අවුරුදු ගාණකට පස්සේ දේශපාලනේට අදාල පෝස්ට් එකක් දාන්න යන්නේ..
දේශපාලනේ පට්ට විදියට එපා වෙලා හිටියේ.. ඒත් පොඩි දේවල් ටිකක් කියන්න ලියනන් හිතුවා..
අපි දන්න විදියට සහ ව්‍යවස්ථාවට අනුව 2024 ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනාධිපතිවරනයක් තියෙනවා,
රනිල් කියන විදියට ජනාධිපති සහ මහ මැතිවරණ දෙකම තියෙනවා,
එහෙම නම් මොකද්ද මේ කතාව?
මෙහෙම මැතිවරණ කටේ තියාගෙන බඩුමිල, ටැක්ස්, වැට් වැඩි කරයිද? එහෙම කරන්න නම්
දේශපාලනේ කරන්නේ කිසිම සෙන්ස් එකක් නැති උන් වෙන්න ඕන..
ඒත් ඒක එහෙම නෙමෙයි දැන් පාලනේ ඉන්න අලි පොහොට්ටු ලොක්කෝ දෙන්නම
දේශපාලනේ ඉන්න ලොකුම අන්ඩපාලයො දෙන්නා..
එහෙනම් ඇයි මේ අස්සේ මෙහෙම මහජනතාව ගැන සත පහකටවත් නොහිතා මෙහෙම බර දාන්නේ..
ඒ ගැන මගේ අදහස තමයි මම කියන්න යන්නේ..
ඒක කෙටියෙන්ම කියන්නම් වැඩට යන්න ඕන නිසා වෙලාව මදි..
රනිල්ගේ ආණ්ඩුව දිගට හරහට බඩු මිල වැඩි කරනවා, ටැක්ස් වැඩි කරනවා, වැට් ගහනවා,
මිනිස්සුන්ගේ පඩියෙනුත් ගාණක් කපා ගන්නවා.. මෙහෙම කරන එකෙන් මිනිස්සු අසරණ වෙන එක
අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. එහෙම කරා කියලා අරගල උද්ගෝෂණ කරන්න බැරි වෙන්න
නීති ගෙනල්ලා මිනිස්සුන්ව තව හිර කරා, දැන් මිනිස්සු එලියට බහින්නෙත් නැහැ..
ඒක රජය දන්නවා, එහෙනම් ඇයි මෙහෙම කරන්නේ.. චන්දයක් කටේ තියාගෙන
මෙහෙම කරන එකෙන් වාසිය යන්නේ විපක්ෂයට කියන එක රොකට් සයන්ස් නෙමෙයි,
එහෙනම් රනිල් එහෙම විපක්ෂයට වාසියක් දෙයිද?
නැහැ.. මේ වාසිය අරගෙන දෙන්න යන්නේ තමන්ගේම ඉනර් සර්කල් එකේ කෙනෙක්ට?
රනිල් තවත් ජනතාව හිර කරලා, තව වැට් ටැක්ස් ගහලා ඉතුරු මාස කීපයේ විරෝධතාවයක්
කෘතිමව නිර්මාණය කරගන්නවා මේ රජයට, කොහොමත් තියෙනවා ඒත් තව ගහලා ඒක වැඩි කරගන්නවා,
ඊට පස්සේ චන්දයට කලින් අන්තිම මාස කීපයේ පාර්ලිමේන්තු බහුතරයකින් (පනතක් පරාජය කරලා හෝ)
මහින්ද හෝ යම් ප්‍රබල පොහොට්ටුවේ කෙනෙක් (ධම්මික පෙරේරා වෙන්න පුලුවන්) අගමැති වෙනවා,
ඊට පස්සේ ක්ෂණිකව මේ වැට් ටැක්ස් බඩුමිල තාවකාලිකව අඩු කරනවා..
ඊට පස්සේ චන්දෙට ගියාම මේ හැමදේකින්ම පීඩාවට පත්වෙලා පාන් කියාගන්න බැරි මිනිස්සු
රනිල් පන්නලා තමන්ට සහන දීපු අලුත් කෙනාගේ පක්ෂය පත් කරගන්නවා..
මොකද මිනිස්සු ඒ වෙනකොටත් හෙම්බත් වෙලා ඉන්නේ...
කොහොමත් රනිල් ආයෙ චන්දෙ ඉල්ලන්නේ නැහැ, ඒක ශුවර්..
ආපහු තමන්ගේ සර්කල් එකේ කෙනෙක්ම බලේට එනවා..
ඩීල් ඔක්කොම ඒ විදියටම තව අවුරුදු කීපයක් ඉස්සරහට යනවා..
රට ආපස්සට යනවා..
ඕක තමයි සැකෙවින් විය අහෙකි කියලා මට හිතෙන දේ..
උඹලගෙත් මේකට තියෙන අදහස් කියපල්ලා මරගන්නේ කුණුහරප කියන්නේ නැතුව..