ලක්ෂෙකට විතර ගන්න හොඳ හෙඩ්ෆෝන් එකක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල් ලක්ෂෙකට දෙකකට විතර ගන්න හෙඩ්ෆෝන් එකක රුපියල් 20000කට විතර තියෙන හෙඩ්ෆෝන් එකකට වඩා තියෙන වෙනස්කම් මොනවද?

    පාවිච්චි කරපු අය අදහස් දක්වන්න!
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    (y) aluth eka genawama oya settings ekka sellam karala balanna oni
    Draco උබට කිව්වා එක හරි. Windows හරහා එන audio downsample කරනවා 48kHz වලට. මේ නිසා හොද audio players වල windows bypass කරලා ASIO හෝ WASAPI audio driver එක හරහා audio ගන්න පුළුවන්. හොද headphone එකක් ගත්තට පස්සේ ...

    1. Windows Audio Control Panel එකේ මේ විදිහට හදපන්
    2. All Enhancements OFF කරන්ඩ. DOLBY Spatial Sound තියේනම් off කරන්ඩ

    01.jpg



    3. මම පාච්චි කරන්නේ J River.. උබ පාච්චි කරණ media player එකේ (Foobar, Media Monkey) වල audio settings වල WASAPI හරහා audio එන්න හදා ගන්න

    02.jpg



    J River වල පෙන්නනවා මගේ output audio stream එක මේ වගේ.

    03.jpg


    WASAPI Direct Connection කියන්නේ Windows Drivers bypass කරලා direct WASAPI හරහා තමයි audio එන්නේ

    Good luck 👍