ලංකා බැංකුවේ කෝටි දහනවදහසකට විද්දේ කවුද?

monson

Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    ලංකා බැංකුවේ කෝටි දහනවදහසකට විද්දේ කවුද?

    ලංකා බැංකුවෙන් රුපියල් දහනව දහස් තුන්සිය හැත්තෑපන්කෝටි හැත්තෑහතර ලක්ෂ අසූදෙදහස් හැත්තෑ හය (රු. 193,757,482,076)ක ණය ලබාගෙන පොලු තබා ඇත්තේ කවුරුන්දැයි බරපතල ප‍්‍රශ්නයක් මතුව තිබේ.

    මෙම මහා පරිමාණය පොලු තැබීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් සොයාගෙන තිබේ.

    ලංකා බැංකුව රජයට අයත් ප‍්‍රමුඛතම වාණිජ බැංකුව වන අතර එය මුදල් අමාත්‍යාංශය යටතේ පවතී. හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ යටතේ මෙම මුදල ණය කරුවන් 33,675ක් විසින් ලබාගෙන පොලු තබා ඇත.

    කෝප් කමිටුව සොයාගෙන තිබෙන ආකාරයට ණය මුදලෙන් එකම ණය වාරිකයක් හෝ ආපසු ගෙවා නැත. 2013 ජූලි 23 නිකුත් කරන ලද කෝප් වාර්තාවෙන් මෙම තොරතුරු හෙළිවේ.

    තොරතුරු හෙලිකරගෙන වසර 02කට ආසන්න කාලයක් ඉක්ම ගොස් තිබුණ ද මේ වන විට ද ණය අයකර ගැනීමට නොහැකි වී ඇති බව ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය තහවුරු කරයි. මේ සා අති විශාල ණය ප‍්‍රමාණයක් ලබාගෙන ආපසු ගෙවීම සම්පූර්ණයෙන් පැහැර හැර තිබෙන්නේ හිටපු ජනාධිපතිගේ බලතල අනුව ණය ලබාදී ඇති නිසා බව වැඩිදුරටත් හෙළිවේ.

    මෙම ණය අතරින් එක් අයෙකුට ලබාගෙන තිබෙන සාමාන්‍ය මුදල රුපියල් පනස්හත් ලක්ෂ පනස්දාහකට (රු. 5,750,333) අධිකය.


    - http://www.lankatruth.com/home/sinh...:2015-01-24-02-04-54&catid=41:local&Itemid=74
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝප් එකෙන් මහ බැංකු මගඩිය ගැන එළිදක්වපු වාර්තාව පිළිනොගත්ත අයට අනික් වාර්තා පිළිගන්න පුලුවන්ද
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ කමක් නෑ බං. අපේ රජතුමා. අපේ සමහරු රාජ පස්සයි (මං කීවේ රාජ පක්ෂයි) :D
    අපේ ලමයින්ට මේම ජොබ් හම්බුනොත් කොහොමද ?
    11826013_854741721268845_2134138382512293299_n.jpg
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කෝ බන් ඕව කියනව විතරනේ. අන්තිමට ඇති ලබ්බක් නෑ.. අර lambo එහෙම තාම හොයනවා :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,371
    32,092
    113
    යකෝ පොඩි එකෙක් ණයක් අරං ගෙවන්න බැරි උනොත්. ඇපකරුවන්ගෙන් හරි ගන්න බලනවා. ඒකට මුන්ට ණය දෙද්දි මොනවද බැලුවේ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මොන ගොන් කතාවක්ද මේ?. ණය ගෙවන්නේ නැතිනම් ඒ ගැන බැංකුව නීතිමය පියවර ගන්න එපයි.

    අර මචන් අර්ජුන් මහේන්ද්‍රන් කියල සිරා වැඩකාරයෙක් ඉන්නවා . රනිල් එහෙම හොදට දන්නවා (මාමයි බැනයි වගේ) . මාර ටැලන්ට් තියෙන බුවෙක්. හරිම දක්ෂය. උට කිව්වනම් මේක ගොඩ දන්නා තිබ්බ.