ලංකා ඇල්ලට සංචාරයක්
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
ගොඩක් කල් ඉදන් bike වලින් ගිහින් camping night එකක් ඉන්න අපිට ලොකු ආසාවක් තිබ්බේ.කොහොමහරි ඒ ආසාව ඉෂ්ට කර ගන්න අපිට 2017 පෙබරවාරි පුළුවන් වුනා.
අපි ඒකට තොර ගත්තේ ලංකා ඇල්ල. ගොඩක් අය පවුල්කාරයෝ නිසා ගමන දවස් දෙකකට තමා plan කරේ.

ගමන දා ගත්තේ පෙබරවාරි 10 වෙනිදා කට්ටිය ඔක්කොම 10 දෙනයි.ගමන ආරම්භ කලේ පාන්දර 4ට මාලඹේ අකලන්කගේ ගෙදරින්.
ඔක්කොම බඩු pack කරගෙන මාලඹේ ගෙදරින් පිටත් වුනේ පාන්දර 5ට. ඔක්කොම bike 6යි.
FZ 3 යි. PULSAR 1යි , DISCOVERY 1යි, TVS METRO 1යි.

උදේ 8.30 වගේ වෙද්දී අපි බලංගොඩට අවා. උදේම ආපු නිසා මහන්සියක් තිබුනේ නෑ
කොහොමත් අවට පරිසරයේ සුන්දරත්වය එක්ක මහන්සිය දැනෙන්නේ නෑ, හැබැයි ඒවෙනකොට හොද බඩගින්නක් නම් තිබ්බා
අපි උදේ කෑම ගත්තේ බලංගොඩින්
එතනින් අපි කෙලින්ම ගියේ බඹරකන්ද ඇල්ලට.
ඇල්ලට ඇතුල් වෙන තැනම තියෙන කඩේ පිටිපස්සේ තමයි bike ටික park කලේ.
අපි කලින්ම plan කරන් හිටියේ බඹරකන්ද පාමුලින් ඇතුල් වෙලා ලංකා ඇල්ලට යන්න. ඒත් එදා උදේ ඇල්ලෙන් පල්ලෙහට කෙනෙක්
වැටිලා කාටවත් ඇතුල් වෙන්න ලැබුනේ නෑ.
ඊට පස්සේ තමයි අපි තීරණය කලේ කන්ද වටේ තියෙන පාරෙන් කන්ද උඩටම නගින්න
උඩට නැග්ගට පස්සේ අවට මාර ලස්සනයි ඒ වෙලාවට අපිට හිතුනා හොද වෙලාවට බඹරකන්ද පාමුලින් එන්න ලැබුනේ නැත්තේ කියල
එතනින් අපි කැලේට ඇතුල් වෙන්න පටන් ගත්ත.
මුලින්ම අපිට පයිනස් කැලේ මැදින් තමයි පල්ලම බහින්න උනේ
ඒක තරමක් අවදානම් සහිතයි. වේලිලා වැටිච්ච පයින් කොළ වලට අඩිය තියෙනකොට පල්ලමට ලිස්සල යන්න තියෙන ඉඩ කඩ හුගක් වැඩියි
ඒක නිසා හුගක් පරිස්සමට තමයි ඒ ටික පහු කරේ
එතනින් පස්සේ ආයෙමත් කැලේ
කන්ද අවට හරිම සුන්දරයි
පැය දෙකක ගමනකින් අපි ඇල්ල ගාවට ආවා
ලංකා ඇල්ල ඇත්තටම අපි හිතුවට වඩා ලස්සනයි
ඒවෙනකොට දවල් 1.30යි. දවල් කෑමට පාන් සමග චිලි paste , marmite , උම්බලකඩ සම්බෝල ම්.... ම්.... ම්.... ම්.... නියමයි
ඉස්කෝලෙදි කාපු විදිහ මතක් වුනා
ඊළගට අපේ සුදානම රාත්‍රිය ගත කිරීමට. පැයක් දෙකක් යද්දී අපි කුඩාරම ගහලා ගෙනිච්ච මස් මාළු එහෙම season වෙන්න දාලා එළිවෙනකන් පත්තු
කරන්න දරත් හොයා ගන්න පුළුවන් වුණා
දැන් ඔක්කොම ලෑස්තියි , නියම වෙලාව වතුරට පැනලා නාගන්න
අම්මෝ පට්ට සීතලයි
නාලා කරලා එහෙම කට්ටිය රෑ පහන් කරන්නයි මේ සුදානම
බෝතල් ටිකත් දැම්ම වතුරට cool වෙන්න
කෑලි කපන්න පුළුවන් අදුර කියල පොත් වල ලියල තිබ්බට දැක්කේ එදා තමයි
කළුවර වැටීගෙන එනවත් සමගම සීතලත් එන්න එන්නම වැඩි වුණා
ඒවුනාට ගානක් නෑ අපේ ගිනි මැලේ ගිණි ගින්දර වගේ පත්තු වෙනවා
හොදම වෙලාව ටිකක් රත් වෙන්න ෂොට් එකක් දාලා සින්දුවක් කියන්න
දැන්නම් හොදටම මහා රෑ, කට්ටිය මාරුවෙන් මාරුවට පොඩි නින්දක් දැම්ම
කිසිම සද්දයක් නෑ. ඇල්ලෙන් වතුර වැටෙන සද්දේ විතරමයි
අපි ඔක්කොම පාන්දර 5.30 වෙද්දී වගේ ඇහැරුනා අපි කුඩාරම් එහෙම ගලවලා කුණු ඔක්කොම අස්කරලා කැලෙන්
එලියට එන්න පිටත් වුණා.
ඉර එලිය කන්දට වැටෙද්දී හරිම ලස්සනයි. මීදුම හැමතැනම කැලය පුරා කුරුළු නාදය
එම අසිරියත් හිත පුරා විදගෙනම අපි කැලේට සමු දුන්නා
උදේ කෑමට පොල්රොටි සහ ලුණුමිරිස්, දැනුත් කටට කෙල උනනවා
ඔන්න ඉතින් ඔය විදිහට අපි Camping Night එක ඉවර කරලා හරිම දුකෙන් ආපහු එන්න පිටත් වුණා