ලක්ෂපතියෙක් වෙන්නේ මෙහෙමායි

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ලක්ෂපතියෙක් වෙන්නේ මෙහෙමායි

    ලක්ෂපතියෙක් වෙන්න කවුද අකමැති? මේ කතා කරන්නේ ඩැඩා හම්බුකරලා ගියපු කෝටි ගාණක දේපළ ලක්ස ගාණක් කරන පුත්තු ගැන නෙවෙයි. බිංදුවෙන් පටන් අරන් ලක්ෂපතියෝ වුණු ඈයෝ ගැන. මේ අයගේ ජීවිත කථා, ඒ අය මෙහෙම දියුණු වෙන්න කරපු දේවල් එහෙම දාස් ගණන් අන්තර්ජාලේ හමුවෙනවා. ඒත් අර අපේ යාලුවෙකුත් කිව්වා වගේ ඔය වගේ තියෙන පෝස්ටර් වීඩියෝ දාස් ගාණින් බැලුවත් ජීවිතේ අඟලක්වත් ඉස්සරහට යන්නෙ නම් නැහැ. ඒකට පොඩ්ඩක් කට්ට කන්න වෙනවා. හොඳ පුරුදු කීපයක්වත් ඇතිකරගන්න වෙනවා. බලමු අවුරුදු 30 ට කලින් ලක්ෂපතියෙක් වෙන්න මොනවද කරන්න ඕන කියලා. (දැන් ඔබට 30 පැනලා කියලා මේක නොකියවා ඉන්න ඕන නැහැ. වයස 40 දී ලක්ෂපතියෙක් වුනත් ඒකත් එකක් නේ!)



    1. තොරතුරු එකතු කරන්න, පියවර කීපයක් ඉදිරියෙන් සිටින්න
    How-to-be-a-millionare-01.jpg

    මේ නව යුගයේ තොරතුරු රන් හා සමානයි කියලා කියනකොට අමුතු හැඟීමක් ඇතිවෙන්නේ නැහැ තමයි. හැබැයි මේ කථාව සීයට සීයක්ම ඇත්ත කියලා කියන්න පුලුවන්. ව්‍යාපාරයක් කරන කෙනෙක්ට නම් මේ තොරතුරු කියන එක අනිවා වැදගත්. ඒ කියන්නේ තමන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විතරක්ම නෙවෙයි. රටේ සහ ලෝකයේ වෙන්නේ මොනවාද කියලා දිනපතා යාවත්කාලීන වෙන එක ඔබට තීරණ ගැනීම සඳහා වැදගත්.



    2. ඊයෙ රෑ පන්දහක් කුඩු! කමක් නෑ ඊලඟ පඩියෙන් ෂේප් කරන්න පුලුවන්නේ!!

    How-to-be-a-millionare-02.jpg

    දියුණු වෙන මිනිහෙක් හැමවිටම තමන්ගේ ආදායම් වියදම් ගැන මනා අවබෝධයකින් ඉන්නේ. ලක්සෙට කොඩිය දාන්න ලෝබ කුණෙක් වෙන්න ඕන නෑ. ඒත් තමන් වියදම් කරන්නේ උපයන ප්‍රමාණයට සාපේක්ෂව වෙන්න ඕන. ඉපයීම හා වියදම සවිස්තරාත්මකව සටහන් කරලා තියන්න ඕන. මේ වැඩේට ඕන තරම් finance management Apps පවා මේ වෙනකොට හොයාගන්න පුලුවන්. හැබැයි මේවා මනෝමයෙන් කරන්න යන්න එපා. ඔබ කොයි තරම් ගණන් කාරයෙක් වුනත් එක මොහොතක වියදම ආදායම පහු කරලා ගිහින් ඔබව එරෙන්න පුලුවන්. අනෙක් අතට වාර්තා තබාගැනීම නිසා ඔබටම අවුරුද්දක් අවසානයේදී තමන්ගේ වත්කම ගැන තක්සේරුවක් කරලා, ඒ වත්කම ඊලඟ අවුරුද්දේ කොහොමද වැඩි කරගන්නේ කියලා තීරණය කරන්න පුලුවන්.



    3. බොරු සෝබන එපා මල්ලි!

    How-to-be-a-millionare-03.jpg

    තමන්ගේ ‍රැකියා තත්වය උසස් වෙනකොට තමන්ගේ ආදායම වැඩි වෙනවා. හැබැයි ඒ එක්කම වියදමත් වැඩිවෙනවා කියන්න රොකට් සයන්ස් ඕන නැහැ. ඒත් ගොඩක් දෙනෙක්ට වෙන්නේ මෙතනදී පාලනයක් නැතුව යන එක. Cost of keeping up the appearance කියලා වියදමක් යනවා තමයි. ඒත තමන්ට වැඩකටයුතු කරගන්න හොඳ ලැප්ටොප් එකක් තියෙනකොට කියලා ඒක පැත්තකට දාලා අලුත්ම Dell Skylake XPS 13 ලැප්ටොප් එකක් ගන්න ඕන නැහැ. තමන්ගේ හොඳට වෙලාව වැඩ කරන සාමාන්‍ය ඔරලෝසුව පැත්තකට දාලා ලක්ෂරි ඔරලෝසුවක් ගන්න ඕන නැහැ. දවස අවසානයේදී ඔබේ තත්වය මැනෙන්නේ ඔබේ වැඩකටයුතු වලින් මිසක් ඔබ පාවිච්චි කරන ස්මාට්ෆෝන් එකෙන් නෙවෙයි.



    4. ඒකත් ප්ලෑනෙ කොටසක්!

    How-to-be-a-millionare-04.jpg

    දියුණු වෙන මනුස්සයෙක් හැමවෙලාවකම Plan B එකකුත් තියාගන්නවා. ඒ කියන්නේ ඔබ කරන ‍රැකියාවට ඔබේ 100% ක අවධානය දෙන අතරේ, සයිඩ් එකෙනුත් තව සුළු income එකක් තියාගැනීම. හැබැයි ඒක ඔය කරන රස්සාවත් එක්ක ඝට්ටනය නොවෙන එකක් වෙන්න ඕන. මේක ඔබේ හැකියාවන් සමගින් යන ඕනම අමතර වැඩක් වෙන්න පුලුවන්. සති අන්තයේ බිස්නස් ආටිකල් එකක් දෙකක් පරිවර්තනය කරලා ගාණක් හොයාගැනීමේ ඉඳලා ඉරිදට ගෙයක් පේන්ට් කරලා සම්තින්ග් එකක් හොයාගැනීම දක්වා මේ Plan B එක වෙනස් වෙන්න පුලුවන්. වැදගත් දේ එහෙම එකක් තියෙන එක. ඒ වගේම ඔබේ ප්‍රධාන හැකියාවට අමතරව තවත් හැකියාවක් දෙකක් දියුණු කර ගැනීම, තව ක්ෂේත්‍රයක් දෙකක් ඇතුළේ දැනුම වර්ධනය කර ගැනීමත් මේ ප්ලෑනේම කොටසක් තමයි!



    5. ඔබත් සල්ලි ඉතුරු කරන්නේ මෙට්ටේ ඇතුළේද?

    How-to-be-a-millionare-05.jpg

    සල්ලි ඉතුරු කරනවා කියන්නේ මාසෙකට ගාණක් කැටේට දාන එකවත්, අල්මාරියේ රහස් ලාච්චුවේ දාන එකවත් නෙවෙයි. හදිසියකට ගන්න බැංකුවේ කීයක් හරි තියෙන එක වැදගත්. ඒ වගේම ඔබේ මුදල් ලාභ උපයන්න පුලුවන් තැනක ආයෝජනය කරන එකත් වැදගත්. මෙතනදී බොහෝම පරිස්සම් වෙන්න ඕන ආයෝජනය කරන්නේ කොතනද, කීයක්ද, කොයි තරම් කාලකයකටද කියන එක ගැන. ආයෝජනය කරනවා කියලා සක්විතිලට සල්ලි ටික පූජා කරන්න කියල නෙවෙයි මේ කියන්නේ. මොළේ පාවිච්චි කරලා, අවදානම සහ ප්‍රතිලාභය ගැන හොඳ ගණනය කිරීමක් කරලා විශ්වාසය තියෙන ආයෝජන මාර්ගයකට යන එක.



    6. ගොන්නුත් එක්ක මොන බිස්නස්ද හලෝ!

    How-to-be-a-millionare-06.jpg

    අර උඩින් කිව්ව ආයෝජන කථාව ගැනයි මේ තව කියන්නේ. අපි හිතමු ඉතුරු කරගත්තු සූටි ලක්ෂ ගාණක් දාලා බිස්නස් එකක් පටන් ගන්න යනව කියලා. ඒක එස්කිමෝලට ශීතකරණ විකුණන ව්‍යාපාරයක් වුනොත් හබක් නේ. ඒ නිසා තමන් කරන දේ ගැන තොරතුරු හෙවීම, ඉගෙන ගැනීම, විශ්ලේෂණය කිරීම සහ අවසානයේ බුද්ධිමත් තීරණයක් ගැනීම වැදගත්.



    7. අහසට නැග්ගට පස්සෙ ප්ලේන් එකේ එන්ජින් ඕෆ් කරලා හරියනවද?

    How-to-be-a-millionare-07.jpg

    ඔබ යම් කිසි මූල්‍යමය සුරක්ෂිත භාවයක් ලබාගත්තට පස්සේ ඒක සදාකල් පවතිනවා කියලා හිතන එක තරම් මෝඩ වැඩක් තවත් නැහැ. ඔබ කරගෙන ආපු වැඩපිළිවෙල ඒ විදියට පවත්වා ගැනීම විතරක් නෙවෙයි, වැඩිදියුණු කිරීමත් සාර්ථක මනුස්සයෙක් කරන දෙයක්.



    *මේ ලිපිය කියවා උණුවතුර කෝප්පයක් බී ‘මම ලක්ෂපතියෙක් වෙමි’ කියලා එකසිය එක් වතාවක් මතුරලා නිදාගෙන නැගිට්ටාට ලක්ෂපතියෙක් නම් වෙන්න ලැබෙන එකක් නැත. ඒත් අඩු තරමින් මේ දේවල් කීපයක් හෝ පිළිපදින්නට හැකි නම් දශකයකින් හෝ ඔබට අඩුම තරමින් සාමාන්‍ය මට්ටමකට යමක් කමක් ඇති මනුෂ්‍යයෙක් වෙන්නට ස්ථිරවම හැකිවෙනු ඇත.*




    ගත්තේ-www.aniwa.lk
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගේ මේ තුන්වෙනි එක තමයි අවුල තියෙන්නේ...

    කොච්චර නැති උනත් නය වෙලා හරි ගන්න හිතුනොත් දෙයක් ගන්නවා... ඒක පට්ටම කරුමයක් වෙලා තියෙන්නේ.. හදාගන්නම බෑ නේ...

    කොහොමහරි හදාගන්න ඕනේ මේක නම්... නැත්තන් සදා දුකේ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    මගේ මේ තුන්වෙනි එක තමයි අවුල තියෙන්නේ...

    කොච්චර නැති උනත් නය වෙලා හරි ගන්න හිතුනොත් දෙයක් ගන්නවා... ඒක පට්ටම කරුමයක් වෙලා තියෙන්නේ.. හදාගන්නම බෑ නේ...

    කොහොමහරි හදාගන්න ඕනේ මේක නම්... නැත්තන් සදා දුකේ

    මටත් තියන ප්‍රශ්නයක් බන් ඕක. ගන්න හිතුනොත් කොහොමහරි ඒක ගන්නවා. මෙහෙම ගියොත් සදා දුකේ තමයි බන්
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මගේ මේ තුන්වෙනි එක තමයි අවුල තියෙන්නේ...

    කොච්චර නැති උනත් නය වෙලා හරි ගන්න හිතුනොත් දෙයක් ගන්නවා... ඒක පට්ටම කරුමයක් වෙලා තියෙන්නේ.. හදාගන්නම බෑ නේ...

    කොහොමහරි හදාගන්න ඕනේ මේක නම්... නැත්තන් සදා දුකේ

    :yes::yes: