ලංකාව_අරාබියක්ද ?

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ලංකාව_අරාබියක්ද ?

ලංකාව අරාබියක් කරන්න හදන්නේ හම්බයෝ නෙමේ බොරු සදාචාරයක් මාවාගත්ත සිංහලයෝමයි

කොටට අඳින කෙල්ලො නිසා සදාචාරෙ වැනසෙනවද?


3ba51b14.jpg




ඇඳුමේ ඉතිහාසයට ගියොත් ලැජ්ජාව හරි එහෙම නැත්නම් විළිබිය නිසා හරි මිනිස්සු ඇඳුම් අඳින්න ගත්තා කියලා කියන්න පුළුවන්.කෙසේ වෙතත්, මිනිස්සු අධික සීතල උෂ්ණත්වය හා පරිසර අනුවර්තනයන් වෙනුවෙන් සත්ත්ව හම් හරි කොල අතු හරි ඇඳුම් ලෙස භාවිත කරන්න ගත් දා සිට.. නිරුවත් වීම ගැන ලැජ්ජාවක් එහෙම නැත්නම් ඔය කියන විළි බිය ඇති වුණා කියලා හිතන්න පුළුවන්..
කොහොම වුණත් මේකයි කතාව.. ඇඳුමේ දිගෙන් සදාචාරයේ ශක්තිමත් බව මනින්න පුළුවන්ද?
පිළිතුරු දෙකක් තියෙන්න පුළුවන්..පුළුවන් සහ බැහැ..මගේ පිළිතුර නම් බැහැ..
ඇයි බැරි...
එහෙම නම් අපි ලොකුවට සදාචාරවත් කියන අපේ ඉතිහාසයේ පරම්පරාව ඔය කියන රාමුව ඇතුළේ නෑ.. ඇයි ඉතින් ඒ මිනිස්සු ඇඳුම් නැතුවමනේ හිටියේ..
මුලින්ම කියන්න ඕනේ මිනිස් පරිණාමයේ කොටසක් විදියට මිනිසා ශිෂ්ට සම්පන්න වීම නිසා ඇඳුම්වලට සීමාවක් දාගන්නවා.. ශරීරයේ සමහර අංග අනිත් මිනිස්සුන්ට පේන්න ඕනේ නෑ ඒ නිසා ඒවා වැහෙන්න මොකක් හරි ඇඟ වටේ ඔතාගන්න ඕනේ කියන හැඟීමෙන් බිහිවෙන ඇඳුම් අද තියෙන්නෙ මොන තරම් අත්‍යවශ්‍ය මට්ටමේද..
ඇඳුම් විලාසිතාවන් බවට පත්වෙන්නේ මේ වෙනස්වීම එක්ක..
ගවුමේ පාටට සෙරෙප්පු බෑග් සහ ලේන්සුවේ ඉඳල කොණඩකටුව දක්වා..
කලිසමට ගැලපෙන සපත්තු මේස් සහ ඔරලෝසුව දක්වාම මේක දියුණු වෙලා ඉවරයි...කොහොම වුණත් මිනිස්සු ඇඳුම් තමන්ගෙ සංස්කෘතියට බද්ධ කරගැනීමේ හේතුව මත වැඩියෙන්ම දුක් විඳින්නෙ අද කාලෙ තරුණ පරම්පරාව..
මීට කලින් පරම්පරාවත් මේකම හිතන්න සහ කියන්න ඇති ඒ කාලේ.. ඒත් දැන් ඉතින් එයාල වයසට ගිහින් නිසා එයාලත් සුපුරුදු සිස්ටම් එකෙන්ම අලුත් පරම්පරාවෙ ඇඳුම් විවේචනය කරනවා ඇති..


අපි අනන්තවත් දකිනවා පොඩ්ඩක් කොටට ඇඳුමක් ඇඳන් යන කෙල්ලෙක් දැක්කම, කම්මුලේ අත තියාගන්න ආච්චිලා..

එයාලත් එයාලගෙ තරුණ කාලෙ ඇන්දේ ඒ විදියට කියන එක අමතක කරනවා..
සරලව කිව්වොත් ඕනම කෙනෙක් තරුණ වයසෙදි විශේෂයෙන්ම ලස්සනට අඳින්න,අනිත් අයගේ ආකර්ෂණය දිනාගන්න විදියට අඳින්න ආසයි නේ. ඒක ඒ වයසෙදි ශරීරයේ හෝමෝන සංයුතියෙ වෙන වෙනස්වීම්වල ඉඳලාම වෙන දෙයක්..ඉතින් ටිකක් වයසට ගිහින් හෝමෝන සංයුතිය අවුල් ගියපු සමහර අයට මේක දිරවන්නෙම නෑ.කෙල්ලෙක් පොඩ්ඩක් කොටට ඇන්දම.. Tight ස්කර්ට් එකක් Sleeveless බ්ලවුස් එකක් ඇන්දම,එහෙම නැත්නම් කොල්ලෙක් Tattoo එකක් ගැහුවම දාහක් කතන්දර..සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ කියයි..සදාචාරය විනාශ වෙනවා කියයි..කෙල්ලෙක් කොට සායක් ඇඳන් පන්සල් ගියොත් අන්න ඒක නම් ගැලපෙන්නෙ නෑ.එහෙමයි කියලා ගෑණු ළමයෙක්ට කොට ඇඳුමක් ඇඳන් පාරෙ යන්න බැරි වෙන්න විදියක් නෑ.. 70 දශකයේ බරට කොට ඇඳුම් ඇඳපු aunty ලා දැන් ඒවා හොඳ නෑ කියන එක ඇත්තටම අවුල්...

ඇඳුම් සහ සංස්කෘතිය අතර තියන සම්බන්ධතාව රටක සාම්ප්‍රදායික ඇඳුමෙන් පමණක් මැන්නොත් ඇති... සාරිය සහ ඔසරිය වුණත් ශරීරයේ හැඩය පේන විදියටනෙ අඳින්නෙ.. ඒත් වැරදියි කියලා පේන්නෙ Tight ස්කර්ට් විතරයි .. පරම්පරා අර්බූධය හරි,තමන්ට දැන් ඉස්සර වගේ අඳින්න බැරිකම හරි හේතූන් මත දැන් ඉන්න පරම්පරාවෙන් පළිගන්න එක හරි යන්නේ නෑ.. ඇරියස් කවර් කරන්න ඇඳුම් මාකට් කරන එක තවදුරටත් කරන් යන්න ඉඩ දෙන එක නරකයි..
ඇඳුමෙන් සංස්කෘතිය ආරක්ෂා වෙනවනම් කොයිතරම් හොඳයිද..
ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ නේ ..
ඔය එහෙම වෙනවා කියන කට්ටිය නඟන ලොකු තර්කයක් තමයි ස්ත්‍රී දූෂණ,ලිංගික අපචාරවලට හේතුව කොටට හිරට අඳින එක කියලා.. මගේ තර්කය නම් බහුතර දූෂණයට ලක්වෙන,අපචාරවලට ලක් වෙන අය බොහොම සංවර ඇඳුම් ඇඳපු අය මිස ඔය මුලින් කිව්ව විලාසිතා කරන අය නෙවෙයි...වැරැද්ද තියෙන්නේ ඇඳුම්වල නෙවෙයි..මිනිස්සුන්ගෙ චින්තනයේ..
කෙල්ලෙක්ගෙ කකුල් දෙකක් දැක්කම ඒ කෙල්ල ගැන වැරදි හැඟීම් පහළ වෙනව නම්.. එහෙම මිනිස්සු අම්මගෙන් කිරිබීලා හැදුනා වෙන්න බෑ..
මිනිස්සු ශිෂ්ට නැත්නම් ඇඳුම ශිෂ්ට වුණාට වැඩක් නෑ. .පිරිමිකම කියන්නේ පාරෙ යන ගෑනුන්ගේ කකුල් දිහා කෙල හලන් බලන එකටවත්,ගැහැණුකම කියන්නෙ හැම පිරිමියාම වැලිකඩ බන්ධනාගාරෙන් පැනලා ආවා කියලා හිතන එකටවත් නෙවෙයි..එහෙම සදාචාරවත් කතාවක් පහුගිය දවස්වල අන්තර්ජාලයෙත් සැරිසැරුවා..එක්තරා මුස්ලිම් ආගමික සංවිධානයක් ප්‍රකාශ කරලා තිබුණා ලෝකේ භූමිකම්පා ඇති වෙන්න හේතුව කාන්තාවන් Jeans ඇඳීම කියලා..කොයිතරම් විද්‍යානුකූලයිද ඉතින්.. ඒ වගේ පදනම් රහිත මතයක් තමයි බහුතර වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාවෙ ඇඳුම් ගැන දරන්නෙ.. සංස්කෘතිය දඩමීමා කරගෙන ලිංගික ඊර්ෂ්‍යාව පිරිමහන බහුතරය මේ ඇත්ත තේරුම් ගන්න කැමති නෑ..
වරදවා වටහා ගන්න එපා.අපි මේ කතාකරේ කොටට කොටේ පන්සල් ඇඳන් ඇවිත් වාඩිවෙන්න බැරුව දඟලන නංගිලා ගැනවත් F*** U කියලා ගහපු ටී ෂර්ට් ඇඳන් බෝධිය වටේ යන මල්ලිලා ගැනවත් නෙවෙයි.. යාළුවොත් එක්ක Partyයකට යද්දී.. ඉරිදට Beach යද්දී ලස්සනට තමන් ආස විදියට ඇඳන් යන්න විදියක් නැතුව සංස්කෘතියට නොගැලපෙනවා කියන රාමුව ඇතුළේ ඉඳන් දුක් විඳින තරුණ පරපුර වෙනුවෙන්..
එහෙමයි කියලා ඉතින් පෙන්නන් ඕනෙ නැති සේරම දේවල් ප්‍රදර්ශනය කරන්නෙ නැතිව තමන්ට ගැලපෙන දෙයක් අඳින්න.. .බොරු කතන්දරවලට බය වෙන්නත් එපා.. අපි හරි ශිෂ්ඨ සම්පන්න රටක් නේ.ඒ නිසා ඉතින් මිනිස්සු ඇඳුමෙන් අනිත් අයගේ සදාචාරෙ මනිනවා ඇති.. මගේ මතය නම් සදචාරෙ තියෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ හිත්වල.. සීමාව තියෙන්න ඕනේ එතන..
එතැනයි වෙනස් වෙන්න ඕනේ..
ඇඳුම නෙවෙයි!!!!

ලංකාව අරාබියක් කරන්න හදන්නේ හම්බයෝ නෙමේ බොරු සදාචාරයක් මාවාගත්ත සිංහලයෝමයි
 
Last edited:

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    නෙදර්ලන්තේ බඩුව ඉස්සුවා නේද මගේ කමෙන්ට් එක :angry:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නෙදර්ලන්තේ බඩුව ඉස්සුවා නේද මගේ කමෙන්ට් එක :angry:


    I apologizing about that. උබෙන් නොදන්වා කොපිකිරිම සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා. අවශ්‍ය නම් මම එය ඉවත් කරන්න සුදානම්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,606
    113
    Auckland
    ගෑනු වාහන එලවීම මගින් දරුවන් ලැබීමට නොහැකි වෙනව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    ඔහොම යනකොට තව ටික කාලෙකින් කියාවී, කෙල්ලෙක් කොට සායක් ඇඳන් පන්සල් යන එක ප්‍රශ්නයක් නෑ අපේ හාමුදුරුවනේ කියලා.

    ලංකාව අරාබියක් කරන්නේ හම්බයෝ.
    ලංකාවෙ කෙල්ලෝ අවුරුදු 12න් 13න් කඩා ගන්න තත්වෙට පත් කරන්නේ සුද්දව ගෙට වද්ද ගත්තු ගෑනුන්ගෙන් පැවත එන එවුන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම යනකොට තව ටික කාලෙකින් කියාවී, කෙල්ලෙක් කොට සායක් ඇඳන් පන්සල් යන එක ප්‍රශ්නයක් නෑ අපේ හාමුදුරුවනේ කියලා.

    ලංකාව අරාබියක් කරන්නේ හම්බයෝ.
    ලංකාවෙ කෙල්ලෝ අවුරුදු 12න් 13න් කඩා ගන්න තත්වෙට පත් කරන්නේ සුද්දව ගෙට වද්ද ගත්තු ගෑනුන්ගෙන් පැවත එන එවුන්.

    මම එහෙම ගෑනියෙක්ගෙන් පැවත එන කෙනෙක්...:)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි යන්නේ නෑ හරියන්නේ නෑ......... ගෑනුන්ට කළු ලොගුවම පොරවන්න ඕනේ... ගෑනුන්ගේ මොක දැක්කත් මෝල් වෙන උන් ඉන්නවනේ..:sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    හරි යන්නේ නෑ හරියන්නේ නෑ......... ගෑනුන්ට කළු ලොගුවම පොරවන්න ඕනේ... ගෑනුන්ගේ මොක දැක්කත් මෝල් වෙන උන් ඉන්නවනේ..:sorry:

    මෝල්කාර සිංහලු :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,606
    113
    Auckland
    ඔහොම යනකොට තව ටික කාලෙකින් කියාවී, කෙල්ලෙක් කොට සායක් ඇඳන් පන්සල් යන එක ප්‍රශ්නයක් නෑ අපේ හාමුදුරුවනේ කියලා.

    ලංකාව අරාබියක් කරන්නේ හම්බයෝ.
    ලංකාවෙ කෙල්ලෝ අවුරුදු 12න් 13න් කඩා ගන්න තත්වෙට පත් කරන්නේ සුද්දව ගෙට වද්ද ගත්තු ගෑනුන්ගෙන් පැවත එන එවුන්.

    Nodanna payyawa kiyala chatar wenna epa. Sudda enna kalin lankawe 16 wenakota ammandila wela. Sudda thama 16 ta adu kellonta sex illegal kare.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113

    මම එහෙම ගෑනියෙක්ගෙන් පැවත එන කෙනෙක්...:)

    :yes::yes:
    දැනගෙන ගොඩක් කල්


    Nodanna payyawa kiyala chatar wenna epa. Sudda enna kalin lankawe 16 wenakota ammandila wela. Sudda thama 16 ta adu kellonta sex illegal kare.

    කියන්න දෙයක් තියෙනව නම් මම කියපුදේට අදාලව දෙයක් කියපන්. මම කිව්වේ ලංකාවේ තිබ්බ නීතිය ඒකයි. මම කිව්වේ පිටරටවල් වල කසාද බඳින්න ඉස්සර වෙලා ගෑනු බවට පත් වෙන සංස්කෘතියක් ඇතිවෙලා කියලයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔහොම යනකොට තව ටික කාලෙකින් කියාවී, කෙල්ලෙක් කොට සායක් ඇඳන් පන්සල් යන එක ප්‍රශ්නයක් නෑ අපේ හාමුදුරුවනේ කියලා.

    ලංකාව අරාබියක් කරන්නේ හම්බයෝ.
    ලංකාවෙ කෙල්ලෝ අවුරුදු 12න් 13න් කඩා ගන්න තත්වෙට පත් කරන්නේ සුද්දව ගෙට වද්ද ගත්තු ගෑනුන්ගෙන් පැවත එන එවුන්.

    බුම්ප්!
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ou ban e kale ganu thana penvagena hitie, namuth dan ehema hitiyoth baduwak. dan godak un pilipaddinne muslim-catholica sankurtiyak misak budda sanskrutiyak nevi.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ou ban e kale ganu thana penvagena hitie, namuth dan ehema hitiyoth baduwak. dan godak un pilipaddinne muslim-catholica sankurtiyak misak budda sanskrutiyak nevi.
    ඒක ඇත්ත මචන්. ලංකාවෙ ගෑනු උඩට නැතුවම තමා හිටියෙ. ඒත් ඒක සුද්ද නැති කරා. සුද්ද උනත් හොද දෙයක් කරහම අපි අගය කරන්න ඕන. මොකද ලංකාවෙ ගෑනු බාගෙට අදින එක සුදුසු නෑ කියල තමා මම කියන්නෙ. යුරෝපෙ රටවල ගෑනු එහෙම ඇන්දට මෙහෙ අයට සුදුසු නෑ ඒක.