ලංකා බැංකුවේ කෝටි දහනවදහසකට විද්දේ කවුද?
ලංකා බැංකුවෙන් රුපියල් දහනව දහස් තුන්සිය හැත්තෑපන්කෝටි හැත්තෑහතර ලක්ෂ අසූදෙදහස් හැත්තෑ හය (රු. 193,757,482,076)ක ණය ලබාගෙන පොලු තබා ඇත්තේ කවුරුන්දැයි බරපතල ප‍්‍රශ්නයක් මතුව තිබේ.
මෙම මහා පරිමාණය පොලු තැබීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් සොයාගෙන තිබේ.
ලංකා බැංකුව රජයට අයත් ප‍්‍රමුඛතම වාණිජ බැංකුව වන අතර එය මුදල් අමාත්‍යාංශය යටතේ පවතී. හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ යටතේ මෙම මුදල ණය කරුවන් 33,675ක් විසින් ලබාගෙන පොලු තබා ඇත.
කෝප් කමිටුව සොයාගෙන තිබෙන ආකාරයට ණය මුදලෙන් එකම ණය වාරිකයක් හෝ ආපසු ගෙවා නැත. 2013 ජූලි 23 නිකුත් කරන ලද කෝප් වාර්තාවෙන් මෙම තොරතුරු හෙළිවේ.
තොරතුරු හෙලිකරගෙන වසර 02කට ආසන්න කාලයක් ඉක්ම ගොස් තිබුණ ද මේ වන විට ද ණය අයකර ගැනීමට නොහැකි වී ඇති බව ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය තහවුරු කරයි. මේ සා අති විශාල ණය ප‍්‍රමාණයක් ලබාගෙන ආපසු ගෙවීම සම්පූර්ණයෙන් පැහැර හැර තිබෙන්නේ හිටපු ජනාධිපතිගේ බලතල අනුව ණය ලබාදී ඇති නිසා බව වැඩිදුරටත් හෙළිවේ.
මෙම ණය අතරින් එක් අයෙකුට ලබාගෙන තිබෙන සාමාන්‍ය මුදල රුපියල් පනස්හත් ලක්ෂ පනස්දාහකට (රු. 5,750,333) අධිකය.
- http://www.lankatruth.com/home/sinh...:2015-01-24-02-04-54&catid=41:local&Itemid=74