ලංකාව විශාලා මහනුවරක් වෙලා-ජනරාල් සරත්

westminster

Member
Dec 4, 2010
145
41
0
ලංකාව විශාලා මහනුවරක් වෙලා-ජනරාල් සරත්


දූෂිත පාලනය හමුවේ මෙරට විශාලා මහනුවරක් වෙලා - සරත් ෆොන්සේකා

ජල ගැලීම්, නාය යෑම්, දුර්භික්‍ෂයන් වැනි අපල විපත් මතු වී ඇත්තේ ස්වභාව ධර්මයා උදහස් වීම නිසා බවත්, වත්මන් දූෂිත පාලනය තිබෙන තෙක් මෙවැනි අපල විපත් නොනවත්වා පැමිණිය හැකි බවත්, මේ වන විට මේ රට විශාල මහනුවරක් බවට පත් වී ඇති බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කරයි. ඔහු මේ බව සඳහන් කරනු ලැබුවේ ‘‘සුදු කොඩි නඩුවට’’ අධිකරණයට පැමිණ පිටව යන අවස්ථාවේදී එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමිනි.
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි ‘සුදු කොඩි නඩුවට’ අදාළව පොලිස් සාක්‍ෂි විමසීමට කොළඹ මහාධිකරණයේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අද (11) තීරණය කළේය. ඒ අනුව හෙට දිනයේ අධිකරණය හමුවට පැමිණ සාක්‍ෂි ලබා දෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05 දෙනෙකුට විනිසුරු මඬුල්ල නියෝග කළහ. සුදු කොඩි නඩුවට අදාළ පරීක්‍ෂණ පවත්වනු ලැබුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරීන් 05 දෙනා විසිනි.

සුදු කොඩි නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී සිරස මාධ්‍ය ජාලයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ සංගීත් කළුබෝවිල, දෙරණ රූපවාහිනී ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රවෘත්ති නිෂ්පාදක, නිවේදක චතුර අසංග අල්විස්, සිරස ආයතනයේ සහකාර කැමරා ශිල්පී නන්දන විමලසේන යන පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් තිදෙනා අධිකරණය හමුවේ සාක්‍ෂි ලබා දුන්හ.

නඩු විභාගය අතරතුරදී 2009 දෙසැම්බර් 17 දින සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලයේදී පැවති, සරත් ෆොන්සේකා, මංගල සමරවීර සහ අනුර කුමාර දිසානායක යන මහත්වරු සහභාගී වූ මාධ්‍ය හමුව ආවරණය කර සිරස මාධ්‍ය ආයතනය විසින් විකාශනය කළ ප‍්‍රවෘත්ති විකාශයේ වීඩියෝ පටය අධිකරණය තුළදී නරඹන ලදී.

මෙම නඩුවේ වැඩිදුර විභාගය හෙට දිනට කල් තැබිණ.

 
  • Like
Reactions: flag au:

westminster

Member
Dec 4, 2010
145
41
0


මහින්දට මා එලවන්න බෑ
rathnasiri1_150_150.jpg



තමා සිය කැමැත්තෙන් විශ්‍රාම ගත්තොත් මිස ජනාධිපතිවරයාට වුවද තමා විශ්‍රාම ගැන්වීමට නොහැකි බැව් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ සිය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේදී පැවැත්වූ උත්සවයේදී ප්‍රකාශ කර සිටියේය. තමන් විදේශගතව සිටි දිනවලදී ඇතැම් මැති ඇමතිවරුන් තමා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයන්ට පිළිතුරු දීමේ කිසිදු අවශ්‍යතාවයක් තමාට නොමැති බැව්ද යහපාලනය සහ යටිතල පහසුකම් පිළිබද ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රකාශ කර සිටියේය. රටේ ජීවන වියදම ඉතාම ඉහළයාම පිළිබදව අපිට කෙටි විසදුම් නැහැ. එකම විසදුම නිෂ්පාදනය ඉහළ නැංවීමයි. ඉන්දියා‍වෙන් බිත්තර ගෙන්වා ප්‍රශ්නයට විසදුම් සොයන්න අපිට බැහැ යැයි ද එතුමා පැව