විද්වත් මතය...
මේ වනවිට රට බංකොලොත් කළේ කවුදැයි සොයන්නට කමිටුවක් පත් කර ඇත. එම කමිටුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය අමින්ද මෙත්සිල පැවසුවේ, "ඇත්තටම අපි පත් කරන්න කිවුවේ ස්වාධීන කමිටුවක්. රට බංකොලොත් කළා කියන චෝදනාවම තියන අයව රට බංකොලොත් කරපු අය හොයන කමිටුවට දාලා තියනවා. ඒ නිසා ඒක තේරුමක් නැති වැඩක්. බංකොලොත් කියන එකෙත් මම කොටස් දෙකක් දකිනවා. නිදහස ලබපු දවසෙ ඉඳං හිටපු හැම පාලකයෙක්ම මේ බංකොලොත්කමට අඩු-වැඩි වශයෙන් වග කියන්න ඕනේ. හැබැයි 2019 ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙනාපු වැරදි ප්‍රතිපත්ති නිසා ඒ බංකොලොත් වීම ඉක්මන් වුණා. 77 විවෘත ආර්ථිකය මේකට ගොඩක් බලපෑවා. විදේශ ශ්‍රමිකයන්ගේ ආදායමෙන් විතරක් රටක් කරන්න බෑ. මැද පෙරදිග වැඩ කරන කාන්තාවන්ගේ සල්ලිවලින් විතරක් ලංකාවට දුවන්න බෑ. අපි හිටියේ එදා වේල ටුවර්ස් ආර්ථික ක්‍රමයක් ඇතුළේ. ඒ ක්‍රමය ඇතුළේ කොහොමත් අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒත් මේ අර්බුදය තව අවුරුදු 10කින් විතර ඇති වෙන්න තිබුණ එකක්. ගෝඨාභය ඒක ඉක්මන් කළා. ගෝඨාභය මේ අර්බුදය අවුරුදු 10ක් ඉක්මන් කළා. ඕක තමා මට කරන්න තියන සරල ම පැහැදිලි කිරීම", යනුවෙනි.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය කල්ප රාජපක්ෂ දැරුවේ මෙවන් මතයකි. "ලංකාව බංකොලොත් වීමට පාර්ශ්ව කිහිපයක්ම වගකියන්න ඕනේ. අංක එකටම ඒකට වගකියන්න ඕනේ, මේ රටේ ඉන්න ආර්ථික විද්‍යාඥයෝ. ආර්ථික විද්‍යාව ගැන පර්‍යේෂණ කරන විශ්වවිද්‍යාල ආචාර්‍යවරුත් මේකට වගකියන්න ඕනේ. ඒගොල්ලෝ තමා ලංකාව වගේ රටකට නොගැලපෙන මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය අපේ රටවල්වල ස්ථාපිත කළේ. මහබැංකුව වගේ අයතනවල ප්‍රතිපත්ති නිර්මාණය වෙලා තියන විදියත් මේ බංකොලොත්භාවයට වග කියන්න ඕනේ. අනිත් පාර්ශ්වය තමා ලංකාවෙ ඉන්න ඉහළම ධනපති පන්තිය, බැංකු අයිතිකරුවන්. මේ අය අතර කොච්චර ඉන්නව ද ටැක්ස් වංචා කරපු අය. මෙච්චර බදු වංචා කළාම ඒක රටට කොච්චර බරක් ද? මේගොල්ලො ලාභ අරං තියෙන්නේ, භාණ්ඩ හුවමාරුවෙන්. මේ අයත් එක්ක කවදත් දේශපාලන හිතවාදින් ඉන්නවා. දේශපාලනය විසින් දිගින් දිගටම මේ අයට අනුග්‍රහය දක්වලා තියනවා".
"අනිත් පාර්ශ්වය තමා මේ රටේ ඉන්න දේශපාලඥයන්. ඒ අය තමා අපේ රට බංකොලොත් වෙන්න අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කළේ. ජාතික සම්පත් විකුණන එක සාධාරණීකරණය කරන්න අවශ්‍ය මතය මිනිස්සුන්ගෙ ඔළුවල පැළ කළේ මේ අය. දේශපාලඥයා තමා පන්තිමය පදනමින් වංචාකාර ගජමිතුරු කල්ලිවලට අනුග්‍රහය දක්වන්නේ. මේ කල්ලියෙ අයව නීතියට අහුකරගන්න එකත් අමාරු වැඩක්. එක තැනකින් එහාට මේ අයගේ ක්‍රියාවන් ගැන හොයන්න බෑ. තොරතුරුවලට ප්‍රවේශ වෙන එක වළක්වලා".
ආචාර්ය කල්ප පවසන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ක්‍රියාවලිය සඳහා ආනයන සහ අපනයනකරුවන්ද සම්මාදම් වී ඇති බවය. "මේ අයගෙ විශාල ධනස්කන්ධයක් තියනවා ගිණුම්වල හංගං ඉන්න. 2012-2018 වෙනකං කරපු ආනයන අපනයන ආදායම් විතරක් තියෙනවා අමෙරිකානු ඩොලර් බිලියන 40ක් විතර. මේවා ගැන කවුරුත් හොයන්නේ නෑ. මොක ද මේක එක පන්තියක් එකතු වෙලා කරන වැඩක්".