මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය (United States Agency for International Development -USAID) පවසනවා. එහි ප්‍රධානී සමන්තා පවර් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති විනිවිඳභාවයෙන් තොර අධික පොලිය සහිත ණය වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.
ඉන්දියාවේ සංචාරයක නිරතවෙමින් සිටින සමන්තා පවර් ඊයේ (27) නවදිල්ලියේ පැවති උත්සවයක් අමතමින් මෙම අදහස් පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලකට හසුවී ඇති බව ද චීන ණය මඟින් ඉදිකර ඇති හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ ආදායම් නොලබන ව්‍යාපෘති බවට පත්වී ඇති බව ද ඇය පවසයි.
චීනය මේ මොහොතේ සිදුකළ යුතුව ඇත්තේ ණය ගෙවීම සඳහා තවත් ණය ලබාදීම නොව සහනදායී කාලසීමාවකට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකගතාවකට පැමිණීම බවයි සමන්තා පවර් කියන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරින් 15%ක පමණ කොටසක් හිමිව ඇත්තේ චීනයට යි. එනිසා ඒ පිළිබඳව චීනය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය රඳා පවතිනු බව ඇයගේ අදහසයි.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දුෂ්කරතා අවස්ථාවකට පත්ව ඇති මේ මොහොතේ ඉන්දියාව විසින් ලබා දී ඇති මානූෂීය ආධාර සම්බන්ධයෙන් සමන්තා පවර් ඉන්දියාවට සිය ප්‍රසංශාව පළ කර තිබෙනවා.
නමුත් සැලකිය යුතු සහනයක් ලබා දෙන ලෙස බීජිං වෙත කරන ලද ඉල්ලීම්වලට පිළිතුරු නොලැබී ඇති බවයි සමන්තා පවර් පවසන්නේ. දිල්ලි IIT හි පැවති උත්සවයක් අමතමින් ඇය කියා සිටියේ අනෙකුත් ණය දෙන්නන්ට වඩා වැඩි පොලී අනුපාත යටතේ බොහෝ විට ‘පාරාශ්‍රිත ණය’ ගනුදෙනු පිරිනමන ශ්‍රී ලංකාවට විශාලතම ණය දෙන්නන්ගෙන් එකක් බවට චීනය පත්ව ඇති බවයි.