕන සක්වලකින් එන එකෙක්ව බාවන්න පුළුවන් අවි ආයුධ තිබිලා තියනවා.

    ehema dewal thibuna kiyala koheda sandahan wela thiyenne ?
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    ඕවට අවශ්ය තාක්ෂණය ලංකාවේ නෑ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝ තුවක්කුව පිටිපස්සේ තියන දැනුම පොඩි දෙයක්නේ. විද්යාව පොත් වලත් තියනවා නේ කියලා. ඒත් අතේ පත්තු නොවී හරි පිළිවෙලට වැඩකරන්න වැරදීම් අඩු, හරි තුවක්කුවක් හදන්න අවශ්ය තාක්ශනේ කියන්නේ ඊටවඩා වෙනස්. ඒකට අවශ්ය දැනුම ලෝකේ හැම රටකම නෑ. වාහන උනත් එහෙමයි. අභයන්තර දහන එන්ජිම විද්යාව පොතේ තිබ්බා කියලා පැයගානක්, හරියට පිළිවෙලට දුවන්න පුළුවන් එන්ජිමක් හදන්න අවශ්ය දැනුම, ඒ එන්ජින් හදන්න ගන්න මැශින්, නිෂ්පාදනාගාර හදන්න අවශ්‍ය දැණුම ලංකාවේ නෑ. ඉන්දියාවත් ඕවා පටන් ගනිද්දි ජපානෙට එන්න කියලයි ඒවා කරන්න ගත්තේ. දැන් කාලයක් ගිහින් උනුත් ඒ දැනුම ඉගෙනගෙන උන්ගෙම දේවල් කරනවා. චීනෙත් බෝල් පොයින්ට් පෑන් හැදුවට 2017 වෙනකම් උන්ට බෝල් පොයින්ට් ටිප් එක හදන්න අවශ්ය උපකරණය හදන්න අවශ්ය දැනුම තිබ්බේ නෑ. ඒක හොයාගත්තෙත් 2017. එතකම් ජපානේ, ජර්මනිය වගේ රටවල් කීපෙක විතරයි ඒක හැදුවේ.

    අපේ රටේ ඔය දේවල් කරන්න ගන්නව නම් අපිට තනියම පටන් ගන්න බෑ. වෙන රටවලින් ගෙන්නන්න වෙනවා ඒවට සම්බන්ධ කොම්පැනි. ඒවා එද්දි එන්නෙත් නිකන් අතපිහදන් යන්න නෙවෙයි. උන්ටත් ලාභයක් ගන්න. මැලේසියාව, සින්ගප්පූරුව එලෙක්ට්‍රොනික් නිෂ්පාදකයෝ උනේ එහෙමයි.

    ලංකාවේ එහෙම කරනවා නම් මේ තියන සමාජවාදී ආර්ථික සීමාවන් අයින් කරලා ව්යාපාරවලට සුදුසු නිදහස් වෙලඳපොල ආර්ථිකයක් හදන්න වෙනවා. එහෙම කරන්න ගත්තු ගමන් ලංකාවෙ උන් "මෙන්න රාජ්‍ය දේපල සුද්දට විකුණනෝ" කියල රෙද්ද උස්සන් පාරට බහිනවා. එතකොට ඒ කොම්පැනි ටික වෙන රටක දානවා.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කරනව නම් ඔයිට වඩා හොඳ දේවල් තියෙනව, මොකක් හරි සප්ලයි ලයින් එකක semiconductors, වගේ දෙයක් හදන්න සෙට් කරගත්ත නම් රටම ගොඩ, තායිවාන් වගේ ගේමක් ගහන්න තිබ්බ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලංකාවේ ඇතුලත ඇයි කවුරුත් අවි ආයුද නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරන්න උත්සහයක් ගැන නැත්තේ ? අඩුම පාර්ලිමේන්තුව ඇතුලෙවත් එහෙම අදහසක් නැ.ඒ වගේ කර්මාන්තශාලා ඇති කරොත් ගොඩක් රැකියා අවස්ථා ඇති කරන්නත් පුළුවන් ඒවගේම ලංකාවේ විශ්වවිද්‍යාලත් මේ Industry වලට සම්බන්ද කරගන්න පුළුවන්. අලුතෙන් Research කරන්න පුළුවන් අලුත් technology හොයා ගන්න පුළුවන්. අනික ලංකාවේ පිහිටීම නිසා අමුද්‍රව්‍ය පවා ලේසියෙන් නැව් මගින් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමා මේ weapons වලට ඕනේ කරන Chips, micro controllers ,circuits හදන්නත් වෙනම factory හදන්න පුළුවන් රැකියා අවස්ථා ගොඩාක් ඇති කරන්න පුළුවන් industry එකක්. අපේ රටේ ණය කෙටි කාලෙකින් ඉවර කරගන්නත් පුළුවන්. ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ? ලංකාවේ මේ වගේ Industry ඇති නොවෙන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ඇති වෙන බලපෑම නිසාද නැත්තම් උවමනාවක් නැති කමද ?
    උබ කියන්නනෙ කලු ගලේ ඔලුව ගහගන්න කතාවක් නේ. ඔය ලොකු රටවල් අපිට ඕවා හදන්න අවසර දෙන් නෑ තනිකටම ඒක බිස්නස් කැඩිල්ලක්. ඒම අපි හැදුවම අපේ ඒවා තනිකරම යන්නේ ත්‍රස්තවාදීන් මිලිශියා කල්ලි වලට මිසක් ලෝක ප්‍රසිද්ධ හමුදවන් ඕවා ගන් නෑ. ඒම තැනකට එන්න දෙන් නෑ පොඩි රටවලට .
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කරනව නම් ඔයිට වඩා හොඳ දේවල් තියෙනව, මොකක් හරි සප්ලයි ලයින් එකක semiconductors, වගේ දෙයක් හදන්න සෙට් කරගත්ත නම් රටම ගොඩ, තායිවාන් වගේ ගේමක් ගහන්න තිබ්බ..
    දැන් හදන්න වෙන්නේ බෙහෙත්; Semiconductors නෙවෙයි, නැත්තන් මිනිස්සු ටික මැරෙයි ලෙඩ හැදිලා.😊☺️
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මම ඕක දන්න කියන ඉහල කෙනෙක්ට කිව්වා. 2017 දී... අපි drone බිම දාන්න දැන්මම අඩු වියදම් දෙයක්.. මොකද අහස්කූරක් වැදුනත් drone එක වැටෙන සීන් එකක් තියෙන නිසා. හැදුවනම් අද සල්ලි.. ඌ ගණන් ගත්තෙ නෑ..