ලංගමයේ පාඩුව කෝටි 14ක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක රැලි සඳහා ලංගම බස්රථ යොදා ගැනීම වෙනුවෙන් ලංගමයට රුපියල් කෝටි 14කට අධික මුදලක් ගෙවා නොමැති බව මේ වනවිට හෙළිවේ.
ජනාධිපතිවරණ සමයේ දිනපතා බස්රථ 500 සිට 1200ක් දක්වා ප්රමාණයක් මේ සඳහා යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර බස්රථ යොදා ගැනීම වෙනුවෙන් ලංගමයට ගෙවා ඇති මුදල රුපියල් කෝටි පහකට ආසන්න ප්රමාණයක් බවත් සේවකයින්ගේ වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්වයක පත්වී තිබෙන ලංගමය මේ ආකාරයට හිටපු ජනාධිපතිවරයාගේ ප්රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීම තුළින් සිදුකරනු ලැබූ පාඩුව ලංගම සේවකයින්ගේ මාස දෙකක වැටුප් මුදලට සමාන බව ප්රවාහන ඇමතිවරයා හෙළි කරයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතගේ මැතිවරණ ප්රචාරක රැලි පැවති ස්ථාන වෙත රටපුරා පිහිටි ඩිපෝවල බස්රථ යොදවා ගැනීම පිළිබඳ කතා බහක් මෙන්ම දැඩි විරෝධයක් එල්ල විය. එවකට සන්ධානයේ ප්රවාහන ඇමතිවරයාව සිටී කුමාර වෙල්ගම මහතා ප්රකාශ කර සිටියේ ලංගම බස්රථ ජනාධිපතිවරණ ප්රචාරක රැලි සඳහා යොදා ගනු ලබන්නේ මුදල් ගෙවා බවය.