ලක්ෂ 10 ක් සොයා ගමින් ගම
කර්ණිකා දෙකම දුර්වලවීම හේතුවෙන් හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති සිය මවගේ සැත්කමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ගමින් ගම යමින් කවිබණ කියන අක්ක මලෝ දෙදෙනෙකුගේ පුවතක් සෝමාවතියෙන් වාර්තා වේ.එම්.එල්. ඉඳුවරී සකුන්තලා ජයරත්න වන අක්කා මේ වසරේ විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටීමට නියමිත අතර එම්.එල්. ඉඳුවර සකුන්ත ජයරත්න වන මල්ලී තවමත් සිටින්නේ 3 වැනි ශ්‍රේණියේ බව පැවසේ.
ඔවුන්ගේ මව බේරා ගැනීමට රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා ඇතැයි උපකාරක පංති ගුරුවරයකු වන ඔවුන්ගේ පියා එම්.ඒ. තිලක් ගාමිණී මහතා අප සමඟ කියා සිටියේය. එසේම ඔහු කියා සිටියේ තම බිරිය පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට නියමිත බවයි. මේ දරුවන්ගේ මව බේරා ගැනීමට ඔබටත් දායක විය හැකිය. උපකාර කළ හැකි අය 072 - 5218070 දුරකථනයට අමතන්න