ලංකාව තුල ධාවනය වන එක් එක් දුම්රියන්හි ආස&#350

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    ලංකාව තුල ධාවනය වන එක් එක් දුම්රියන්හි ආස&#350


    ලංකාවේ ආසන වෙන් කළ හැකි දුම්රියයන්,
    උඩරට මාර්ගයේ
    01.උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
    02. පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
    03. බදුල්ල සීඝ්‍රගාමි දුම්රිය(T.N. 1007)
    04. බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය

    මහනුවර මාර්ගයේ
    05. මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය -උදෑසන
    06.මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය -සවස
    07.මහනුවර සතිඅන්ත නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය
    08.මහනුවර සතිඅන්ත සුඛෝපභෝගී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය
    09. මහනුවර හා මාතලේ සීඝ්‍රගාමි දුම්රිය

    උතුරු මාර්ගයේ
    10. යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය
    11. උත්තර දේවි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය
    12. කන්කසන්තරේ සුඛෝපභෝගී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය
    13.වව්නියාව නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය
    14. කන්කසන්තරේ රාත්‍රී තැපැල් දුම්රිය

    මන්නාරම් මාර්ගයේ
    15. තලේමන්නාරම් රාත්‍රී තැපැල් දුම්රිය

    මඩකලපු මාර්ගයේ
    16. මීනගයා නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය
    17. උදය දේවි සීඝ්‍රගාමි දුම්රිය

    ත්‍රිකුණාමලය මාර්ගයේ
    18. ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය

    දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගයේ
    19. මාතර සීඝ්‍රගාමි දුම්රිය ( T.N. 50)

    20. මහනුවර - බදුල්ල මිශ්‍ර දුම්රිය
    ( ආසන වෙන්කිරීමේ පහසුකම ලබා දී ඇති ලංකාව තුල ඇති එකම මිශ්‍ර දුම්රිය මෙය වේ..)

    සාමාන්‍යයෙන් ආසන වෙන්කිරීමේ ගාස්තු අදාල පන්තියේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර ගාස්තුවට වඩා වැඩිවේ. ආසන වෙන් කිරීමේ ගාස්තු සදහා ඔබ දුම්රියට ගොඩවන දුම්රිය ස්ථානය හා බසින දුම්රිය ස්ථානය අදාල නොවේ. ගමනාන්තයටම අදාල මුළු මුදලම ⁣ගෙවිය යුතුය. මන්ද එම දුම්රිය ගමන් වාරයේ අදාල ආසනය ගමනාන්තය දක්වාම ඔබ වෙනුවෙන් වෙන්කර බැවින් එය වෙනත් මගියෙකුට ලබාදීමට නොහැකිය...

    එක් එක් දුම්රියන්හි පවතින ආසන වෙන් කිරීමේ පහසුකම් හා ඒවායේ ගාස්තු මෙසේය..
    01. උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය ( Colombo Fort @ 8.30am )

    AFC- Rs.1250/=
    SCR- Rs.600/=
    TCR- Rs.400/=

    02. පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය ( Colombo Fort @ 5.55am )

    AFC- Rs.1250/=
    SCR- Rs.600/=
    TCR- Rs.400/=

    03. බදුල්ල සීඝ්‍රගාමි දුම්රිය ( Colombo Fort @ 9.45am )
    OFV- Rs.1000/=

    04. බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය( Colombo Fort @ 8.00pm )

    FCB- Rs.1250/=
    SCS- Rs.600/=
    TCS- Rs.400/=

    05. මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය( Colombo Fort @ 7.00am )

    SCR- 280/=
    OFV- 800/=

    06. මහනුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය( Colombo Fort @3.35pm )

    SCR- 280/=
    OFV- 800/=

    07. මහනුවර සතිඅන්ත නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය( Colombo Fort @9.00am )

    SCR- 280/=
    OFV- 500/=

    08. මහනුවර සතිඅන්ත සුඛෝපභෝගී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය( Colombo Fort @ 5.20pm)
    AFC- 500/=

    09. මාතලේ හා මහනුවර සීඝ්‍රගාමි දුම්රිය( Colombo Fort @10.35am )
    AFC- Rs.500/=

    10. යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ( Colombo Fort @6.35am )

    OFV- Rs.1100/=
    FCR- Rs.900/=
    SCR- Rs.700/=

    11.උත්තර දේවි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය ( Colombo Fort @ 11.50am)

    SCR- 800/=
    මෙහි අනුරාධපුරය දක්වා රු. 450/=ක් වන අතර ඉන් එහා ඕනෑම දුම්රිය ස්ථානයකට රු.800/=කි.

    12. කන්කසන්තරේ සුඛෝපභෝගී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය( Colombo Fort @ 5.45am )

    AFC-1500/=
    අනුරාධපුරය දක්වා රු.1000/= ක් වන අතර ඉන් එහා ඕනෑම දුම්රිය ස්ථානයකට රු.1500/= ක් වේ.

    13. වව්නියාව නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය ( Colombo Fort @ 3.55pm)

    SCR - Rs. 500/=
    අනුරාධපුරය දක්වා රු. 450ක් වන අතර වව්නියාව දක්වාම රු.500කි.

    14. කන්කසන්තරේ රාත්‍රී තැපැල් දුම්රිය ( Colombo Fort @ 8.30pm )

    AFC- Rs.1400/=
    SCS- Rs.700/=
    TCS- Rs.500/=

    15. තලේමන්නාරම් රාත්‍රී තැපැල් දුම්රිය ( colombo fort @ 7.15pm)
    SCR- Rs. 700/=

    16. මීනගයා රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය ( colombo fort @7.00pm)

    AFC- 1250/=
    FCB- 1250/=
    SCS- 630/=
    TCS- 480/=

    17.උදය දේවි සීඝ්‍රගාමි දුම්රිය ( colombo fort @06.05am)
    SCR- 600/=

    18.ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය ( colombo fort @9.30pm)

    FCB- 1250/=
    SCS- 550/=
    TCS- 350/=

    19. මාතර සීඝ්‍රගාමි දුම්රිය ( colombo fort @ 6.55am )
    AFC- 1000/=
    ගාල්ල දක්වා 800ක්ද මාතරට 1000ක්ද වේ.

    20.මහනුවර -බදුල්ල මිශ්‍ර දුම්රිය (kandy @ 3.30 am)
    OFV- 1000/=

    * AFC- වායුසමනය කල පළමු පන්තිය
    * OFV - නැරඹුම් මැදිරිය
    * FCB- පළමු පන්තියේ නිදන මැදිරිය
    * FCR- පළමු පන්තියේ වෙන්කල ආසන
    * SCR - දෙවන පන්තියේ වෙන්කල ආසන
    * SCS- දෙවන පන්තියේ නිදන ආසන
    * TCR- තුන්වන පන්තියේ වෙන්කල ආසන
    * TCS- තුන්වන පන්තියේ නිදන ආසන

    ආසන වෙන් කිරීමේ දී නිකුත්කරන ප්‍රවේශ පත්‍රයද සාමාන්‍ය ප්‍රවේශ පත්‍රයකට වඩා වෙනස් වන අතර එහි ගමනට අදාල දිනය, දුම්රිය පිටත්වන වේලාව, වෙන්කල ආසන වර්ගය හා ආසන අංකය, ආරම්භක හා අවසාන දුම්රිය ස්ථාන මෙන්ම දුම්රියේ අංකයද මුද්‍රිතව ඇත. යෝජිත දිනට දින 30කට පෙර ආසන වෙන් කිරීමේ පහසුකමද මගී ඔබ වෙනුවෙන් සලසා දී තිබේ...

    පළමුවන පන්තියේ නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර( warrants ) හිමි රාජ්‍ය සේවකයන්ට පළමු හෝ දෙවන පන්තියේ ඕනෑම ආසනයක් වෙන්කරගත හැකි අතර දෙවන පන්තියේ බලපත්‍ර ලාභීන්ට දෙවන පන්තියට අදාල ඕනෑම ආසනයක් වෙන්කර ගත හැකිය. මෙම බලපත්‍ර වලින් තුන්වන පන්තියේ ආසන වෙන්තරගත නොහැක. එම ආසන වෙන්කල හැක්කේ මුදලින් පමණි.
    නො.50 මාතර සීඝ්‍රගාමි දුම්රියේ ඇති AFC මැදිරියේ ආසන දුම්රිය ගමන් බලපත්‍ර වලින් වෙන් කල නොහැක. එම මැදිරිය ප්‍රධාන වශයෙන් විදේශිකයන් ⁣ඉලක්ක කරගෙන යොදවා ඇත.
    ඒ වගේම මහනුවර - බදුල්ල මිශ්‍ර දුම්රියේ නැරඹුම් මැදිරිය, දේශීය හා විදේශීය දුම්රිය ලෝලීන් ඉලක්ක කර ⁣යොදවා ඇත. මන්ද උඩරට කඳුකරයේ ස්වභාව සෞන්දර්ය මනාව විදිමින් මෙම දුම්රියේ ගමන් කල හැකි අතර ගමනාන්තයට ලඟාවීමට පැය 12කට ආසන්න කාලයක් ගතවේ...

    දුම්රිය ආසන වෙන් කිරීම පිළිබද තොරතුරු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඇති ප්‍රධාන ආසන වෙන්කිරීමේ කාර්යාලය ඇමතීමෙන් සහ මොබිටෙල් දුරකථනයකින් 365 අමතා දැන ගත හැකිය. එමෙන්ම ප්‍රධාන දුම්රිය ස්ථානයන්හි ඇති ආසන වෙන් කිරීමේ කවුළුවෙන්ද විමසිය හැක.

    දුම්රිය ආසන වෙන්කිරීම....

    දුම්රිය ආසන වෙන්කිරීම පරිගණක ජාල ගතකරඇති බැවින් ලංකාව තුල ඕනෑම මාර්ගයක ධාවනය වන දුම්රියක ආසන ඕනෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකින් වෙන්කරවා ගත හැකිය. තවද මොබිටෙල් පසු ගෙවුම් දුරකථනයකින් 365 අමතාද නිවසේ සිටම නගරාන්තර දුම්රියන්හි ආසන වෙන්කරවා ගත හැකිය. මේ සදහා ප්‍රවේශ පත්‍ර ගාස්තුවට අමතරව සේවා ගාස්තුවක්ද අයකෙරේ.
    දුම්රියේ ආසනයක් වෙන් කරගෙන ඔබේ ගමන පහසුවෙන්, නිදහසේ, ආරක්ෂාකාරීව සහ ඉක්මනින් යන්න..

    සටහන -
    R.M. තරිඳු නිශාදව මධුවන්ත

    තනිකරම එෆ් බී එකෙන් ඉස්සුවේ..:P
    සම්පූර්ණ ක්‍රෙඩිට් එක පණ දාගෙන මේක ලියපු එකාට...
    11.gif

    රීපොස්ට් නම් සොරි වෙන්න ඕන..:sorry:
    ගොඩක් වැදගත් කියල හිතුන නිසා ශෙයා කලා..:)